ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 53 පරි. 130 පි.-131 පි. 7 ¶
  • ස්වාභාවික බලයන් පාලනය කළ හැකි කෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්වාභාවික බලයන් පාලනය කළ හැකි කෙනෙක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • මනුෂ්‍යයන්ට වඩා බලවත් කදිම පාලකයෙක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ට පුළුවන් අපිව ආරක්ෂා කරන්න
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් වතුර උඩ ඇවිද්දා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • බිය සැක දුරු කරගන්න වෙර දැරූ කෙනෙක්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 53 පරි. 130 පි.-131 පි. 7 ¶
පේතෘස් වතුර මත ඇවිදගෙන යද්දී ඔහුව ගිලෙන්න පටන්ගන්නවා; යේසුස් අත දිගු කර ඔහුව අල්ලාගන්නවා

53වෙනි පරිච්ඡේදය

ස්වාභාවික බලයන් පාලනය කළ හැකි කෙනෙක්

මතෙව් 14:22-36 මාක් 6:45-56 යොහන් 6:14-25

  • මිනිසුන් යේසුස්ව රජකමට පත් කරන්න සැලසුම් කරයි

  • යේසුස් වතුර මත ඇවිදියි, කුණාටුව නතර කරයි

යේසුස් ආශ්චර්යවත් විදිහට දහස් ගණනකට කන්න දීපු එක මිනිසුන්ගේ හිත්වලට තදින්ම කාවැදිලයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ ඉන්නේ මෙසියස් විදිහට හඳුන්වන “ලෝකයට එන්න සිටින අනාගතවක්තෘ” කියලා ඔවුන් කියන්නේ. යේසුස්ට පාලකයෙක් වෙන්න සුදුසුකම් තියෙනවා කියලත් ඔවුන් කතා වෙනවා. (යොහන් 6:14; ද්විතීය කතාව 18:18) ඒ නිසා ඔවුන් දැන් උත්සාහ කරන්නේ යේසුස්ව රජකමට පත් කරන්න.

ඒත් ඔවුන් කරන්න යන දේ යේසුස් තේරුම්ගන්නවා. සමූහයාව පිටත් කර හරින ඔහු ඔරුවෙන් එගොඩට යන්න කියලා ගෝලයන්ට අණ කරනවා. ඔවුන් යන්නේ කොහෙටද? ඔවුන් මුලින්ම බෙත්සයිදාවට ගිහින් ඊළඟට කපර්ණවුමට යන්න නියමිතයි. යේසුස් රාත්‍රිය පුරාම යාච්ඤා කරන්න තනිවම කන්දකට යනවා.

මහා පාන්දර වුණත් ගෝලයන් ගමන් කරන ඔරුව යේසුස්ට පෙනෙන්නේ තවමත් සඳ එළිය තියෙන නිසයි. තද සුළං හමන නිසා ගෝලයන් “ඉතා අමාරුවෙන් ඔරුව පදවන ආකාරය” යේසුස් දකිනවා. (මාක් 6:48) මේ වෙද්දී ඔවුන් “කිලෝමීටර් පහක් හයක් පමණ” දුර ගිහින්. (යොහන් 6:19) කන්දෙන් බැස එන යේසුස් වතුර මත ඇවිදන් යනවා. සමහරවිට ඔවුන්ව පසු කරගෙන යන්න යේසුස් හිතන්න ඇති. ඔහුව දකින ගෝලයන් මොන තරම් බය වෙනවාද කියනවා නම් “ඒ අවතාරයක්” කියා කෑගසනවා.—මාක් 6:49.

