ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/10 27 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නඩත්තු කළ නොහැකි සෙල්ලම් බඩු
  • ශරීරයේ හැඩය ගැන සැලකිලිමත් සිඟිත්තන්
  • අන්තර්ජාලය හරහා බඩු ගන්නා දරුවන්
  • දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබ දැන සිටිය යුතු දේ
    2008 පිබිදෙව්!
  • උගුලට අසු නොවීමට යෞවනයන්ට උපකාර
    2007 පිබිදෙව්!
  • දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබට කළ හැකි දේ
    2008 පිබිදෙව්!
  • ඔන්ලයින් මිතුරුකම් කමක් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 3/10 27 පි.

දස දෙසින්

“දුම්පානය නොකරන අය හරිම ක්‍රියාශීලියි. එමෙන්ම පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන, අඩුම තරමින් දිනකට එළවළු හෝ පලතුරු පස්වතාවක්වත් අනුභව කරන පුද්ගලයන්ගේ ආයු කාලය එසේ නොකරන අයට වඩා අවුරුදු 14කින් දිගු වන බව සොයාගෙන තිබෙනවා.” එම දත්ත පදනම් වන්නේ පුද්ගලයන් 20,000කගේ සහභාගිත්වයෙන් අවුරුදු 11ක පමණ කාලයක් පුරා කරන ලද අධ්‍යයනයකිනුයි.—UC BERKELEY WELLNESS LETTER, U.S.A.

“මනස සැහැල්ලු කරගැනීමට හොඳම ක්‍රමය පොත් පත් කියවීමයි. විනාඩි හයක් පමණ කියවීමෙන් වුණත් මානසික පීඩනය තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අඩු කරගත හැකියි.”—INDIA TODAY INTERNATIONAL, INDIA.

නඩත්තු කළ නොහැකි සෙල්ලම් බඩු

ඇමරිකාවේ “ආර්ථිකය පහත වැටීම නිසා බෝට්ටු හිමියන් තම බෝට්ටු අත්හැර දැමීමට පටන්ගෙන තිබෙන බව” නිව් යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. සමහරුන් තම බෝට්ටුවල නම් සහ ලියාපදිංචි අංක මකා දමා ඒවා ගිලෙන්න ඉඩ හැර තිබෙනවා. සමහරුන් එසේ කරන්නේ රක්ෂණ වන්දි ලබාගැනීමේ අරමුණ ඇතුවයි. තමන් සතු දේපලවල වටිනාකම එන්න එන්නම පහත වැටීම හේතුවෙන් ඒවා නඩත්තු කිරීමට වැඩි මුදලක් ගෙවීමට ඔවුන්ට නොහැකි නිසා ඒවා අත්හැර දැමීමට ඔවුන් තීරණය කර තිබෙනවා. එම පුවත්පතේ ඒ බෝට්ටු ගැන විස්තර කර තිබුණේ “වටිනාකම අඩු වී ඇති නඩත්තු කිරීමට දුෂ්කර සෙල්ලම් බඩු” ලෙසයි. “ඒවා පාවිච්චි කළ භාණ්ඩ නිසා විකිණීමට සිදු වන්නේ අඩු මිලකටයි. ඒ වගේම ඒවා නඩත්තු කරන්න සහ නතර කර තබන්න ඩොලර් සිය ගණනක් වැය කිරීමට සිදු වෙනවා. ඔවුන් ඒවා නිසියාකාරයෙන් විනාශ කිරීමට තීරණය කළත් ඒ සඳහාද ඩොලර් දහස් ගණනක් වැය කිරීමට සිදු වෙනවා.”

ශරීරයේ හැඩය ගැන සැලකිලිමත් සිඟිත්තන්

වයස අවුරුදු හතරක් තරම් සිඟිත්තන් පවා “තමන්ගේ ශරීරවල හැඩය අද සමාජය විසින් පිළිගත් තත්වයට ගෙන එන්න උත්සාහ කරන” බව වාර්තා වෙනවා. එවැනි සිඟිත්තන් සමඟ කළ අධ්‍යයනයකින් හෙළි වුණේ ගැහැනු ළමයින් තමන්ගේ බර අඩු කරගැනීමටත් පිරිමි ළමයින් තම මස් පිඩු වර්ධනය කරගැනීමටත් උත්සාහ කරන බවයි. “සාමාන්‍යයෙන් එවැනි සැලකිල්ලක් දක්වන්නේ තම ශරීර හැඩය ගැන කනස්සලුවන මව්වරුන්ගේ දරුවන්” බව එම අධ්‍යයනය සිදු කළ අය තවදුරටත් පවසනවා.

අන්තර්ජාලය හරහා බඩු ගන්නා දරුවන්

“එංගලන්තයේ දරුවන්ගෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් තම දෙමාපියන්ගේ අවසරයකින් තොරව අන්තර්ජාලය හරහා බඩු මිල දී ගන්නා බවත් ඒ අයගෙන් භාගයක් එසේ කරන්නේ තම දෙමාපියන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් බවත්” වාර්තා වෙනවා. දෙමාපියන් බඩු මිල දී ගන්නා වෙබ් අඩවි සහ ඒවා මිල දී ගැනීමට භාවිත කරන රහස් අංකයන් දරුවන් දන්නවා. තමන්ගේ අනුදැනුමක් නැතුව දරුවන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිල දී ගන්නවා කියා විශ්වාස කරන්නේ දෙමාපියන්ගෙන් සුළු පිරිසක් පමණයි. දෙමාපියන් සිතනවාට වඩා ‘වැඩි දැනුමක්’ දරුවන්ට තිබෙනවා. ඒ නිසා දරුවන්ගේ එවැනි ක්‍රියා දෙමාපියන්ගේ වේදනාවට හේතුවක් විය හැකියි. අන්තර්ජාලය හරහා මිල දී ගැනීම් කරන දෙමාපියන්ට ලැබෙන උපදෙස නම්: “ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් පත් පිළිබඳව තොරතුරු අන්තර්ජාලයේ යම් ස්ථානවල සඳහන් කිරීමෙන් වළකින්න. එමෙන්ම වෙබ් අඩවිය භාවිත කළ පසු සම්පූර්ණයෙන්ම එයින් ඉවත් වන්න.”—The Daily Telegraph.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න