ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 84 පාඩම 196 පි.-197 පි. 4 ¶
  • යේසුස් වතුර උඩ ඇවිද්දා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් වතුර උඩ ඇවිද්දා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යේසුස්ට පුළුවන් අපිව ආරක්ෂා කරන්න
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් බිහිසුණු කුණාටුවක් නිහඬ කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ස්වාභාවික බලයන් පාලනය කළ හැකි කෙනෙක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • නැව බිඳී ගිහින් දූපතකට ගොඩවීම
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 84 පාඩම 196 පි.-197 පි. 4 ¶
වතුර මත ඇවිදිමින් ඉන්න යේසුස් පේතෘස්ටත් එන්න කියලා කිව්වා

84වෙනි පාඩම

යේසුස් වතුර උඩ ඇවිද්දා

යේසුස්ට අසනීප අයව සුව කරන්න, මැරුණු අයට ආයෙත් ජීවිතය දෙන්න විතරක් නෙවෙයි හුළඟ, වැස්ස පාලනය කරන්නත් පුළුවන්. කන්දේ ඉඳන් යාච්ඤා කරලා ඉවර වුණාට පස්සේ යේසුස් ගලීල මුහුද දිහා බැලුවා. මුහුදට ලොකු කුණාටුවක් ඇවිත් තිබුණා. නියෝජිතයන් හරිම අමාරුවෙන් බෝට්ටුව පදිනවා දැක්කාම යේසුස් ඉක්මනට පල්ලෙහාට ගිහින් වතුර උඩින් ඇවිදගෙන එයාලාගේ පැත්තට ගියා. හැබැයි යේසුස්ව දැක්කාම නියෝජිතයන් හොඳටම බය වුණා. ඒ නිසා යේසුස් කිව්වා ‘බය වෙන්න එපා, මේ මං’ කියලා.

වතුර මත ඇවිදිමින් ඉන්න යේසුස් පේතෘස්ටත් එන්න කියලා කිව්වා

එතකොට පේතෘස් කිව්වා ‘ස්වාමීනි, ඒ ඔයා නම් ඔයා ළඟට ඇවිදගෙන එන්න කියලා මට කියන්න’ කියලා. “එන්න” කියලා යේසුස් කිව්වාම පේතෘස් බෝට්ටුවෙන් බැහැලා වතුර උඩින් ඇවිදගෙන ගියා. හැබැයි යේසුස්ට ළං වෙද්දී පේතෘස් කුණාටුව දිහා බලපු නිසා හොඳටම බය වෙලා වතුරේ ගිලෙන්න ගියා. එයා කෑගහලා කිව්වා “ස්වාමීනි, මාව බේරගන්න” කියලා. ඉක්මනටම යේසුස් එයාගේ අතින් අල්ලගෙන මෙහෙම ඇහුවා. ‘ඇයි ඔයාගේ විශ්වාසය දුර්වල වුණේ? හිතේ සැකයක් ඇති වෙන්න ඉඩ දුන්නේ ඇයි?’

ඒ දෙන්නාම බෝට්ටුවට නැග්ගාම කුණාටුව නතර වුණා. නියෝජිතයන් හැමෝම කිව්වා “ඔබ නම් ඇත්තටම දෙවියන්ගේ පුතා” කියලා.

තවත් දවසක යේසුස් නියෝජිතයන් එක්ක බෝට්ටුවේ ඉද්දී ලොකු කුණාටුවක් ආවා. ඒ නිසා බෝට්ටුව වතුරෙන් පිරෙන්න ගත්තා. ඒ වෙලාවේ යේසුස් නිදාගෙනයි හිටියේ. හැබැයි නියෝජිතයන් යේසුස්ව කූද්දලා මෙහෙම කිව්වා. ‘ගුරුතුමෙනි, අපිට උදව් කරන්න. අපි මැරෙන්නයි යන්නේ.’ ඒ වෙලාවේ යේසුස් මුහුදට කිව්වා “නිහඬ වෙන්න” කියලා. එතකොටම කුණාටුව නතර වුණා. ඊටපස්සේ යේසුස් නියෝජිතයන්ගෙන් ඇහුවා “ඔයාලට තාමත් කිසිම විශ්වාසයක් නැද්ද” කියලා. එයාලා පුදුමෙන් මෙහෙම කතා වුණා. ‘මුහුදත් හුළඟත් එයා කියන දේ අහනවා.’ යේසුස්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා නම් කිසි දේකට බය වෙන්න ඕනෙ නැහැ කියන වැදගත් පාඩම එදා එයාලා ඉගෙනගත්තා.

“යෙහෝවාගේ යහපත්කම දකින්න ලැබෙනවා කියන විශ්වාසය මට තිබුණේ නැත්නම් අද මට මොනවා වෙලා තියෙයිද?”—ගීතාවලිය 27:13

ප්‍රශ්න: පේතෘස් ගිලෙන්න පටන්ගත්තේ ඇයි? නියෝජිතයන් ඉගෙනගත්ත වැදගත් පාඩම මොකක්ද?

මතෙව් 8:23-27; 14:23-34; මාක් 4:35-41; 6:45-52; ලූක් 8:22-25; යොහන් 6:16-21

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න