ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 121 පරි. 278 පි.-279 පි. 2 ¶
  • ‘අධෛර්යය වෙන්න එපා, මම ලෝකයෙන් ජය ගත්තා’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘අධෛර්යය වෙන්න එපා, මම ලෝකයෙන් ජය ගත්තා’
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • උඩුමහල් කාමරයේදී යේසුස් කරන අවසන් යාච්ඤාව
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යොහන් 16:33 - “මම ලෝකයෙන් ජයගතිමි”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 121 පරි. 278 පි.-279 පි. 2 ¶
යේසුස් අනතුරු ඇඟවීම් දෙන අතරේ ගෝලයන් කනස්සල්ලෙන් සිටියි

121වෙනි පරිච්ඡේදය

‘අධෛර්යය වෙන්න එපා, මම ලෝකයෙන් ජය ගත්තා’

යොහන් 16:1-33

  • නියෝජිතයන් යේසුස්ව දකින්නේ තව කෙටි කාලයකට විතරයි

  • නියෝජිතයන්ගේ ශෝකය ප්‍රීතියට හැරෙයි

යේසුස් සහ නියෝජිතයන් සූදානම් වෙන්නේ පාස්කු භෝජනය පවත්වපු කාමරයෙන් පිට වෙන්න. නියෝජිතයන්ට අනතුරු ඇඟවීම් දීපු යේසුස් “මම මේ දේවල් ඔබට පැවසුවේ ඔබ පාපයට ඇද වැටෙනවා දකින්න අකමැති නිසයි” කියලා කියනවා. ඔහු මෙහෙමත් කියනවා. “මිනිසුන් ඔබව සිනගෝගවලින් නෙරපා දමයි. ඇත්තෙන්ම ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි.”—යොහන් 16:1, 2.

ඒක ඇහුණාම නියෝජිතයන්ට බයක් දැනෙන්න ඇති. මිනිසුන් ඔවුන්ට වෛර කරයි කියලා යේසුස් කියලා තිබුණත් දැන් තමයි මිනිසුන් ඔවුන්ව මරයි කියලා ඔහු කියන්නේ. “මම මුලින්ම ඔබට මේ දේවල් ගැන නොකිව්වේ ඒ වන විට මම ඔබ සමඟ සිටි නිසයි” කියලත් ඔහු කියනවා. (යොහන් 16:4) සමුගන්න කලින් යේසුස් දෙන අනතුරු ඇඟවීම ඉදිරියේදී වෙන දේවල් නිසා පාපයට ඇද වැටෙන්නේ නැතුව ඉන්න ඔවුන්ට උදව් වෙයි.

යේසුස් තවදුරටත් මෙහෙම කියනවා. “මාව එවූ තැනැත්තා ළඟට යන්න කාලය ඇවිත් තිබෙනවා. නමුත් ‘ඔබ යන්නේ කොහේද’ කියා ඔබෙන් එක් කෙනෙක්වත් මගෙන් අසන්නේ නැහැ.” ටික වෙලාවකට කලින් ඔවුන් ඒ ගැන යේසුස්ගෙන් ඇහුවා. (යොහන් 13:36; 14:5; 16:5) ඒත් තමන්ට මුහුණ දෙන්න වෙන පීඩා ගැන හිතන ඔවුන් දැන් ඉන්නේ දුකෙන්. යේසුස්ට ලැබෙන්න යන තේජස ගැනවත් ඒකෙන් සැබෑ අනුගාමිකයන් ලබන ප්‍රයෝජන ගැනවත් ඔවුන් අහන්නේ නැත්තේ ඒ නිසයි. ඒක තේරුම්ගත්ත යේසුස් “මම මේ දේවල් ගැන ඔබට කතා කළ නිසා ඔබේ සිත් ශෝකයෙන් බර වෙලා” කියලා කියනවා.—යොහන් 16:6.

යේසුස් දැන් මෙහෙම කියනවා. “මම පිටත්ව ගියේ නැත්නම් ඔබේ උපකාරයට ලැබිය යුතු දේ ඔබට ලැබෙන්නේ නැහැ. නමුත් මම පිටත්ව ගියොත් මම අනිවාර්යයෙන්ම ඒ දේ ඔබේ උපකාරය සඳහා ලබා දෙනවා.” (යොහන් 16:7) යේසුස් ස්වර්ගයට ගියාට පස්සෙයි ගෝලයන්ට දෙවිගේ බලය ලැබෙන්නේ. තමන්ගේ අනුගාමිකයන් ලෝකේ කොහේ හිටියත් ඒ බලය මාර්ගයෙන් ඔවුන්ට උදව් කරන්න යේසුස්ට පුළුවන්.

දෙවිගේ බලය ලැබුණාම “සියලුදෙනාටම පාපය ගැනත් ධර්මිෂ්ඨකම ගැනත් දෙවිගේ විනිශ්චය ගැනත් ඉතා පැහැදිලි අවබෝධයක් ලැබෙයි.” (යොහන් 16:8) ඔව්, මිනිසුන් දෙවිගේ පුත්‍රයාව විශ්වාස කළේ නැති එක මොන තරම් පාපයක්ද කියලා පැහැදිලි වෙනවා. ඒ වගේම යේසුස් ස්වර්ගයට ගියාම ඔහුගේ ධර්මිෂ්ඨකම ගැනත් “මේ ලෝකයේ පාලකයා” වන සාතන්ට ලැබෙන විනිශ්චය ගැනත් පැහැදිලි වෙනවා.—යොහන් 16:11.

