ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/13 14-15 පි.
  • මානසික අවපීඩනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මානසික අවපීඩනය
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මානසික අවපීඩනය කියන්නේ මොකක්ද?
  • වරද කාගෙද?
  • පිළියම මොකක්ද?
  • මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපකාරය පිරිනමන්නේ කෙසේද?
    2001 පිබිදෙව්!
  • සිතට සහනයක්
    සිතට සහනයක්
  • ඔබටත් මෙලෙස හැඟෙනවාද?
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 10/13 14-15 පි.

බයිබලයෙන් පිළිතුරක් | මානසික අවපීඩනය

මානසික අවපීඩනය

මානසික අවපීඩනය කියන්නේ මොකක්ද?

“මාගේ වේදනාව මට දරාගත නොහැකි නිසා මම බිම වැතිර සිටිමි. දවස මුළුල්ලේ මම දුකින් ඇවිද්දෙමි.”—ගීතාවලිය 38:6.

විද්වතුන් කියන්නේ මෙහෙමයි.

හැම කෙනෙක්ම කලින් කලට දුක්බර සිතුවිලිවලින් යටපත් වෙනවා. එවැනි සිතුවිලි දිගු කාලයක් පුරා තියෙනවා නම් හරි එයින් එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් වෙනවා නම් හරි වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇති වන දුක්බර සිතුවිලි සහ මානසික අවපීඩනය ගැන විද්වතුන් විවිධ අදහස් පළ කරනවා. ඒ නිසා මානසික අවපීඩනය මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට නිතරම ඇති වෙන්නේ අශුභවාදී හැඟීම්. තමන්ගේ කිසිම වටිනාකමක් නැහැ, තමන් මොනවා කළත් එහි වරදක් තියෙනවා කියලා නිතරම හිතෙනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

සමහර ස්ත්‍රීන් හා පුරුෂයන්ට කලින් කලට දුක්බර සිතුවිලි ඇති වූ බව බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට හන්නා නැමැති දෙවිගේ සේවිකාව “ඇගේ සිතේ තිබූ ශෝකය නිසා හඬහඬා යෙහෝවා දෙවිට යාච්ඤා කළා” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 1:10) එලියා නැමැති දෙවිගේ සේවකයාට සිතේ ඇති වූ ශෝකය නිසා තමන් මිය ගියා නම් හොඳයි කියලා සිතුණා.—1 රාජාවලිය 19:4.

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට “කලකිරී සිටින අයව සනසවන්න කියා” පවසා තිබුණා. (1 තෙසලෝනික 5:14) මෙයට “යම් අවස්ථාවලදී ජීවිතේ පීඩනකාරී තත්වයන්ට පත් වී සිටින” අයවත් ඇතුළත් කරන්න පුළුවන් කියලා එක පොතක සඳහන් වෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ දෙවිට විශ්වාසවන්තව සිටි ස්ත්‍රීන් හා පුරුෂයන් පවා සමහර අවස්ථාවලදී කලකිරීමට පත් වූ බවයි.

වරද කාගෙද?

“ඇත්තෙන්ම මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටින බව අපි දනිමු.”—රෝම 8:22.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

අපි අසනීප වෙන්නේ අපේ මුල් දෙමාපියන් දෙවියන්ට අකීකරු වූ නිසයි. උදාහරණයකට “මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි. ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ” කියා බයිබල් ලේඛකයෙක් පැවසුවා. (ගීතාවලිය 51:5) ඒ වගේම “එක් මිනිසෙකු [පළමු මිනිසා වූ ආදම්] පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 5:12) අපි ශාරීරිකව හා මානසිකව ලෙඩ වෙන්නේ ආදම්ගෙන් උරුම කරගත් පව්කාරකම නිසයි. බයිබලයේ කියන විදිහට ‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටිනවා.’ (රෝම 8:22) ඒත් බයිබලයේ දෙවි දී තිබෙන පොරොන්දුව නම් සාමය රජයන නව ලොවේදී මානසික අවපීඩනය ඇතුළු සියලුම ලෙඩ රෝග පහ වී යන බවයි. එම පොරොන්දුවෙන් ලැබෙන සහනය කිසිම වෛද්‍යවරයෙකුට දිය නොහැකියි.—එළිදරව් 21:4.

පිළියම මොකක්ද?

“යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.

පිළිතුරු දැනගැනීමේ වැදගත්කම.

අපේ ජීවිතේ සෑම දෙයක්ම අපිට පාලනය කරන්න බැහැ. සමහර වෙලාවට නොසිතූ මොහොතක නොපැතූ දුක්බර දේවල්වලට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. (දේශනාකාරයා 9:11, 12) නමුත් එවැනි තත්වයන් ජීවිතයට බාධාවක් නොවෙන්න නම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

යම් අසනීපයකින් පෙළෙනවා නම් ඊට ප්‍රතිකාර ගැනීමේ වරදක් නැහැ. (ලූක් 5:31) ඒ නිසා මානසික අවපීඩනයකින් පෙළෙනවා නම් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි. යාච්ඤාවත් අමතර උපකාරයක්. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 55:22) එය වෛද්‍ය ප්‍රතිකාරයක් නොවුණත් ‘යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටින’ නිසා ඔහු සමඟ කතා කිරීමෙන් සහනයක් ලබාගන්න පුළුවන්.—ගීතාවලිය 34:18.

සමීප මිතුරෙකුට හිතේ තියෙන දේ කීමෙනුත් සහනයක් ලබන්න පුළුවන්. (හිතෝපදේශ 17:17) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන ඩැනියෙලා මෙහෙම කියනවා. “මම අවුරුදු ගාණක් තිස්සේ මගේ ලෙඩේ ගැන කා එක්කවත් කතා කරන්න කැමති වුණේ නැහැ. ඒත් මගේ සාක්ෂිකාර යාළුවෙක් මට ළං වෙලා මගේ ලෙඩේ ගැන එයත් එක්ක කතා කරන්න මාව පෙලඹුවා. යාළුවත් එක්ක කතා කෙරුවට පස්සේ මට ලොකු සහනයක් ලැබුණා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න