‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
© 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
මාර්තු 9-15
දේවවචනය නිධානයක් යෙසායා 43–44
අවුරුදු 200කට විතර කලින් ලියපු අනාවැකියක්
it-E “සයිරස්” 7¶
සයිරස්
බැබිලෝනිය යටත් කරගන්නවා. බැබිලෝනියට විරුද්ධව සටන් කරන්න සයිරස් ලෑස්ති පිටයි හිටියේ. එතන ඉඳන් බයිබලේ තියෙන වැදගත් අනාවැකියක් ඉටු කරන්න එයා හවුල් වුණා. බැබිලෝනිය පරාජය කරන්න යෙහෝවා සයිරස්ව පත් කරනවා කියලත් එයා යුදෙව්වන්ව බැබිලෝනියෙන් නිදහස් කරනවා කියලත් යෙසායා අනාවැකියකින් කිව්වා. (යෙසා 44:26–45:7) ඒ අනාවැකිය ලිව්වේ සයිරස් රජ වෙන්න අවුරුදු 150කටත් කලින්. ඇත්තටම බැබිලෝනිවරු යුදෙව්වන්ව වහලුන් විදිහට ගෙනියද්දී සයිරස් ඉපදිලාවත් නැහැ. හැබැයි යෙහෝවා කිව්වා තමන්ගේ සෙනඟව බේරගන්න සයිරස් “එඬේරෙක්” විදිහට වැඩ කරනවා කියලා. (යෙසා 44:28; රෝම 4:17) ඒ විදිහට යෙහෝවා සයිරස්ව කලින්ම තෝරගත්ත නිසා එයාව හැඳින්නුවේ දෙවියන්ගේ “අභිෂේක ලත් තැනැත්තා” කියලයි. (යෙසා 45:1) බයිබලේ කියද්දී දෙවියන් එයාට “නම කියලා කතා කරනවා” කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ එයා ඉපදෙද්දී දෙවියන් එයාට ඒ නම දුන්නා කියලා. (යෙසා 45:4) ඒ වෙනුවට ඒකෙන් අදහස් කරන්නේ සයිරස් කියලා කෙනෙක් අනාගතේදී එනවා කියලත් දෙවියන් ඒ නම කියලම එයාව විශේෂ පැවරුමකට කැඳවනවා කියලත් දෙවියන් දැනන් හිටියා කියන එකයි.
it-E “සයිරස්” 17¶
සයිරස්
සයිරස් යුදෙව්වන්ට කාරුණිකව සැලකුවා. බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු අනිත් පාලකයන් යුදෙව්වන්ට සලකපු විදිහට නෙවෙයි එයා යුදෙව්වන්ට සැලකුවේ. දේවමාලිගාවෙන් නෙබුකද්නෙෂර් අරන් ගිය වටින භාණ්ඩ සයිරස් ආයෙත් දුන්නා. දේවමාලිගාව ආයෙත් ගොඩනඟන්න ලෙබනොන් දේශයෙන් දේවදාර ලී ගේන්නත් එයා අවසර දුන්නා. ඒ වගේම රාජකීය භාණ්ඩාගාරයෙන් සල්ලිත් එයා ඒ වෙනුවෙන් දුන්නා. (එස්රා 1:7-11; 3:7; 6:3-5) කැණීම්වලින් හොයාගත්ත සිලින්ඩරාකාර මැටි ලියවිල්ලක සඳහන් වෙනවා සයිරස් එයා යටත් කරගන්න අයට හරිම කරුණාවන්තව, දයාවන්තව සැලකුවා කියලා. එයා යටත් කරගත්ත මිනිස්සු අදහපු දෙවිවරුන්ගේ රූප එයාලාගේ නගරවලට ආයේ යැව්වා වගේම ඒ මිනිස්සුන්ට නමස්කාර කරන්න තැනුත් එයා හදලා දුන්නා. එක එක තැන්වල විසිරිලා හිටපු ඒ නගරවල කලින් ජීවත් වුණ අයව එයා එකතු කරලා ආයේ එයාලාගේ ගෙවල්වලට යැව්වා.
