ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 11/1 9 පි.
  • 6. රූප නමස්කාරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 6. රූප නමස්කාරය
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවිට නමස්කාර කිරීමේදී රූප භාවිත කළ යුතුද?
    2008 පිබිදෙව්!
  • රූපවලට හෝ සුරුවම්වලට වඳින එක හරිද?
    බයිබලයෙන් උත්තර
  • රූප නමස්කාරය
    2014 පිබිදෙව්!
  • නමස්කාරය සඳහා ආගමික චිත්‍ර භාවිත කළ යුතුද?
    2005 පිබිදෙව්!
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 11/1 9 පි.

6. රූප නමස්කාරය

ඉගැන්වීම ඇරඹුණේ කෙසේද?

“මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් නමස්කාර කිරීම සඳහා රූප භාවිත කළේ නැහැ. එය ඇරඹුණේ ක්‍රිස්තු වර්ෂ හතර සහ පස්වන සියවසේදීයි. එයට හේතුව වූයේ ක්‍රිස්තියානි ධර්මය ගැන නොදත් අයට ඒ ගැන කියා දීමට දේශන හෝ පොත් යොදාගන්නවාට වඩා රූප භාවිත කිරීම සුදුසුයි කියා සිතීමයි. නමස්කාරයේදී රූප භාවිත කිරීම ඔවුන් සාධාරණීකරණය කළේ ඒ ආකාරයටයි” කියා එක් පොතක සඳහන් වෙනවා.—සයික්ලෝපීඩියා ඔෆ් බිබ්ලිකල්, තියොලොජිකල් ඇන්ඩ් ඉක්ලිසිඇස්ටිකල් ලිට්‍රෙචර්, 4වන වෙළුම, 503 සහ 504 පිටු.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

“කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසි දෙයක සමානත්වයක් හෝ සාදා නොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව.” (නික්මයාම 20:4, 5, පැරණි අනුවාදය) මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන් මෙසේ පැවසුවා. “මාගේ ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න.”—1 යොහන් 5:21, පැ.අ.

පල්ලිවල රූප තබා තිබෙන්නේ එම රූපවලින් නියෝජනය වන අයව සිහි කර ඔවුන්ට ගෞරව කිරීම සඳහායි කියා බොහෝ අය කියා සිටිනවා. නමුත් එය සත්‍යයක්ද? ඒ ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “මුල් කාලයේදී රූප යොදාගැනුණේ ඉගැන්වීමට සහ පල්ලි අලංකාර කිරීම සඳහා විය හැකියි. නමුත් කාලයත් සමඟම ඔවුන් රූපවලට නමස්කාර කිරීමට පටන්ගත්තා. විශේෂයෙන්ම අයිකොන් චිත්‍රවලට නමස්කාර කිරීම පෙරදිග ඕතොඩොක්ස් පල්ලිවල වැඩිපුරම දැකගත හැකියි.” (ද එන්සයික්ලෝපීඩියා ඔෆ් රිලිජන්) කොහොමවුණත් බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “නුඹලා දෙවියන් වහන්සේ කාට සම කරන්නහුද? නොහොත් කොයි රූපාකාරයක් උන්වහන්සේට සමාන කරන්නහුද?—යෙසායා 40:18, පැ.අ.

මෙම බයිබල් පද කියවා බලන්න. යෙසායා 44:13-19; ක්‍රියා 10:25, 26; 17:29; 2 කොරින්ති 5:7

නිවැරදි ඉගැන්වීම:

රූපවලට නමස්කාර කිරීම වැරදියි. දෙවි එය හෙළාදකිනවා

බොරුව අත්හැර සත්‍යය පිළිගන්න

මේ ලිපි පෙළේ සඳහන් කළ බොරු ඉගැන්වීම් තවමත් පවතින බව ඔබ දන්නවා ඇති. කොහොමවුණත් බයිබලයේ සඳහන් සත්‍යය යට කරන්න එවැනි බොරු ඉගැන්වීම්වලට බැහැ.—2 පේතෘස් 1:16.

ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් බයිබලයේ සඳහන් ඉගැන්වීම් සමඟ සසඳා බලන්න. (යොහන් 17:17) ඔබ එසේ කළොත් ඔබට සත්‍යය කුමක්ද කියා දැනගත හැකි වන අතර එම සත්‍යය ඔබව බොරු ඉගැන්වීම්වලින් නිදහස් කරයි.—යොහන් 8:32.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න