දේවවචනය නිධානයක් | නික්මයාම 4-5
“ඔබ කතා කරන විට මම ඔබ සමඟ සිටිමි”
යෙහෝවා දෙවියන්ගෙන් උදව් ලැබුණු නිසා මෝසෙස්ගේ හිතේ තිබුණු බය නැති වුණා. දෙවියන් මෝසෙස්ට කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
‘මට හැකියාවක් නැහැ,’ ‘මං දක්ෂ නැහැ’ කියලා කොයි වෙලෙත් හිතන එකෙන් අපි වළකින්න ඕනේ
අපිට ලැබෙන ඕනම පැවරුමක් හොඳින් ඉටු කරන්න යෙහෝවා දෙවියන් උදව් කරනවා කියන එක ගැන අපිට නිසැක වෙන්න පුළුවන්
යෙහෝවා දෙවියන් ගැන තියෙන විශ්වාසය අපිට උදව් වෙනවා මිනිසුන්ට තියෙන බයෙන් ගොඩ එන්න
අභියෝග මැද වුණත් දිගටම සේවයේ හවුල් වෙන්න යෙහෝවා දෙවියන් මට උදව් කරලා තියෙන්නේ කොහොමද?