-
දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයිබයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
-
-
70වෙනි පාඩම
දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි
රෝම අධිරාජ්‍යයේ පාලකයා වුණු ඔගස්ටස් සීසර් යුදෙව්වන්ට කිව්වා එයාලාගේ ගම්වලට ගිහින් ලියාපදිංචි වෙන්න කියලා. ඒ නිසා යෝසෙප් මරියාවත් එක්කගෙන එයාගේ ගම වුණු බෙත්ලෙහෙමට ගියා. ඒ වෙද්දී දරුවා ඉපදෙන්න කාලය ළං වෙලයි තිබුණේ.
බෙත්ලෙහෙමේ කිසිම තැනක නවතින්න ඉඩ තිබුණේ නැති නිසා එයාලා ගවමඩුවක නැවතුණා. එතනදී තමයි යේසුස් ඉපදුණේ. මරියා පුංචි පුතාව රෙදි පටිවලින් ඔතලා ගවඔරුවක තිබ්බා.
එදා රෑ බෙත්ලෙහෙමට කිට්ටු තැනක එඬේරු ටිකදෙනෙක් බැටළුවෝ බලාගෙන හිටියා. එකපාරටම දේවදූතයෙක් එයාලා ඉස්සරහට ආවාම එතනට ලොකු එළියක් වැටුණා. එඬේරු බය වෙලා හිටිය නිසා දේවදූතයා මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මං ආවේ ඔයාලට සුබ ආරංචියක් කියන්න. බෙත්ලෙහෙමේ අද ගැලවුම්කරු ඉපදුණා.’ එතකොටම තවත් දේවදූතයන් හුඟක් එතනට ඇවිත් මෙහෙම කිව්වා. ‘ස්වර්ගයේ ඉන්න දෙවියන්ට ප්‍රශංසාව ලැබේවා! පොළොවේ ඉන්න මිනිස්සුන්ට සාමය ලැබේවා!’ දේවදූතයන් ගියාට පස්සේ එඬේරු මොකද කළේ?
‘අපි දැන්මම බෙත්ලෙහෙමට යමු’ කියලා එයාලා කතා වුණා. එයාලා ඉක්මනටම ගිහින් ගවමඩුවේ හිටිය යෝසෙප්වයි මරියාවයි පුංචි පුතාවයි හොයාගත්තා.
දේවදූතයන් එඬේරුන්ට කිව්ව දේවල් අහලා හැමෝම හුඟක් පුදුම වුණා. මරියාත් ඒ දේවල් ගැන හොඳට හිතලා ඒ දේවල් එයාගේ හිතේ තියාගත්තා. ඊටපස්සේ එඬේරු එදා එයාලට අහන්න දකින්න ලැබුණු දේවල් ගැන යෙහෝවාට ස්තුති කරකර ආපහු බැටළුවන් බලාගන්න ගියා.
“දෙවියන් තමයි මාව එව්වේ. මං මෙහේ ඉන්නේ ඒ නිසයි. මං ආවේ මගේ තනි කැමැත්තෙන් නෙමෙයි. ඒ තැනැත්තා තමයි මාව එව්වේ.”—යොහන් 8:42
-
-
යෙහෝවා යේසුස්ව ආරක්ෂා කරයිබයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
-
-
71වෙනි පාඩම
යෙහෝවා යේසුස්ව ආරක්ෂා කරයි
ඊශ්‍රායෙල් දේශයේ නැඟෙනහිර පැත්තේ හිටිය සමහර අය විශ්වාස කළා එයාලට මඟ පෙන්නන්න තරුවලට පුළුවන් කියලා. දවසක් රෑ එහේ හිටිය කිහිපදෙනෙක් දැක්කා දිලිසෙන ලොකු තරුවක් වගේ එකක් අහසේ ගමන් කරනවා. ඉතින් එයාලා ඒක පස්සෙන් ගියා. තරුව නැවතුණේ යෙරුසලමේ. එයාලා එහේ ඉන්න අයගෙන් මෙහෙම ඇහුවා. ‘යුදෙව්වරුන්ව පාලනය කරන්න ඉපදුණ රජ ඉන්නේ කොහෙද? අපි ආවේ ඔහුට ගරුබුහුමන් කරන්න.’
එයාලා කියපු දේ යෙරුසලමේ රජ වුණු හෙරොද්ට ආරංචි වුණාම එයා හුඟක් කලබල වෙලා නායක පූජකයන්ගෙන් ඇහුවා ‘ඔය කියන රජ ඉපදෙන්නේ කොහෙද’ කියලා. එයාලා කිව්වා “බෙත්ලෙහෙමේ” කියලා. හෙරොද් නැඟෙනහිර දේශයේ ඉඳන් ආපු අයට කතා කරලා මෙහෙම කිව්වා. ‘බෙත්ලෙහෙමට ගිහින් දරුවාව හොයාගන්න. එයා ඉන්න තැන දැනගත්තාම මට කියන්න. මටත් ඕනෙ එයාට ගෞරව කරන්න.’
තරුව ආයෙත් ඉස්සරහට ගිහින් බෙත්ලෙහෙමේ ගේකට උඩින් නතර වුණා. නැඟෙනහිර දේශයෙන් ආපු අය මරියාවයි යේසුස්වයි දැක්කාම එයාලා යේසුස් ඉස්සරහා දණ ගහලා ගරුබුහුමන් කළා. ඊටපස්සේ එයාලා ළඟ තිබුණු රත්තරන්, කට්ටකුමංජල්, සුවඳ ලාටු තෑගි කළා. යේසුස්ව හොයාගන්න එයාලව එව්වේ යෙහෝවාද? නැහැ.
එදා රෑ යෙහෝවා යෝසෙප්ට මෙහෙම කිව්වා. ‘හෙරොද් හදන්නේ යේසුස්ව මරන්න. බිරිඳයි පුතායි එක්ක ඊජිප්තුවට ගිහින් මං කියන කල් එහේ නැවතිලා ඉන්න.’ යෝසෙප් ඉක්මනටම එයාලත් එක්ක ඊජිප්තුවට ගියා.
යෙහෝවා නැඟෙනහිර දේශයෙන් ආපු අයට කිව්වා හෙරොද් ළඟට යන්න එපා කියලා. එයාලා එන්නේ නැහැ කියලා දැනගත්තාම හෙරොද්ට හුඟක් කේන්ති ගියා. යේසුස්ව හොයාගන්න බැරි නිසා එයා කිව්වා බෙත්ලෙහෙමේ ඉන්න යේසුස්ගේ වයසේ හැම පිරිමි ළමයෙක්වම මරලා දාන්න කියලා. ඒත් යේසුස් හිටියේ ඊජිප්තුවේ.
කාලෙකට පස්සේ හෙරොද් මැරුණාම යෙහෝවා යෝසෙප්ට කිව්වා ‘ඔයාට දැන් ඊශ්‍රායෙල්වලට යන්න පුළුවන්’ කියලා. ඉතින් යෝසෙප් මරියායි යේසුයි එක්ක නාසරෙත්වල පදිංචි වුණා.
‘මගේ මුවින් පිට වෙන මගේ වචනයත් ඒ වගේමයි. මං බලාපොරොත්තු වෙන දේ ඒ විදිහටම වෙනවා.’—යෙසායා 55:11
-