ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/09 3-4 පි.
  • ඔබ මුදලට වහල් වෙලාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ මුදලට වහල් වෙලාද?
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සතුට ලැබෙන්නේ මුදලින් නොවේ
  • ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි
    2015 පිබිදෙව්!
  • හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?
    බයිබලයෙන් උත්තර
  • මුදල් පරිහරණය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලැබෙන ගාණෙන් පිරිමහගන්න නම්
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 3/09 3-4 පි.

ඔබ මුදලට වහල් වෙලාද?

ඔබ මුදල් ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වෙනවාද? සමහරුන් කොතරම් මුදල් ගැන කරදර වෙනවාද කියනවා නම් එය රෝගයක් බවට පත් වී තිබෙනවා.

එංගලන්තයේ මානසික සෞඛ්‍ය විශේෂඥයෙක් වන රොජර් හෙන්ඩර්සන් පවසන්නේ යමෙක් මුදල් ගැන සිතමින් ඒ ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වෙනවා නම් පහත සඳහන් රෝග ලක්ෂණ ඔහු තුළ දැකිය හැකියි කියායි. හුස්ම ගැනීමේ අපහසුව, හිසරදය, කැරකැවිල්ල, චර්ම රෝග, කෑම අරුචිය, අනිසි බිය සහ නිකරුණේ කෝප වීම යනාදියයි.

මෑත කාලවලදී මිනිසුන්ට ඇති වූ මුදල් ප්‍රශ්න නිසා කනස්සලු තත්වයන්ට පත් වී තිබෙනවා. බොහෝ රටවල ඇති වී තිබෙන ආර්ථික පරිහානිය නිසා රැකියා අහිමි වීම, නිවාස අහිමි වීම හා බැංකු වසා දැමීම නිසා තැන්පත් කළ මුදල් නොලැබීම වැනි ප්‍රශ්නවලට මුහුණ දෙනවා. විශාල මූල්‍ය ආයතන වැසී යනවා. දියුණු රටවල පවා මූල්‍ය ආයතන මුහුණ දී තිබෙන ආර්ථික කඩා වැටීම නිසා ඒවා නඟා සිටු වීමට රජය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම දියුණු වෙමින් පවතින රටවල ආහාර මෙන්ම වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා එය ජනයාගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා.

අනෙක් අතට මුදල් වැඩිපුර තිබෙන විටදී පවා මිනිසුන් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. දකුණු අප්‍රිකාව ඊට එක් උදාහරණයක්. එම රටේ පුවත්පතක (The Witness) මෙසේ සඳහන් වුණා. “මිනිසුන් දැන් වැඩි වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ රැස් කරගැනීමේ ආශාවෙන් දැවෙනවා. ඔවුන් වෙර දරන්නේ තමන්ගේ අවශ්‍යතාවන්ට වඩා වැඩියෙන් රැස් කරගැනීමටයි”. මෙය දකුණු අප්‍රිකාවේ වසංගතයක් වී තිබෙනවා. මෙම වැරදි ආකල්පය නිසා ඔවුන් “වැඩිපුර මුදල් ඉපයීමට, ණය වීමට, නාස්ති කිරීමට, සෑහීමට පත් නොවීමට හා අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කිරීමටද” පෙළඹී තිබෙනවා කියා එම පුවත්පතේ සඳහන් වෙනවා. මුදල් නිසා ඇති වන මෙම කනස්සල්ල අප්‍රිකාවේ ජනයාගේ ජීවිත සම්පූර්ණයෙන්ම අවුල් කිරීමට සමත් වී තිබෙනවා.

ඉන්දියාව දියුණු වෙමින් පවතින රටක්. එම රට මෑතකදී අද්දුටු ආර්ථික පරිහානියට පෙර මහත් සමෘද්ධියක් යම් කාලයක් අද්දැක්කා. පෙර වසරවලට වඩා 2007දී ඉන්දියානු වැසියන්ගේ අතේ මිල මුදල් බොහෝසෙයින් ගැවසුණු අතර ඔවුන්ගේ “මිල දී ගැනීමේ හැකියාව වැඩි වී තිබුණු බව” ඉන්දියානු සඟරාවක (India Today International) වාර්තා වෙනවා. නමුත් එහි බලධාරීන් බියට පත් වූයේ එවැනි සමෘද්ධිමත් තත්වය නොසන්සුන්කමට මෙන්ම සැහැසික ක්‍රියාවලටද මඟ පෑදිය හැකි බවයි.

