ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr23 සැප්තැම්බර් 1-2 පි.
  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • සැප්තැම්බර් 11-17
  • සැප්තැම්බර් 25–ඔක්තෝබර් 1
  • ඔක්තෝබර් 9-15
  • ඔක්තෝබර් 30–නොවැම්බර් 5
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr23 සැප්තැම්බර් 1-2 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania

සැප්තැම්බර් 11-17

දේවවචනය නිධානයක් | එස්තර් 3-5

“උපරිමය කරන්න අනිත් අයට උදව් කරන්න”

it-2-E 431 7¶

මොර්දෙකයි

වැඳ වැටිලා හාමාන්ට ආචාර කළේ නැහැ. අහෂ්වේරොෂ් රජ හාමාන්ව අගමැති විදිහට පත් කෙරුවා. ඔහු ආගග්ගෙන් පැවතුණ කෙනෙක්. හාමාන්ගේ උසස් තනතුර නිසා රජ නියෝග කළා හාමාන් කෙනෙක් ළඟින් යද්දී ඒ කෙනා වැඳ වැටිලා හාමාන්ට ආචාර කරන්න ඕනෙ කියලා. ඒත් එහෙම කරන එක මොර්දෙකයි එක හෙළාම ප්‍රතික්ෂේප කෙරුවා. ඒකට හේතුව එයා යුදෙව්වෙක් කියලා මොර්දෙකයි රජගේ නිලධාරීන්ට කිව්වා. (එස්ත 3:​1-4) හාමාන්ට වැඳ වැටිලා ආචාර කරන එක ප්‍රතික්ෂේප කෙරුවේ මොර්දෙකයි යෙහෝවාට කැප වුණ යුදෙව්වෙක් නිසා දෙවියන් එක්ක තිබුණ බැඳීම නිසා කියලා ඒකෙන් පැහැදිලියි. උසස් නිලයක් දරන කෙනෙක්ට ගෞරව කරන්න වැඳ වැටෙන එක ඊශ්‍රායෙල්වරු කලින් කරලා තියෙනවා. (2සාමු 14:4; 18:​28; 1රාජා 1:16) ඒත් මොර්දෙකයි තේරුගත්තා හාමාන්ට වැඳ වැටිලා ආචාර කරන එක නම් සාමාන්‍ය දෙයක් නෙමේ කියලා. මොකක්ද හේතුව? හාමාන් සමහරවිට අමලෙක්වරයෙක්. යෙහෝවා කියලා තිබුණා අමලෙක්වරුන්ගේ “සියලු පරම්පරාවලදී” යෙහෝවා එයාලට විරුද්ධව යුද්ධ කරනවා කියලා. (නික් 17:16) ඒකෙන් තේරෙනවා මොර්දෙකයි හාමාන් ඉස්සරහා වැඳ වැටෙනවාද නැද්ද කියන එක සාමාන්‍ය පාලකයෙක්ට ගෞරව කරනවාද නැද්ද කියන එක ගැන නෙමෙයි, එයා යෙහෝවාට දක්වපු පක්ෂපාතකමට සම්බන්ධ කාරණයක් කියලා.

it-2-E 431 9¶

මොර්දෙකයි

ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න එස්තර්ව පාවිච්චි කෙරුවා. ඒක යුදෙව්වන්ව පර්සියානු අධිරාජ්‍යයෙන් සම්පූර්ණෙන්ම අතු ගාලා දාන්න නියෝගයක් ලැබිලා තිබුණ අවස්ථාවක්. එස්තර්ට රාජකීය තනතුරක් ලැබුණේ යුදෙව්වන්ව බේරගන්නයි කියලා මොර්දෙකයිට කිසිම සැකයක් තිබුණේ නැහැ. එස්තර්ට මේ මොහොතේදී පැවරෙන භාරදූර වගකීම ගැන කියලා මොර්දෙකයි එස්තර්ට කිව්වා රජගේ අවසරය සහ උපකාරය ඉල්ලන්න කියලා. ඒක එස්තර්ගේ ජීවිතේ අනතුරේ දාන වැඩක් වුණත් රජගෙන් ඒ ඉල්ලීම කරන්න එස්තර් එකඟ වුණා.​—එස්ත 4:7–5:⁠2.

සැප්තැම්බර් 25–ඔක්තෝබර් 1

දේවවචනය නිධානයක් | එස්තර් 9-10

“අධිකාරිය පාවිච්චි කෙරුවේ එයාගේ වාසියට නෙමෙයි”

it-2-E 432 2¶

මොර්දෙකයි

හාමාන් වෙනුවට අගමැති වෙන්නේ මොර්දෙකයි. රාජකීය නියෝග අනුමත කරන්න ඕනෙ කරන රජගේ මුද්දත් (මුද්‍රා තබන මුද්ද) එයාට ලැබුණා. එස්තර් හාමාන්ගේ නිවස මොර්දෙකයිගේ භාරයේ තිබ්බා. යුදෙව්වන්ව විනාශ කරලා දාන්න පනවපු නීතිය අවලංගු කරලා ලිපියක් යවන්න මොර්දෙකයිට රජගෙන් අවසර ලැබුණා. ඒ නිසා යුදෙව්වන්ට එයාලාගේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානය වෙලා සතුරන්ට විරුද්ධව පියවර ගන්න ලෑස්ති වෙන්නත් පුළුවන් වුණා. (එස්ත 8:​1-14) එස්තර්ගේ අනුමැතිය ඇතුව පූරිම් උත්සවය පවත්වන්න මොර්දෙකයි නියෝගයක් යැව්වා. උත්සවය පවත්වපු ආදාර් මාසේ 14, 15 කියන දවස් දෙක ප්‍රීති වෙන්න, කන්න බොන්න වගේම දුප්පතුන් එක්ක බෙදාහදා ගන්න වෙන් කෙරුවා. රාජධානියේ දෙවෙනි බලවතා වුණ මොර්දෙකයිට යුදෙව්වන්ගේ ගෞරවය හිමි වුණා. අනිත් අතට මොර්දෙකයි යෙහෝවාට කැප වුණ ඒ සෙනඟගේ යහපත වෙනුවෙන් දිගටම ඇපකැප වුණා.​—එස්ත 9:​19-22, 27-32; 10:​2, 3.

