ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/15 14-15 පි.
  • අසනීප කෙනෙක්ට උදව් කරද්දී . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසනීප කෙනෙක්ට උදව් කරද්දී . . .
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රෝහලේදී . . .
  • මානසික පීඩනයට ලක් වන වෛද්‍යවරු
    2005 පිබිදෙව්!
  • මිය යන මොහොතේ සැනසීම
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට තෝරා ගැනීමට අයිතියක් ඇත
    ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද?
  • දිගටම ඉවසන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 10/15 14-15 පි.

අසනීප කෙනෙක්ට උදව් කරද්දී . . .

“තාත්තාව ගෙදර ගේන්න කලින් අපි රුධිර පරීක්ෂණයේ වාර්තාව ආයෙත් ටිකක් බලන්න කියලා ඩොක්ටර්ට කිව්වා. තාත්තාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කලින් කිව්වට ආයෙත් වාර්තාව බැලුවාම ඒකෙ තිබුණු දේවල් දෙකක් හොඳ තත්වයක තිබුණේ නැහැ කියලා ඩොක්ටර් දැක්කා. ඔහු අපෙන් සමාව ඉල්ලලා ආයෙත් තාත්තාට ප්‍රතිකාර කළා. දැන් තාත්තට හොඳයි. ඒත් එදා ඩොක්ටර්ගෙන් ඒ වගේ අහපු එක ගැන අද අපි ගොඩක් සතුටු වෙනවා.”—මෙරිබල්.

රෝග ලක්ෂණ හා ගන්න බෙහෙත් ගැන ලියාගන්න සැමියාට උදව් කරන බිරිඳක්

වෛද්‍යවරයා ළඟට යන්න කලින් රෝග ලක්ෂණ ගැන, ගන්න බෙහෙත් ගැන ලියාගන්න

රෝගියෙක්ට වෛද්‍යවරයෙක් ළඟට යන එක, රෝහලක ඉන්න එක ලේසි නැහැ. ඒ වගේ වෙලාවකදී යාළුවෙක්ගේ, නෑදෑයෙකුගේ උදව් ලැබෙන එක කොච්චර වටිනවාද කියලා මෙරිබල්ගේ අද්දැකීමෙන් පේනවා. සමහර අවස්ථාවලදී ඒකෙන් ජීවිත පවා බේරෙනවා. අසනීප කෙනෙක්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

වෛද්‍යවරයා හමු වෙන්න කලින්: රෝග ලක්ෂණ ගැන, දැනටමත් ගන්න බෙහෙත් ගැන, වෛද්‍යවරයාගෙන් අහන්න තියෙන ප්‍රශ්න ලියාගන්න කියලා රෝගියාට කියන්න. පවුලේ කෙනෙක්ට ඒ වගේ අසනීපයක් තියෙනවාද කියලා හිතලා බලන්නත් උනන්දු කරන්න. අසනීපේ ගැන වෛද්‍යවරයා හැම තොරතුරක්ම අහයි කියලා හිතලා තොරතුරු නොකියා ඉන්න එපා.

යුවළක් වෛද්‍යවරයාව හමු වෙන්න ගිය වෙලාවේ සටහන් ගන්න බිරිඳක්

අවධානයෙන් ඉන්න. කාරුණිකව ප්‍රශ්න අහන්න. සටහන් කරගන්න

වෛද්‍ය උපදෙස් ලබාගනිද්දී: වෛද්‍යවරයා කියන හැම දේම රෝගියාට වගේම ඔයාටත් හොඳින් තේරෙන්න ඕනේ. වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න අහන්න රෝගියාට ඉඩ හරින්න. සාකච්ඡාවට හොඳින් සවන් දීලා අවශ්‍ය දේවල් ලියාගන්න. ප්‍රතිකාර කරන්න පුළුවන් ක්‍රම ගැනත් අහලා දැනගන්න. සමහරවිට තවත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න කියලා රෝගියාට කියන්නත් වෙයි.

වෛද්‍යවරයාගේ උපදෙස් නැවත සලකා බලන යුවළක්

වෛද්‍ය උපදෙස් හා බෙහෙත් ගන්න විදිහ ගැන මතක් කරන්න

උපදෙස් ලබාගත්තාට පස්සේ: වෛද්‍යවරයා කියපු දේවල් ආයෙත් මතක් කරලා දෙන්න. හරි මාත්‍රාවට, කියලා තියෙන විදිහටම බෙහෙත් ගන්න කියලා කියන්න. ඒ වගේම බෙහෙත් ගද්දී අපහසුතාවක් දැනෙනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයා හම්බ වෙන්න කියලත් කියන්න. බෙහෙත් වෙනස් කළ යුතු විදිහ, නැවත වෛද්‍යවරයා හමු වීමට යන්න ඕන දිනය වගේ දේවල් ගැනත් මතක් කරන්න. රෝගය ගැන වැඩි විස්තර හොයලා දැනගන්න උදව් කරන්නත් ඔබට පුළුවන්. සුව වෙයි කියන ආකල්පය ඇතුව බෙහෙත් ගන්න කියලත් රෝගියාට උනන්දු කරන්න.

