ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr20 ජූනි 1-3 පි.
  • වැඩපොත සඳහා තොරතුරු - 2020 ජූනි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩපොත සඳහා තොරතුරු - 2020 ජූනි
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • ජූනි 1-7
  • ජූනි 8-14
  • ජූනි 15-21
  • ජූනි 29–ජූලි 5
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr20 ජූනි 1-3 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

ජූනි 1-7

දේවවචනය නිධානයක් | උත්පත්ති 44-45

ගැඹුරින් හොයමු

it-2-E 813

වස්ත්‍ර ඉරාගැනීම

ලොකු දුකක් දැනුණාම විශේෂයෙන්ම පවුලේ කෙනෙක්ගේ හරි කිට්ටු ඥාතියෙක්ගේ හරි මරණයක් ආරංචි වුණාම තමන්ගේ වස්ත්‍ර ඉරාගන්න එක යුදෙව්වන් අතරෙත් අනිත් පෙරදිග වැසියන් අතරෙත් සාමාන්‍ය සිරිතක් වුණා. හුඟක් අවස්ථාවලදී ආයෙත් අඳින්න බැරි වෙන විදිහට මුළු වස්ත්‍රයම ඉරාගත්තේ නැහැ. ඒ වෙනුවට පපු පෙදෙස වෙන කල් විතරයි වස්ත්‍රය ඉරාගත්තේ.

වස්ත්‍ර ඉරාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් බයිබලයේ මුලින්ම සඳහන් වෙන්නේ යාකොබ්ගේ වැඩිමල් පුතා වන රූබෙන් ගැනයි. එයා යෝසෙප්ව හොයාගෙන වතුර වළ ළඟට ගිය අවස්ථාවේ යෝසෙප් එතැන නැහැ කියලා දැනගත්තාම තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන මෙහෙම කිව්වා. “දරුවා නැහැනේ! දැන් මම මොනවාද කරන්නේ?” පවුලේ වැඩිමලා විදිහට බාල සහෝදරයාව රැකබලා ගැනීමේ වගකීම රූබෙන්ට තිබුණු නිසයි එයා ඒ විදිහට දුක් වුණේ. තමන්ගේ පුතා වන යෝසෙප් මැරුණා කියලා යාකොබ්ට කිව්වාම එයා තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන වැලපුණා. (උත් 37:29, 30, 34) ඊජිප්තුවේදී හොරකම් කළා කියලා බෙන්ජමින්ට චෝදනාවක් එල්ල වුණාම යෝසෙප්ගේ අනිත් සහෝදරයන් තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන ඒ ගැන දුක් වුණා.—උත් 44:13.

ජූනි 8-14

දේවවචනය නිධානයක් | උත්පත්ති 46-47

“සාගත කාලයක වුණත් පෝෂණය නොඅඩුව ලැබෙයි”

w87-E 5/1 15 2¶

සාගතය පැවති කාලයේදී ජීවිතය රැකගැනීම

ඊජිප්තුවේ පැවතුණු සාරවත් අවුරුදු හත ඉවර වුණා. ඊටපස්සේ යෙහෝවා දෙවියන් කලින් කියලා තිබුණු විදිහටම සාගත කාලය පටන්ගත්තා. ඒ සාගතය පැවතුණේ ඊජිප්තුවේ විතරක් නෙවෙයි. ඒක “පොළොව පුරාම පැතිර ගියා.” සාගින්නෙන් පෙළුණු ඊජිප්තුවරු පාරාවෝ ළඟට ඇවිත් කෑම ඉල්ලුවාම එයා මෙහෙම කිව්වා. “යෝසෙප් ළඟට යන්න. ඔහු ඔබට කියන විදිහට කරන්න.” යෝසෙප් ඊජිප්තුවරුන්ට ධාන්‍ය දුන්නේ සල්ලිවලට. සල්ලි ඉවර වුණාට පස්සේ ඊජිප්තුවරු ධාන්‍ය ගත්තේ එයාලගේ සතුන් දීලයි. දෙන්න තවත් සත්තු නැති වුණාම සෙනඟ යෝසෙප් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ධාන්‍ය වෙනුවට අපිව ගන්න. අපේ ඉඩම් පවා ගන්න. අපි පාරාවෝට දාසකම් කරන්නම්. අපේ ඉඩම්ද ඔහුට අයිති කරගන්න පුළුවන්.” අන්තිමේදී යෝසෙප් ඊජිප්තුවරුන්ගේ හැම ඉඩමක්ම පාරාවෝගේ නමට පවරගත්තා.—උත්පත්ති 41:53-57; 47:13-20.