ඔවුන්ව සන්සුන් කරමින් යේසුස් කියන්නේ මෙහෙමයි. “භය වෙන්න එපා. මේ මමයි. ධෛර්යවත් වන්න.” එතකොට පේතෘස් “ස්වාමීනි, ඒ ඔබ නම් වතුර මත ඇවිදගෙන ඔබ ළඟට එන්න කියා මට පවසන්න” කියලා කියනවා. “එන්න” කියලා යේසුස් කිව්වාම පේතෘස් වතුර මත ඇවිදගෙන ඔහු වෙතට යනවා. ඒත් කුණාටුව දැකලා බය වෙන පේතෘස් ගිලෙන්න පටන්ගන්නවා. ඒ නිසා තමයි ඔහු කෑගසමින් “ස්වාමීනි, මාව බේරගන්න” කියා පවසන්නේ. ඒ මොහොතේම තම අත දිගු කර ඔහුව අල්ලාගන්නා යේසුස් “ඔබේ විශ්වාසය දුර්වල වුණේ ඇයි? ඔබ තුළ සැකයක් ඇති වෙන්න ඉඩ දුන්නේ ඇයි” කියා අසනවා.—මතෙව් 14:27-31.

පේතෘස් සහ යේසුස් ඔරුවට නැග්ගාම කුණාටුව නතර වෙනවා. ගෝලයන්ට ඒ ගැන දැනෙන්නේ මහත් පුදුමයක්. ඒත් ඇත්තටම ඔවුන් ඒ ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද පැය කිහිපයකට කලින් යේසුස් ආශ්චර්යවත් විදිහට දහස් ගණනකට කන්න දීලා තිබුණා. “රොටි රැගෙන ඔහු කළ ආශ්චර්යයෙන් වටහාගත යුතු දේ” ඔවුන් වටහාගෙන හිටියා නම් යේසුස් මුහුද මත ඇවිදිමින් කුණාටුව නතර කරපු එක ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. යේසුස් ඉදිරියේ දණින් වැටෙන ඔවුන් “සැබවින්ම ඔබ නම් දෙවිගේ පුත්‍රයායි” කියා දැන් පවසනවා.—මාක් 6:52; මතෙව් 14:33.

කපර්ණවුමට දකුණින් පිහිටලා තියෙන ලස්සන, සාරවත් තැනිතලාවක් වුණු ගෙනසරෙත්වලට එන්න ඔවුන්ට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔරුවෙන් බහින ඔවුන් දැන් වෙරළට ඇවිදන් යනවා. මිනිසුන් යේසුස්ව හඳුනාගත්තාම ඔවුන් අවට ප්‍රදේශවල ඉන්න අයටත් ඒ ගැන දන්වනවා. එතකොට ඒ හැමෝම අසනීප වෙලා ඉන්න අයව යේසුස් ළඟට අරන් එනවා. ඔවුන් යේසුස්ගේ පිට වස්ත්‍රයේ වාටිය ඇල්ලුවාම සම්පූර්ණයෙන්ම සුව වෙනවා.

යේසුස් පිටත් වෙලා ගිහින් කියලා ආශ්චර්යවත් විදිහට ඔහු කෑම දීපු වෙලාවේ එතැන හිටිය අයට දැනගන්න ලැබෙනවා. ඒ නිසා ඔවුන් ටයිබීරියස් නුවරේ ඉඳන් ආපු අයගේ ඔරුවල නැඟලා යේසුස්ව හොයාගෙන කපර්ණවුමට යනවා. එගොඩට ගිහින් යේසුස්ව මුණගැහුණාම ඔවුන් අසන්නේ “ගුරුතුමනි, ඔබ මෙහි ආවේ කොයි වෙලාවේද” කියායි. (යොහන් 6:25) ඒත් යේසුස් ඔවුන්ට තදින් කතා කරනවා.

  • යේසුස් දහස් ගණනකට කන්න දුන්නාට පස්සේ සෙනඟ උත්සාහ කළේ ඔහුට මොනවා කරන්නද?

  • යේසුස් වතුර මත ඇවිදපු එක සහ කුණාටුව නිහඬ කරපු එක ගැන ගෝලයන් පුදුම වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

  • යේසුස් කපර්ණවුමට ආවාම සිද්ධ වුණේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න