ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwex 11 ලිපිය
  • මරෝනි ගඟ දිගේ ගමනක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මරෝනි ගඟ දිගේ ගමනක්
  • අද්දැකීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ගමනට සූදානම් වුණ විදිහ
  • ගෝත්‍රිකයන් හමු වීම
  • ග්‍රෑන්ඩ්සන්ටි සහ අපාටූ දක්වා
  • “ආයෙත් ඒ ගමන යන්න අපි කැමතියි!”
  • “අපි යන්න කැමතියි. අපිව යවන්න!”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඇමසන් වනයේ සැඟවුණු ජීවිත
    2010 පිබිදෙව්!
  • “මට ඕන වුණේ යෙහෝවාට උපරිමය දෙන්න”
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • වර්ෂා වනාන්තර වැනසීම
    1998 පිබිදෙව්!
තව තොරතුරු
අද්දැකීම්
ijwex 11 ලිපිය
මරෝනි ගඟ අසල ජීවත්වන අයට බයිබලයේ පණිවිඩය කියන්න සාක්ෂිකරුවන් කණ්ඩායමක් පිටත් වෙනවා.

මරෝනි ගඟ දිගේ ගමනක්

නගරයේ ඝෝෂාකාරී පරිසරයෙන් හුඟක් ඈතට වෙන්න තමයි දකුණු ඇමරිකාවේ ඇමසන් වැසි වනාන්තරය පිහිටලා තියෙන්නේ. එහි විවිධ ගෝත්‍රවලට අයිති විවිධ භාෂා කතා කරන අය ජීවත් වෙනවා. ඒ අයට බයිබලයේ තියෙන ශුභාරංචිය කියන්න 2017 ජූලි මාසයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 13දෙනෙක් එහෙට ගියා. එයාලා මරෝනි ගඟ දිගෙත් ප්‍රංශ ගයනාවට අයත් ඒ ගඟේ නැඟෙනහිරින් තිබුණ අතු ගංගා දිගෙත් ගමන් කළා.

ගමනට සූදානම් වුණ විදිහ

ඒක දවස් 12ක ගමනක්. ඒ ගමන යන්න මාසෙකට කලින් ඒකට සහභාගි වෙන අයට රැස්වීමක් තිබුණා. වින්ස්ලී මෙහෙම කියනවා. “ඒ රැස්වීමේදී අපි යන ප්‍රදේශය ගැනත් එහේ ඉතිහාසය ගැනත් විස්තර දැනගත්තා. ගමනට සූදානම් වෙන්න ඕනෙ කොහොමද කියලත් කතා කළා.” ඒ රැස්වීමට ආපු හැමෝටම වතුර කාන්දු නොවන ගමන් මල්ලක් දුන්නා. ඒකට එල්ලන්න පුළුවන් දැල් ඇඳක් සහ මදුරු දැලක් දාන්න පුළුවන්. එහෙට යන්න ප්ලේන් දෙකකින් සහ පොඩි බෝට්ටුවලින් පැය ගාණක් ගමන් කරන්න ඕනේ.

ක්ලෝඩ් සහ ලිසෙට්.

ක්ලෝඩ් සහ ලිසෙට්

ඒ ගමන යන්න ආරාධනය ලැබුණු අයට ඒ ගැන හැඟුණේ කොහොමද? වයස හැට ගණන්වල හිටපු ක්ලෝඩ් සහ ලිසෙට් ඒ ආරාධනය එක පයින්ම පිළිගත්තා. “මං ගොඩක් සතුටු වුණා. ඒත් මට පොඩි බයකුත් දැනුණා” කියලා ක්ලෝඩ් කියනවා. “මොකද ඒ ගඟ ටිකක් රළුයි කියලා මං අහලා තිබුණා.” ලිසෙට්ගේ මනසේ තිබුණේ වෙන දෙයක්. “ගෝත්‍රික භාෂාවලින් කතා කරන්නේ කොහොමද කියලයි මං කල්පනා කළේ” කියලා එයා කියනවා.

මිකායෙල් හිතුවෙත් ඒ ගැන තමයි. “වයානා ගෝත්‍රය ගැන අපි එච්චර දන්නේ නැහැ. එයාලගේ භාෂාවෙන් ආචාර කරන විදිහ මං ඉන්ටර්නෙට් ඒකෙන් බැලුවා. ඒ භාෂාවේ තව වචන කීපයකුත් මං ඉගෙනගත්තා.”