මාර්තු 16-22
දේවවචනය නිධානයක් | යෙසායා 45–47
“දෙවියන් මමයි. මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ”
it-E “වහලුන් බැබිලෝනියෙන් නිදහස් වෙයි” 1¶
වහලුන් බැබිලෝනියෙන් නිදහස් වෙයි
ක්‍රි.පූ. 607දී යුදෙව්වන්ව වහල්ලු විදිහට බැබිලෝනියට ගෙනිච්චා. ඉතුරු වුණ සමහරු ඊජිප්තුවට පලා ගියා. ඒකෙන් යෙහෝවා කලින්ම කිව්ව මේ දේ ඉටු වුණා. “යූදාවල නගර කිසි මිනිසෙක් වාසය කරන්නේ නැති පාළු තැනක් කරනවා.” (යෙරෙ 9:11) හැබැයි යෙහෝවාගේ නොසැලෙන ආදරය, කරුණාව නිසා ඔහුගේ සෙනඟට සදහටම වහලුන් විදිහට ඉන්න ඔහු ඉඩහැරියේ නැහැ. මොකද ඔහු කියලා තිබුණා ඊශ්‍රායෙල්වරුන් වහලුන් විදිහට ‘බැබිලෝනියේ රජට සේවය කරන්නේ අවුරුදු 70ක්’ කියලා. (යෙරෙ 25:11, 12; 29:10-14) බැබිලෝනිය කියන්නේ කාටවත් යටත් කරගන්න බැහැයි කියලා පේන්න තිබුණ බලවත් අධිරාජ්‍යයක්. හැබැයි එහෙමයි කියලා යෙහෝවාගේ වචන ඉටු වෙන එක නවත්තන්න බැහැ. අන්තිමේදී යුදෙව්වන් එයාලාගේ දේශයට ආයෙත් ආවා. යෙහෝවා කියපු අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා කියන්න මේක එක උදාහරණයක් විතරයි.
මාර්තු 23-29
දේවවචනය නිධානයක් | යෙසායා 48–49
යෙහෝවාට ඇහුම්කන් දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන
it-E “ගුරුවරයා, උගන්නනවා” 2¶
ගුරුවරයා, උගන්නනවා
යෙහෝවා කියන්නේ අපේ දෙවියන්, නිර්මාතෘ, උදාර උපදේශකයාණන් සහ අපේ ගුරුවරයා. (1රාජා 8:36; ගීතා 27:11; 86:11; 119:102; යෙසා 30:20; 54:13) ඇත්තටම ප්‍රඥාවන්ත දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔහුගේ නිර්මාණ අපිට කියලා දෙනවා. අවුරුදු ගාණක් තිස්සේ අධ්‍යයනය කළත් ඔහුගේ නිර්මාණවලින් අපිට ඉගෙනගන්න තව ගොඩක් දේවල් තියෙනවා. (යෝබ් 12:7-9) යෙහෝවා ඔහුගේ නම ගැන, ඔහුගේ අරමුණු ගැන සහ ඔහුගේ නීති, ආඥා ගැන විශේෂ විදිවලින් අපිට උගන්නනවා. (නික් 4:12, 15; 24:12; 34:5-7) ඒ ඉගැන්වීම් ඔහුගේ වචනය වන බයිබලේ තියෙනවා. ඔහුගේ කැමැත්ත මොකක්ද කියලා පැහැදිලිව, නිවැරදිව තේරුම්ගන්න ඒවා අපිට උදව් වෙනවා. (රෝම 15:4; 2තිමෝ 3:14-17) දෙවියන්ගේ බලයත් ගුරුවරයෙක් වගේ වැඩ කරනවා.—යොහ 14:26.
දේවවචනයෙන් මැණික්
it-E “කරුණාව පෙන්නන විශේෂ කාලේ” 1-3¶
කරුණාව පෙන්නන විශේෂ කාලේ
යෙසායා 49:8 කියන මේ අනාවැකිය බලන්න. “යෙහෝවා මෙහෙම කියනවා. ‘මම කරුණාව පෙන්නන විශේෂ කාලේ ආවාම මම ඔබට පිළිතුරු දුන්නා. ගැලවීම ලබා දෙන දවස ආවාම මම ඔබට උදව් කළා. සෙනඟට සහතිකයක් විදිහට දෙන්න මම ඔබව දිගටම ආරක්ෂා කළා. දේශය ආයෙත් ගොඩනඟයි. මගේ සෙනඟ පාළුවට ගිය ඔවුන්ගේ උරුමයන් අයිති කරගනියි.’” මේ අනාවැකිය මුලින්ම ඉටු වුණේ ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියෙන් නිදහස් වුණාම. (යෙසා 49:3) ඒක අදාළ වුණේ වහලුන් විදිහට හිටපු ඊශ්‍රායෙල්වරුන්ට. යෙහෝවා එයාලට කිව්වා “එළියට එන්න” කියලා. එයාලා ආයෙත් එයාලාගේ දේශයට ගිහින් විනාශ වෙලා තිබුණ ඒ දේශය ගොඩනැඟුවා.—යෙසා 49:9.
