ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 136 ලිපිය
  • මරියා දේවමෑණියන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මරියා දේවමෑණියන්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • මරියාගෙන් අපට ගත හැකි පාඩම්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?
    1996 පිබිදෙව්!
  • 5. දේවමෑණියන්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 136 ලිපිය
මරියා සහ බිළිඳු යේසුස්

මරියා දේවමෑණියන්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

මරියා දෙවියන්ගේ මව කියලා බයිබලයේ උගන්වන්නේ නැහැ. මරියාට වඳින්න කියලවත් එයාට ගරුබුහුමන් දක්වන්න කියලවත් බයිබලයේ කියලා නැහැ.a මේ ගැන හිතන්න.

  • තමන් දෙවියන්ගේ මව කියලා මරියා කවදාවත් කිව්වේ නැහැ. බයිබලයේ පැහැදිලිව සඳහන් වෙන්නේ මරියා බිහි කළේ දෙවියන්ව නෙමෙයි නමුත් “මහෝත්තම දෙවියන්ගේ පුත්‍රයාව” නැත්නම් “දෙවියන්ගේ පුත්‍රයාව” කියලයි.—ලූක් 1:32, 35.

  • මරියා දෙවියන්ගේ මව කියලවත් එයාට ගරුබුහුමන් දක්වන්න කියලවත් යේසුස් කවදාවත් කිව්වේ නැහැ. යේසුස්ගේ මව වෙන්න ලැබුණ එක ගැන සඳහන් කරලා එක ස්ත්‍රියක් මරියාට විශේෂ අවධානයක් දුන්න වෙලාවේ යේසුස් ඒ ස්ත්‍රියව නිවැරදි කළේ මෙහෙමයි. “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවියන් පවසන දේ අසා එය පිළිපදින අයයි.”—ලූක් 11:27, 28.

  • “දේවමෑණියන්” සහ “තියෝටොකොස්” යන යෙදුම් බයිබලයේ දකින්න නැහැ.

  • බයිබලයේ “අහස් දේවතාවිය” කියලා හඳුන්වන්නේ මරියාව නෙමෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන්ව අත්හැරලා ගිය ඊශ්‍රායෙල්වරුන් නමස්කාර කරපු බොරු දේවතාවියක්ව හඳුන්වන්නයි. (යෙරෙමියා 44:15-19) සමහරවිට ඒ බැබිලෝනිවරුන් නමස්කාර කරපු ඉෂ්ටා (අස්ටාටේ) කියන දේවතාවිය වෙන්න පුළුවන්.

  • මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් මරියාට නමස්කාර කළේවත් විශේෂ ගෞරවයක් පිදුවේවත් නැහැ. ඉතිහාසඥයෙක් එක පොතක මෙහෙම සඳහන් කළා. “මුල් ක්‍රිස්තියානීන් ආගමික නිකායකට සම්බන්ධ වුණේ නැහැ. මරියාට අනවශ්‍ය ගෞරවයක් දුන්නොත් එයාලත් දේවතාවියකට නමස්කාර කරන නිකායකට අයිතියි කියලා මිනිසුන් හිතයි කියලා එයාලා බය වෙන්න ඇති.”—In Quest of the Jewish Mary.

  • බයිබලයේ සඳහන් වෙන්නේ දෙවියන් පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති සදාකාලයෙන් සදාකාලයටම පවතින කෙනෙක් කියලයි. (ගීතාවලිය 90:1, 2; යෙසායා 40:28) පටන්ගැන්මක් නැත්නම් දෙවියන්ට මවක් ඉන්නත් බැහැ. අනික, දෙවියන්ව තමන්ගේ ගර්භාෂයේ දරන්න මරියාට කොහොමටවත් බැහැ. මොකද බයිබලයේ පැහැදිලිව කියන්නේ දෙවියන්ව දරන්න මුළු මහත් විශ්වයම වුණත් ප්‍රමාණවත් නැහැ කියලයි.—1 රාජාවලිය 8:27.

