ඔබට තෝරා ගැනීමට අයිතියක් ඇත
වත්මන් වෛද්‍ය එළඹීමක් (අවදානම⁄ප්‍රයෝජන විග්‍රහය නමින් හැඳින්වෙන) රුධිර චිකිත්සාව වැළැක්වීමෙහිලා වෛද්‍යවරුන්ටත් රෝගීන්ටත් සහයෝගීව කටයුතු කිරීම පහසු කරවයි. යම් ඖෂධයක නැතහොත් ශල්‍යකර්මයක අවදානම් හා ඉන් විය හැකි ප්‍රයෝජන වැනි සාධක වෛද්‍යවරු සසඳා බලති. මෙවන් විග්රහයක රෝගීන්ටත් හවුල් විය හැකිය.
ස්ථාන බොහොමයක ජීවත් වන ජනයාට පහසුවෙන් තේරුම් ගතහැකි එක් උදාහරණයක්—එනම් නිදන්ගත සෙම්ගෙඩි ප්‍රදාහය—අපි ගනිමු. ඔබට මෙම ගැටලුව තිබුණේ නම්, බොහෝ දුරට ඔබ වෛද්‍යවරයෙක් වෙත යන්නට පුළුවන. ඇත්ත වශයෙන්ම, සෞඛ්‍ය විශේෂඥයන් බොහෝ විට දෙවන අදහස් විමසුමක් කරන ලෙස නිර්දේශ කරන නිසා, ඔබට දෙදෙනෙකුගෙන් විචාරන්නට පුළුවන. එක් කෙනෙක් ශල්‍යකර්මයක් කිරීම නිර්දේශ කළ හැක. ඔහු එය අදහස් කරන දෙය පැහැදිලිව විස්තර කරයි: රෝහලක ඉන්නට සිදුවිය හැකි කාලය, වේදනාවේ ප්‍රමාණය හා වියදම. අවදානම් ගත් කල, සාමාන්‍යයෙන් දැඩි රුධිර ගැලීමක් සිදුනොවන බවත් එවන් ශල්‍යකර්මයකින් මිය යෑම කලාතුරකින් සිදුවන්නක් බවත් ඔහු පවසයි. එහෙත් දෙවන අදහස් දැක්වීමක් කරන වෛද්‍යවරයා ප්‍රතිජීවක චිකිත්සාව අත්හදා බලන ලෙස ඔබව උනන්දු කරයි. ඔහු ඖෂධයේ වර්ගය, ඉන් සුවය ලැබීමට ඇති හැකියාව හා ඒ සඳහා යන වියදම විස්තර කරයි. අවදානම සම්බන්ධයෙන් ගත් කල, එම ඖෂධයෙන් ජීවිතයට තර්ජනයක් වන ආකාරයට ප්‍රතික්‍රියාවලට ගොදුරුවන්නේ රෝගීන් ස්වල්ප දෙනෙක් බව ඔහු පවසයි.
සමර්ථකම් ඇති එක් එක් වෛද්‍යවරයා බොහෝ දුරට අවදානම් මෙන්ම ප්‍රයෝජනද සලකා බලා ඇතත්, දැන් ඔබ එම අවදානම් හා විය හැකි ප්‍රයෝජනත්, එමෙන්ම ඔබ හොඳින් දන්නා වෙනත් සාධකත් සලකා බැලිය යුතුය. (ඔබගේ චිත්තවේගී හා ආත්මික ශක්තිය, පවුලේ මූල්‍ය තත්ත්වය, පවුල කෙරෙහි ඇති බලපෑම හා ඔබගේම ආචාර ධර්ම වැනි පැති සලකා බැලීමට හොඳම තත්ත්වයේ සිටින්නේ ඔබය.) අනතුරුව ඔබ තෝරා ගැන්මක් කරන්නෙහිය. ඇතැම් විට ඔබ එක් චිකිත්සාවකට දැනුවත් අනුමැතිය දෙනමුත්, අනෙක ප්‍රතික්ෂේප කරන්නෙහිය.
