ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 32 ලිපිය
  • බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!
  • තවත් ලිපි
  • සමාන තොරතුරු
  • දරුවන්ව ඇදගන්න සෝෂල් මීඩියා - 1වෙනි කොටස: මගේ දරුවා සෝෂල් මීඩියා පාවිච්චි කළාට කමක් නැද්ද?
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • සෝෂල් මීඩියාවලින් ඔයාගේ දරුවාටත් හානියක් වෙලාද? - දෙමාපියන්ට බයිබලයෙන් උදව්!
    තවත් ලිපි
  • සෝෂල් මීඩියාවලින් දරුවන්ට වෙන හානිය ගැන ඉහළ නිලධාරියෙක්ගෙන් අනතුරු ඇඟවීමක්! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
තව තොරතුරු
තවත් ලිපි
mrt 32 ලිපිය
විවිධ අය ඉදිරිපත් කරන තොරතුරු ගැන කල්පනා කරමින් ඉන්න කෙනෙක්.

බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!

දැන් ඉස්සරට වඩා හරිම ලේසියෙන් ඕනෙම දෙයක් ගැන තොරතුරු හොයාගන්න පුළුවන්. උදාහරණෙකට ආරක්ෂාව, සෞඛ්‍ය වගේ දේවල් ගැන. හැබැයි තොරතුරු හොයද්දී පරෙස්සම් වෙන්න ඕනෙ පැතිත් තියෙනවා. මේ ඒ අතරින් කීපයක්.

  • නොමඟ යවන ප්‍රවෘත්ති

  • බොරු වාර්තා

  • කුමන්ත්‍රණ න්‍යාය

කොරෝනා වසංගතය පැවතුණ කාලෙදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අනතුරු ඇඟෙව්වා “භයානක බොරු තොරතුරුවලින් පරෙස්සම් වෙන්න” කියලා. එයා මෙහෙමත් කිව්වා. “බොරු වෛද්‍ය උපදෙස් හරිම වේගයෙන් පැතිරෙනවා. ටීවී එකෙන්, රේඩියෝ එකෙන් බොරු තොරතුරු ප්‍රචාරය වෙනවා. මිනිස්සු ඉන්ටර්නෙට් එක හරහා බොරු තොරතුරු මවනවා. වෛරය, ජාති භේද ඇති කරවන තොරතුරුත් හැම තැනම පැතිරිලා.”

මේ බොරු තොරතුරු පැතිරෙන එක අද ඊයේ පටන්ගත්ත දෙයක් නෙවෙයි. මේ කාලේ “දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙමින් අනුන්ව නොමඟ යවන අතර ඔවුහුද නොමඟ යනවා” කියලා බයිබලයේ කලින්ම කියලා තියෙනවා. (2 තිමෝති 3:1, 13) ඉන්ටර්නෙට් එක නිසා දැන් වෙනදාට වඩා හරි ඉක්මනින් අපිට තොරතුරු ලැබෙනවා. ඒ නිසා අපේ ඊ-මේල්, සමාජ ජාලා වෙබ් අඩවි සහ ඇප් බොරු තොරතුරුවලින් පිරෙන්න පුළුවන්. අන්තිමේදී දන්නෙම නැතුව අපිත් ඒවාට රැවටිලා අනිත් අයටත් ඒවා යවන්න ඉඩ තියෙනවා.

මේ වගේ බොරු තොරතුරුවලින්, කිසි පදනමක් නැති කටකතාවලින් ආරක්ෂා වෙන්න ඔයාට පුළුවන් කොහොමද? බයිබලේ තියෙන මේ ප්‍රතිපත්ති ඔයාට උදව් වෙයි.

  • අහපු දැකපු දේවල් ගැන කල්පනා කරමින් ඉන්න කෙනෙක්.

    අහන, දකින හැම දේම විශ්වාස කරන්න එපා

    බයිබලයේ මෙහෙම කියනවා. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.

    අපි පරෙස්සම් වුණේ නැත්නම් හරිම ලේසියෙන් බොරු තොරතුරුවලට රැවටෙන්න පුළුවන්. උදාහරණෙකට මීම්ස් ගැන හිතන්න. මීම්ස් කියන්නේ පොඩි විස්තරයක් එක්ක එන පින්තූර සහ කෙටි වීඩියෝවලට. ඉන්ටර්නෙට් එකේ විශේෂයෙන්ම සමාජ ජාලා වෙබ් අඩවිවල ඒවා හරිම වේගයෙන් පැතිරෙනවා. හුඟක් අය ඒවා හදන්නේ විහිළුවට. හැබැයි ඒ පින්තූර, වීඩියෝ පාවිච්චි කරලා වෙනමම කතාවක් ගොතන්න මිනිසුන්ට පුළුවන්. උදාහරණෙකට ඒ වගේ වීඩියෝ හදලා කෙනෙක් කරපු කියපු නැති දෙයක් වුණත් ඒ විදිහටම වුණා කියලා පෙන්නන්න මිනිසුන්ට පුළුවන්.