ශර්ලියි, එයාගේ සැමියා යොහනුයි ඒ ගඟ දිගේ ජීවත් වුණ ගෝත්‍රිකයන් කතා කරපු භාෂාවල ලැයිස්තුවක් හැදුවා. “ඒ භාෂා හැම එකකින්ම වගේ jw.org වෙබ් සයිට් එකෙන් අපි වීඩියෝ ඩවුන්ලෝඩ් කරගත්තා. වයානා භාෂාවෙන් කෙටි වාක්‍යය තියෙන පොතකුත් අපි කඩෙන් ගත්තා” කියලා ශර්ලි කියනවා.

ගෝත්‍රිකයන් හමු වීම

ජූලි 4වෙනි අඟහරුවාදා ඒ කණ්ඩායම සෙන්ට්ලෝරන් ඩු මරෝනිවලින් ගුවන් ගමන ආරම්භ කරලා ප්‍රංශ ගයනාවේ පුංචි නගරයක් වන මරීපසූලා දක්වා ගමන් කළා.

දකුණු ඇමරිකාවේ සිතියමක්. කොටුවේ පෙන්වන්නේ මරෝනි ගඟ දිගේ තියෙන පුංචි ගම්මාන. ඒ ගම්මානවලට (උතුරේ සිට දකුණට) සෙන්ට්ලෝරන් ඩු මරෝනි, අපාටූ, ග්‍රෑන්ඩ්සන්ටි, මරීපසූලා සහ ඇන්ටෙකුමේ පාටා ඇතුළත් වෙනවා.

ඊළඟ දවස් හතර පුරා ඒ සහෝදරයන් මරෝනි ගඟේ ඉහළට වෙන්න තියෙන අතු ගංගා දිගේ ජීවත් වන ගම්වැසියන්ව හමු වෙන්න මෝටර් බෝට්ටුවලින් ගියා. ඒ කණ්ඩායමේ හිටපු රෝලන්ඩ් මෙහෙම කියනවා. “ඒ ගෝත්‍රිකයන් බයිබල් විෂයන් ගැන කතා කරන්න ගොඩක් කැමති වුණා. එයාලා ගොඩක් ප්‍රශ්න ඇහුවා. සමහර අය බයිබලය පාඩම් කරන්නත් කැමති වුණා.”

යොහන්ටයි, ශර්ලිටයි එක ගමක හිටපු තරුණ යුවළක් හම්බ වුණා. එයාලගේ ඥාති සහෝදරියක් ළඟදී සිය දිවි නසාගෙන තිබුණා. JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන “‘ඇමෙරිකානු ආදිවාසියෙක් තමාගේ නිර්මාතෘව සොයාගනී’ කියන වීඩියෝ එක අපි ඒගොල්ලන්ට පෙන්නුවා” කියලා යොහන් කියනවා. “ඒ වීඩියෝ එක එයාලගේ හිතට ලොකු බලපෑමක් ඇති කළා. ඉතිං එයාලා තව විස්තර දැනගන්න කැමති වුණා. එයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකත් එයාලා අපිට දුන්නා.”

ඒ කණ්ඩායම ගඟ උඩහට වෙන්න තියෙන ඇන්ටෙකුමේ පාටා දක්වාම ගියා. එහේ තිබුණු එක පොදු නවාතැනක දැල් ඇඳවල් එල්ලලා නිදාගන්න ගමේ ප්‍රධානියා එයාලට අවසර දුන්නා. එදා සාක්ෂිකරුවනුත් ගමේ අය වගේ ගඟෙන් නෑවේ.

ඊළඟට ඒ කණ්ඩායම ට්වෙන්කේ කියන ගමට ගියා. ඒ ගමේ මරණයක් වෙලා තිබුණා. ඉතිං හැමෝම හිටියේ හරිම දුකින්. “ගමට ඇවිල්ලා ඒ අයව සනසන්න ගෝත්‍රයේ ප්‍රධානියා අපිට ඉඩ හැරියා. ඒ ප්‍රධානියාටයි, එයාගේ පවුලේ අයටයි වයනා භාෂාවෙන් පෙන්නපු බයිබල් පද එයාලා ගොඩක් අගේ කළා. බයිබලයේ සඳහන් පොරොන්දුවක් වන නැවත නැඟිටුවීම ගැන තියෙන වීඩියෝ කිහිපයකුත් අපි එයාලට පෙන්නුවා” කියලා ඒ ගමන සැලසුම් කරපු කෙනෙක් වන එරික් කිව්වා.

