විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - දකුණු කොරියාව
2020 ඔක්තෝබර් 26වෙනිදා දකුණු කොරියාව පළමු වතාවට තීරණය කළා හෘද සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයට වෙනත් පොදු සේවයක් කරන්න අවස්ථාව දෙන්න. ඒත් ඒ වගේ සේවයක් කරන්න නියම කරපු කාලය සහ පවරන වැඩ සාධාරණ නැහැ කියලත් ඒක දඬුවමක ස්වාභාවයක් ගන්නවා කියලත් මානව හිමිකම් පිළිබඳ අධිකාරීන් කියනවා. දකුණු කොරියාව වෙනත් පොදු සේවයක් කරන්න නියම කරන කාලය මාස 36ක්. ඒ කියන්නේ හමුදා සේවය කරන්න ඕනෙ කාලය වගේ දෙගුණයක්. ඒක ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට විරුද්ධයි. මොකද ඒ ප්‍රතිපත්තිවලට අනුව කිසිම සාධාරණ පදනමක් නැතුව වෙනත් පොදු සේවයක් කරන්න නියම කරන කාලය, හමුදා සේවය කරන්න නියම කරන කාලය වගේ එකහමාරක ගුණයකට වඩා වැඩි වෙන්න බැහැ. ඒ නිසා දකුණු කොරියාවේ සාක්ෂිකරුවන් කීපදෙනෙක් වෙනත් පොදු සේවයක් කරන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට විරුද්ධව සමහර සාක්ෂිකරුවන් උසාවියට පැමිණිලි කරලත් තියෙනවා. ඒත් 2024 මැයි 30වෙනිදා දකුණු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන් වැඩිදෙනාගේ තීරණය මත ඒ පැමිණිලි ප්‍රතික්ෂේප කළා. මොකද විනිසුරුවන් 9දෙනාගෙන් 5දෙනෙක්ම සාක්ෂිකරුවන්ට විරුද්ධවයි ඡන්දය ප්‍රකාශ කළේ. ඒත් අධිකරණයේ මතය වුණේ “හෘද සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයට මේ වගේ දිගු කාලයක් වෙනත් පොදු සේවයක් කරන්න නියම කරන එක හරියට දඬුවමක් වගෙයි” කියන එක.
අවුරුදු 29ක් වයස වූ ජින් බියොන් විවාහක පුරුෂයෙක්. එයා තමයි හමුදා සේවය වෙනුවට ලබා දුන්න වෙනත් පොදු සේවය ප්‍රතික්ෂේප කරපු නිසා දකුණු කොරියාවේ සිරගත කරපු මුල්ම කෙනා. ඒක එයා ගත්ත පෞද්ගලික තීරණයක්. ඒත් මානුෂීය අයිතීන් උල්ලංගනය වෙන්නේ නැති, සාධාරණ කාලයකට නියම කරන ඕනම වෙනත් පොදු සේවයක් කරන්න එයා කැමතියි කියලා කිව්වත් 2024 ජූලි 24වෙනිදා අධිකරණය අවුරුදු 1 1/2ක සිරදඬුවමක් එයාට නියම කළා. ඒත් 2025 ජූලි 30වෙනිදා දඬුවම් කාලයට කලින්, කොන්දේසි පිට වූ ජින් බියොන්ව නිදහස් කළා. වෙනත් පොදු සේවයක් කරන එක ප්‍රතික්ෂේප කරපු දෙවෙනි කෙනා තමයි ජින් සෙයොන් ලී. එයාටත් 2025 ජූනි 17වෙනිදා සිරදඬුවම් නියම කළා. මේ වෙද්දී එයාගේ දඬුවම් කාලය පටන් අරගෙනයි තියෙන්නේ.
මේ වෙද්දී 14දෙනෙක් පොදු සේවය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එයාලාගෙන් 12දෙනෙක්ගේ නඩු තාම විභාග වෙනවා. එයාලා වරදකරුවන් කියලා තීන්දු වුණොත් එයාලට සිරදඬුවම් නියම වෙනවා. හමුදා සේවය වෙනුවට නිමය කරන පොදු සේවය අසාධාරණ වුණත් මේ වෙද්දී හුඟදෙනෙක් ඒක කරන්න තීරණය කරලා තියෙනවා.
කාල රේඛාව
2025 සැප්තැම්බර් 17
හෘද සාක්ෂිය නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ව හිරේ දැම්මා.
2025 ජූලි 30
වූ ජින් බියොන්ව දඬුවම් කාලය අවසන් වෙන්න කලින් නිදහස් කළා.
2025 ජූනි 17
වෙනත් පොදු සේවයක් කරන එක ප්‍රතික්ෂේප කරපු නිසා ජින් සෙයොන් ලීට මාස 18ක සිරඳඩුවමක් නියම කළා.
2024 ජූලි 24
වෙනත් පොදු සේවය ප්‍රතික්ෂේප කරපු නිසා වූ ජින් බියොන්ට අවුරුදු 1 1/2ක සිරදඬුවමක් නියම කළා.
2022 නොවැම්බර් 10
හමුදා සේවයට කැඳවීම ආවාම වූ ජින් බියොන් හෘද සාක්ෂිය නිසා හමුදා සේවය වගේම වෙනත් පොදු සේවයක් කරන්න අකමැතියි කියලා ලිපියක් මාර්ගයෙන් බලධාරීන්ට දැනුම් දුන්නා.
2020 ඔක්තෝබර් 26
හෘද සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයට වෙනත් පොදු සේවයක් නියම කරන්න දකුණු කොරියාවේ රජය තීරණය කළා.
2018 නොවැම්බර් 1
විනිසුරුවන් 9දෙනාගෙන් 4දෙනෙක් සාක්ෂිකරුවන්ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරපු නිසා දකුණු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා හෘද සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන එක වරදක් නෙමෙයි කියලා.
2018 ජූනි 28
හෘද සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයට වෙනත් පොදු සේවයක් ලබා දෙන සැලැස්මක් නැති එක ගැන දකුණු කොරියාවේ අධිකරණය ප්‍රශ්න කළා.
2016 ඔක්තෝබර් 18
හෘද සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු තුන්දෙනෙක්ව වරදකරුවන් නෙමෙයි කියලා මුල්ම වතාවට ගුවන්ජු අභියාචනාධිකරණය තීන්දු කළා.
2011 අගෝස්තු 30
හෘද සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයට දඬුවම් කරන්න පුළුවන් කියලා අධිකරණය නැවතත් තහවුරු කළා.
2004 අගෝස්තු 26
හෘද සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයට දඬුවම් කරන්න නීතියෙන් අවසර තියෙනවා කියලා අධිකරණය ප්‍රකාශ කළා.
1975
රජය විසින් හමුදා සේවය හැමෝටම අනිවාර්යය කළා.
1973
සිරගත කරපු සාක්ෂිකරුවන්ට වධ හිංසා දෙන්න පටන්ගත්තා. ඒක 1990 ගණන්වල මැද වෙන කල්ම සිද්ධ වුණා.
1953
හෘද සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු සාක්ෂිකරුවෙක්ව මුල්ම වතාවට සිරගත කළා.