ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/12 22-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශ
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 3/12 22-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

මෙම පින්තූර දෙකේ ඇති වෙනස්කම් තුනක් සොයන්න. ඔබේ පිළිතුරු පහත ලියන්න. පින්තූර පාට කරන්න.

හෝඩුවාව: 1 සාමුවෙල් 16:1-3, 6-13 කියවන්න.

1 ․․․․․

2 ․․․․․

3 ․․․․․

4. නිවැරදි පින්තූරය කුමක්ද? පළමු එකද, නැත්නම් දෙවෙනි එකද?

සාකච්ඡා කරන්න:

යෙහෝවා දෙවි මිනිසුන් දෙස බලද්දී අවධානය දෙන්නේ කුමකටද? ‘යෙහෝවා දෙවි මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කරනවා’ කීමේදී අදහස් කරන්නේ කුමක්ද?

හෝඩුවාව: යෙරෙමියා 17:10 කියවන්න.

යෙහෝවා දෙවිට මිනිසුන්ගේ පිටාතර පෙනුම වැදගත්ද?

හෝඩුවාව: හිතෝපදේශ 11:22; 31:30; 1 පේතෘස් 3:3, 4 කියවන්න.

දෙවිට ඔබ අගනා කෙනෙක් වීමට ඔබ කුමක් කළ යුතුද?

හෝඩුවාව: ලූක් 10:27; 2 පේතෘස් 1:5-8 කියවන්න.

පවුලම එකතු වන්න:

ගලාති 5:22, 23 කියවන්න. දෙවිගේ බලය කෙනෙකු තුළ ක්‍රියාත්මක වන විට ඇති වන ගුණාංග නවය වෙන වෙනම කොළවල ලියන්න. ඉන් එක කොළයක් එක් කෙනෙකුගේ පිටේ අලවන්න. නමුත් ඒක ඔහුට පෙන්වන්න එපා. ප්‍රශ්න ඇසීම මාර්ගයෙන් ඔහුට ඒ ගුණාංගය හඳුනාගන්න පුළුවන්ද බලන්න. පවුලේ අනික් අයට පිළිතුරු දිය හැක්කේ “ඔව්” හෝ “නැහැ” කියා පමණයි.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 15 දාවිත්

ප්‍රශ්න

අ. දාවිත් සහ යේසුස් ඉපදුණු නගරය කුමක්ද?

ආ. දාවිත් ________ සිටි කාලයේදී නිර්භීත ලෙස ________ සහ ________ මැරුවා.

ඇ. දාවිත් පැවසූ මෙය සම්පූර්ණ කරන්න. “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන . . . ”

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ 1000දී පමණ පොත ලිව්වා

[සිතියම]

බෙත්ලෙහෙමේ සිට යෙරුසලමට ගිය ගමන

බෙත්ලෙහෙම

යෙරුසලම

ගොලියත් සමඟ සටන් වැදුණු ඒලාහ් තැනිතලාව.—1 සාමුවෙල් 17:2

ඒලාහ් තැනිතලාව

දාවිත්

තොරතුරු.

යෙස්සේගේ පුතෙක්. ඊශ්‍රායෙලයේ දෙවෙනි රජ. දක්ෂ සංගීතඥයෙක් මෙන්ම ගීත රචකයෙක්. ඔහු ගීතිකා 73කට වඩා රචනා කළා. ඔහු දෙවිගේ මඟ පෙන්වීම් පැතූ කෙනෙක්. (1 සාමුවෙල් 23:2; 30:8; 2 සාමුවෙල් 2:1) දාවිත් ‘මාගේ සිත සතුටු කරන මිනිසෙක්’ කියා යෙහෝවා දෙවි පැවසුවා.—ක්‍රියා 13:22.

පිළිතුරු

අ. බෙත්ලෙහෙම (යූදාහි).—යොහන් 7:42.

ආ. එඬේරෙක්ව, සිංහයෙක්ව, වලහෙක්ව.—1 සාමුවෙල් 17:34, 35; ගීතාවලිය 78:70, 71.

ඇ. “. . . ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම, ප්‍රීතියෙන් ඔහුට සේවය කරන්න.”—1 ලේකම් 28:9.

ජාතීන් හා දේශ

5. මගේ නම ඔලීවියා. මට අවුරුදු හයයි. මම ජීවත් වෙන්නේ ඉන්දුනීසියාවේ. අපේ රටේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 22,300ක්ද, 42,800ක්ද නැත්නම් 63,900ක්ද?

6. සිතියමේ මගේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. ඒ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

“පවුලේ සැමට” යන පිටුවේ තවත් පිටපතක් ලබාගැනීම සඳහා www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න.

● පිළිතුරු 22වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. එක පින්තූරයක ඉන්නේ එළුවෙක්. අනික් පින්තූරයේ ඉන්නේ එළදෙනක්.

2. එක පින්තූරයක ගැහැනු ළමයෙක් ඉන්නවා, අනික් එකේ නැහැ.

3. එක පින්තූරයක තියෙන්නේ සම් භාජනයක්. අනික් පින්තූරයේ තෙල් දැමූ අඟක්.

4. දෙවෙනි එක.

5. 22,300.

6. 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න