58වෙනි පාඩම
යෙහෝවාව අත්හරින්න එපා
සැබෑ ක්‍රිස්තියානීන්ට ඕනෙ හැමදාටම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න. කිසිම දෙයක්, කිසිම කෙනෙක් නිසා එයාලා ඒ නමස්කාරය නතර කරන්නේ නැහැ. ඔයාට ඕනෙත් ඒ දේම කරන්න කියලා කිසිම සැකයක් නැහැ. ඒ වෙනුවෙන් ඔයා ගන්න උත්සාහය යෙහෝවාට ගොඩක් වටිනවා. (1 ලේකම් 28:9 කියවන්න.) යෙහෝවාට දිගටම ළැදිව ඉන්න එක ඔයාට අමාරු වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? ඒවාට මුහුණ දෙන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද?
1. යෙහෝවාව අත්හරින්න අනිත් අය අපිව පොලඹවන්න පුළුවන් කොහොමද?
යෙහෝවාට කරන නමස්කාරය නතර කරන්න අපිව පොලඹවන්න සමහරු උත්සාහ කරයි. ඔහුට නමස්කාර කරන එක නවත්තපු සමහර අය ඔහුගේ සංවිධානය ගැන බොරු තොරතුරු පතුරුවනවා. සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහන ඒ අයට ඕනෙ අපි ඇති කරගත්ත විශ්වාසය නැති කරන්න. සමහර ආගමික නායකයනුත් අපි ගැන බොරු දේවල් කියනවා. එච්චර හිතලා බලලා වැඩ කරන්නේ නැති අය ඒ බොරු විශ්වාස කරලා සත්‍ය මාර්ගයෙන් අයින් වෙන්න පෙලඹෙන්න පුළුවන්. දෙවියන්ට විරුද්ධව වැඩ කරන ඒ ඕනෙම කෙනෙක් එක්ක වාදවලට පැටලෙන එක, එයාලාගේ පොත් පත් සහ ඉන්ටර්නෙට් එකට දාන තොරතුරු කියවන එක, එයාලාගේ වීඩියෝ බලන එක හරිම භයානකයි. මොකද එයාලා හදන්නේ යෙහෝවාට කරන නමස්කාරය අත්හරින්න අපිව පොලඹවන්නයි. ඒ වගේ අය ගැන යේසුස් මෙහෙම කිව්වා. “එයාලා කියන දේවල් ගණන් ගන්න එපා. එයාලා අන්ධ මඟ පෙන්වන්නෝ. අන්ධ කෙනෙක් තවත් අන්ධ කෙනෙක්ට මඟ පෙන්නුවොත් ඒ දෙන්නාම වළක වැටෙයි.”—මතෙව් 15:14.
2. අපි යෙහෝවාට ළැදියි කියලා පේන්නේ අපි ගන්න මොන තීරණවලින්ද?
අපි යෙහෝවාට ආදරේ නිසා බොරු ආගම්වලට සම්බන්ධ කිසිම දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි කරන රස්සාව, අපි බැඳිලා ඉන්න සමිතියක්, සංවිධානයක් නැත්නම් කරන ඕනෙම දෙයක් කිසිම විදිහකින් බොරු ආගම්වලට සම්බන්ධ නැහැ කියලා අපි ස්ථිර කරගන්න ඕනේ. මොකද යෙහෝවා අපිට කියන්නේ “මගේ සෙනඟෙනි, [මහ බැබිලෝනිය] අත්හැරලා දැන්මම එළියට එන්න” කියලා.—එළිදරව් 18:2, 4.
තවත් හොයමු
යෙහෝවාව අත්හරින්න ඔයාව පොලඹවන්න කාටවත් ඉඩ නොදී ඉන්න ඔයාට පුළුවන් කොහොමද කියලා දැනගන්න. මහ බැබිලෝනියෙන් අයින් වෙලා ඔයා යෙහෝවාට ළැදියි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් බලන්න.
3. බොරු ගුරුවරුන්ගෙන් පරෙස්සම් වෙන්න
යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැන බොරු තොරතුරු අහන්න ලැබුණොත් ඔයා මොනවාද කරන්න ඕනේ? හිතෝපදේශ 14:15 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.
අපිට අහන්න ලැබෙන හැම දෙයක්ම විශ්වාස නොකර ඉන්න අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?
2 යොහන් 9-11 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහන අය එක්ක අපි වැඩ කරන්න ඕනෙ කොහොමද?
ඒ වගේ අය එක්ක අපි කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් එයාලාගේ අදහස් අපේ මනසට යන්න පුළුවන් අපි මොන වගේ දේවලින් පරෙස්සම් වුණේ නැත්නම්ද?
යෙහෝවා ගැන, ඔහුගේ සංවිධානය ගැන කියන බොරු දේවලට අපි සවන් දුන්නොත් ඒ ගැන යෙහෝවාට කොහොම දැනෙයිද?
4. සහෝදරයෙක් වරදක් කරනවා දැක්කත් ඔයා ළැදි යෙහෝවාට කියලා පෙන්නන්න
සභාවේ කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලා අපි දැනගත්තොත් අපි මොකක් කරයි කියලද දෙවියන් බලාපොරොත්තු වෙන්නේ? ඒක තේරුම්ගන්න උදව් වෙන දෙයක් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ තියෙනවා. ලෙවී කතාව 5:1 කියවන්න.