රෝහලේදී . . .

රෝහලේ ඇඳක ඉන්න කාන්තාවක් හා එයා වෙනුවෙන් කෙනෙක් වෛද්‍යවරයාට කතා කරමින්

ලියකියවිලි නිවැරදිව පුරවලා තියෙනවාද කියලා බලන්න

සන්සුන්ව, අවධානයෙන් ඉන්න. රෝහලකට ඇතුල් වෙද්දී රෝගියෙක් ඉන්නේ ලොකු පීඩනයකින්. සන්සුන්ව අවශ්‍ය උදව් ලබා දෙනවා නම් ඔයාට පුළුවන් අනිත් අයටත් සන්සුන් වෙන්න උදව් කරන්න. අතපසු වීම් වළක්වගන්නත් ඒක උදව්වක්. රෝගියෙක් ඇතුල් කිරීමේදී පුරවන්න තියෙන ලියකියවිලි නිවැරදිව පුරවලා තියෙනවාද කියලා බලන්න. රෝගියාට තමන් කැමති ප්‍රතිකාර ක්‍රමයක් ලබාගන්න තියෙන අයිතියට ගරු කරන්න. ඔහු ඉන්නේ අසාධ්‍ය තත්වයක නම් ඔහු ලබාගන්න කැමති අකමැති ප්‍රතිකාර ගැන දැනුම් දීලා තියෙන තොරතුරු වෛද්‍යවරයාට කියන්න. එහෙම නැත්නම් ඔහුගේ ළඟම ඥාතියෙකුගෙන් හෝ වෛද්‍ය කාරණාවලදී ඔහුට උදව් කරන කෙනෙකුගෙන් ඒ ගැන අහන්න.a

කාන්තාවක් හා එයා වෙනුවෙන් කතා කරන කෙනා රෝහලේ නිලධාරිනියක් එක්ක කතා කරමින්

රෝගියාගේ යම් වෙනසක් දැක්කොත් ඒ ගැන ඉක්මනින් දැනුම් දෙන්න

මුල් වෙලා වැඩ කරන්න. බය නැතුව කතා කරන්න. ඔයා පිළිවෙළකට ඇඳ පැළඳගෙන ඉන්නවා නම්, හොඳ පුරුදු තියෙනවා නම් ඔයාගේ රෝගියා ගැන රෝහලේ අය වැඩි සැලකිල්ලක් දක්වයි. සාමාන්‍යයෙන් රෝගියා බලන්න වෛද්‍යවරුන් කීපදෙනෙක් එන නිසා කලින් අය කියපු දේ මතකයේ තියාගෙන අනිත් වෛද්‍යවරුන්ටත් කියන්න. රෝගියාගේ යම් වෙනසක් දැක්කොත් ඒ ගැනත් ඉක්මනින් දැනුම් දෙන්න.

රෝහලේ ඇඳක ඉන්න කාන්තාවක් හා ඇය වෙනුවෙන් කෙනෙක් හෙදිය සමඟ කතා කරමින්

බාධාවක් නොවෙන විදිහට උදව් කරන්න

ගෞරවය හා අගය පෙන්වන්න. රෝහලේ වැඩ කරන අය ඒ සේවය කරන්නේ ලොකු පීඩනයකින්. ඒ අය ඔයාට කාරුණිකව සලකනවාට ඔයා කැමති නම් ඔයාත් ඒ අයට කාරුණිකව සලකන්න. (මතෙව් 7:12) ඔවුන් පුහුණුවක් ලැබූ අද්දැකීම් තියෙන අය නිසා ඔවුන්ගේ හැකියාවන් සැක කරන්න එපා. ඔවුන් දරන වෑයම අගය කරනවා නම් ඔවුනුත් උපරිමය කරන්න පෙලඹෙයි.

කවුරුත් ලෙඩ වෙන එක වළක්වන්න අපිට බැහැ. ඒත් යාළුවෙකුට නෑයෙකුට අසනීපයක් වුණ වෙලාවක අපි අවශ්‍ය උපකාර දෙනවා නම් ඒ තත්වයට සාර්ථකව මුහුණ දෙන්න ඔවුන්ට පුළුවන් වෙයි.—හිතෝපදේශ 17:17.

a රෝගියෙක්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන විදිහ රටින් රටට වෙනස්. රෝගියා ලබාගන්න කැමති ප්‍රතිකාර ගැන පැහැදිලි විස්තරයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ලියවිලි ළඟකදී ලියපු ඒවා වෙන්නත් ඕනේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න