ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 101 පරි. 236 පි.-237 පි. 2 ¶
  • සීමොන්ගේ නිවසේ කෑම වේලක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සීමොන්ගේ නිවසේ කෑම වේලක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • බෙතානියෙහි සීමොන්ගේ නිවසේදී
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස් ඉක්මන් වුණේ නැහැ
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 101 පරි. 236 පි.-237 පි. 2 ¶
යේසුස් කෑම මේසයේ ඉඳගෙන සිටින අතරේ මරියා ඔහුගේ හිසට සුවඳවත් තෙල් වත් කරයි

101වෙනි පරිච්ඡේදය

සීමොන්ගේ නිවසේ කෑම වේලක්

මතෙව් 26:6-13 මාක් 14:3-9 යොහන් 11:55–12:11

  • නැවතත් බෙතානියට එයි

  • මරියා යේසුස්ට සුවඳවත් තෙල් ආලේප කරයි

යෙරිකෝවේ ඉන්න යේසුස් දැන් ගමන් කරන්නේ බෙතානියට. බෙතානිය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 610ක් විතර ඉහළින්. හැබැයි යෙරිකෝව පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 250ක් විතර පහළින්. මේ දුෂ්කර ගමනට කිලෝමීටර් 20ක විතර දුරක් තියෙනවා. යෙරුසලමේ ඉඳලා ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමේ පිහිටලා තියෙන බෙතානියට කිලෝමීටර් තුනක විතර දුරක් තියෙනවා. බෙතානියේ තමයි ලාසරුස් සහ ඔහුගේ සහෝදරියන් ජීවත් වෙන්නේ.

හුඟක් යුදෙව්වන් පාස්කුව සමරන්න යෙරුසලමට ඇවිත්. ‘නීතියේ සඳහන්ව තිබූ ආකාරයට තමන්වම පවිත්‍ර කරගැනීමට’ තමයි ඔවුන් වේලාසනින්ම ඇවිත් තියෙන්නේ. සමහරවිට මළ සිරුරක් ස්පර්ශ කරපු නිසා නැත්නම් වෙන දෙයක් නිසා ඔවුන් අපවිත්‍ර වෙලා ඇති. (යොහන් 11:55; ගණන් කතාව 9:6-10) යේසුස් පාස්කුව සමරන්න එයිද නැද්ද කියලා සෙනඟ අතරේ ඉන්න සමහර අය කතා වෙනවා.—යොහන් 11:56.

මේ වෙද්දී යේසුස් ගැන ලොකු මතභේදයක් ඇති වෙලයි තියෙන්නේ. සමහර ආගමික නායකයන් උත්සාහ කරන්නේ ‘යේසුස්ව අත්අඩංගුවට අරන්’ ඔහුව මරලා දාන්න. ඒ නිසා යේසුස් ඉන්න තැනක් දැනගත්තොත් ඒ ගැන දැනුම් දෙන්න කියලා ඔවුන් මිනිසුන්ට අණ කරලයි තියෙන්නේ. (යොහන් 11:57) ලාසරුස්ව නැවත නැඟිටවපු සිද්ධිය නිසා තමයි ඔවුන් යේසුස්ව මරන්න හොයන්නේ. (යොහන් 11:49-53) මේ හේතු නිසා යේසුස් පාස්කුවට එන එකක් නැහැ කියලා සමහර අය හිතනවා ඇති.

යේසුස් බෙතානියට එන්නේ “පාස්කු උත්සවයට දවස් හයකට කලින්.” (යොහන් 12:1) යුදෙව්වන්ට අලුත් දවසක් උදා වෙන්නේ හිරු බැහැලා ගියාට පස්සේ. සිකුරාදා හැන්දෑවේ ඉඳන් සෙනසුරාදා හැන්දෑව වෙන කල් සබත් දවස (නීසාන් 8) නිසා සිකුරාදා හැන්දෑ වෙන්න කලින් යේසුස් බෙතානියට එනවා. මොකද යුදෙව්වන්ගේ නීතියට අනුව සබත් දවසකදී ගමන්බිමන් යන එක තහනම්. බෙතානියට ආවාම කලින් වතාවලදී වගේ මේ වතාවෙත් යේසුස් ලාසරුස්ගේ ගෙදරට යන්න ඇති.

