ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 70 පරි. 166 පි.-167 පි. 2 ¶
  • යේසුස් උපතින් අන්ධ වුණු මිනිසෙකුව සුව කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් උපතින් අන්ධ වුණු මිනිසෙකුව සුව කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • උපතෙන්ම අන්ධ වූ කෙනෙකුව සුව කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • පරිසිවරුන් මුරණ්ඩු ලෙස අවිශ්වාස කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • පරිසිවරු අන්ධව සිටි මිනිසාගෙන් ප්‍රශ්න කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් සබත් දවසකදී සුව කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 70 පරි. 166 පි.-167 පි. 2 ¶
සිලෝම් පොකුණෙන් ඇස් සෝදාගැනීමෙන් පසුව පෙනීම ලැබුණු හිඟන මිනිසෙක්

70වෙනි පරිච්ඡේදය

යේසුස් උපතින් අන්ධ වුණු මිනිසෙකුව සුව කරයි

යොහන් 9:1-18

  • උපතින් අන්ධ වුණු හිඟන්නෙකුව සුව කරයි

යේසුස් තවමත් ඉන්නේ යෙරුසලමේ. සබත් දවසේදී ඔහු ගෝලයන් එක්ක ඇවිදන් යද්දී උපතින් අන්ධ වුණු හිඟන්නෙකුව ඔවුන් දකිනවා. ඒ නිසා ගෝලයන් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “ගුරුතුමනි, මේ මිනිසා අන්ධ වී ඉපදුණේ කවුරු කළ පාපයක් නිසාද? පව් කළේ ඔහුද නැත්නම් ඔහුගේ දෙමාපියන්ද?”—යොහන් 9:2.

මිනිසෙක් ඉපදෙන්න කලින් නොපෙනෙන ආත්මයක් විදිහට ජීවත් වෙන්නේ නැහැ කියලා ගෝලයන් දන්නවා. ඒත් ඒ පුද්ගලයා මව්කුසේදී මොනවා හරි පාපයක් කළාද කියලා ඔවුන් කල්පනා කරන්න ඇති. ඔවුන්ගේ ප්‍රශ්නයට යේසුස් මෙහෙම පිළිතුරු දෙනවා. “මේ මිනිසාවත් ඔහුගේ දෙමාපියන්වත් පව් කළේ නැහැ. නමුත් මේ වගේ දෙයක් සිදු වී තිබෙන්නේ දෙවිට කළ හැකි දේ ඔහු තුළින් දැකගැනීමට හැකි වීම සඳහායි.” (යොහන් 9:3) ඒ මිනිසා අන්ධ වෙලා ඉපදුණේ ඔහුගේ වරදකින්වත් දෙමාපියන්ගේ වරදකින්වත් නෙවෙයි. අන්ධ වීම වගේ ආබාධ ඇති වෙන්නේ ආදම් කළ පාපය හැමෝටම උරුම වෙන නිසයි. ඒත් මේ මිනිසාට තියෙන ආබාධය නිසා දැන් යේසුස්ට අවස්ථාවක් ලැබෙනවා දෙවිට කරන්න පුළුවන් දේ පෙන්වන්න.

ඒ වගේ ක්‍රියාවන් කරන එක මොන තරම් හදිසි කාරණයක්ද කියලා යේසුස් පැහැදිලි කරනවා. “තවමත් පවතින්නේ දිවා කාලයයි. ඒ කාලයේදී මාව එවූ තැනැත්තා පැවරූ වැඩ කොටස අප කළ යුතුයි. මන්ද කිසිවෙකුට වැඩ කළ නොහැකි රාත්‍රිය පැමිණෙයි. මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය හැටියට සිටින්නේ මමයි.” (යොහන් 9:4, 5) ඔව්, ළඟදීම යේසුස් මිය යන්න නියමිතයි. මිය ගියාම ඔහුට කිසිම දෙයක් කරන්න බැහැ. ඒ වෙන කල් ඔහු තමයි ලෝකයේ ආලෝකය වෙන්නේ.

යේසුස් අන්ධ මිනිසාගේ ඇස් මත යමක් තවරයි

යේසුස් දැන් අන්ධ මිනිසාව සුව කරන්නයි යන්නේ. ඔහු බිමට කෙළ ගහලා මැටි පිඩක් හදාගෙන ඒක ඒ මිනිසාගේ ඇස් මත තියනවා. යේසුස් ඔහුට කියන්නේ “සිලෝම් පොකුණට ගොස් ඔබේ ඇස් දෙක සෝදාගන්න” කියලයි. (යොහන් 9:7) එහෙම කරද්දී ඔහුට පෙනීම ලැබෙනවා. ඔහු ඒ ගැන කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!

