ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/06 32 පි.
  • “එය විශිෂ්ටයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “එය විශිෂ්ටයි”
  • 2006 පිබිදෙව්!
2006 පිබිදෙව්!
g 11/06 32 පි.

“එය විශිෂ්ටයි”

අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ජියෝජියාවේ වෙසෙන යුවළක්, බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ගැන විස්තර කළේ ඒ විදිහටයි. වර්ණවත් චිත්‍ර සහිත පිටු 224කින් යුත් ඒ පොත පළ කළේ 2005 වසරේදීයි. “ඕනම කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් සරල බසින් එය ලියා තිබුණත් ඉතා උගත් අයට වුණත් දෙවි ගැන මතු වන ගැඹුරු ප්‍රශ්නවලට ඉන් පිළිතුරු සොයාගන්න පුළුවන්” කියා ඒ යුවළ පැවසුවා.

එහි මාතෘකාව බොහෝදෙනෙකුගේ උනන්දුවට හේතු වී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි යුවළකට සිදු වූ දෙය මෙයට හොඳ නිදසුනක්. මේ යුවළට ෆ්ලොරිඩාවේ පවත්වනු ලැබූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකදී ඒ පොතේ පිටපතක් ලැබුණා. සමුළුවෙන් පසුව ඔවුන් නිවාඩුවක් ගත කිරීම සඳහා බහාමාස් දූපත්වලට ගුවනින් ගියා. ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කරන අතරතුරේදී රේගු නිලධාරිණියක් ඒ පොත දැක්කා. පොතේ තේමාව කියවා ඇය මෙහෙම පැවසුවා. “බයිබලයේ ඉගැන්වීම් තේරුම්ගන්න හුඟ කාලයක ඉඳන් මට ලොකු ආසාවක් තියෙනවා.” ඒ සාක්ෂිකාර යුවළ ළඟ ඒ පොත් තව තිබුණා. ඔවුන් ඒ නිලධාරිණියට පොතක් දුන් විට ඇය ගොඩාක් සතුටු වුණා.

ඊළඟ දවසේ ඒ යුවළම මුහුදු වෙරළේ ඉඳගෙන ඒ පොත කියවමින් සිටියා. එහි වෙළඳාම් කරමින් සිටි කාන්තාවක් එය දුටු විට, ඇයත් බයිබල් ඉගැන්වීම් තේරුම්ගැනීමට උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කළ බව එම යුවළට පැවසුවා. පොතක් ලබාගත හැකිදැයි ඇයත් ඒ යුවළගෙන් ඇසූ විට ඉතිරිව තිබුණ අන්තිම පොත ඇයට දුන්නා. ඇය ප්‍රීතියෙන් ඉපිල ගියා.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත දැන් භාෂා 145කට වඩා වැඩි ප්‍රමාණයකින් ලබාගත හැකියි. දැනටමත් එහි පිටපත් මිලියන 40කටත් වඩා අධික ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙනවා. ඔබත් පිටපතක් ලබාගැනීමට කැමති නම්, මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙම පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න