බෙතානියේ ජීවත් වෙන සීමොන් සෙනසුරාදා හැන්දෑවේ යේසුස්ටත් ලාසරුස් ඇතුළු යේසුස්ගේ මිතුරන්ටත් කෑමකට ආරාධනා කරනවා. සීමොන්ව හඳුන්වන්නේ ‘ලාදුරු රෝගියෙක්’ විදිහට. ඔහුට ලාදුරු රෝගය වැලඳිලා තිබුණු කාලේ සමහරවිට යේසුස් ඔහුව සුව කරන්න ඇති. මාර්තා පුරුදු විදිහට අමුත්තන්ට කඩිසරව සංග්‍රහ කරන අතරතුරේදී මරියා යේසුස් කියන දේවල් අහගෙන ඉන්නවා. හැබැයි මේ වතාවේදී මරියා කරන දෙයක් නිසා ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා.

“සුවඳැති ජටාමාංස තෙල් රාත්තලක්” විතර දාලා තියෙන ඇලබැස්ටර්වලින් හදපු බඳුනක් ඇය අරන් ඇවිත්. (යොහන් 12:3) ඒ තෙල්වල වටිනාකම ඩිනාරි 300ක්. සේවකයෙකුගේ අවුරුද්දක වැටුපට ඒක සමානයි. මරියා ඒ තෙල් යේසුස්ගේ හිසෙත් කකුල්වලත් ගාලා ඇගේ හිසකෙස්වලින් ඔහුගේ කකුල් පිහදානවා. ඒ සුවඳ ගේ පුරාම විහිදෙනවා.

ගෝලයන්ට ඒ ගැන මොන තරම් කේන්ති යනවාද කියනවා නම් “මේ සුවඳ තෙල් ඇයි මෙහෙම නාස්ති කළේ” කියලා ඔවුන් අහනවා. (මාක් 14:4) යූදස් ඉස්කාරියොත් අහන්නේ “මේ සුවඳ තෙල ඩිනාරි තුන්සියයකට විකුණා දිලිඳුන්ට දෙන්න තිබුණා නේද? ඇයි එහෙම කළේ නැත්තේ” කියලයි. (යොහන් 12:5) මේ වෙද්දීත් ගෝලයන් වෙනුවෙන් තිබුණු මුදල් පෙට්ටියෙන් හොරකම් කරන යූදස් එහෙම අහන්නේ දුප්පත් අය ගැන සැලකිලිමත් නිසා කියලා නම් හිතන්න බැහැ.

ඒත් මරියා වෙනුවෙන් කතා කරමින් යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබ මේ ස්ත්‍රියට කරදර කරන්නේ ඇයි? ඇය මා වෙනුවෙන් කළේ ඉතාමත් විශිෂ්ට ක්‍රියාවක්. දිලිඳු අය ඔබ සමඟ සැමදාම සිටියි. නමුත් මම ඔබ සමඟ සැමදා සිටින්නේ නැහැ. මේ ස්ත්‍රිය මෙම සුවඳ තෙල මගේ සිරුරේ වත් කළේ මාව තැන්පත් කිරීමට සූදානමක් ලෙසයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ලොව පුරාම ශුභාරංචිය දේශනා කරන සෑම තැනකදීම මේ ස්ත්‍රියව සිහි කිරීම සඳහා ඇය කළ දෙය ගැන පවසනු ලබන බවයි.”—මතෙව් 26:10-13.

මේ වෙද්දී යේසුස් බෙතානියේ මුළු දවසක්ම ගෙවලයි තියෙන්නේ. ඔහු ඇවිත් ඉන්නවා කියලා දැන් හැමෝටම දැනගන්න ලැබිලා. ඒ නිසා හුඟක් අය සීමොන්ගේ ගෙදරට එනවා. ඔවුන් එන්නේ යේසුස්ව විතරක් නෙවෙයි ‘ඔහු මරණයෙන් නැඟිටුවපු ලාසරුස්වත්’ දැකගන්නයි. (යොහන් 12:9) හුඟක් අය යේසුස් ගැන විශ්වාසය තියන්න පටන්ගන්නේ ලාසරුස් තාමත් ජීවත් වෙන නිසා කියලයි නායක පූජකයන් හිතන්නේ. ඒ නිසා ඔවුන් දැන් යේසුස්වත් ලාසරුස්වත් මරලා දාන්න සැලසුම් කරනවා. ඔවුන් මොන තරම් දුෂ්ටද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

  • දේවමාලිගාවට ආපු අය කතා වුණේ මොනවා ගැනද?

  • යේසුස් සිකුරාදා දවසේ බෙතානියට ආවේ ඇයි?

  • මරියා කරපු මොන දේ නිසාද ආන්දෝලනයක් ඇති වුණේ? යේසුස් ඇය වෙනුවෙන් කිව්වේ මොනවාද?

  • නායක පූජකයන්ගේ දුෂ්ටකම හෙළි වුණේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න