ඒ අනාවැකිය යේසුස් මාර්ගයෙන් තවත් ශ්‍රේෂ්ඨ විදිහකට ඉටු වුණා. ‘මම ඔබව සෙනඟට සහතිකයක් විදිහට දුන්නා’ කියලත් ‘පොළොවේ ඈත කෙළවරවල ඉන්න අයට ගැලවීම ලබාගන්න පුළුවන් වෙන්න මම ඔබව ජාතීන්ට ආලෝකයක් විදිහට දුන්නා’ කියලත් කියපු එකෙන් මේ අනාවැකිය අදාළ වෙන්නේ දෙවියන්ගේ සේවකයා වන මෙසියස්ට කියලා පැහැදිලි වෙනවා. (යෙසා 49:6, 8; යෙසා 42:1-4, 6, 7; මතෙ 12:18-21) යේසුස් පොළොවේ ඉද්දී ඔහුව ගලවගන්න පුළුවන් තැනැත්තාට කෑගහලා අඬඅඬ, කඳුළු සලමින් යාච්ඤා කළා. (හෙබ්‍රෙ 5:7-9; යොහ 12:27, 28; 17:1-5; ලූක් 22:41-44; 23:46) යෙහෝවා යේසුස්ට ඇහුම්කන් දීලා ඔහුට උදව් කළා. ඒක යේසුස්ට “කරුණාව පෙන්නන විශේෂ කාලේ” වුණා. ඒ වගේම ඒක යේසුස්ට “ගැලවීම ලබා දෙන දවසත්” වුණා. ඒ කාලේ පුරාම ඔහු යෙහෝවාට ළැදියි කියලා ඔප්පු කරලා පෙන්නුවා. ඒ වගේම යේසුස්ට “කීකරු වෙන හැමෝටම ඔහු මාර්ගයෙන් සදාකාල ගැලවීම ලබාගන්නත් පුළුවන් වුණා.”—හෙබ්‍රෙ 5:9.
අප්‍රියෙල් 6-12
දේවවචනයෙන් මැණික්
it-E “ගල් වළ” 2¶
ගල් වළ
යෙහෝවා යෙසායා මාර්ගයෙන් ගල් වළක් ගැනත් ඒකෙන් ගල් කඩලා ගන්න විදිහ ගැනත් කිව්වා. (යෙසා 51:1) ඊටපස්සේ පදය බැලුවොත් තේරෙනවා පේන විදිහට “පර්වතය” කියලා හඳුන්වන්නේ ආබ්‍රහම්ව කියලා. මොකද එයා තමයි ඊශ්‍රායෙල් ජාතියේ පියා. “හාරලා ගත්ත ගල් වළ” තමයි සාරා. එයාගේ කුස හරියට ගල් වළක් වගේ. ඒ කුසෙන් තමයි ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තා වුණ ඊසාක් ඉපදුණේ. (යෙසා 51:2) ඊසාක් ඉපදුණේ ආශ්චර්යවත් විදිහට දෙවියන්ගේ බලයෙන් නිසා ගල් වළ ගැන කියපු උදාහරණෙන් ඊට වඩා ගැඹුරු දෙයක් අදහස් වෙනවා. ඇත්තටම ද්විතීය කතාව 32:18 යෙහෝවාව හඳුන්වන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ ‘පර්වතය වන එයාලාගේ තාත්තා’ කියලා. ඔහු තමයි ඊශ්‍රායෙල්වරුන්ව බිහි කළේ. මුල් භාෂාවට අනුව එතන “බිහි කළා” කියලා පරිවර්තනය කරලා තියෙන ක්‍රියා පදයම තමයි යෙසායා 51:2 ඔබව “බිහි කළ” සාරා කියද්දීත් පාවිච්චි කරලා තියෙන්නේ.
