ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/15 10-11 පි.
  • රටවල් වෙන් කළ නියෝග

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රටවල් වෙන් කළ නියෝග
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රටවල් වෙන් කළ රජවරුන් හා පාප්වරුන්
  • නියෝගය වෙනස් වෙයි
  • දෙවියන්ගේ නාමයෙන් කළ තර්ජනයක්
    2013 පිබිදෙව්!
  • අන්ත දුගීබවේ සිට උතුම්ම ධනවත්කම දක්වා
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රෝමයට අමතක නොවන පාප් Viවන ඇලෙක්සැන්ඩර්
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේශ සීමා බාධාවක් නොවෙයි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 3/15 10-11 පි.

අතීතයෙන් සටහනක්

රටවල් වෙන් කළ නියෝග

හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප්වරයා

ක්‍රිස්ටෝෆර් කොලොම්බස් 1493දී ඇමරිකානු රටවල් සොයාගත්තට පස්සේ ඒ රටවල්වල අයිතිය ලැබෙන්නේ කාටද කියන එක ගැන පෘතුගාලය හා ස්පාඤ්ඤය අතර ලොකු මත ගැටුමක් ඇති වුණා. මේ ගැටුම විසඳගන්න ස්පාඤ්ඤය පිහිට පැතුවේ හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප්වරයාගෙන්.

රටවල් වෙන් කළ රජවරුන් හා පාප්වරුන්

අලුත් රටවල් අයිති වෙන්නේ කාටද කියන එක තීරණය කළේ ස්පාඤ්ඤය, පෘතුගාලය හා පාප්වරුන්. 1455දී පස්වෙනි නිකලස් පාප්වරයා අප්‍රිකාවේ අත්ලාන්තික් වෙරළ තීරයේ තියෙන රටවල් ගවේෂණය කරන්න හා ඒවායේ සම්පත් අයිති කරගන්න පෘතුගාලයට අවසර දුන්නා. ඒත් පස්සේ කාලයකදී එනම් 1479දී පෘතුගාලයේ පස්වෙනි අෆොන්සෝ සහ ඔහුගේ පුත් ජෝන් කුමාරයා ගිවිසුමක් මගින් කැනරි දූපත් ස්පාඤ්ඤයට පැවරුවා. එහෙම කරන්න ඇසෝරස්, කේප් වර්ඩ් දූපත්, මැඩීරා යන අප්‍රිකාව අවට රටවල් සම්බන්ධයෙන් පෘතුගාලයට මොන තරම් අධිකාරියක් තියෙනවාද කියලා ස්පාඤ්ඤය තේරුම්ගත්තා. ඉන් අවුරුදු දෙකකට පස්සේ ඔවුන්ගේ ඒ ගිවිසුම හතරවෙනි සික්ස්ටස් පාප්වරයා සනාථ කළා. ඒත් කැනරි දූපත් අවට දකුණින් හා නැඟෙනහිරින් සොයාගන්න අලුත් රටවල්වල අයිතිය ඔහු පෘතුගාලයට පැවරුවා.

කොලොම්බස් සොයාගත් රටවල් අයිති වෙන්න ඕනේ තම රටට කියලා පෘතුගාලයේ ජෝන් කුමාරයා හෙවත් දෙවෙනි ජෝන් රජු පැවසුවත් ස්පාඤ්ඤය ඒකට විරුද්ධ වුණා. ඒ නිසා ඒ රටවල ජනපද පිහිටුවන්නත් මිනිසුන්ව ක්‍රිස්තියානි කරන්නත් තමන්ට අයිතිය ලබා දෙන්න කියලා ස්පාඤ්ඤය අලුත් පාප්වරයා වන හයවෙනි ඇලෙක්සැන්ඩර්ගෙන් ඉල්ලා සිටියා.

හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප්වරයා එක ඉරකින් රටවල් වෙන් කළා

ඒකට පිළිතුරක් හැටියට ඇලෙක්සැන්ඩර් නියෝග තුනක් නිකුත් කළා. පළවෙනි එකෙන් ඔහු ප්‍රකාශ කළේ අලුත් රටවල්වල අයිතිය හිමි වෙන්නේ ස්පාඤ්ඤයට කියලයි. දෙවෙනි නියෝගයේදී ඔහු ලෝක සිතියමේ කේප් වර්ඩ් දූපත්වල සිට කිලෝමීටර් 560ක් බටහිරට වෙන්න උතුරේ සිට දකුණට ඉරක් ඇඳලා ඉරෙන් බටහිරට වෙන්න තිබුණු සියලුම රටවල් ස්පාඤ්ඤයට පැවරුවා. ඒ රටවල් අතරට ඒ වෙනකොට සොයාගෙන තිබුණු හා අලුතින් සොයාගන්න දූපත් හැම එකක්ම අයිතියි. ඒ විදිහට හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප්වරයා එක ඉරකින් රටවල් වෙන් කළා. තුන්වෙනි නියෝගයට අනුව ස්පාඤ්ඤයට අයිති ප්‍රදේශය නැඟෙනහිරෙන් ඉන්දියාව දක්වා විහිදී ගියා. ඒත් පාප්වරයාගේ ඒ තීරණය ගැන පෘතුගාලයේ ජෝන් රජ සතුටු වුණේ නැහැ. ඒකට හේතුව ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වුණේ ඉන්දියානු සාගරය අවට රටවල් යටත් කරගැනීමයි. මොකද ඔවුන් ඒ වෙද්දීත් අප්‍රිකාවේ තුඩුව දක්වා තිබුණු රටවල් අත්පත් කරගෙන තිබුණා.