ඒ පදයේ කියන විදිහට කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලා අපි දන්නවා නම් දන්න හැම දෙයක්ම අපි වැඩිමහල්ලන්ට කියන්න ඕනේ. හැබැයි එහෙම කරන්න කලින් වරද කරපු කෙනාටම ඒ ගැන වැඩිමහල්ලන්ට කියන්න කියලා උනන්දු කරන්න අපිට පුළුවන්. ඒක අපි එයා ගැන සැලකිලිමත් කියලා පෙන්නන විදිහක්. හැබැයි එයා ඒ ගැන වැඩිමහල්ලන්ට කියන්නේ නැත්නම් යෙහෝවාට ළැදිව ඉන්න අපිට තියෙන ආසාව නිසා අපි ඒ ගැන වැඩිමහල්ලන්ට කියනවා. ඒ ගැන වැඩිමහල්ලන්ට කියන එකෙන් අපි . . .
යෙහෝවාට ළැදියි කියලා පේන්නේ කොහොමද?
වරද කරපු කෙනාට ආදරෙයි කියලා පේන්නේ කොහොමද?
සභාවේ ඉන්න අනිත් අයට ආදරෙයි කියලා පේන්නේ කොහොමද?
සභාවේ කෙනෙක් වරදක් කරනවා නම් ඒකෙන් අයින් වෙන්න එයාට උදව් කරන්න
5. මහ බැබිලෝනියෙන් ඉවත් වෙලා ඉන්න
ලූක් 4:8 සහ එළිදරව් 18:4, 5 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
බොරු ආගමක සාමාජිකයෙක් විදිහට මගේ නම තාමත් කොහේ හරි සඳහන් වෙලා තියෙනවාද?
මං බොරු ආගමකට සම්බන්ධ සමිතියක නැත්නම් සංවිධානයක සාමාජිකයෙක්ද?
මං රස්සාවට කරන දෙයින් බොරු ආගමකට සහය දීමක් වෙනවාද?
බොරු ආගමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න මගේ පැත්තෙන් මට තව කරන්න දේවල් තියෙනවාද?
ඒ ප්‍රශ්නවලින් එකකට හරි උත්තරේ ඔව් නම් මං කරන්න ඕනෙ වෙනස්කම් මොනවාද?
ඒ හැම අවස්ථාවකදීම ඔයා යෙහෝවාට ළැදියි කියලා පැහැදිලිව පෙන්නන, ඔයාගේ හිත දොස් කියන්නේ නැති තීරණයක් ගන්න.
ආගමික සංවිධානයකට ඔයාගෙන් සම්මාදමක් ඉල්ලුවොත් ඔයා මොකද කරන්නේ?
සමහරු මෙහෙම කියනවා: “සත්‍යයට විරුද්ධව වැඩ කරන අය අපි ගැන කියන ඒවා අපි දැනගන්න ඕනේ. නැත්තම් කොහොමද අපි ඒවාට විරුද්ධව කතා කරන්නේ.”
ඒක ඥානවන්ත දෙයක් කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම කියන්නේ ඇයි?
ඉගෙනගත්ත දේ
දිගටම යෙහෝවාට ළැදිව ඉන්න නම් අපිව නොමඟ යවන්න හදන අය එක්ක අපි ආශ්‍රය නොකර ඉන්න ඕනේ.
ඔයා හිතන්නේ මොකක්ද?
සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහන අයගේ අදහස්වලට සවන් දෙන්න හොඳ නැත්තේ ඇයි?
සභාවේ කෙනෙක් බරපතළ වරදක් කරලා කියලා දැනගන්න ලැබුණොත් අපි මොනවාද කරන්න ඕනේ?
බොරු ආගමෙන් ඉවත් වෙන්න කියලා දීපු අනතුරු ඇඟවීමට අපි කීකරු වෙන්නේ කොහොමද?
තව දැනගන්න
අනිත් අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන බොරු තොරතුරු පතුරුවද්දී කරන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න.
“තීරණයකට එන්න කලින් නිවැරදි තොරතුරු ලබාගන්න” (2018 අගෝස්තු ‘මුරටැඹ’)
සංවිධානයක් නැත්නම් යම් වැඩපිළිවෙළක් මහ බැබිලෝනියට සහය දෙනවාද කියලා දැනගන්න පුළුවන් කොහොමද?
“වෙහෙස නොබලා මේ අවසාන දවස්වල දෙවියන්ට සේවය කරන්න” (2019 ඔක්තෝබර් ‘මුරටැඹ’ 16-18 ඡේද)
අපිට විරුද්ධව වැඩ කරන අය අපේ විශ්වාසය දුර්වල කරන්න මොන වගේ දේවල්ද කරන්නේ?
“පොඩි කාලේ ඉඳලම මම හෙව්ව සැබෑ දෙවිව මට හම්බ වුණා!” කියන ලිපිය කියවලා ෂින්ටෝ පූජකයෙක් වෙනස් වුණේ ඇයි කියලා බලන්න.