    “මීම්ස් වගේ පින්තූර සහ වීඩියෝ නිසා සමාජ ජාලා වෙබ් අඩවිවල හුඟක් බොරු තොරතුරු පැතිරෙනවා කියලා පර්යේෂකයන් කියනවා.”—Axios Media.

    මේ ගැන හිතන්න. ‘මේක නිකම්ම නිකං පින්තූරයක්, වීඩියෝ එකක් විතරද? නැත්නම් ඇත්ත තොරතුරක්ද?’

  • අත් කාචයක්.

    මේක කොහෙන් ආපු පණිවිඩයක්ද, ඒකේ ඇත්තටම කියන්නේ මොනවාද කියලා හොඳට හිතන්න

    බයිබලයේ මෙහෙම කියනවා. “සෑම දෙයක්ම සෝදිසි කර බලන්න.”—1 තෙසලෝනික 5:21.

    හුඟක් අය අහලා තියෙන, ප්‍රවෘත්තිවල නිතර නිතර පෙන්වන තොරතුරක් වුණත් ඒක විශ්වාස කරන්න සහ තව කෙනෙක්ට යවන්න කලින් ඒක ඇත්තද කියලා හොයලා බලන්න. ඒක කරන්නේ කොහොමද?

    තොරතුරු ආවේ විශ්වාසවන්ත මුලාශ්‍රයකින්ද කියලා හොයලා බලන්න. මාධ්‍ය ආයතන නැත්නම් වෙනත් සංවිධාන තමන්ගේ වාසිය වෙනුවෙන්, දේශපාලන වාසි වෙනුවෙන් යම් සිද්ධියක් වෙනමම විදිහකට පෙන්නන්න පුළුවන්. ඒ නිසා ඔයාට ප්‍රවෘත්තියක් ගැන දැනගන්න ලැබුණාම ඒ ගැන අනිත් මාධ්‍යවල කියන්නේ මොනවාද කියලා හොයලා බලන්න. ඔයාගේ යාළුවෝ එච්චර හිතන්නේ බලන්නේ නැතුව ඊ-මේල් හරහා, මිතුරු සමාජ වෙබ් අඩවි සහ ඇප් හරහා බොරු තොරතුරු ඔයාට එවන්න පුළුවන්. ඒ නිසා ප්‍රවෘත්තියක මූලාශ්‍රය හොයලා බලන්නේ නැතුව ඒක විශ්වාස කරන්න ඉක්මන් වෙන්න එපා.

    ලැබෙන හැම තොරතුරකම ඇතුළත් වෙලා තියෙන දේවල් නිවැරදිම, අලුත්ම ඒවාද කියලා හොයලා බලන්න. උදාහරණෙකට ඒකේ තියෙන තොරතුරු, දිනය ඇත්තද කියලා පිළිගන්න පුළුවන් සාක්ෂි මොනවාද කියලා දැනුවත් වෙන්න. විශේෂයෙන්ම සංකීර්ණ කාරණා ඕනෑවට වඩා සරල විදිහට දාලා තියෙනවා නම් ඒ වගේම දුකක්, කේන්තියක් ඇති වෙන විදිහට තොරතුරු වාර්තා කරලා තියෙනවා නම් පරෙස්සම් වෙන්න.

    “මේ කාලේ තොරතුරක් ඇත්තද කියලා තහවුරු කරගන්න එක අත් දෙක හෝදන එක තරම්ම වැදගත්.”—එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ආහාර ආරක්ෂණ හා පෝෂණ නිලධාරී, ශ්‍රීධර් ධර්මපූරි.

    මේ ගැන හිතන්න. ‘මේ ප්‍රවෘත්තියට අදාළ නැති තොරතුරුත් ඇතුළත් කරලාද? නැත්නම් සමහර තොරතුරු හංගලාද?’

  • චෙක් ලිස්ට් එකක්.

    ඔයා කැමති නිසාම විශ්වාස කරන්න එපා, හොඳට හොයලා බලන්න

    බයිබලයේ මෙහෙම කියනවා. “තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙකි.”—හිතෝපදේශ 28:26.

    සාමාන්‍යයෙන් අපි කැමති දේවල් ගැන අහන්න ලැබෙද්දී ඒවා ඉක්මනින්ම විශ්වාස කරන්න අපි පෙලඹෙනවා. ඒ නිසා සමහර ආයතන අපි ඉන්ටර්නෙට් එකේ නිතර නිතර බලපු තොරතුරු අඳුරගෙන ඒවාට ගැළපෙන තව තව තොරතුරු එවනවා. හැබැයි අපි අහන්න කැමති නිසාම ඒ හැම දේකින්ම අපිට හොඳක් වෙන්නේ නැහැ.