ග්‍රෑන්ඩ්සන්ටි සහ අපාටූ දක්වා

ඊළඟට තිබුණේ මරීපසූලා ඉඳලා ගඟ පහළට වෙන්න තියෙන ග්‍රෑන්ඩ්සන්ටි කියන කුඩා ගම්මානය දක්වා පැය භාගයක ගුවන් ගමනක්. අඟහරුවාදා සහ බදාදා යන දවස් දෙකේ සාක්ෂිකරුවන් ඒ ගමේ අයට බයිබලයේ පණිවිඩය කිව්වා. බ්‍රහස්පතින්දාට එයාලා එතනින් පිටත් වෙලා මරෝනි ගඟේ තවත් පහළට වෙන්න තියෙන අපාටූ කියන ගමට යන්න පැය පහමාරක් බෝට්ටුවේ ගමන් කළා.

මරෝනී ගඟ සහ ඇමසන් වැසි වනාන්තරය ගුවනේ සිට පෙනෙන ආකාරය.

මරීපසූලා සහ ග්‍රෑන්ඩ්සන්ටි අතර මරෝනි ගඟ සහ ඇමසන් වැසි වනාන්තරය

ගමනේ අන්තිම දවසට කලින් දවසේ ඒ සහෝදරයන් මරෑන් ගෝත්‍රිකයන් ජීවත් වෙන කැලෑබද ගම්මානවලට ගියා. මරෑන් ගෝත්‍රිකයන් පැවතෙන්නේ සූරිනාමය යටත් විජිතයක් වෙලා තිබුණ කාලයේදී අප්‍රිකාවෙන් ගෙනාපු වහල් සේවකයන්ගෙනුයි. සාක්ෂිකරුවන් කැලෑව මැද ලොකු කූඩාරමක් ගහලා රැස්වීමක් පැවැත්තුවා. ඒකට ඒ හැමෝටම එයාලා ආරාධනා කළා. ක්ලෝඩ් මෙහෙම කියනවා. “එදා උදේ තමයි අපි එයාලට ආරාධනා කළේ. ඒ වුණත් සෑහෙන පිරිසක් ආවා. ඉතිං අපිට ලොකු සතුටක් දැනුණා!” පළවෙනි සැරේට මේ වගේ ගමනකට සහභාගි වෙච්ච කාස්ටර්න්, ඕකන් භාෂාවෙන් බයිබල් දේශනයක් ඉදිරිපත් කළා. විවිධ ගම්මානවලින් අනූ එක්දෙනෙක් ඒ රැස්වීමට ඇවිත් හිටියා.

කැලෑව මැද ලොකු කූඩාරමක රැස්වීමක්.

“ආයෙත් ඒ ගමන යන්න අපි කැමතියි!”

අන්තිමේදී ඒ කණ්ඩායම සෙන්ට්ලෝරන් ඩු මරෝනිවලට ආපහු ආවා. ගම්වැසියන් අපේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වලා තිබුණ නිසා හැමෝම හිටියේ හරිම සතුටින්. එයාලා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන අරගෙන, වීඩියෝත් ගොඩක් බලලා තිබුණා.

“ඒ ගමනට සහභාගි වෙච්ච එක ගැන දැනෙන සතුට විස්තර කරන්න මට වචන නැහැ” කියලා ලිසෙට් කියනවා. සින්ඩි මෙහෙම කියනවා. “ඒ සතුට තේරුම්ගන්න නම් ඒක පෞද්ගලිකව අද්දකින්නම ඕනේ. මට ආපහු යන්න චාන්ස් එකක් ලැබුණොත් මං කොහොමහරි යනවා!”

තවත් අයට ඒ ගම්වලට ආයෙත් යන්න ලොකු ආසාවක් ඇති වුණා. “ආයෙත් ඒ ගමන යන්න අපි ලෑස්තියි” කියලා මිකායෙල් කියනවා. වින්ස්ලී සෙන්ට්ලෝරන් ඩු මරෝනිවල පදිංචියට ගියා. හැට ගණන්වල ඉන්න ක්ලෝඩ් සහ ලිසෙට් අපාටූ කියන ගමට යන්න තීරණය කළා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න