ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 11 පි.
  • බව්තීස්ම වෙන්න තීරණයක් ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බව්තීස්ම වෙන්න තීරණයක් ගන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • බව්තීස්මය ගැන හිතන එක හරිම වැදගත්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • බව්තීස්මය අපි ගන්නම ඕන පියවරක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්ම වීම සඳහා සුදුසුකම් අත් කරගැනීම
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බව්තීස්මය - ඔබ ගත යුතු අත්‍යවශ්‍ය පියවරක්
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 11 පි.
බව්තීස්මය දක්වා කරන්න ඕන දේවල් පෙන්වන පාරක්. පාර දෙපැත්තේ බයිබල් අධ්‍යයනය, රැස්වීම්වලට සහභාගි වීම, සේවය සහ බව්තීස්මය කියන සංඥා දකින්න තියෙනවා.

බව්තීස්මයට යන පාරේ ඔයා ඉන්නේ කොයි හරියෙද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බව්තීස්ම වෙන්න තීරණයක් ගන්න

ඔයා බව්තීස්ම වෙලා නැති යෞවනයෙක් නම් නැත්නම් බයිබලය පාඩම් කරන කෙනෙක් නම් කැප වෙලා බව්තීස්ම වෙන්න ඔයා ආසද? ඇයි එහෙම කරන එක වැදගත්? ඒකෙන් යෙහෝවා දෙවියන් එක්ක විශේෂ බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙනවා. (ගීතා 91:1) ඒ වගේම ඒක ගැලවීමටත් මඟ පාදනවා. (1පේතෘ 3:21) බව්තීස්ම වෙන්න ඔයාට උදව් වෙන්නේ මොන පියවරද?

මේකයි සත්‍යය කියලා ඔයාටම තහවුරු කරගන්න. ඒ ගැන මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තව හොඳට අධ්‍යයනය කරන්න. (රෝම 12:2) ජීවිතේ මොන වගේ වෙනසක් කරගන්න ඕනෙද කියලා හිතලා යෙහෝවා දෙවියන්ව සතුටු කරන අරමුණින් ඒ වෙනස්කම් කරගන්න. (හිතෝ 27:11; එෆී 4:23, 24) හැම තිස්සේම උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. දෙවියන් ඔයාට උදව් කරනවා කියලා කිසිම සැකයක් තියාගන්න එපා. (1පේතෘ 5:10, 11) බව්තීස්ම වෙන්න ඔයා දරන වෑයම කවදාවත් අපතේ යන්නේ නැහැ. යෙහෝවා දෙවියන්ට සේවය කරන එක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ.—ගීතා 16:11.

‘බව්තීස්මය දක්වා ගිය ගමන’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • මොන වගේ අභියෝගද සමහර අය ජය අරන් තියෙන්නේ?

  • යෙහෝවා දෙවියන්ට ජීවිතය කැප කරන්න පොලඹවන විදිහේ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

  • බව්තීස්මය කියන ඉලක්කයට යන්න අවශ්‍ය පියවර ගන්න සමහර අය පෙලඹිලා තියෙන්නේ ඇයි?

  • යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණය කරන අයට ලැබෙන ආශීර්වාද මොනවාද?

  • කැප වීමෙන් සහ බව්තීස්මයෙන් අදහස් කරන්නේ මොනවාද?

බව්තීස්ම දේශනය දෙන සහෝදරයා දේශනයේ අන්තිම හරියෙදී බව්තීස්ම අපේක්ෂකයන්ට නැඟිටින්න කියලා මෙහෙම අහනවා.

ඔයා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ගැලවීම ලබා දෙන්න දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම පිළි අරන්, ඔයාගේ පව් ගැන පසුතැවිලි වෙලා, යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔයාගේ ජීවිතය කැප කරලා තියෙනවාද?

බව්තීස්ම වෙනවා කියන්නේ ඔයා යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට දෙවියන්ට සේවය කරනවා කියන එකයි. ඔයා ඒක තේරුම් අරගෙන ඉන්නවාද?

බව්තීස්ම අපේක්ෂකයන් ස්ථිර විශ්වාසයකින් ඒ ප්‍රශ්නවලට ‘ඔව්’ කියලා උත්තර දෙද්දී එයාලා යේසුස්ගේ ජීවිත පූජාව විශ්වාස කරනවා කියලත් ජීවිතය යෙහෝවා දෙවියන්ට සම්පූර්ණයෙන්ම කැප කරලා තියෙනවා කියලත් ‘ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.’—රෝම 10:9, 10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න