ගැඹුරින් හොයමු

it-1-E 220 1¶

ඉරියව්වලින් අඟවපු දේවල්

මිය ගිය කෙනෙක්ගේ ඇස් පියවීම. යෙහෝවා දෙවියන් යාකොබ්ට කිව්වා “ඔබ මිය යන මොහොතේදී යෝසෙප් ඔබේ ඇස් පියවන්නේය” කියලා. (උත් 46:4) සාමාන්‍යයෙන් පවුලේ කෙනෙක් මැරුණාම ඒ කෙනාගේ ඇස් පියවන වගකීම ඉටු කළේ වැඩිමල් පුතා විසින්. එහෙමනම් දෙවියන් යාකොබ්ට කියපු දෙයින් ඇඟෙව්වේ වැඩිමලාට හිමි අයිතිය යෝසෙප්ට යන්න ඕනෙ කියන එකයි කියලා හිතන්න පුළුවන්.—1ලේක 5:2.

nwtsty ක්‍රියා 7:14 සටහන

හැත්තෑපස්දෙනෙකුගෙන් යුත් පිරිසක්: ඊජිප්තුවට ගිය යාකොබ්ගේ පවුලේ අයගේ මුළු ගණන 75ක් කියලා සඳහන් කරද්දී ස්තේපන් හෙබ්‍රෙව් ලියවිල්ලේ යම් නිශ්චිත පදයකින් උපුටා දැක්වූවාද නැද්ද කියලා ස්ථිරවම කියන්න බැහැ. මැසරෙටික් ලියවිල්ලේ (මැසොරෙට්වරුන් පිටපත් කරන ලද හෙබ්‍රෙව් ලියවිල්ලේ පිටපත්වල) ගණන 75ක් කියලා සඳහන් වෙන්නේ නැහැ. උත් 46:26 මෙහෙම කියනවා. “යාකොබ්ගේ ලේලියන් හැර ඔහු සමඟ ඊජිප්තුවට ආ අනික් සියලුදෙනාම ඔහුගෙන් පැවත ආ දරුවෝය. ඔවුන්ගේ මුළු ගණන හැටහයකි.” උත් 46:27 කියනවා “ඊජිප්තුවට පැමිණි යාකොබ්ගේ සියලු ගෙයි වැසියන්ගේ මුළු ගණන හැත්තෑවක්” කියලා. මේ පද දෙකේ මිනිසුන් ප්‍රමාණය ගණන් කරලා තියෙන්නේ විදි දෙකකටයි. 26වෙනි පදයේ සඳහන් වෙන්නේ යාකොබ්ගෙන් පැවත ආව දරුවන්ගේ ගණන විතරයි. 27වෙනි පදයේ සඳහන් වෙලා තියෙන්නේ ඊජිප්තුවට ගිය යාකොබ්ගේ ගෙයි වැසියන්ගේ මුළු ගණනයි. නික් 1:5 සහ ද්වි 10:22 පදවලත් යාකොබ්ගෙන් පැවත ආපු අයගේ ගණන 70ක් කියලා සඳහන් වෙනවා. ස්තේපන් ඒ ගණන 75ක් කියලා සඳහන් කරද්දී යාකොබ්ගේ දරුවන් ඇරෙන්න තවත් අයවත් ඒකට ඇතුළත් කරන්න ඇති. ස්තේපන් ඒ ගණනට, ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ උත් 46:20 සඳහන් කරලා තියෙන යෝසෙප්ගේ පුතාලා වන මනස්සේගේ සහ එෆ්‍රායිම්ගේ පුතාලාවත් මුනුපුරන්වත් ඇතුළත් කරන්න ඇති කියලා සමහරු කියනවා. තවත් අය කියනවා උත් 46:26 සඳහන් කරලා නැති යාකොබ්ගේ ලේලියන්ව ස්තේපන් ඒ ගණනට ඇතුළත් කරන්න ඇති කියලා. එහෙමනම් 75 කියන්නේ මුළු එකතුවයි කියලා හිතන්න පුළුවන්. ඒ ගණන 75යි කියලා ස්තේපන් සඳහන් කරන්න ඇත්තේ මුල් සියවසේ භාවිත වුණු හෙබ්‍රෙව් ලියවිලිවල පිටපත් පදනම් කරගෙන වෙන්න ඇති. උදාහරණෙකට ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ උත් 46:27 සහ නික් 1:5 මුළු ගණන 75ක් හැටියට සඳහන් වෙනවා කියලා මීට අවුරුදු ගාණකට කලින් විශාරදයන් හොයාගත්තා. 20වෙනි සියවසේදී හොයාගත්ත නික් 1:5 සඳහන් මළ මුහුදේ ලියවිලිවලට අයිති කොටස් දෙකකත් සඳහන් වෙන්නේ මුළු ගණන 75යි කියලයි. සමහරවිට ඒ පැරණි පිටපත්වලින් එකක් පදනම් කරගෙන වෙන්න ඇති ස්තේපන් ගණන 75යි කියලා සඳහන් කරන්න ඇත්තේ. කොහොමවුණත් යාකොබ්ගෙන් පැවත ආපු අයගේ මුළු එකතුව ගණන් කරද්දී ස්තේපන් වෙනස් ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා කියලා නම් පැහැදිලියි.