එම කාල වකවානුවේදී ඇමරිකාවේ තත්වය ගැන දැන් සලකා බලමු. එහි තරුණ අයට ඇති තරම් මිල මුදල් තිබෙන නිසා අවශ්‍ය සෑම සුඛෝපභෝගී භාණ්ඩයක්ම මිල දී ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණා. නමුත් ඔවුන්ගේ ජීවිතවල කිසි සතුටක් තිබුණේ නැහැ. පර්යේෂකයන් පැවසුවේ බොහෝ මිල මුදල් තිබෙන පුද්ගලයන් මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඉක්මනින් ඇබ්බැහි වූ බවයි. ඒ නිසා සමහරෙක් තමන්ගේ ජීවිත නැති කරගැනීමට පවා පෙළඹුණා. එක් අධ්‍යනයකින් පෙන්නුම් කළේ ඇමරිකානුවන්ට කොතරම් මිල මුදල් තිබුණත් ‘තුනෙන් දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ අසතුටෙන්’ කියායි.

සතුට ලැබෙන්නේ මුදලින් නොවේ

ආර්ථික පරිහානියක් තිබෙන කාලයේදී මෙන්ම සමෘද්ධිමත් කාලයේදී ඔබ දුප්පත් වුණත් පොහොසත් වුණත් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකියි. ඒ කෙසේද?

ඊට පිළිතුර මෙම වාර්තාවෙන් (The Meaning of Money) සොයාගත හැකියි. පර්යේෂකයන්ගේ එම වාර්තාවට අනුව “මුදල් හම්බකිරීමට තම ජීවිතයම කැප කරන අයට අවසානයේදී අත් වන්නේ දුක හා මානසික පීඩනයයි. නමුත් මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරමින් ණය බරින් මිදී සිටින අය ගත කරන්නේ තෘප්තිමත් මෙන්ම ප්‍රීතිමත් ජීවිතයක්.”

මුදල් ගැන ඔබ දරන ආකල්පය කුමක්? ලෝකයේ ආර්ථික තත්වය සීඝ්‍රයෙන් වෙනස් වන විට එය ඔබට බලපාන්නේ කෙසේද? ඔබ මුදලට වහල් වෙලාද? ඇත්තයි, අපි හැමෝම කලින් කලට මුදල් පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන නිසා කනස්සල්ලට පත් වෙනවා. නමුත් ඔබ මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරගැනීමෙන් මුදල් පිළිබඳව අනවශ්‍ය ලෙස කනස්සලු වීම මඟහරවාගත හැකියි. එය ඔබේ ජීවිතයේ ප්‍රීතියට දායක වෙයි.

මුදල් නිසි ලෙස පරිහරණය කරන්නේ නැත්නම් . . .

  • මුදල් ගැන කතා කිරීමෙන් කනස්සල්ලක් ඇති වන නිසා ඒ ගැන ඔබ කතා නොකරයි

  • පවුලේ ආරවුල් ඇති වීමට හේතු වෙයි

  • සීමාවක් නැතුව වියදම් කිරීමට පෙළඹෙයි

  • කළ යුතු ගෙවීම් ගැන නිතරම කනස්සල්ලෙන් සිටියි

  • ලබන ආදායම ගැන හරි අවබෝධයක් නොතිබෙයි

  • කොතරම් වියදම් කරනවාද කියා නොදනියි

  • කොපමණ ණය වී සිටිනවාදැයි නොදනියි

  • බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා බිල් පත් ගෙවීමට සිදු වෙයි

  • බොහෝවිට බිල් පත් පියවීම ප්‍රමාද කරයි

  • ක්‍රෙඩිට් කාඩ් පත සඳහා ගෙවන්නේ ඒ සඳහා ගෙවිය යුතු මුදලෙන් අවම මුදලයි

  • බිල්පත් ගෙවීමට අතිකාල සේවයේ නිරත වෙයි

  • ණය ගෙවීමට අලුතින් ණය ලබාගනියි

  • ඉතිරි කර තිබෙන මුදල් එදිනෙදා බිල් පත් ගෙවීමට යොදයි

  • මාසය අවසන් වීමට පෙර අතේ ඇති මුදල් හිඟ වෙයි

  • මුදල් විශාල ප්‍රමාණයක් රැස් කරගැනීමේ අවශ්‍යතාවක් මතු වෙයි

  • මුදල් නිසා ඇති වන කනස්සල්ලෙන් මානසිකවත් ශාරීරිකවත් පීඩා විඳියි

මෙම තොරතුරු ලබාගත්තේ: රොජර් හෙන්ඩර්සන් විසින් රචනා කළ Money Sickness Syndrome, ඇසුරෙනි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න