it-2-E 716 5¶

දාදු උත්සවය (පූරිම් උත්සවය)

මොර්දෙකයි සහ එස්තර් දෙවියන්ගේ විශ්වාසවන්ත සේවයකයන්. එයාලා ඒ උත්සවය සැලසුම් කළේ යෙහෝවා දෙවියන්, සතුරන්ගෙන් යුදෙව්වන්ට නිදහස ලබා දුන්න එක සිහි කරන්න. ඒක කළේ සම්පූර්ණෙන්ම යෙහෝවා දෙවියන්ට ගෞරවයක් විදිහට. හැම අවුරුද්දකම ආදාර් මාසේ 14, 15 කියන දවස්වලදී ඒක පවත්වන්න එයාලා නියෝග කළා.

ඔක්තෝබර් 9-15

දේවවචනය නිධානයක් | යෝබ් 4-5

“බලාගෙනයි, බොරු තොරතුරු හැම තැනම!”

it-1-E 713 11¶

එලිෆස්

යෝබ්ගේ යාළුවෝ තුන්දෙනාගෙන් කෙනෙක්. (යෝබ් 2:11) එලිෆස් තේමාන් ජාතිකයෙක්. එයා ඒසව්ගෙන් පැවතෙන කෙනෙක් වෙන්න ඇති. එහෙම වුණා නම් එයා ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනෙක් වගේම යෝබ්ගේ දුරින් නෑයෙකුත් වෙනවා. එලිෆස් ඇතුළුව එයාගේ මුතුන්මිත්තෝ පුරසාරම් දෙඩුවා එයාලා බුද්ධිමත්තු කියලා. (යෙරෙ 49:⁠7) සනසවන්න ආපු තුන්දෙනාගෙන් වැදගත් සහ බලපෑමක් කරන්න පුළුවන් කෙනා විදිහට කැපිලා පෙනුණේ එලිෆස්. ඒකෙන් ඇඟවෙනවා තුන්දෙනාගෙන් වැඩිමල් කෙනා එයා කියලා. විවාදයේ වට තුනේදී මුලින්ම කතා කළෙත් වැඩි ප්‍රමාණයක් කතා කළෙත් එයායි.

ඔක්තෝබර් 30–නොවැම්බර් 5

දේවවචනය නිධානයක් | යෝබ් 11-12

“ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න විදි තුනක්!”

it-2-E 1190 2¶

ප්‍රඥාව

දෙවියන්ගේ ප්‍රඥාව. ප්‍රඥාවේ හිමිකරුවාණන් සහ “ප්‍රඥාවෙන් ක්‍රියා කරන එකම තැනැත්තාණන්” යෙහෝවා. (රෝම 16:​27; එළි 7:12) විශ්වයේ නිර්මාණකරුවාණන් වන ඔහුට “පටන්ගැන්මක්වත් අවසානයක්වත්” නැහැ. ඒ නිසා විශ්වය හැදුණේ කොහොමද, තියෙන්නේ මොනවාද, විශ්වයේ ඉතිහාසය මොකක්ද වගේ විශ්වයේ අල ගිය, මුල ගිය තැන් හැම දෙයක් ගැනම දන්නේ යෙහෝවා දෙවියන් විතරයි. (ගීතා 90:​1, 2) ඔහුට තියෙන දැනුමේ තරම ඒකෙන් තේරෙනවා. මිනිස්සු එයාලාගේ පර්යේෂණ සහ සොයාගැනීම් කරන්න යොදාගන්න භෞතික නීති, ප්‍රමිති සහ ස්වාභාවික චක්‍ර ස්ථිරව, පිළිවෙළකට පිහිටලා තිබුණේ නැත්නම් එයාලා අසරණ වෙනවා. කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ හැම දේකම නිර්මාතෘත් යෙහෝවායි. (යෝබ් 38:​34-38; ගීතා 104:​24; හිතෝ 3:​19; යෙරෙ 10:​12, 13) භෞතික නීති ඒ තරම් විශ්වාසවන්ත නම් සාර්ථක ජීවිතයක් ගත කරන්න ඔහු මිනිස්සුන්ට දීලා තියෙන නීති, ප්‍රමිති සහ මඟ පෙන්වීම් කොයි තරම් විශ්වාසවන්තද කියලා කෙස් ගහකවත් සැකයක් තියෙන්න පුළුවන්ද? (ද්වි 32:​4-6) යෙහෝවා නොදන්න, ඔහුට නොතේරෙන කිසිම දෙයක් නැහැ. (යෙසා 40:​13, 14) ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට පටහැනි දේවල් වෙන්න, ඒවා වැඩි වෙන්න යම් කලකට ඔහු ඉඩ ඇරලා තිබුණත් නුදුරු අනාගතේදී ඔහු තමන්ගේ අරමුණ ඉටු කරනවා. යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහටම ඒ දේවල් ඉටු කරනවා.​—යෙසා 55:​8-11; 46:​9-11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න