ජූනි 15-21

දේවවචනය නිධානයක් | උත්පත්ති 48-50

“මහලු අයගෙන් හුඟක් දේවල් අපිට ඉගෙනගන්න පුළුවන්”

it-1-E 1246 8¶

යාකොබ්

යාකොබ් මිය යන්න කලින් තමන්ගේ මුනුපුරන් වුණු යෝසෙප්ගේ පුත්‍රයන්ට ආශීර්වාද කළා. ඒ අවස්ථාවේදී යාකොබ් වැඩිමලාට හිමි ආශීර්වාදය මනස්සේට ලබා දෙනවා වෙනුවට බාලයා වුණු එෆ්‍රායිම්ට ලබා දුන්නා. එයා එහෙම කළේ දෙවියන්ගෙන් ලැබුණු මඟ පෙන්වීමක් නිසයි. ඊටපස්සේ කුලුඳුලෙක්ට පවුලේ උරුමයෙන් හිමි වුණු කොටස් දෙක ලැබෙන්න නියමිතව තිබුණු යෝසෙප්ට යාකොබ් මෙහෙම කිව්වා. “මම ඔබේ සහෝදරයන්ට වඩා වැඩියෙන් ඔබට බිම් කොටසක් දෙනවා. මගේ කඩුවෙන් හා දුන්නෙන් අමෝරිවරුන්ට පහර දී ලබාගත් බිම් කොටස මම ඔබට දෙනවා.” (උත් 48:1-22; 1ලේක 5:1) යාකොබ් යෝසෙප්ට කියපු ඒ දෙයින් ඇඟෙව්වේ එයා ඒ වෙද්දීත් එයාගේ කඩුවෙන් සහ දුන්නෙන් අමෝරිවරුන්ව ඒ කියන්නේ කානානිවරුන්ව යටත් කරගෙන තිබුණා කියලයි. හැබැයි ඒ වෙද්දී එහෙම දෙයක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. මොකද ෂීකෙම් අසල තිබුණු ඉඩම එයා හාමෝර්ගේ පුතුන්ගෙන් මිල දී ගත්ත අවස්ථාවේදී එයාලා අතරේ ගැටුමක්, ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණේ නැහැ. (උත් 33:19, 20) තමන්ගෙන් පැවතෙන අය ඉදිරියේදී කානාන් දේශය යටත් කරගන්නවා කියන එක ගැන යාකොබ්ට ලොකු විශ්වාසයක් තිබුණා කියලත් එයා ඒ ගැන අනාවැකියක් කිව්වා කියලත් යාකොබ් යෝසෙප්ට කියපු දෙයින් පැහැදිලි වෙනවා. ඊශ්‍රායෙල්වරු කානාන් දේශය යටත් කරගත්තාට පස්සේ ඉඩම් බෙදද්දී එෆ්‍රායිම් ගෝත්‍රයටත් මනස්සේ ගෝත්‍රයටත් බිම් කොටස් දෙකක් ලැබුණා. ඒ බිම් කොටස් දෙක තමයි යෝසෙප්ට පවුලේ උරුමයෙන් ලැබුණු කොටස් දෙක වුණේ.