අසල්වැසියන් සහ ඔහුව දන්න අය ඔහුට සුවය ලැබුණු එක ගැන පුදුම වෙනවා. “මේ අතන ඉඳගෙන හිඟා කෑ මිනිසා නේද” කියලා ඔවුන් අහද්දී “මේ ඔහු තමයි” කියලා සමහරු කියනවා. සිද්ධ වුණු දේ අදහාගන්න බැරි අය කියන්නේ “නැහැ, මේ ඔහු නොවෙයි. මේ ඔහු වගේ වෙනත් කෙනෙක්” කියලයි. ඒ නිසා “මම තමයි ඒ මිනිසා” කියලා හිඟන මිනිසාම කියනවා.—යොහන් 9:8, 9.

“ඔබට පෙනීම ලැබුණේ කොහොමද” කියලා ඔවුන් අහද්දී ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “යේසුස් කියන මිනිසා ඇවිත් මැටි පිඩක් සාදා මගේ ඇස්වල තවරා, ‘සිලෝම් පොකුණට ගොස් ඔබේ ඇස් දෙක සෝදාගන්න’ කියා මට කිව්වා. මම ගොස් ඇස් දෙක සෝදාගත්තා. ඊටපස්සේ මට පෙනීම ලැබුණා.” එතකොට “ඒ මිනිසා දැන් කොහේද ඉන්නේ” කියලා ඔවුන් ඇහුවාම “මම දන්නේ නැහැ” කියලා ඔහු කියනවා.—යොහන් 9:10-12.

ඒ මිනිසුන් ඔහුව පරිසිවරුන් ළඟට ගෙනියනවා. පරිසිවරුන්ටත් දැනගන්න ඕනෙ ඔහුට පෙනීම ලැබුණේ කොහොමද කියලා. හිඟන මිනිසා ඔවුන්ට මෙහෙම කියනවා. “ඔහු මගේ ඇස් මත මැටි පිඩක් තැබුවා. මම ඇස් දෙක සෝදාගත් විට මට පෙනීම ලැබුණා.” ඒ ගැන සතුටු වෙනවා වෙනුවට සමහර පරිසිවරුන් යේසුස්ට අපහාස කරමින් මෙහෙම කියනවා. “ඔහු සබත් දවස පවත්වන්නේ නැහැ. එහෙමනම් කොහොමද ඔහු දෙවි එවූ මිනිසෙක් කියා කියන්නේ?” ඒත් තවත් පරිසිවරු “ඒ මිනිසා පව්කාරයෙක් නම් ඔහු මෙවැනි ලකුණු සිදු කරන්නේ කොහොමද” කියලා අහනවා. (යොහන් 9:15, 16) දැන් ඔවුන් අතරේ මතභේදයක් ඇති වෙලා.

ඒ නිසා හිඟන මිනිසාගෙන් ඔවුන් මෙහෙම අහනවා. “ඔබ කියන්නේ ඒ මිනිසා ඔබට පෙනීම ලබා දුන්නා කියලයි. ඉතින් ඔහු ගැන මොනවාද ඔබට කියන්න තිබෙන්නේ?” ඒ මිනිසා පිළිතුරු දෙන්නේ “ඔහු අනාගතවක්තෘවරයෙක්” කියලයි. ඔහු එහෙම කියන්නේ ඔහුට යේසුස් ගැන සැකයක් නැති නිසයි.—යොහන් 9:17.

අන්ධ මිනිසාට පෙනීම ලැබුණු එක යුදෙව්වන් පිළිගන්නේ නැහැ. සමහරවිට මිනිසුන්ව රවට්ටන්න හිතාගෙන යේසුස් හිඟන මිනිසාත් එක්ක එකතු වෙලා ඒ දේ කරන්න ඇති කියලා ඔවුන් හිතන්න ඇති. හිඟන මිනිසා ඇත්තටම අන්ධ වෙලා හිටියද කියලා දැනගන්න ඔහුගේ දෙමාපියන්ගෙන් ඒ ගැන අහන්න ඕනෙ කියලා ඔවුන් හිතනවා.

  • ඒ මිනිසා අන්ධ වෙන්න බලපෑවේ මොන හේතුවද? බලපෑවේ නැත්තේ මොන හේතුවද?

  • අන්ධ මිනිසාට සුවය ලැබුණු එක ගැන ඔහුව අඳුනන අයට හැඟුණේ කොහොමද?

  • අන්ධ මිනිසාට සුවය ලැබුණු එක ගැන පරිසිවරුන් අතරේ මතභේදයක් ඇති වුණේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න