ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 85 පාඩම 198 පි.-199 පි. 1 ¶
  • යේසුස් සබත් දවසකදී සුව කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් සබත් දවසකදී සුව කළා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • පරිසිවරු අන්ධව සිටි මිනිසාගෙන් ප්‍රශ්න කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පරිසිවරුන් මුරණ්ඩු ලෙස අවිශ්වාස කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • උපතෙන්ම අන්ධ වූ කෙනෙකුව සුව කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් උපතින් අන්ධ වුණු මිනිසෙකුව සුව කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 85 පාඩම 198 පි.-199 පි. 1 ¶
කලින් අන්ධ වෙලා හිටිය කෙනාගෙන් පරිසිවරු ප්‍රශ්න අසමින්

85වෙනි පාඩම

යේසුස් සබත් දවසකදී සුව කළා

යේසුස් එක්ක තරහෙන් හිටිය පරිසිවරුන්ට ඕන වුණේ යේසුස්ගේ වරදක් අල්ලගන්න. එයාලා යේසුස්ට කිව්වා සබත් දවසකදී අසනීප අයව සුව කරන්න එපා කියලා. උපතින්ම අන්ධ හිඟන කෙනෙක්ව සබත් දවසකදී යේසුස්ට මුණගැහුණා. ඒ වෙලාවේ යේසුස් ගෝලයන්ට කිව්වා ‘දෙවියන්ගේ බලයෙන් මං මෙයාට උදව් කරන විදිහ බලන්න’ කියලා. යේසුස් බිමට කෙළ ගහලා මැටි ගුලියක් හදාගෙන ඒක අන්ධ කෙනාගේ ඇස් දෙකේ ගාලා කිව්වා “සිලෝම් පොකුණෙන් ඇස් දෙක හෝදගන්න” කියලා. එහෙම කළාට පස්සේ එයාට හැම දේම පෙනුණා.

එයාව දැකපු අය කතා වුණා ‘මේ අර හිඟන්නාද නැත්නම් එයා වගේ වෙන කෙනෙක්ද’ කියලා. එතකොට එයා කිව්වා ‘උපතින්ම අන්ධ වෙලා හිටියේ මං තමයි’ කියලා. “ඔයාට පෙනීම ලැබුණේ කොහොමද” කියලා එයාලා ඇහුවා. එයා ඒක විස්තර කළාම මිනිස්සු එයාව පරිසිවරු ළඟට ගෙනිච්චා.

එයා පරිසිවරුන්ට මෙහෙම කිව්වා. ‘යේසුස් මගේ ඇස්වලට මැටි ටිකක් ගාලා සිලෝම් පොකුණෙන් ඇස් හෝදගන්න කිව්වා. මං එහෙම කළාම මට පෙනීම ලැබුණා.’ එතකොට පරිසිවරු කිව්වා ‘යේසුස් සබත් දවසකදී සුව කළා නම් ඒක කළේ දෙවියන්ගේ බලයෙන් වෙන්න බෑ’ කියලා. ඒත් ‘එයාට දෙවියන්ගේ බලය ලැබුණේ නැත්නම් මේ වගේ දෙයක් කරන්න බෑ’ කියලා තවත් අය කිව්වා.

ඊටපස්සේ පරිසිවරු ඒ කෙනාගේ අම්මා තාත්තාගෙන් ඇහුවා ‘පුතාට පෙනීම ලැබුණේ කොහොමද’ කියලා. යේසුස්ව විශ්වාස කරන අයව සිනගෝගයෙන් එළියට දානවා කියලා පරිසිවරු කියලා තිබුණු නිසා එයාලා හිටියේ බයෙන්. ඒ නිසා එයාලා කිව්වා ‘අපි දන්නේ නෑ, එයාගෙන්ම අහන්න’ කියලා. ඉතින් පරිසිවරු ආයෙත් එයාගෙන් ප්‍රශ්න කළාම ‘වෙච්ච හැම දේම මං කිව්වනේ. ඉතින් ඇයි ආයේ ඒ ගැන අහන්නේ’ කියලා එයා කිව්වා. කේන්ති ගත්ත පරිසිවරු එයාව එළියට දැම්මා.

යේසුස් එයාව හොයාගෙන ගිහින් ඇහුවා ‘ඔයා ගැලවුම්කරුව විශ්වාස කරනවාද’ කියලා. ‘ඔහුව දැනගෙන හිටියා නම් මං විශ්වාස කරනවා’ කියලා එයා කිව්වාම යේසුස් කිව්වා ‘මං තමයි ගැලවුම්කරු’ කියලා. යේසුස් එයාව සුව කළා විතරක් නෙවෙයි විශ්වාසයක් ඇති කරගන්නත් උදව් කළා.

“ඔයාලා හිතන විදිහ වැරදියි. මොකද ඔයාලට ශුද්ධ ලියවිලි ගැනවත් දෙවියන්ගේ බලය වැඩ කරන විදිහ ගැනවත් හරි අවබෝධයක් නැහැ.”—මතෙව් 22:29

ප්‍රශ්න: යේසුස් අන්ධ කොනට උදව් කළේ කොහොමද? පරිසිවරු යේසුස් එක්ක තරහෙන් හිටියේ ඇයි?

යොහන් 9:1-41

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න