නිදන්ගත සෙම්ගෙඩි ප්‍රදාහය තිබුණේ ඔබගේ දරුවාට නම් තත්ත්වය ඒ හා සමාන වනු ඇත. එහි අවදානම්, ප්‍රයෝජන හා චිකිත්සාවන්, ඍජු බලපෑමක් ලබන හා ප්‍රතිඵල සමඟ කටයුතු කිරීමේ වගකීම දරන ඔබට, එනම් ප්‍රේමනීය මව්පියන්ට පැහැදිලිව විස්තර කෙරෙනු ඇත. සියලුම පැති සලකා බැලීමෙන් පසු, ඔබට ඔබගේ දරුවාගේ සෞඛ්‍යය මෙන්ම ඇතැම් විට ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පවා සම්බන්ධ වන මෙම කාරණය පිළිබඳව දැනුවත් තේරීමක් කරන්නට පුළුවන. ඇතැම් විට ඔබ අවදානම් තිබියදීත්, ශල්‍යකර්මයට එකඟ වන්නට පුළුවන. වෙනත් දෙමාපියන් එහි අවදානම් තිබියදීත්, ප්‍රතිජීවක තෝරා ගන්නට පුළුවන. වෛද්‍යවරුන් තමන්ගේ අවවාද සම්බන්ධයෙන් වෙනස් වන්නාසේ, රෝගීන් නැතහොත් දෙමව්පියන්ද තමන්ට වඩාත් යහපත් යයි හැඟෙන දේ සම්බන්ධයෙන් වෙනස් වෙති. මෙය දැනුවත් (අවදානම⁄ප්‍රයෝජන) තේරීමක් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි අංග ලක්ෂණයක් වේ.
රුධිරය පාවිච්චි කිරීම ගැන කුමක් කිව හැකිද? පක්ෂවාදීකමක් නොමැතිව විෂය බද්ධ කාරණා පරීක්ෂා කරන්නා වූ කිසිවෙකුට රුධිර ප්‍රවේශන මහත් අවදානමකින් යුත් යමක් බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. විශාල වූ මැසචූසෙට්ස් මහා රෝහලේ ප්‍රවේශන සේවාවේ අධ්‍යක්ෂක වෛද්‍ය චාල්ස් හගන්ස්, මෙය මනාව පැහැදිලි කළේය: “රුධිරය දැන් මීට පෙර කිසිකලෙකටත් වඩා ආරක්ෂාකාරිය. එහෙත් එය නොවැළැක්විය හැකි ලෙසින් ආරක්ෂාකාරි නොවන යමක්සේ සැලකිය යුතුය. අප වෙදකමේ පාවිච්චි කරන වඩාත්ම අන්තරාදායක ද්‍රව්‍යය එයයි.”—ද බොස්ටන් ග්ලෝබ් මැගසීන්, 1990, පෙබරවාරි 4.
වෛද්‍යවරුන්ට මෙසේ අවවාද කර ඇත්තේ හොඳ හේතු ඇතිවය: “රුධිර ප්‍රවේශනයේ ප්‍රයෝජන⁄ අවදානම හා බැඳි අවදානම නමැති පැත්තද යළි තක්සේරු කර විකල්පයන් සෙවීම අත්‍යවශ්‍යය.” (ඇල අකුරු අපේය.)—පෙරියොපෙරටිව් රෙඩ් සෙල් ට්රාන්ස්ෆියූෂන්, ජාතික සෞඛ්‍ය ආයතනවල සම්මේලනය, 1988 ජූනි 27-29.
රුධිරය පාවිච්චි කිරීමේ ප්‍රයෝජන හෝ අවදානම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් එකඟ නොවනවා විය හැක. කෙනෙක් ප්‍රවේශන බොහොමයක් දෙමින්, එහි අවදානම් තිබුණත් ඉන් සිදුවන යහපත කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්නට පුළුවන. තවත් කෙනෙක්, රුධිරය පාවිච්චි නොකර හොඳ ප්‍රතිඵල ලැබීම හේතුවෙන්, එසේ අවදානම්වලට නිරාවරණය වීම යුක්තිසහගත නොවන්නේ යයි කල්පනා කරන්නට පුළුවන. අවසානයේ, කෙසේ නමුත්, තීරණය කළ යුත්තේ රෝගියා වන ඔබ නැතහොත් දෙමව්පියන් වන, ඔබය. ඔබ එසේ කළ යුත්තේ මන්ද? ඊට හේතුව ඔබගේ (නැතහොත් ඔබගේ දරුවාගේ) ශරීරය, ජීවිතය, ආචාර ධර්ම මෙන්ම, දෙවියන්වහන්සේ සමඟ ඇති අතිශයින් වැදගත් සබඳතාව ඊට සම්බන්ධව ඇති හෙයිනි.