it-2-E 206 1¶

අවසාන කාලය

යාකොබ් මරණාසන්නව ඉද්දී කියපු අනාවැකිය. යාකොබ් මැරෙන්න කලින් එයාගේ පුතාලට මෙහෙම කිව්වා. “ඔබ සියලුදෙනාම මා ළඟට එන්න. ඉදිරියේදී සිදු වෙන්න යන දේවල් මම ඔබට කියන්නම්.” (උත් 49:1) යාකොබ් ඒ අනාවැකිය කියන්න අවුරුදු 200කට කලින් යෙහෝවා දෙවියන් යාකොබ්ගේ සීයා වුණු ආබ්‍රම්ට (ආබ්‍රහම්ට) කියලා තිබුණා එයාගෙන් පැවතෙන අයට අවුරුදු 400ක් පුරා හිරිහැර විඳින්න සිද්ධ වෙනවා කියලා. (උත් 15:13) එහෙම බලද්දී යාකොබ් “ඉදිරියේදී සිදු වෙන්න යන දේවල්” හැටියට සඳහන් කළේ ඒ අවුරුදු 400න් පස්සේ සිද්ධ වෙන්න නියමිතව තිබුණු දේවල් කියලා හිතන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි “දෙවිගේ ඊශ්‍රායෙලයට” අදාළව දෙවෙනි ඉටුවීමකුත් ඒ අනාවැකියට තියෙනවා කියලා හිතන්න පුළුවන්.—ගලා 6:16; රෝම 9:6.

ගැඹුරින් හොයමු

it-1-E 289 2¶

බෙන්ජමින්

යාකොබ් මරණාසන්නව ඉද්දී එයාගේ ආදරණීය පුතා වුණු බෙන්ජමින්ට මෙහෙම කිව්වා. “බෙන්ජමින් වෘකයෙකු මෙන් ගොදුර ඉරා දමන්නේය. ඔහු උදේ ගොදුර කන්නේය. සවස කොල්ලය බෙදාගන්නේය.” (උත් 49:27) යාකොබ් ඒ අවස්ථාවේදී බෙන්ජමින්ගෙන් පැවතෙන අයගේ සටන් කිරීමේ හැකියාව ගැන අනාවැකියකුයි පැවසුවේ. බෙන්ජමින් ගෝත්‍රයට අයත් සෙබළුන් ගල් පටිවලින් විදින්න දක්ෂයෝ කියලා සඳහන් වෙනවා. දකුණු අතෙන් වුණත් වම් අතෙන් වුණත් “කෙස්ගසක්වත් එහා මෙහා නොවන” විදිහට ඉලක්කයටම විදින්න එයාලට හැකියාව තිබුණා. (විනි 20:16; 1ලේක 12:2) දුෂ්ට එග්ලොන් රජුව මරා දැමූ වමත හුරු කෙනෙක් වුණු ඒහුද් අයිති වුණෙත් බෙන්ජමින් ගෝත්‍රයට. (විනි 3:15-21) “උදේ” ඒ කියන්නේ ඊශ්‍රායෙල් රජ පෙළපතේ මුල් කාලේ “ඊශ්‍රායෙල් දේශයේ තියෙන කුඩාම ගෝත්‍රය” වුණු බෙන්ජමින් ගෝත්‍රයෙන් තමයි පළවෙනි රජ වුණු සාවුල්ව තෝරගත්තේ. (1සාමු 9:15-17, 21) පිලිස්තිවරුන් එක්ක සටන් කරද්දී සාවුල් මොන තරම් දක්ෂ සටන්කරුවෙක්ද කියලා පැහැදිලිව ඔප්පු වුණා. “සවස” ඒ කියන්නේ ඊශ්‍රායෙල්වරු පර්සියානු අධිරාජ්‍යය යටතේ ඉන්න කාලේ ඊශ්‍රායෙල්වරුන්ව සම්පූර්ණයෙන්ම නැති කරන්න සතුරන් කුමන්ත්‍රණය කරද්දී බෙන්ජමින් ගෝත්‍රයට අයිති එස්තර් රැජිණ සහ අගමැති මොර්දෙකයි තමයි ඒ අයව බේරගන්න මුල් වෙලා කටයුතු කළේ.—එස්ත 2:5-7.