“ඔබට කියන්න තව බොහෝ දේ මට තිබුණත් ඒවා දරාගන්න දැන් ඔබට බැහැ” කියලා යේසුස් කියනවා. ඒත් දෙවිගේ බලය ඔවුන්ට ලැබුණාම “සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක්” ලබාගන්නත් ඊට එකඟව ජීවත් වෙන්නත් ඔවුන්ට පුළුවන්.—යොහන් 16:12, 13.

යේසුස් දැන් මෙහෙම කියනවා. “කෙටි කලකින් ඔබ මාව තවත් දකින්නේ නැහැ. නමුත් ඉන් ටික කලකට පසු ඔබ මාව නැවතත් දකියි.” ඒත් නියෝජිතයන්ට ඒක තේරෙන්නේ නැති නිසා ඔවුන් ඒ ගැන එකිනෙකාගෙන් අහනවා. ඒ නිසයි යේසුස් ඔවුන්ට මෙහෙම කියන්නේ. “ඇත්තෙන්ම මම ඔබට කියන මේ දේට සවන් දෙන්න. ඔබ බොහෝ සෙයින් හඬා වැලපෙයි. ඒ වේලාවේදී ලෝකය නම් ප්‍රීති වෙයි. ඒත් මුලින් ඔබ ශෝක වුණත් පසුව ඒ ශෝකය ප්‍රීතියට හැරෙයි.” (යොහන් 16:16, 20) ඔව්, ඊළඟ දවසේ යේසුස් මැරුණාම ආගමික නායකයන් ඒ ගැන ප්‍රීති වෙද්දී ගෝලයන් දුක් වුණත් යේසුස්ව නැවත නැඟිටෙව්වාම ඔවුන්ගේ දුක සතුටට පෙරළෙනවා. ඔවුන්ට දෙවිගේ බලය ලැබුණාම ඒ සතුට තවත් වැඩි වෙනවා.

නියෝජිතයන්ගේ තත්වය දරුවෙක්ව බිහි කරන්න ඉන්න ස්ත්‍රියකට සමාන කරන යේසුස් මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් දරුවෙක් බිහි කරන්න සිටින ස්ත්‍රියක් සිටින්නේ මහත් වේදනාවකින්. ඒ ඇගේ දරුවා මෙලොව එළිය දකින්න නියමිත වේලාව ඇවිත් තිබෙන නිසයි. නමුත් දරුවා ලැබුණායින් පසු ඇයට විඳින්න සිදු වුණු වේදනාව ඇයට මතක් වෙන්නේ නැහැ. ඇයට දැනෙන්නේ ප්‍රීතියක් පමණයි.” නියෝජිතයන්ව දිරිගන්වමින් යේසුස් කියන්නේ මෙහෙමයි. “දැන් ඔබත් සිටින්නේ ශෝකයෙන්. නමුත් අපි නැවත හමු වන බව මතක තබාගන්න. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිරී යයි. කිසිවෙකුටවත් ඒ ප්‍රීතිය ඔබෙන් සොරාගන්න බැහැ.”—යොහන් 16:21, 22.

මීට කලින් නියෝජිතයන් යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කරලා නැහැ. හැබැයි යේසුස් දැන් කියන්නේ “ඒ කාලයේදී පියාණන්ගෙන් යම් ඉල්ලීමක් කරන්න අවශ්‍ය නම් එය මගේ නාමයෙන් ඔබට කරන්න පුළුවන්” කියලයි. පියාණන් ඔවුන්ට සවන් දෙන්න අකමැතියි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. මොකද යේසුස් කියනවා “ඔබ මට බොහෝ සෙයින් ආදරය කළ නිසාත් මම පියාණන්ගේ නියෝජිතයා හැටියට පැමිණියා කියා ඔබ විශ්වාස කළ නිසාත් පියාණන්ට ඔබ ගැන තිබෙන්නේ මහත් ආදරයක්” කියලා.—යොහන් 16:26, 27.

යේසුස් කියපු දේවලින් ඔවුන් දිරිගැන්වුණු නිසා වෙන්න ඇති “ඔබ දෙවිගෙන් පැමිණි බව අපට විශ්වාසයි” කියලා ඔවුන් කියන්නේ. ඒත් ඒ විශ්වාසය තව ටික වෙලාවකින් සෝදිසියට ලක් වෙනවා. ඒ ගැන යේසුස් පැහැදිලි කරන්නේ මෙහෙමයි. “ඔබ සියලුදෙනාම තම තමාගේ නිවෙස්වලට විසිරී යනවා. ඔබ මාව තනි කර දමනවා. ඇත්තෙන්ම ඒ දේ සිදු වන වේලාව අත ළඟයි.” ඔහු තවදුරටත් මෙහෙම කියනවා. “මම ඔබට මේ දේවල් කිව්වේ මා මාර්ගයෙන් ඔබට සමාදානය ලබා දෙන්නයි. ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.” (යොහන් 16:30-33) යේසුස් කවදාවත් ඔවුන්ව තනි කරන්නේ නැහැ. සාතන් සහ ඔහු යටතේ තියෙන ලෝකය ගෝලයන්ව දෙවිගෙන් ඈත් කරන්න කොයි තරම් උත්සාහ කළත් විශ්වාසවන්තව ඉඳලා ලෝකයෙන් ජය ගන්න ඔවුන්ට පුළුවන් කියලා යේසුස්ට සහතිකයි.

  • නියෝජිතයන්ට ලොකු බයක් දැනුණේ යේසුස් කියපු මොන දේ නිසාද?

  • නියෝජිතයන් යේසුස්ගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැත්තේ ඇයි?

  • නියෝජිතයන්ගේ දුක සතුටට පෙරළෙනවා කියලා යේසුස් නිදර්ශනයකින් පැහැදිලි කළේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න