ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 44 පරි. 112 පි.-113 පි. 9 ¶
  • යේසුස් බිහිසුණු කුණාටුවක් නිහඬ කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් බිහිසුණු කුණාටුවක් නිහඬ කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • බිහිසුණු කුණාටුවක් නිසල කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ට පුළුවන් අපිව ආරක්ෂා කරන්න
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් වතුර උඩ ඇවිද්දා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ගලීල මුහුද අවට සංචාරය කිරීමට එන්න!
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 44 පරි. 112 පි.-113 පි. 9 ¶
යේසුස් ගලීල මුහුදේදී කුණාටුවක් නිහඬ කරයි

44වෙනි පරිච්ඡේදය

යේසුස් බිහිසුණු කුණාටුවක් නිහඬ කරයි

මතෙව් 8:18, 23-27 මාක් 4:35-41 ලූක් 8:22-25

  • යේසුස් ගලීල මුහුදේ කුණාටුවක් නිහඬ කරයි

මේ දවස නම් යේසුස්ට හරිම වෙහෙසකර දවසක්. අඳුර වැටීගෙන එද්දී “අපි එගොඩට යමු” කියලා ගෝලයන්ට කියන යේසුස් ඔරුවකට ගොඩ වෙලා ඔවුන් එක්ක කපර්ණවුමෙන් පිට වෙනවා. ඔවුන් දැන් යන්නේ ගලීල මුහුදේ නැඟෙනහිර දෙසට.—මාක් 4:35.

ගලීල මුහුදේ නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටලා තියෙන්නේ ගෙරාසීනය. ඒ අවට මුළු පළාතම දෙකපොලිසය විදිහටත් හඳුන්වනවා. ග්‍රීක සංස්කෘතියට ප්‍රසිද්ධත්වයක් උසුලන දෙකපොලිසයට අයත් නගරවල හුඟක් යුදෙව්වනුත් ජීවත් වෙනවා.

යේසුස් සහ ගෝලයන් කපර්ණවුමෙන් පිට වෙනවා කියලා ආරංචි වුණාම සෙනඟත් ඔරුවල නැඟගෙන ඔවුන් පසුපසින් යන්න පටන්ගන්නවා. (මාක් 4:36) ඇත්තෙන්ම කියනවා නම් කපර්ණවුමේ ඉඳන් ගලීල මුහුද හරහා එගොඩට යන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. මොකද ගලීල මුහුද කිලෝමීටර් 21ක් විතර දිග කිලෝමීටර් 12ක් විතර පළල විලක්. ඒත් ඒක ගැඹුරුයි.

දවස පුරාම යේසුස් හුඟක් අයට උගන්වලා තියෙන නිසා පරිපූර්ණ කෙනෙක් වුණත් ඔහුට යම් වෙහෙසක් දැනෙනවා ඇති. රුවල් ඔරුව දියඹට යද්දී යේසුස් කොට්ටයක් උඩ ඔළුව තියාගෙන ටිකක් හාන්සි වෙනවා.

ඔරුවේ ඉන්න සමහර ගෝලයන්ට ඔරු පැදලා හොඳ පළපුරුද්දක් තියෙනවා. හැබැයි මේ වතාවේදී ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ බලාපොරොත්තු නොවුණු දේකට. ඒ ඇයි? හුඟක් අවස්ථාවලදී ගලීල මුහුදේ මතුපිට ජලය උණුසුම් වෙනවා. සමහර වෙලාවට අවට තියෙන කඳු අතරින් සිසිල් සුළං හමාගෙන ඇවිත් මතුපිට තියෙන උණුසුම් ජලයට එකතු වෙද්දී දරුණු කුණාටු ඇති වෙනවා. මේ වතාවේදීත් ඇති වෙන්නේ ඒ වගේ දරුණු කුණාටුවක්. ඉහළ නඟින යෝධ රැළි ඔරු බඳේ වදිනවා. “ඔරුව වතුරෙන් පිරෙන්න පටන්ගත් නිසා ඔවුන් සිටියේ ඉතාමත් අවදානම් තත්වයක.” (ලූක් 8:23) මේ හැම දෙයක්ම වෙද්දී යේසුස් ඉන්නේ සුව නින්දක.

කලින් වතාවලදී ලබලා තියෙන අද්දැකීම් පාවිච්චි කරලා මේ කුණාටුවෙන් බේරෙන්න ගෝලයන් උපරිමයෙන් උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන්ට මොන තරම් බයක් දැනෙනවාද කියනවා නම් නින්දේ පසු වෙන යේසුස්ව අවදි කරමින් ඔවුන් මෙහෙම කියනවා. “ස්වාමීනි, අපව බේරගන්න. අපිව ගිලෙන්නයි යන්නේ.”—මතෙව් 8:25.

නින්දෙන් අවදි වෙන යේසුස් “ඇයි ඔබ මේ තරම් භය වෙලා? ඔබේ විශ්වාසය අඩු වෙලාද” කියා ඔවුන්ගෙන් අසනවා. (මතෙව් 8:26) සුළඟටත් මුහුදටත් තදින් කතා කරන ඔහු “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න” කියා පවසනවා. (මාක් 4:39) ඒ මොහොතේම සැඩ සුළං නතර වෙලා මුහුද නිශ්චල වෙනවා. (මේ සිද්ධිය ගැන මාක් සහ ලූක් වාර්තා කරද්දී මුලින්ම යේසුස් ආශ්චර්යවත් විදිහට කුණාටුව නිහඬ කරපු විදිහ ගැන විස්තර කරලා ඊටපස්සේ තමයි ගෝලයන්ගේ විශ්වාසය අඩු වෙලා තිබුණු එක ගැන සඳහන් කරලා තියෙන්නේ.)

මේ සිද්ධිය ගෝලයන්ට කොහොම බලපාන්න ඇද්ද! කුණාටුව නතර වෙලා මුළු මුහුදම නිශ්චල වෙනවා දැකපු ඔවුන්ට ඒ ගැන ලොකු බයක් දැනෙනවා. “සුළඟත් මුහුදත් ඔහුට කීකරු වෙනවා. ඇත්තටම මේ කවුද” කියා ඔවුන් එකිනෙකා අතරේ කතා වෙන්නේ ඒ නිසයි. (මාක් 4:41–5:1) අන්තිමේදී ඔවුන් ආරක්ෂිතව එගොඩට යනවා. සමහරවිට අනිත් ඔරුවලින් ආපු අය ආයෙත් බටහිර වෙරළ පැත්තට යන්න ඇති.

දෙවියන්ගේ පුත්‍රයාට කාලගුණික තත්වයන් පවා පාලනය කරන්න තරම් බලයක් තියෙන එක ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද! අනාගතයේදී දෙවිගේ රාජ්‍යයේ රජු විදිහට ඔහු පොළොව පාලනය කරද්දී හැමෝටම සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔව්, ඒ කාලයේදී ස්වාභාවික විපත් ගැන අපි බය වෙන්න ඕනෙ නැහැ.

  • ගලීල මුහුදේ කුණාටු ඇති වුණේ කොහොමද?

  • කලබල වුණු ගෝලයන් කළේ මොනවාද?

  • මේ සිද්ධිය ගැන සලකලා බලද්දී අපිට නිසැක වෙන්න පුළුවන් මොනවා ගැනද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න