ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 134 ලිපිය
  • තමන් ගැන හිතන එක වැරදිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තමන් ගැන හිතන එක වැරදිද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • අසල්වැසියා කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට ප්‍රේම කරන දෙවිට ඔබත් ප්‍රේම කරන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ ප්‍රේමය තවත් පුළුල් කළ හැකිද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 134 ලිපිය
කැඩපතකින් තමන් දිහාම බලාගෙන ඉන්න තරුණයෙක්

තමන් ගැන හිතන එක වැරදිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

කෙනෙක් තමන් ගැන හිතන එකේ වරදක් නැහැ කියලා බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා. හැබැයි එහෙම කරද්දී ඒකේ සීමාව හඳුනගන්න එක වැදගත්. සාමාන්‍යයෙන් අපි අපිට ආදරෙයි, අපි ගැන සැලකිලිමත්. ඒ වගේම අපිට අපි ගැන හොඳ හැඟීමක් තියෙනවා. ඒකේ වරදක් නැහැ. (මතෙව් 10:31) ඒත් කෙනෙක් තමන් ගැන හිතන එකේ සීමාව තේරුම් අරන් වැඩ කළේ නැත්නම් දන්නෙම නැතුව එයා, එයා ගැන විතරක් හිතන කෙනෙක් වෙන්න පුළුවන්. බයිබලයේ සඳහන් තොරතුරු මේ කාරණය ගැන සමබරව හිතන්න අපිට උදව් වෙනවා.

අපි වැඩියෙන්ම ආදරය කරන්න ඕනෙ කාටද?

  1. හැම කෙනෙක්ටම වඩා වැඩියෙන් අපි ආදරය කරන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට. බයිබලයේ කියනවා “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න” කියලා. ආඥා අතරින් ප්‍රධානම ආඥාව ඒකයි.—මාක් 12:28-30; ද්විතීය කතාව 6:5.

  2. දෙවෙනි ආඥාව විදිහට යේසුස් කිව්වේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියලයි.—මාක් 12:31; ලෙවී කතාව 19:18.

  3. තමන් ගැන හිතන එක සම්බන්ධයෙන් බයිබලයේ ඒ වගේ ආඥාවක් දීලා නැහැ. ඒත් යේසුස් කිව්වේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියලා. එතන “ඔබට මෙන්” කියලා කියන එකෙන් අපි, අපි ගැනත් හිතන්න ඕනෙ කියලා පැහැදිලියි. හැබැයි එහෙම කරද්දී වුණත් ප්‍රධාන ආඥා දෙක මනසේ තියාගෙන වැඩ කරන එක වැදගත්.

යේසුස් වැඩියෙන්ම ආදරය කළේ කාටද?

දෙවියන්ටත් අසල්වැසියන්ටත් තමන්ටත් ආදරය කරන එක සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තිබ්බේ යේසුස්. ඔහුව ආදර්ශයට ගන්න කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ටත් කිව්වා.—යොහන් 13:34, 35.

  1. වෙන කිසිම කෙනෙක්ට වඩා වැඩියෙන් යේසුස් ආදරය කළේ යෙහෝවා දෙවියන්ට. දෙවියන්ගේ කැමැත්ත කරන්න යේසුස් ඔහුගේ මුළු ජීවිතයම කැප කළා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “මම පියාණන්ට ප්‍රේම කරන බව මුළු ලෝකයම දැනගත යුතුයි. පියාණන් මට අණ කර ඇති දේවල් මම කරන්නේ ඒ නිසයි.”—යොහන් 14:31.

  2. යේසුස්ට අනිත් අය ගැන ලොකු ආදරයක්, ලොකු හැඟීමක් තිබුණා. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් ඔහු එයාලා වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා දුන්නා.—මතෙව් 20:28.

  3. ඒ වගේම යේසුස් තමන් ගැනත් සැලකිලිමත් වුණා. ඒ නිසා ඔහු අවශ්‍ය වෙලාවලදී විවේක ගත්තා. කෑම බීම ගත්තා. ඔහුගේ ගෝලයන්ව, ඔහුගෙන් ඉගෙනගන්න ආපු අයව ආශ්‍රය කරන්න කාලය ගත්තා.—මාක් 6:31, 32; ලූක් 5:29; යොහන් 2:1, 2; 12:2.

තමන්ට වඩා අනිත් අය ගැන හිතුවොත් අපේ සතුට නැති වෙනවාද?

ප්‍රේමය කියන්නේ යෙහෝවා දෙවියන්ගේ ප්‍රධානම ගුණාංගය. ඔහු තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැතුව අනිත් අය ගැන සැලකිලිමත් වෙනවා. අපිව නිර්මාණය කරලා තියෙන්නෙත් දෙවියන්ගේ ගතිලක්ෂණ ඇතුව. (උත්පත්ති 1:27; 1 යොහන් 4:8) ඒ කියන්නේ අපිට වඩා අනිත් අය ගැන හිතලා එයාලට ආදරය කරන්න අපිටත් පුළුවන්. ඇත්ත අපි, අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි නියම සතුට ලැබෙන්නේ දෙවියන්ට සහ අනිත් අයට ආදරය කරන එකෙන්. බයිබලයෙත් කියන්නේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලයි.—ක්‍රියා 20:35.

සතුටින් ඉන්න නම් ඔක්කෝටම කලින් තමන් ගැන හිතන්න ඕනෙ කියලා ගොඩක් අය කියනවා. ඒත් බයිබලයේ කියන්නේ “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි” කියලා. බයිබලයේ තියෙන ඒ උපදෙස පිළිපදින හුඟක් අය නිරෝගී සෞඛ්‍යයක් වගේම සැබෑ සතුට අද්දකිනවා.—1 කොරින්ති 10:24.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න