අප්‍රියෙල් 13-19
දේවවචනයෙන් මැණික්
it-E “භාණ්ඩ” 2¶
භාණ්ඩ
ශුද්ධස්ථානයේ වැඩවලට ගොඩක් භාණ්ඩ පාවිච්චි කළා. (නික් 25:29, 30, 39; 27:3, 19; 37:16, 23; 38:3; 1රාජා 7:40-50; 2ලේක 4:11-22) ඒවා යෙහෝවාගේ නමස්කාරය වෙනුවෙන් පාවිච්චි කරපු නිසා ඒ භාණ්ඩ “ශුද්ධයි” කියලා සැලකුවා. (1රාජා 8:4) ක්‍රි.පූ. 537දී යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා එද්දී නෙබුකද්නෙෂර් රජ යෙරුසලමෙන් පැහැර ගත්ත ඒ ශුද්ධ දේවල් ආයේ අරන් එන්න එයාලට අවස්ථාව ලැබුණා. ඒක එයාලට ලොකු ගෞරවයක් වුණා. ඒක කරන්න නම් එයාලා ශාරීරිකව පිරිසිදුව ඉන්න ඕන වගේම යෙහෝවා අකමැති දේවල් නොකර ඉන්න එකත් අත්‍යවශ්‍ය වුණා. ඒකයි මේ දේ එයාලට අදාළ වුණේ. “අයින් වෙන්න! අයින් වෙන්න! එහෙන් පිට වෙලා එන්න. අපවිත්‍ර කිසිම දේකට අතවත් තියන්න එපා. යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩ උසුලගෙන යන සියල්ලෙනි, ඇගෙන් ඉවත් වෙලා පිටතට එන්න. දිගටම පවිත්‍රව ඉන්න.” (යෙසා 52:11) ඒක නිකම්ම පිටින්, චාරිත්‍රයක් විදිහට වෙන පවිත්රකමක් නෙවෙයි. ඒකට එයාලාගේ හදවත් පිරිසිදු කරගන්නත් ඕන වුණා. යෙසායා කියපු ඒ වචන පාවුල් පස්සේ කාලෙක ක්‍රිස්තියානීන්ටත් අදාළ කළා. එයා කිව්වා එයාලා ශාරීරිකව වගේම සිතුවිලිවලිනුත් පිරිසිදුව ඉන්න ඕනෙ කියලා.—2කොරි 6:14-18; 7:1.
අප්‍රියෙල් 27–මැයි 3
දේවවචනය නිධානයක් | යෙසායා 56–57
යෙහෝවා අපේ දෙවියන් වුණ එක ගැන අපිට සතුටුයි
it-E “පොළොව” 21¶
පොළොව
බයිබලේ “පොළොව” කියද්දී සමහර වෙලාවට ඒකෙන් සංකේතවත් වෙන්නේ සන්සුන්, විශ්වාසවන්ත මිනිස්සුන්වයි. හැබැයි මුහුද කියද්දී හුඟක් වෙලාවට ඒකෙන් අදහස් කරන්නේ නොසන්සුන්, කැලඹුණ මිනිස්සුන්වයි.—යෙසා 57:20; යාකො 1:6; යූද් 13; එළි 12:16; 20:11; 21:1.
it-E “සමාදානය” 3¶
සමාදානය
සමාදානය අද්දකින්න. යෙහෝවා සමාදානයේ දෙවියන්. (1කොරි 14:33; 2කොරි 13:11; 1තෙස 5:23; හෙබ්‍රෙ 13:20) ඔහු තමයි අපිට සමාදානය දෙන්නේ. (ගණන් 6:26; 1ලේක 22:9; ගීතා 4:8; 29:11; 147:14; යෙසා 45:7; රෝම 15:33; 16:20) ඒක ඔහුගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. (ගලා 5:22) නියම සමාදානය අද්දකින්න පුළුවන් යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තියෙන අයට විතරයි. කෙනෙක් බරපතළ වරදක් කළාම යෙහෝවා එක්ක එයාට තියෙන බැඳීමට හානියක් වෙනවා. එයාගේ හිත නොසන්සුන් වෙනවා. ඒකයි ගීතිකාකරු මෙහෙම කිව්වේ. “මං කරපු වරද නිසා මගේ හිතට කිසිම සැනසීමක් නැහැ.” (ගීතා 38:3) සමාදානය අද්දකින්න කැමති කෙනෙක් ‘නපුරු දේ ඈත් කරගෙන යහපත් දේ කරන්න’ ඕනේ. (ගීතා 34:14) සමාදානය අද්දකින්න නම් ධර්මිෂ්ඨකමත් තියෙන්න ඕනේ. (ගීතා 72:3; 85:10; යෙසා 32:17) ඒකයි දුෂ්ට අයට සමාදානයෙන් ඉන්න බැරි. (යෙසා 48:22; 57:21; 59:2-8) හැබැයි යෙහෝවාට ළැදි, ඔහුගේ ආඥාවලට ආදරේ කරන, ඔහුට කීකරු වෙන අය කවදාවත් නැති වෙන්නේ නැති සමාදානයක් අද්දකිනවා.—ගීතා 119:165; යෙසා 48:18.