ඔබගේ අයිතිවාසිකම පිළිගනු ලැබේ
අදදින බොහෝ තැන්වල, තමන් කිනම් ප්‍රතිකාරයක් පිළිගන්නේ දැයි තීරණය කිරීමට රෝගියාට උල්ලංගනය කළ නොහැකි අයිතියක් ඇත. දැනුවත් අනුමැතිය නමැති නීතිය පූර්වාවයව දෙකක් මත පදනම්ව ඇත: පළමුව නිර්දේශිත ප්‍රතිකාරය පිළිබඳව දැනුවත් තේරීමක් කිරීමට ප්‍රමාණවත් තොරතුරු ලබා ගැනීමේ අයිතියක් රෝගියාට ඇත; එමෙන්ම දෙවැන්න, වෛද්‍යවරයාගේ නිර්දේශය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ රෝගියාට තේරීමක් කළ හැකිය. . . . නැත, මෙන්ම ඔව් කීමට, ඇතැම් විට කොන්දේසි ඇතිව පවා ඔව් කීමට අයිතියක් රෝගියාට ඇතැයි කල්පනා නොකෙරේ නම්, දැනුවත් අනුමැතිය සඳහා තිබෙන පදනම බොහෝ දුරට අතුරුදහන්වී යයි.”—ඉන්ෆෝම්ඩ් කොන්සෙන්ට්—ලීගල් තියරි ඇන්ඩ් ක්ලිනිකල් ප්‍රැක්ටිස්, 1987.a
ඇතැම් රෝගීහු සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන්නට වෑයම් කළ විට ඊට විරෝධතාවලට මුහුණදී ඇත්තාහ. එසේ විරුද්ධත්වය පළ වූයේ ශල්‍යකර්මයක් තුළින් සෙම්ගෙඩි ඉවත් කිරීම සම්බන්ධයෙන් හෝ ප්‍රතිජීවක සම්බන්ධයෙන් හෝ බලවත් හැඟීම් ඇති මිත්රයෙකුගෙන් විය හැකිය. එසේත් නැතහොත් වෛද්‍යවරයෙකු තමාගේ අවවාදය හරි යයි ඒත්තුගෙන සිටියා විය හැක. රෝහල් නිලධාරියෙකු නීතික හෝ මූල්‍ය හේතු මත පදනම්ව ඇතැම් විට සිය විරුද්ධත්වය පවා පළකරන්නට ඇත.
“සන්ධ්යාස්ථික විශේෂඥයෝ බොහෝ දෙනෙක් [සාක්ෂිකාර] රෝගීන් මත ශල්‍යකර්ම කිරීමට කැමති නොවෙති” යයි වෛද්‍ය කාර්ල් එල්. නෙල්සන් පවසයි. “ඕනෑම වෛද්‍ය චිකිත්සාවක් ප්‍රතික්ෂේප කිරීමට රෝගියාට අයිතියක් ඇතැයි අපි විශ්වාස කරමු. ප්‍රවේශනයක් වැනි, යම් සුවිශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් බැහැර කරමින්, ආරක්ෂාකාරි ලෙස ශල්‍යකර්මයක් කිරීමට තාක්ෂණිකව හැකියාවක් පවතී නම්, එවිට එය විකල්පයක් හැටියට තෝරා ගත හැකි යමක්සේ පැවතිය යුතුය.”—ද ජර්නල් ඔෆ් බෝන් ඇන්ඩ් ජොයින්ට් සර්ජරි, 1986 මාර්තු.
