ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fg 2 පාඩම 1-5 ප්‍රශ්න
  • සැබෑ දෙවියන් කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ දෙවියන් කවුද?
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සමාන තොරතුරු
  • සැබෑ දෙවි කවුද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ දෙවියන් මොන වගේ කෙනෙක්ද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවිගේ නම දැනගන්න ඕනේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
fg 2 පාඩම 1-5 ප්‍රශ්න

2වන පාඩම

සැබෑ දෙවියන් කවුද?

1. සැබෑ දෙවියන්ට අපි නමස්කාර කරන්න ඕනේ ඇයි?

හැම දෙයක්ම නිර්මාණය කළ තැනැත්තාණන් තමයි සැබෑ දෙවියන්. ඔහුට ආරම්භයකුත් නැහැ, අවසානයකුත් නැහැ. (ගීතාවලිය 90:2) බයිබලයේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය ලැබුණෙත් ඔහුගෙන්. (1 තිමෝති 1:11) අපිට ජීවිතය දුන්නේ ඔහු නිසා අපි නමස්කාර කරන්න ඕනේ ඔහුට විතරයි.—එළිදරව් 4:11 කියවන්න.

2. සැබෑ දෙවියන් මොන වගේ කෙනෙක්ද?

සැබෑ දෙවියන් තමයි මිනිසුන්වත් අනිත් හැම දෙයක්මත් නිර්මාණය කළේ. ඔහු ඉන්නේ ස්වර්ගයේ. ඔහුට අපිට වගේ ශරීරයක් නැති නිසා අපිට ඔහුව පේන්නේ නැහැ. (යොහන් 1:18; 4:24) ඒත් ඔහු නිර්මාණය කරලා තියෙන දේවල්වලින් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්. මුළු මහත් විශ්වය ගැන ටිකක් හිතන්න. දෙවියන් කොච්චර බලවත් කෙනෙක්ද කියලා ඒකෙන් තේරෙනවා. ඒ වගේම එක එක පලතුරු, ලස්සන මල් වර්ග දිහා බලද්දී ඔහු කොච්චර ප්‍රේමණීය, ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා.—රෝම 1:20 කියවන්න.

දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් තව විදිහක් තමයි ශුද්ධ බයිබලය කියවන එක. ඔහු කැමති අකමැති දේවල්, ඔහුට මිනිසුන් ගැන හැඟෙන විදිහ, ඔහු ක්‍රියා කරන විදිහ ගැන ඒකේ තියෙනවා. —ගීතාවලිය 103:7-10 කියවන්න.

3. සැබෑ දෙවියන්ට නමක් තියෙනවාද?

යෙහෝවා යන සැබෑ දෙවියන්ගේ නම විවිධ භාෂාවලින්

“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා යේසුස් කිව්වා. (මතෙව් 6:9) ඒකෙන් තේරෙන්නේ දෙවියන්ට විශේෂ නමක් තියෙනවා කියලයි. ඒ නම සිංහලෙන් කියන්නේ “යෙහෝවා” කියලයි.—ගීතාවලිය 83:18 කියවන්න.

හුඟක් බයිබල්වලින් දෙවියන්ගේ නම අයින් කරලා ඒ වෙනුවට ‘ස්වාමීන්වහන්සේ’ හෝ ‘දෙවියන්වහන්සේ’ කියලා දාලා තියෙනවා. ඒත් ඒවා දෙවියන්ගේ නම නෙමෙයි, දෙවියන්ව හඳුන්වන්න පාවිච්චි කරලා තියෙන වෙනත් යෙදුම් විතරයි. බයිබලය මුලින්ම ලියද්දී දෙවියන්ගේ නම 7,000 වතාවක් විතර සඳහන් වුණා. යේසුස්ද දෙවියන් ගැන සත්‍යය මිනිසුන්ට කියලා දෙද්දී දෙවියන්ගේ නම ගැනත් ඔවුන්ට දැන්නුවා.—යොහන් 17:26 කියවන්න.