    “සාමාන්‍යයෙන් හොඳට හිතලා බලලා, යම් දෙයක ඇත්ත නැත්ත තේරුම්ගන්න මිනිසුන්ට පුළුවන්. හැබැයි අපි ආසාවෙන් බලන් හිටපු දෙයක් ගැන, බයෙන් හිටපු දෙයක් ගැන තොරතුරක් ලැබුණාම එච්චර හොයන්නේ බලන්නේ නැතුවම ඒක පිළිගන්න අපි පෙලඹෙන්න පුළුවන්.”—මනෝ විද්‍යාඥ, පීටර් ඩිටෝ.

    මේ ගැන හිතන්න. ‘මං මේ දේ විශ්වාස කරන්නේ මං ඒකට ආස නිසාමද?’

  • බොරු තොරතුරු කුණු කූඩයකට දානවා.

    බොරු තොරතුරු පතුරුවන එක නවත්වන්න

    බයිබලයේ මෙහෙම කියනවා. “යමෙකු ගැන බොරු ප්‍රචාරය නොකරන්න.”—නික්මයාම 23:1.

    ඔයා තව කෙනෙක්ට යවන තොරතුරක් එයා හිතන විදිහට, වැඩ කරන විදිහට බලපාන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. එච්චර හිතන්නේ බලන්නේ නැතුව වුණත් වැරදි තොරතුරක් යැව්වොත් ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්.

    “තොරතුරක් යවන්න කලින් පොඩ්ඩක් නැවතිලා මෙහෙම හිතන්න. ‘මේක තව කෙනෙක්ට යවන්න තරම් මට විශ්වාසද?’ හැමෝම එහෙම හිතුවොත් ඔන්ලයින් හරහා මෙච්චර බොරු තොරතුරු පැතිරෙන්නේ නැහැ.”—ප්‍රවෘත්ති සාක්ෂරතා ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පීටර් ඇඩම්ස්.

    මේ ගැන හිතන්න. ‘මං මේ තොරතුරු යවන්නේ මේක ඇත්ත කියලා මං විශ්වාස කරන නිසාද?’

කුමන්ත්‍රණ න්‍යාය ගැන ඇත්ත

මනෝ විද්‍යාඥ ෂෝනා බොව්ස් මෙහෙම කියනවා. “වෙන කවදාටත් වඩා වැඩියෙන් මේ කාලේ කුමන්ත්‍රණ න්‍යාය මිනිස්සු හිතන පතන විදිහට, වැඩ කරන විදිහට බලපානවා.” කුමන්ත්‍රණ න්‍යාය ගැන තව තොරතුරු ටිකක් දැන් අපි බලමු.

කුමන්ත්‍රණ න්‍යායක් කියන්නේ මොකක්ද? කුමන්ත්‍රණ න්‍යායක් කියන්නේ යම් බලවත් කණ්ඩායමක් දුෂ්ට අරමුණක් ඇතුව විනාශකාරී දෙයක් කරන්න සැලසුම් කරනවා කියලා පතුරුවන බොරු ප්‍රචාරයකට.

ඒවා භයානක ඇයි? ඒ වගේ තොරතුරක් නිසා විශ්වාසවන්ත තැනකින් ලැබෙන තොරතුරු වුණත් අවිශ්වාස කරන්න මිනිස්සු පෙලඹෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය ගැන, ආරක්ෂාව ගැන ලැබෙන මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර ජාතීන් ගැන වෛරයක් ඇති කරගන්නත් ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන්නත් මිනිස්සු පෙලඹෙන්න පුළුවන්.

ඒවා එච්චර ප්‍රසිද්ධ ඇයි? එක විශ්වකෝෂයක මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් මිනිස්සු කාන්සාවෙන්, බයෙන් ඉන්න කාලවලදී මේ වගේ තොරතුරු ඉක්මනින්ම පැතිරෙනවා. උදාහරණෙකට යුද්ධයක් තියෙද්දී, සුනාමි, භූමිකම්පා, වසංගත වගේ දේවල් සිද්ධ වෙද්දී, ආර්ථිකය කඩා වැටිලා තියෙද්දී ඒ දේ වෙන්න පුළුවන්.” ඒ වගේ අමාරු කාලවලදී කුමන්ත්‍රණ න්‍යායක් පිළිගන්න මිනිස්සු පෙලඹෙන්නේ ඇයි? මොකද ඒ වගේ න්‍යායන් නිසා එයාලා හිතනවා ඒ කාරණේ ගැන එයාලා හිතන් හිටපු දේ හරි කියලා. ඒ වගේම නරක දේවල් සිද්ධ වෙන්නේ ඒ හේතුව නිසයි කියලා එයාලා හිතනවා.

කුමන්ත්‍රණ න්‍යායෙන් ආරක්ෂා වෙන්න බයිබලය ඔයාට උදව් වෙන්නේ කොහොමද? අමාරු කාලවලට සාර්ථකව මුහුණ දෙන්න බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවා. ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ ඇයි කියලත් ඒවා අනාගතයේදී නැති වෙන්නේ කොහොමද කියලත් බයිබලයේ කියනවා. ඒ ගැන තව තොරතුරු දැනගන්න ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න