ජූනි 29–ජූලි 5

දේවවචනය නිධානයක් | නික්මයාම 4-5

ගැඹුරින් හොයමු

it-2-E 12 5¶

යෙහෝවා

කෙනෙක් ගැන දන්නේ නැහැ කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ නැහැ එයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. උදාහරණෙකට නාබල් ගැන හිතන්න. එයා දාවිත්ව නමින් දැනගෙන හිටියා. ඒත් “කවුද ඔය දාවිත්” කියලා ඇහුවා. (1සාමු 25:9-11; 2සාමු 8:13 බලන්න.) වෙන විදිහකට කියනවා නම් එයා ඇහුවේ “දාවිත් මහ ලොකු මිනිහෙක්ද” කියලයි. ඒ කියන්නේ දාවිත් කවුද කියලා හරියටම දැනන් හිටියේ නැහැ කියන එකයි. ඒ වගේ තවත් කෙනෙක් තමයි පාරාවෝ. එයා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ. යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද? යෙහෝවා කියන්නේ කවුද කියාවත් මම දන්නේ නැහැ. ඉතින් ඇයි මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?” (නික් 5:1, 2) පාරාවෝ උඩඟු විදිහට දෙවියන්ට අභියෝග කරපු එකෙන් පැහැදිලි වුණේ එයා යෙහෝවා දෙවියන් කවුද කියන එක ගැන යම් ප්‍රමාණයකට දැනගෙන හිටියත් දෙවියන් කවුද කියන එක ගැන හරියටම දැනගෙන හිටියේ නැහැ කියලයි. යෙහෝවා දෙවියන් සැබෑ දෙවියන්, ඊජිප්තුවේ රජුව පාලනය කරන්න ඔහුට අයිතිය තියෙනවා, මෝසෙස් සහ ආරොන් මාර්ගයෙන් කියපු දේවල් කරන්න ඔහුට බලය තියෙනවා කියන දේවල් පාරාවෝ පිළිගත්තේ නැහැ කියලත් එයා කියපු දෙයින් පැහැදිලි වෙනවා. හැබැයි යෙහෝවා දෙවියන් මෝසෙස්ට කිව්වා තමන් කවුද කියන එක ගැනත් තමන්ගේ නමේ අර්ථය ගැනත් පාරාවෝට සහ ඊජිප්තුවරුන්ට විතරක් නෙවෙයි ඊශ්‍රායෙල්වරුන්ටත් දැනගන්න සලස්වනවා කියලා. ඊශ්‍රායෙල්වරු සම්බන්ධයෙන් තමන්ට තිබුණු අරමුණ ඉටු කිරීමෙනුයි දෙවියන් ඒ දේ කළේ. ඒ කියන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට එකඟව ඊජිප්තුවේ වහල්භාවයේ හිටිය ඊශ්‍රායෙල්වරුන්ව ගලවගෙන පොරොන්දු දේශයට රැගෙන යෑමෙන් ඔහු ඒ දේ කළා. ඒ විදිහට තමයි “මා, ඔබේ දෙවි වන යෙහෝවා බව එවිට ඔබ අනිවාර්යයෙන්ම දැනගනු ඇත” කියලා දෙවියන් කියපු දේ ඉටු වුණේ.—නික් 6:4-8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න