ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 11 පි.
  • යෞවනයෙනි, හිතේ තියෙන දේවල් දෙමාපියන්ට කියන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෞවනයෙනි, හිතේ තියෙන දේවල් දෙමාපියන්ට කියන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • එකතු වෙලා පවුලේ සතුට වැඩි කරගමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙමාපියෙනි, පුංචි හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දරුවාට හරි පාරේ යන්න බයිබල් ප්‍රතිපත්ති කියලා දෙන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 11 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෞවනයෙනි, හිතේ තියෙන දේවල් දෙමාපියන්ට කියන්න

ඔයාගේ හිතේ තියෙන දේවල් ගැන අම්මායි තාත්තායි එක්ක කතා කරන්න ඕනෙ ඇයි? (හිතෝ 23:26) මොකද ඔයාව බලාගන්න වගකීම යෙහෝවා දීලා තියෙන්නේ එයාලට. (ගීතා 127:3, 4) ඔයා හිතේ තියෙන දේවල් හංගගෙන හිටියොත් ඔයාට උදව් කරන්න එයාලට අමාරුයි. ඒ වගේම ඔයා එහෙම කළොත් එයාලගේ ජීවිත අද්දැකීම්වලින් ඉගෙනගන්නත් ඔයාට බැරි වෙනවා. ඒ කියන්නේ අකුරක් නෑර හැම දේම අම්මාටයි තාත්තාටයි කියන්න ඕනෙ කියන එකද? නැහැ. හැබැයි එයාලා දැනගන්න ඕන දේවල් හංගන්න එපා.—හිතෝ 3:32.

අම්මායි තාත්තායි එක්ක කතා කරන්න පුළුවන් කොහොමද? ඒ දෙන්නා නිදහසේ ඉන්න වෙලාවක් ඒකට තෝරගන්න. ඒක කරන්න අමාරු නම් ඔයාගේ හිතේ තියෙන දේවල් කොළේක ලියලා ඒක එයාලට දෙන්න. ඔයා කතා කරන්න කැමති නැති දෙයක් ගැන එයාලා කතා කළොත් මොකද කරන්නේ? එයාලට ඕනෙ ඔයාට උදව් කරන්න කියලා මතක තියාගන්න. එයාලා ඔයාගේ හතුරෝ නෙවෙයි මිතුරෝ. හිතේ තියෙන දේවල් හංගන්නේ නැතුව අම්මායි තාත්තායි එක්ක කතා කරන එකෙන් හොඳක් වෙන්නේ ඔයාටමයි. දැන් විතරක් නෙවෙයි ඒකෙන් සදහටම ඔයාට ප්‍රයෝජන ලැබෙයි.—හිතෝ 4:10-12.

‘මගේ යෞවන කාලේ - අම්මායි තාත්තායි එක්ක කතා කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • “මගේ යෞවන කාලේ - අම්මායි තාත්තායි එක්ක කතා කරන්නේ කොහොමද?” කියන වීඩියෝ එකේ දර්ශනයක්. යෞවනියක් හෙඩ් ෆෝන් එකක් දාගෙන ලැප්ටොප් එකේ වැඩක් කරනවා. අම්මා එයාට කතා කළත් එයා අම්මාව ගණන් ගන්නේ නැහැ.

    පස්සේ කාලෙක එස්තර් සහ පාර්තික් තේරුම්ගත්තේ මොනවාද?

  • “මගේ යෞවන කාලේ - අම්මායි තාත්තායි එක්ක කතා කරන්නේ කොහොමද?” කියන වීඩියෝ එකේ දර්ශනයක්. යෞවනියක් අම්මාත් එක්ක කතා කරන ගමන් එයාගේ ස්මාට් ෆෝන් එකේ තියෙන දෙයක් අම්මාට පෙන්නනවා.

    යේසුස්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • “මගේ යෞවන කාලේ - අම්මායි තාත්තායි එක්ක කතා කරන්නේ කොහොමද?” කියන වීඩියෝ එකේ දර්ශනයක්. අම්මා කෙනෙක් ටිකකට වැඩ පැත්තකින් තියලා එයාගේ චූටි පුතා එක්ක සෙල්ලම් කරනවා.

    අම්මායි තාත්තායි ඔයා වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද?

  • “මගේ යෞවන කාලේ - අම්මායි තාත්තායි එක්ක කතා කරන්නේ කොහොමද?” කියන වීඩියෝ එකේ දර්ශනයක්. බාස්කට්බෝල් කෝච් කෙනෙක් ප්‍රහාරක සැලැස්ම කොළේක ඇඳලා කණ්ඩායමට පෙන්නනවා.

    අම්මාටයි තාත්තාටයි ඕනෙ ඔයා සතුටින් ඉන්නවා දකින්න

    අම්මායි තාත්තායි එක්ක කතා කරන්න ඔයාට උදව් වෙන්නේ මොන බයිබල් ප්‍රතිපත්තිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න