නියෝගය වෙනස් වෙයි

ඇලෙක්සැන්ඩර්ගේa තීරණ ගැන අසතුටු වුණු ජෝන් ඒ ගැන ස්පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ් රජ සහ ඉසබෙලා බිසව එක්ක කෙළින්ම කතා කළා. ඒ ගැන විලියම් බර්න්ස්ටයින් නම් කතෘවරයා කිව්වේ “පෘතුගීසින් දරුණු නිසාත් කොලොම්බස් සොයාගත් අලුත් රටවල්වල වැඩත් එක්ක ඔවුන් කාර්යබහුල වෙලා හිටපු නිසාත් ස්පාඤ්ඤයේ පාලකයන් ගිවිසුමකට එන්න කැමති වුණා” කියලයි. 1494දී ටෝර්ඩසිලාස් නම් ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ ඒ විදිහටයි.

ටෝර්ඩසිලාස් ගිවිසුමට අනුව ඇලෙක්සැන්ඩර් කලින් ලකුණු කරපු රේඛාව තවත් කිලෝමීටර් 1,480ක් බටහිර දෙසට ගෙන ගියා. ඒ ගිවිසුමෙන් අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් පෘතුගාලයට අයිති වුණු අතර කොළොම්බස් සොයාගත් රටවල් ස්පාඤ්ඤයට අයිති වුණා. ලෝකය වෙන් කරපු රේඛාව තවත් බටහිරට ගෙන ගිය නිසා පසු කාලයේදී බ්‍රසීලය වගේ රටවල් අයිති වුණෙත් පෘතුගාලයටයි.

නියෝග අතකොළුවක් කරගෙන රටවල් අයිති කරගන්න ගිය ස්පාඤ්ඤය හා පෘතුගාලය විශාල ලේ වැගිරීම් කළා. ඔවුන් ඒ රටවල්වල හිටපු මිනිසුන් ගැන කිසිම තැකීමක් කළේ නැහැ. ඔවුන්ගේ සම්පත් සූරා කෑවා. ඒ විතරක් නෙමෙයි ඒ නියෝග සියවස් ගණනාවක් පුරා ඇති වුණු ගැටුම්වලටත් මුල පිරුවා.

a මේ පාප්වරයා ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2003 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ 26-29 පිටුවල සඳහන් “රෝමයට අමතක නොවන පාප් VIවන ඇලෙක්සැන්ඩර්” යන ලිපිය බලන්න.

තොරතුරු බිඳක්

  • අලුත් රටවල් සොයාගෙන යන ගමනේදී ක්‍රිස්තියානි නොවන අයව ක්‍රිස්තියානි කරන්න කියා පාප්වරුන් ස්පාඤ්ඤයට හා පෘතුගාලයට අණ කළා.

  • 1493දී හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප්වරයා අත්ලාන්තික් සාගරය මැදින් සීමාවක් සටහන් කර එයින් බටහිර පැත්තේ රටවල සම්පූර්ණ අයිතිය ස්පාඤ්ඤයට පැවරුවා.

  • අලුතින් සොයාගත් රටවල්වල අයිතිය තමන් අතට ගන්න ඇලෙක්සැන්ඩර් සහ වෙනත් අය දුන් නියෝග ස්පාඤ්ඤය පාවිච්චි කළා.

  • පාප්වරයා බෙදා දුන් රටවල්වල අයිතිය තහවුරු කරගන්න යුරෝපීය ජාතිකයන් සියවස් ගණනාවක් සටන් කළා.

“යුරෝපයේ මාන්නය”

දෙකඩ කරලා තියෙන ලෝක සිතියමක්

“රෝමයේ පාප්වරයා මුළු ලෝකයම දෙකට බෙදුවේ යුරෝපයේ රටවල් දෙකක් නිසයි. ඒක යුරෝපයේ මාන්නය මැනවින් පෙනුණු එක් අවස්ථාවක්” කියලා බානබි රොජසන් යන කතෘවරයා කිව්වා. ඒ වගේම ඔහු කිව්වේ පාප්ගේ නියෝගය හරියට “අධිරාජ්‍යයන් පිහිටුවන්න සටන් ආරම්භ කරන්න දීපු සංඥාවක් වගේ” කියලයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න