ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 36 ලිපිය
  • යේසුස් ඉපදුණේ කවදාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ඉපදුණේ කවදාද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • දෙසැම්බර් 25වෙනිදා නත්තල සමරන්නේ ඇයි?
  • යේසුස්ගේ උපත සිදු වුණේ කවදාද?
    2008 පිබිදෙව්!
  • යේසුස් වහන්සේ ඉපදුණේ හිම වැටෙන කාලයේ ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නත්තල් උත්සවය බයිබලයට එකඟද?
    බයිබලයෙන් උත්තර
  • සමහරු නත්තල සමරන්නේ නැත්තේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 36 ලිපිය

යේසුස් ඉපදුණේ කවදාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

යේසුස් ඉපදුණු දවස බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ ගැන සමහර විශ්වකෝෂවල සඳහන් දේ බලන්න:

  • “යේසුස් ඇත්තටම ඉපදුණු දවස කවුරුත් දන්නේ නැහැ.”—New Catholic Encyclopedia.

  • “යේසුස්ගේ උපත සිදු වූ දිනය කිසිම කෙනෙක් දන්නේ නැහැ.”—Encyclopedia of Early Christianity.

යේසුස් ඉපදුණේ කවදාද කියලා බයිබලයේ සඳහන් වුණේ නැති වුණාට බයිබලයේ සඳහන් සිද්ධීන් දෙකකින් යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා නෙමෙයි කියලා ඔප්පු වෙනවා. එම සිද්ධීන් දෙකම සිදු වුණේ යේසුස් ඉපදුණු කාලයෙයි.

ශීත ඍතුවේ වෙන්න බැහැ

  1. ලියාපදිංචි කිරීම. යේසුස් ඉපදෙන්න ටික කාලයකට කලින් ඔගස්ටස් සීසර් “තම අධිරාජ්‍යය යටතේ සිටි සියලුදෙනාම ලියාපදිංචි විය යුතු” බවට නියෝගයක් නිකුත් කළා. ‘ලියාපදිංචි වීම සඳහා සියලුදෙනාටම තමන් උපන් ගමට යන්න සිදු වුණා.’ (ලූක් 2:1-3) ඒ වගේ ගමනක් යන්න සාමාන්‍යයෙන් සතියක් දෙකක් විතර ගත වෙන්න ඇති. බොහෝදුරට ඔහු එවැනි නියෝගයක් නිකුත් කරන්න ඇත්තේ බදු එකතු කිරීමට හා යුද්ධයට බඳවාගැනීමට තොරතුරු ලබාගැනීම සඳහායි. ඒ නිසා එවැනි නියෝගයක් ලැබීම ගැන මිනිසුන් කොහෙත්ම සතුටු වෙයි කියලා හිතන්න බැහැ. එහෙමනම් ඔගස්ටස් සීසර් අධික ශීත දේශගුණයක් පවතින කාලයක දුරබැහැර තියෙන ගම්වලට යන්න කියලා නියෝග කරමින් ජනතාව තවත් ප්‍රකෝප කරයි කියා සිතිය හැකිද?

  2. බැටළුවන්. බයිබලයේ සඳහන් වෙන්නේ යේසුස් ඉපදුණු දවසේ ‘එඬේරු රාත්‍රියේ එළිමහනේ මාරුවෙන් මාරුවට තම බැටළු රැළවල් රැකබලා ගනිමින් සිටියා’ කියලයි. (ලූක් 2:8) එක් පොතක සඳහන් වෙන්නේ “පාස්කුව පටන්ගන්න පෙර සතියේ සිට [එනම් මාර්තු අගභාගයේ සිට]” නොවැම්බර් මැදභාගය වන තුරු එඬේරුන් තම බැටළු රැළවල් සමඟ එළිමහනේ හිටියා කියලයි. නමුත් “ශීත කාලයේදී එඬේරුන් තම රැළවල් තබාගත්තේ සත්ව මඩුවලයි. එයින් පැහැදිලි වන්නේ ශීත කාලයේ දවසක යේසුස්ගේ උපත සැමරීම වැරදි බවයි. මන්ද සුවිශේෂයේ පැහැදිලිවම පවසන්නේ යේසුස්ගේ උපත සිදු වූ කාලයේදී එඬේරුන් එළිමහනේ සිටියා කියායි.”—Daily Life in the Time of Jesus.

යේසුස් ඉපදෙන්න ඇත්තේ . . .

යේසුස් මිය ගිය දවසේ සිට එනම් ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් 14වෙනිදා සිට කාලය ආපස්සට ගණනය කිරීමෙන් යේසුස් ඉපදුණේ කොයි කාලයේද කියලා අනුමාන කරන්න පුළුවන්. (යොහන් 19:14-16) යේසුස්ඔහුගේ දේවසේවය පටන්ගන්නා විට ඔහුට වයස අවුරුදු 30ක් පමණ වුණා. (ලූක් 3:23) ඔහු මිය ගියේ ඊට අවුරුදු තුනහමාරකට පසුවයි. ඒ අනුව කාලය ආපස්සට ගණන් කරන විට ඔහු ඉපදී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 2 සරත් කාලයේ විය යුතුයි. (යේසුස් ඉපදුණු ප්‍රදේශයේ සරත් කාලය වැටෙන්නේ සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලයයි)

දෙසැම්බර් 25වෙනිදා නත්තල සමරන්නේ ඇයි?

යේසුස් දෙසැම්බර් 25වෙනිදා ඉපදුණා කියලා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැත්නම් නත්තල එදාට සමරන්නේ ඇයි? එක විශ්වකෝෂයක මේ වගේ දෙයක් සඳහන් වෙනවා. “රෝමවරුන් ‘අපරාජිත හිරුගේ උපන් දිනය’ සැමරූ දවසේදීම යේසුස්ගේ උපන් දිනය සැමරීමට” ආගමික නායකයන් තීරණය කළා. (Encyclopædia Britannica) තවත් පොතක මෙවැනි දෙයක් සඳහන් වෙනවා. නත්තල සැමරීමට ඒ දවසම තෝරගෙන තිබෙන්නේ “ක්‍රිස්තියානි ආගමට හැරුණු වෙනත් අයව සතුටු කිරීම සඳහා” බව විශාරදයන් බොහෝදෙනෙක් විශ්වාස කරනවා.—The Encyclopedia Americana.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න