නිර්මාණයක්ද?
තෙල් මට්ටු කරන ක්ෂුද්‍ර ජීවීන්
මෙක්සිකානු බොක්කේ තිබුණු තෙල් අට්ටාලයක 2010දී සිදු වුණ පිපිරීමක් නිසා බොර තෙල් බැරල් මිලියන 5ක් විතර මුහුදට කාන්දු වුණා. ඒත් මාස කීපයක් ඇතුළත ඒ තෙල්වලින් විශාල ප්‍රමාණයක් නැති වුණේ කොහොමද?
මේ ගැන සිතන්න: තෙල් හොයාගෙන ගිහින් තෙල්වල තියෙන කාබන් අණු වෙන් කරන්න මුහුදේ ඉන්න බැක්ටීරියා විශේෂයකට පුළුවන් කියලා පර්යේෂකයන් හොයාගත්තා. ඒ නිසයි මහාචාර්ය ටෙරී හේසන් මේ ක්ෂුද්‍ර ජීවීන්ව “තෙල් විනාශ කරන මිසයිල” කියලා හැඳින්නුවේ. මෙක්සිකානු බොක්කට කාන්දු වුණු තෙල් අඩු වෙලා යන්න බොහෝදුරට උදව් වුණෙත් ඒ ක්ෂුද්‍ර ජීවීන්.
ඒ ගැන BBC ප්රවෘත්ති සේවය මෙහෙම වාර්තා කළා. “ස්වාභාවිකවම මුහුදු පත්ලෙන් ජලයට තෙල් එකතු වෙනවා. ඒ නිසා ඒවා විනාශ කරන ක්ෂුද්‍ර ජිවීන් මුහුදේ ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.” අවුරුදු බිලියන ගණනක් පුරා ඒ විදිහට ජලයට තෙල් එකතු වුණත් මුහුදේ තෙල් දකින්න නැත්තේ ඒ ක්ෂුද්‍ර ජීවීන් නිසයි.
තෙල් ඉවත් කරන්න මිනිස්සු ලොකු වෑයමක් දැරුවත් ඒකට පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය නිසා හුඟක් වෙලාවට වෙන්නේ යහපතකට වඩා අයහපතක්. උදාහරණයකට රසායනික ද්‍රව්‍ය නිසා ක්ෂුද්‍ර ජීවීන්ගෙන් වෙන කාර්යයට වගේම ස්වාභාවිකව තෙල් ඉවත් කරන වෙනත් ක්‍රමවලටත් බාධා ඇති වෙනවා. ඒ වගේම රසායනික ද්‍රව්‍ය විෂ සහිත නිසා පරිසරයටත් හානි වෙනවා. ඒත් ක්ෂුද්‍ර ජීවීන් සහ වෙනත් ස්වාභාවිකව තෙල් ඉවත් කරන ක්‍රමවලින් නම් පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ.a
ඔබේ නිගමනය කුමක්ද? තෙල් ඉවත් කරන ක්ෂුද්‍ර ජීවීන්ට ඒ හැකියාව ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය නිර්මාණයක්ද?
a මෙක්සිකානු බොක්කේ තෙල් කාන්දුව නිසා මුහුදු ජීවීන්ට අනාගතයේදී මොනවා වෙයිද කියලා දැන්මම කියන්න බැහැ.