සැලකිලිමත්ව ක්‍රියාකරන රෝගියෙක් වෛද්‍යවරයා අදක්ෂව සිටින චිකිත්සාවක් උපයෝගි කරන්නට වෛද්‍යවරයෙකුට බල කරන්නට යන්නේ නැත. වෛද්‍ය නෙල්සන් සඳහන් කළ පරිදි, කැපවීමකින් කටයුතු කරන වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුට කෙසේ හෝ, රෝගියාගේ විශ්වාසයන්ට අනුකූල වන පරිදි කටයුතු කරන්නට පුළුවන. එක්තරා ජර්මානු නිලධාරියෙක් මෙසේ අවවාද කළේය: “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් සමඟ වෛද්‍යමය විකල්පයන් සියල්ලම උපයෝගි කිරීමට තමාට බලයක් නැතැයි තර්ක කරමින්, . . . වෛද්‍යවරයෙකුට උපකාර කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකිය. උපකාරය සඳහා ඔහුට විවෘතව ඇති ප්‍රස්තා අඩු විට පවා, උපකාර කිරීමට ඔහුට තවදුරටත් යුතුකමක් ඇත.” (ඩර් ෆ්රවුනාර්ස්ට්, 1983 මැයි-ජූනි) සමානාකාරයෙන්, රෝහල් පවතින්නේ නිකම්ම මුදල් ඉපයීමට නොව නමුත් අගතියකින් තොරව සියලු දෙනාට සේවය කිරීමටය. කතෝලික දේවවේදි රිචර්ඩ් ජේ. ඩෙවීන් මෙසේ පවසයි: “රෝගියාගේ ජීවිතය හා සෞඛ්‍ය ආරක්ෂා කිරීමට හැකි අන් සෑම වෛද්‍යමය වෑයමක්ම රෝහල විසින් දැරිය යුතු වුවද, වෛද්‍ය ප්‍රතිකාර [ඔහුගේ] හෘදය සාක්ෂිය උල්ලංගනය නොකිරීමට එය සහතික විය යුතුය. වැඩි දුරටත් රෝගියාව ඉච්චාවෙන් කැමති කරවා ගැනීමේ පටන්, රෝගියා කෙරෙහි රුධිර ප්‍රවේශනය බල කර සිටීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා බව කියමින් ඔහුව නම්මා ගැනීම දක්වා සියලු ආකාර බලාත්කාරය එය මඟ හැරිය යුතුය.”—හෙල්ත් ප්රෝග්රෙස්, 1989 ජූනි.
අධිකරණය වෙනුවට
පෞද්ගලික වෛද්‍ය ප්‍රශ්න සඳහා අධිකරණය ස්ථානයක් නොවන බවට බොහෝ දෙනෙක් එකඟවෙති. ඔබ ප්‍රතිජීවක චිකිත්සාවක් තෝරාගත් නමුත් ශල්‍යකර්මයෙන් සෙම්ගෙඩි ඉවත් කරන ලෙස ඔබට බලකර සිටීමට වෙනත් අයෙක් අධිකරණයට ගියේ නම් ඔබට හැඟෙන්නට යන්නේ කෙසේද? තමාට හොඳම යයි සිතන ප්‍රතිකාරය ඔබට සැපයීමට වෛද්‍යවරයෙකුට වුවමනා වන්නට පුළුවන් වුවත් ඔබගේ මූලික අයිතිවාසිකම් පාගා දැමීමට නීතියෙන් යුක්තිසහගත හේතුවක් ඉල්ලා සිටීමට ඔහුට යුතුකමක් නැත. තවද බයිබලය රුධිරයෙන් වැළකී සිටීම, වේශ්‍යාකමින් වැළකී සිටීම මෙන් එකම සදාචාර තලයේ තබන බැවින්, ක්‍රිස්තියානියෙකු කෙරෙහි රුධිරය බලකර සිටීම, බලකර ලිංගික සංවාසයෙහි යෙදීම—එනම් ස්ත්‍රී දූෂණය කිරීම—හා සමාන වනු ඇත.—ක්‍රියා 15:28, 29.
එහෙත්, ඉන්ෆෝම්ඩ් කොන්සෙන්ට් ෆෝ බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් (1989) වාර්තා කරන පරිදි, තම ආගමික අයිතිවාසිකම් නිසා යම් අවදානමක් පිළිගැනීමට රෝගියෙකු සිය කැමැත්ත පළ කරනවිට, සමහර අධිකරණ කොතරම් කලබල වනවාද කිවතොත්, රුධිර ප්‍රවේශනයක් සිදුකිරීමට අවසර දීම සඳහා “ඔවුන් යම් ආකාරයේ නීතික ව්‍යතිරේක ගොතති—වෙනත් වදන්වලින් කිවතොත් නීතික ප්‍රබන්ධ කථා ගොතති. ගැබ්ගෙන සිටීමක් අදාළව පවතී නැතහොත් රැකබලා ගැනීමට දරුවන් සිටිනවා යයි පවසමින් ඒ සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන් වෑයම් කරනවා විය හැක. “ඒවා නීතික ව්යතිරේකවේ” යයි එම පොත පවසයි. “සමත් වැඩිහිටියන්ට ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්නට අයිතියක් ඇත.”
