මුල් පිටුවෙන් | කනගාටුදායක සිදුවීම්වලට මුහුණ දෙන්නේ කොහොමද?
හදිස්සියේම ලෙඩ වුණොත් . . .
ආර්ජන්ටිනාවේ ජීවත් වන මේබල් ක්‍රියාශීලී ජීවිතයක් ගත කළ කායික චිකිත්සකවරියක්. 2007දී ඇයට නිතර නිතර හිසරදයක් සහ අසාමාන්‍ය විදිහට මහන්සියක් දැනෙන්න පටන්ගත්තා. ඇය ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මම දොස්තරලා කිහිපදෙනෙක් ළඟට ගියා. එක එක බෙහෙත් බිව්වා. ඒත් කිසිම පලක් වුණේ නැහැ.” අන්තිමේදී MRI ස්කෑන් එකකින් ඇයට මොළයේ ගෙඩියක් තියෙනවා කියලා හෙළි වුණා. “මෙච්චර කාලයක් මෙහෙම දෙයක් එක්ක තමයි මම ජීවත් වෙලා තියෙන්නෙ කියලා හිතද්දී මට අදහාගන්න බැරි වුණා.
“සැත්කම කළාට පස්සේ තමයි මට තිබුණේ කොච්චර බරපතළ ලෙඩක්ද කියලා තේරුණේ. මට සිහිය එද්දී මම හිටියේ දැඩිසත්කාර ඒකකයේ. දුවලා පැනලා වැඩ කරපු මට දැන් මුකුත් කරගන්න බැහැ. මට සිද්ධ වුණේ සිවිලිම දිහා බලාගෙන ඉන්නයි. ඒ කාලේ පුරාම මට ඇහුණේ මෙෂීන්වල සද්දෙයි, ලෙඩ්ඩු වේදනාවෙන් කෙඳිරිගාන සද්දෙයි විතරයි.
“දැන් මට ටිකක් හොඳයි. කාගේවත් උදව්වක් නැතුව දැන් මට ඇවිඳින්න පුළුවන්. ඉඳලා හිටලා මම ගෙයින් එළියටත් යනවා. ඒත් මට තාම පැහැදිලිව පේන්නේ නැහැ. මගේ මාංශ පේශීත් තාම හරියට වැඩ කරන්නෙ නැහැ.”
දරාගන්නේ කොහොමද?
මානසිකව දුර්වල වෙන්න එපා. බයිබලයේ හිතෝපදේශ 17:22 කියන්නේ “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි” කියලයි. මේබල් මෙහෙම කිව්වා. “මගේ ළඟට ආපු ලෙඩ්ඩු ව්‍යායාම් කළේ ලොකු වේදනාවකින්. දැන් මමත් ඉන්නේ එයාලගේ තත්වේ නිසා මටත් ඒ වේදනාව දැනෙනවා. සමහර වෙලාවට ව්‍යායාම් නොකර ඉන්න හිතුණා. ඒත් ව්‍යායාම් කරන එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා හිතලා ඒ සිතුවිල්ල නැති කරගන්න මම උත්සාහ කළා.”
බලාපොරොත්තුවක් ඇති කරගන්න. “අපිට මේ වගේ කනගාටුදායක දේවල් වෙන්නේ ඇයි කියලත් අපි දවසින් දවස ළං වෙන්නේ දුක වේදනාව නැති කාලයකටයි කියලත් මම බයිබලයෙන් දැනගෙන හිටියා.”a
දෙවියන් ඔබ ගැන සැලකිලිමත් වන බව මතක තියාගන්න. (1 පේතෘස් 5:7) මේබල් ඒ ගැන මෙහෙම කිව්වා. “මාව සැත්කමට ගත්ත වෙලාවේ ‘භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි’ කියලා යෙසායා 41:10 යෙහෝවා දෙවි කියලා තියෙන දේ මට මතක් වුණා. මගේ තත්වය ගැන යෙහෝවා දෙවිත් දන්නවා කියලා හිතපු එකෙන් මට ලොකු සහනයක් දැනුණා.”
ඔබ දන්නවාද? මිනිසුන් ලෙඩවලින් පීඩා විඳින්නේ නැති කාලයක් ඉදිරියේදී එන බව බයිබලයේ සඳහන් වෙනවා.—යෙසායා 33:24; 35:5, 6.
a වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න.