ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 11/1 8 පි.
  • 5. දේවමෑණියන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 5. දේවමෑණියන්
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මරියා දේවමෑණියන්ද?
    බයිබලයෙන් උත්තර
  • මව්-දේවතාවිය නමස්කාරය තවමත් ජීවමාන ව පවතී ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මරියා “දේවමෑණියෝද”?
    1996 පිබිදෙව්!
  • ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?
    1996 පිබිදෙව්!
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 11/1 8 පි.

5. දේවමෑණියන්

ඉගැන්වීම ඇරඹුණේ කෙසේද?

එක් විශ්වකෝෂයක සඳහන් වන ආකාරයට, ‘විවිධ ආගම් ඇදහූ අයට පල්ලියට ඒමට අවස්ථාව ලැබුණා. ඔවුන් බොහෝ දෙවි දේවතාවුන්ට නමස්කාර කළ අයයි. මරියතුමියව දේවමෑණියන් ලෙස සලකා ඇයට නමස්කාර කිරීම පල්ලිවල ප්‍රචලිත වුණේ ඒ කාලයේදීයි.’—ද නිව් එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා (1988), 16වන වෙළුම, 326 සහ 327වන පිටු.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

‘නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහි කරන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබනසේක. උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබන සේක.’—ලූක් 1:31-35, පැරණි අනුවාදය.

ඉහත බයිබල් පදයට අනුව අපට පැහැදිලි වන්නේ මරියතුමිය ‘දෙවිගේ පුත්‍රයාගේ’ මව මිස දෙවිගේ මව නොවන බවයි. ඊට අමතරව බයිබලයේ සඳහන් වෙන්නේ දෙවිට ‘ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඉඩ මදි’ කියායි. (1 රාජාවලිය 8:27, පැ.අ.) දෙවිට වාසය කිරීමට ස්වර්ගය පවා ඉඩ මදි නම් ඔහුට මරියාගේ කුස තුළ සිටිය හැකිද? කෙසේවෙතත් මරියතුමිය කිසි දිනක තමා දේවමෑණියන් කියා පැවසුවේ නැහැ. මරියතුමියව දේවමෑණියන් ලෙස සැලකීමට පටන්ගත්තේ ත්‍රිත්වය නමැති ඉගැන්වීම නිසයි. ක්‍රිස්තු වර්ෂ 431දී ඇයව ‘දේවමෑණියන්’ ලෙස සැලකීමට එෆීසයේ පිහිටි කතෝලික මන්ත්‍රණ සභාව තීරණය කළා. ඇයට නමස්කාර කිරීම ආරම්භ වුණේ එදා සිටයි. එම මන්ත්‍රණ සභාව පිහිටා තිබූ එෆීස නගරය අතීතයේ සිට ප්‍රසිද්ධත්වයක් උසුලා තිබුණේ ආටෙමිස් දේවතාවියට නමස්කාර කිරීම සම්බන්ධයෙනුයි.

‘අහසින් වැටුණායැයි’ සලකන ආටෙමිස් දේවතාවියගේ රූපයට කළ නමස්කාරයේ එක් අංගයක් වූයේ එය රැගෙන පෙරහැරේ යෑමයි. (ක්‍රියා 19:35) පසු කාලයකදී මරියතුමියට කළ නමස්කාරයටත් එවැනි අංග එකතු කළා. මෙලෙස මරියතුමිය ඇතුළු අනික් අයට නමස්කාර කිරීමේදී රූප යොදාගැනීම ආරම්භ වුණා. නමුත් දෙවි එය අනුමත කරනවාද?

මෙම බයිබල් පද කියවා බලන්න. මතෙව් 13:53-56; මාක් 3:31-35; ලූක් 11:27, 28

නිවැරදි ඉගැන්වීම:

මරියතුමිය දේවමෑණියන් නොවේ. ඇයට නමස්කාර කිරීම ඇරඹුණේ ත්‍රිත්වය නමැති ඉගැන්වීම නිසයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න