‘දෙවියන්ට නමක් තියෙනවාද?’ කියන වීඩියෝ එක බලන්න.

4. දෙවියන් මිනිසුන් ගැන සැලකිලිමත්ද?

මවක් සහ පියෙක් අසනීපයෙන් ඉන්න තමන්ගේ දරුවාව බලාගන්නවා

මේ ආදරණීය තාත්තා වගේ යෙහෝවා දෙවි ක්‍රියා කරන්නෙත් අපේ අනාගතය ගැන හිතලයි

හුඟක් අය අද දුක් ගැහැටවලින් මිරිකිලා ඉන්න නිසා දෙවියන්ට මිනිසුන් ගැන කිසි ගාණක් නැහැ කියලා සමහරුන් හිතනවා. තවත් අය හිතන්නේ මිනිසුන්ව සෝදිසි කරලා බලන්න දෙවියන් දුක් කරදර ගේනවා කියලයි.—යෝබ් 34:10 කියවන්න.

දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ යන්ත්‍ර වගේ නෙමෙයි. හිතලා බලලා තීරණ ගන්න පුළුවන් හැකියාව ඔහු අපිට දීලා තියෙනවා. අඩුම තරමින් ඔහුට නමස්කාර කරන්න කියලවත් අපිට බල කරන්නේ නැහැ. ඒ තීරණය ගන්නත් අපිට නිදහස දීලා තියෙනවා. (යොෂුවා 24:15) ඒත් හුඟක් අය තීරණය කරලා තියෙන්නේ දෙවියන් අකමැති දේ කරන්නයි. අද නරක දේවල් වෙන්නෙත් මිනිසුන් දුක් විඳින්නෙත් ඒ නිසයි. ඒ ගැන දෙවියන් ගොඩක් දුක් වෙනවා.—උත්පත්ති 6:5, 6 කියවන්න.

අපි දුක් විඳිනවාට දෙවියන් කැමති නැහැ. ඒ නිසා ඔහු ළඟදීම දුෂ්ටයන්ව විනාශ කරලා දුක් කරදරවලට නිමාවක් ගේනවා. ඒකෙන් තේරෙන්නේ යෙහෝවා දෙවි අපි ගැන ගොඩක් සැලකිලිමත් කියලයි. ඒත් මේ වෙනකම් ඔහු දුක් කරදර නැති කරලා නැත්තේ හොඳ හේතුවක් නිසයි. ඒ ගැන අපි 8වෙනි පාඩමේදී බලමු.—2 පේතෘස් 2:9; 3:7, 13 කියවන්න.

5. දෙවියන්ට ළං වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

කාන්තාවක් යාච්ඤා කරනවා

යෙහෝවා දෙවි අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත්. ඔහුත් එක්ක කතා කරලා ඔහුට ළං වෙන්න කියලා ඔහු අපිට ආරාධනා කරනවා. (ගීතාවලිය 65:2; 145:18) අපි අතින් අඩුපාඩුකම් වුණත් හරි දේ කරන්න අපි උත්සාහ කරද්දී දෙවියන් ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම අපේ වැරදිවලට සමාව දෙන්නත් ඔහු කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා අපි පව්කාරයන් වුණත් ඔහුට ළං වෙන්න අපිට පුළුවන්.—ගීතාවලිය 103:12-14; යාකොබ් 4:8 කියවන්න.

අපිට ජීවිතය දුන්නේ යෙහෝවා දෙවි නිසා අපි වැඩියෙන්ම ආදරය කරන්න ඕනේ ඔහුටයි. (මාක් 12:30) ඔයා දෙවියන් ගැන වැඩි වැඩියෙන් ඉගෙනගෙන ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙද්දී ඔයා දෙවියන්ට කොච්චර ආදරේද කියලා පැහැදිලි වෙනවා. ඒ වගේම දෙවියන්ට තවත් ළං වෙන්නත් ඔයාට පුළුවන් වෙනවා.—1 තිමෝති 2:4; 1 යොහන් 5:3 කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න