දේවවචනය නිධානයක් | ක්‍රියා 6-8
මුල් ක්‍රිස්තියානි සභාවේ අයගේ විශ්වාසය සෝදිසියට ලක් වුණා
යෙරුසලමට ඇවිත් අලුතින් බව්තීස්ම වුණු ග්‍රීක භාෂාව කතා කරන වැන්දඹුවන්ව නොසලකාහැරලා තියෙනවා. ඒ නිසා එයාලා අධෛර්යය වුණාද? නැත්නම් යෙහෝවා දෙවි කාරණය විසඳන කල් ඉවසීමෙන් බලන් හිටියාද?
ස්තේපන්ට ගල් ගැහුවාට පස්සේ යෙරුසලමේ ක්‍රිස්තියානීන්ට එක දිගට ආපු දරුණු පීඩා රැල්ලකට මුහුණ දෙන්න වුණා. ඒ නිසා ඒ අය යුදයට සහ සමාරියට අයිති පළාත්වලට පලා ගියා. එයාලා සේවය අත්හැරලා දැම්මාද?
යෙහෝවා දෙවිගේ උදව් ලැබුණු නිසා ක්‍රිස්තියානි සභාවේ අයට දිගටම විඳදරාගන්න පුළුවන් වුණා. එයාලගේ ගණනත් දිගින් දිගටම වැඩි වුණා.—ක්‍රියා 6:7; 8:4.
මේ ගැන හිතන්න. ‘විශ්වාසය සෝදිසියට ලක් වෙන දේවල් වෙද්දී මං හැසිරෙන්නේ කොහොමද?’