ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/14 14-15 පි.
  • පිරිසිදුකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පිරිසිදුකම
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ශරීරය පිරිසිදුව තියාගන්න ඕනේ ඇයි?
  • පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න ඕන වෙනත් පැති මොනවාද?
  • බයිබලයේ තියෙන ප්‍රතිපත්ති පිළිපදින්න අමාරුද?
  • යහපත් ක්‍රියා සඳහා පවිත්‍ර කරන ලද සෙනඟක්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි ප්‍රේම කරන්නේ පවිත්‍ර අයටයි
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • හරි වැරැද්ද: ඔයාම ගන්න ඕනෙ තීරණයක්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ‘දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන දේ’
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 11/14 14-15 පි.
සබන් දාලා අත හෝදන කෙනෙක්

බයිබලයෙන් පිළිතුරක්

පිරිසිදුකම

ශරීරය පිරිසිදුව තියාගන්න ඕනේ ඇයි?

“මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.” —2 කොරින්ති 7:1.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“මාගේ ආඥා මුළු හදවතින්ම පිළිපදින්න. එවිට ඔබ බොහෝ කල් සමාදානයෙන් ජීවත් වනු ඇත” කියලා අපිව නිර්මාණය කරලා තියෙන දෙවියන් කියනවා. (හිතෝපදේශ 3:1, 2) ඔහු මිනිසුන්ට ආදරෙයි. අපි නිරෝගීව දිගු කාලයක් සතුටින් ජීවත් වෙනවා දකින්න ඔහු කැමතියි. ඒ බව පිරිසිදුකම සහ සනීපාරක්ෂාව ගැන ඊශ්‍රායෙල් ජාතියට දුන් නීතිවලින් පැහැදිලි වෙනවා. (ද්විතීය කතාව 23:12-14) එවැනි නීති නොතිබුණු ඊජිප්තුවරුන් වැනි වෙනත් ජාතීන් ලෙඩ රෝග හා වසංගතවලින් පීඩා විඳිද්දී දෙවියන්ගේ නීතිවලට කීකරු වුණු ඊශ්‍රායෙල්වරුන් ලෙඩ රෝගවලින් ආරක්ෂා වුණා.—ද්විතීය කතාව 7:12, 15.

දුම්බීම, බේබදුකම, මත්ද්‍රව්‍ය ගැනීම වැනි ‘ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වෙනවා’ නම් අද වුණත් ශාරීරික හා මානසික රෝගවලින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන්. ඒ විතරක් නෙමෙයි අකාලයේ මිය යන්නෙත් නැහැ. ඒ වගේම අපි දෙවියන් කියලා තියෙන විදිහට පිරිසිදු ජීවිතයක් ගත කරනවා නම් අපි අනිත් අය ගැනත් සැලකිලිමත් කියලා පෙන්වනවා.—මාක් 12:30, 31.

පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න ඕන වෙනත් පැති මොනවාද?

“වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි. ඒ දේවල් කරන අයට විරුද්ධව දෙවිගේ උදහස පැමිණෙනු ඇත.”—කොලොස්සි 3:5, 6.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ශාරීරිකව විතරක් නෙමෙයි මානසිකවත් පවිත්‍රව ඉන්න අවශ්‍යයි. යේසුස්ගේ කාලයේ හිටිය ආගමික නායකයන් ශාරීරික පිරිසිදුකම ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වුණා. ඒත් සදාචාරමය ජීවිතයක් ගත කිරීම ගැන සහ දෙවියන් පිළිගන්නේ මොන වගේ නමස්කාරයක්ද කියන එක ගැන සැලකිලිමත් වුණේ නැහැ. (මාක් 7:1-5) යේසුස් ඔවුන්ව මෙහෙම නිවැරදි කළා. ‘කන බොන දේවලින් මිනිසෙකු අපවිත්‍ර වන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද? මන්ද එය කටින් ඇතුල් වූ විට එය එම තැනැත්තාගේ බඩට ගිය පසු ඔහු වැසිකිළියට ගොස් ඒවා බැහැර කර දමයි. මිනිසෙකු අපවිත්‍ර වන්නේ ඔහුගේ ඇතුළාන්තයෙන් නික්මෙන දේවල්වලිනුයි. මන්ද ඇතුළාන්තයෙන් එනම්, මිනිසුන්ගේ සිතින් හානිකර සිතුවිලි නික්මෙයි. උදාහරණයක් වශයෙන් වේශ්‍යාකම, සොරකම, මිනී මැරීම, අනාචාරය, තණ්හාව, දුෂ්ට ක්‍රියා, වංචාව, නින්දිත හැසිරීම, ඊර්ෂ්‍යාවෙන් බැලීම, තම මතයේ එල්බගෙන සිටීම යනාදි සියල්ල නික්මෙන්නේ සිතිනුයි. මිනිසෙකු අපවිත්‍ර වන්නේ ඒ දේවලිනුයි.’—මාක් 7:18-23.

යේසුස් කිව්ව දෙයින් පැහැදිලි වෙන්නේ සදාචාරය හා නමස්කාරය සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති නොසලකා, ශාරීරික පිරිසිදුකම ගැන විතරක් හිතන එක වැරදියි කියලයි. එහෙම කරන අය හරියට ඇතුළතින් අපිරිසිදු පිටතින් විතරක් පිරිසිදු භාජන වගෙයි.—මතෙව් 23:25, 26.

බයිබලයේ තියෙන ප්‍රතිපත්ති පිළිපදින්න අමාරුද?

“දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.”—1 යොහන් 5:3.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

මීකා 6:8 මෙහෙම කියනවා. “සාධාරණව ක්‍රියා කරන්න. ප්‍රේමයෙන් කටයුතු කරන්න. ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න. යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.” ඒක අමාරු ඉල්ලීමක් නෙමෙයි. දෙවියන් ඒ දේ කරන්න කියලා බල කරන්නෙත් නැහැ. ඔහුට තියෙන ආදරය නිසා අපි ඒ දේ කරනවා දකින්නයි ඔහු කැමති. ඒකෙන් අපිටත් සතුටක් ලැබෙනවා. (ගීතාවලිය 40:8) “පියෙකු තම පුත්‍රයන්ට දයාව දක්වන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා කෙරෙහි ගරුබිය ඇති අයට දයාව දක්වන්නේය. ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය” කියලා බයිබලයේ කියනවා. ඒ නිසා අපි අතින් වරදක් වුණත් ඔහුගේ දයාව නිසා අපිට සමාව ලබාගන්න පුළුවන්.—ගීතාවලිය 103:13, 14.

පිරිසිදුකම සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්තිවලින් ඔහුගේ යහපත්කමත් අපිට තියෙන ආදරයත් දැකගන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න තීරණය කරනවා නම් අපි නැණවත් අය කියලත් දෙවියන්ට ඇත්තටම ආදරෙයි කියලත් පැහැදිලි වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න