3වෙනි පාඩම
ප්‍රශ්න පාවිච්චි කිරීම
මතෙව් 16:13-16
සාරාංශය: උනන්දුවක් ඇති කිරීමට, ඒක දිගටම තියාගැනීමට, තර්කානුකූලව කරුණු පැහැදිලි කිරීමට සහ ප්‍රධාන කරුණු කාවැද්දීමට ප්‍රශ්න පාවිච්චි කරන්න.
ඒක කරන විදිහ:
උනන්දුව ඇති කරලා ඒක දිගටම තියාගන්න. හිතන්න පෙලඹෙන ප්‍රශ්න එහෙම නැත්නම් කුතුහලයක් ඇති කරන ප්‍රශ්න අහන්න.
කරුණු තර්කානුකූලව ගොඩනඟන්න. තර්කානුකූලව හිතලා නිවැරදි නිගමනයට එන්න උදව් කරන්න සවන් දෙන කෙනාගෙන් ප්‍රශ්න කීපයක්ම අහන්න.
ප්‍රධාන කරුණු කාවද්දන්න. ප්‍රධාන කරුණක් හඳුන්වා දෙන්න ප්‍රශ්නයක් අහන්න. ප්‍රධාන කරුණක් ගැන කතා කළාට පස්සේ එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම අවසානයේදී කතා කරපු දේ මතක් කරගන්න උදව් වන ප්‍රශ්න අහන්න.