මරියා “දේවමෑණියන්” නෙමෙයි යේසුස්ගේ මෑණියන්

මරියා දාවිත් රජුගේ පරම්පරාවෙන් එන යුදෙව් ජාතික කාන්තාවක්. (ලූක් 3:23-31) දෙවියන් ගැන මරියාට තිබ්බ විශ්වාසයත් ආදරයත් නිසා දෙවියන් එයාට ගොඩක් ආශීර්වාද කළා. (ලූක් 1:28) යේසුස්ගේ මව වෙන්න දෙවියන් එයාව තෝරගත්තා. (ලූක් 1:31, 35) යේසුස් ඉපදුණාට පස්සේ මරියා එයාගේ සැමියා වුණ යෝසෙප්ට දාව දරුවන් කිහිපදෙනෙක් බිහි කළා.—මාක් 6:3.

මරියා යේසුස්ගේ ගෝලයෙක් වුණා කියලා බයිබලයේ සඳහන් වුණත් මරියා ගැන ඊට වඩා තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ.—ක්‍රියා 1:14.

මරියා දේවමෑණියන් කියලා සමහරු හිතන්නේ ඇයි?

මිනිසුන් මරියාට නමස්කාර කරන්න පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ අගභාගයේදී. ඒ කාලයේදී කතෝලික ආගම රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන ආගම බවට පත් වුණා. ඒ නිසා මිථ්‍යා ආගම්වල හිටපු ගොඩක් අයත් නමට ක්‍රිස්තියානීන් බවට පත් වුණා. බයිබලයට පටහැනි ඉගැන්වීමක් වන ත්‍රිත්වයත් ඒ කාලේදී පල්ලියේ ඉගැන්වීම් අතරට එකතු වුණා.

ත්‍රිත්වය කියන ඉගැන්වීමට අනුව යේසුස් සහ දෙවියන් කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක් කෙනෙක්. එහෙමනම් යේසුස්ගේ මව වන මරියා දෙවියන්ගෙත් මව වෙන්න ඕනෙ කියලා ගොඩක් අය හිතන්න පටන්ගත්තා. ක්‍රිස්තු වර්ෂ 431දී එෆීසයේ තිබුණ කතෝලික මන්ත්‍රණ සභාවක් මරියාව “දේවමෑණියන්” කියලා නිල වශයෙන් ප්‍රකාශ කළා. මිනිසුන් මරියාට ලොකු භක්තියකින් ගරුබුහුමන් පුදන්න පටන්ගත්තේ ඒ ප්‍රකාශයෙන් පස්සෙයි. වෙනත් ආගම්වල හිටපු අයත් පල්ලිවලට එන්න ගත්තාම එයාලා කලින් සශ්‍රීකත්වය වෙනුවෙන් අදහපු ආටිමිස් (රෝමවරුන් හැඳින්වූයේ ඩයනා කියලා) සහ අයිසිස් වගේ දේවතාවියන් වෙනුවට මරියාගේ සුරුවම් සහ පින්තූරුවලට වැඳුම් පිදුම් කරන්න පටන්ගත්තා.

ක්‍රිස්තු වර්ෂ 432දී තුන්වන සික්ස්ටස් පාප්වරයා “දේවමෑණියන්” වෙනුවෙන් රෝමයේ පල්ලියක් ඉදි කරන්න නියෝග කළා. ඒක හැදුවේ දරු ප්‍රසූතියට අධිපති ලෙස රෝමවරුන් අදහපු ලූසිනා දේවතාවිය වෙනුවෙන් කලින් දේවාලයක් හදලා තිබුණ තැනට ආසන්නයේ. ඒ පල්ලිය ගැන ලේඛිකාවක් එක පොතක මෙහෙම විස්තර කළා. “ක්‍රිස්තියානි ආගමට හැරුණු රෝම අධිරාජ්‍යයේ යටත්වැසියන් තමන්ගේ මහ මෑණියන් වෙනුවට මරියාට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ පල්ලිය ඒකට හොඳ උදාහරණයක්.”—Mary—The Complete Resource.

a හුඟක් ක්‍රිස්තියානි ආගම්වල උගන්වන්නේ මරියා දෙවියන්ගේ මව කියලා. ඒ අය මරියාව “ස්වර්ග රාජිනිය” කියලත් හඳුන්වනවා. ඒ යෙදුම ඇවිත් තියෙන්නේ “දෙවියන්ව වැදූ” නැත්නම් දේවමෑණියන් කියන තේරුම ඇති තියෝටොකොස් කියන ග්‍රීක වචනයෙන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න