රුධිර ප්‍රවේශනයක් කරන ලෙස බලකර සිටින ඇතැම් අය, සාක්ෂිකරුවන් සියලු චිකිත්සාවන් ප්‍රතික්ෂේප නොකරන බවට වූ සත්‍යය නොසලකා හරිති. ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ, අන්තරාවන්ගෙන් ගහණව පවතින බව විශේෂඥයන් පවා පවසන එක් චිකිත්සාවක් පමණකි. සාමාන්‍යයෙන් වෛද්‍ය ගැටලුවක් ආකාර ගණනාවකින් පාලනය කර ගත හැකිය. එකකට මෙයාකාර අවදානමක් තිබිය හැකි අතර තවත් එකකට වෙනත් ආකාරයක අවදානමක් තිබෙන්නට පුළුවන. “ඔබට වඩාත් හොඳ වන්නේ” කොයි අවදානමට ගොදුරු වීම දැයි අධිකරණයකට හෝ වෛද්‍යවරයෙකුට තානායනුකූලව (හිතුමතේ) දැනගත හැකිද? එය නිශ්චය කළ යුතු තැනැත්තා ඔබය. තමන් වෙනුවෙන් වෙනත් යමෙක් තීරණය නොකළ යුතු යයි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ස්ථිරව සිටිති; එය දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුන්ගේ පෞද්ගලික වගකීමක් වන්නේය.
අධිකරණය ඔබ කෙරෙහි පිළිකුල් කටයුතු ප්‍රතිකාරයක් බලකර සිටියේ නම්, මෙය ඔබගේ හෘදය සාක්ෂියටත්, ජීවත්වීමට ඇති ඔබගේ අධිෂ්ඨානයේ අතිවැදගත් සංඝටකයටත් බලපානු ඇත්තේ කෙසේද? වෛද්‍ය කොන්රඩ් ඩ්රෙබින්ගර් ලිව්වේ මෙසේය: “රෝගියාගේ හෘදය සාක්ෂිය නිෂ්ප්‍රභ කොට, ඕනෑම චිකිත්සාවක් පිළිගැනීමට ඔහුව බලකිරීමට යමෙකුව මඟ පෙන්වන දේ, නොමඟ ගොස් ඇති වෛද්‍ය අභිලාෂයක් බව සහතිකවම පැවසිය හැකි අතර, මෙහිදී ඔහුට කායික වශයෙන් සාත්තු කළද ඔහුගේ මනෝ ධාතුවට (ප්‍රාණයට) මරණීය පහරක් එල්ල කරනවා හා සමානය.”—ඩර් ප්රාක්ටීෂර් ආර්ස්ට්, 1978 ජූලි.
දරුවන් සඳහා ප්‍රේමනීය සාත්තුව
රුධිරය සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ නඩු මූලිකව පැවැත්වෙන්නේ දරුවන් සම්බන්ධයෙනි. ප්‍රේමනීය මව්පියන් රුධිරය නොමැති ප්‍රතිකර්ම පාවිච්චි කරන ලෙස ගෞරවනීයව ඉල්ලා ඇති අවස්ථාවන්හි, ඇතැම් වෛද්‍ය කාර්ය මණ්ඩල රුධිරය දීම සඳහා අධිකරණයේ අනුබලය සොයා ඇත්තාහ. ඇත්ත වශයෙන්ම, දරුවන්ව අනිසි ලෙස භාවිතා කිරීම හෝ නොසලකා හැරීම වැළැක්වීමට වූ නීති හෝ අධිකරණ ක්‍රියාවන් සමඟ ක්‍රිස්තියානිහු එකඟ වෙති. ඇතැම් මව්පියන් දරුවෙකුව කෲර ලෙස සැලකූ බවත් සියලුම වෛද්‍ය ප්‍රතිකාර ඔහුගෙන් වැළැක්වූ අවස්ථා සම්බන්ධ සිද්ධීනුත් ඔබ ඇතැම් විට කියවා තිබෙන්නට පුළුවන. මොනතරම් ඛේදනීය දෙයක්ද! රජය නොසලකා හරින ලද දරුවෙක්ව ආරක්ෂා කිරීමට මැදිහත් විය යුතු බව ඉතා පැහැදිලිය. එහෙත්, සැලකිල්ල දක්වන දෙමාපියෙක් උසස් තත්ත්වයේ රුධිරය නොමැති වෛද්‍ය චිකිත්සාවක් ඉල්ලා සිටින විට එය ඊට වඩා කොතරම් වෙනස් දැයි දැකීම පහසුය.
මෙම නඩු සාමාන්‍යයෙන් රෝහලක සිටින දරුවෙකු කෙරෙහි යොමුව පවතී. එම දරුවා එතැනට පැමිණියේ කෙසේද, තවද මන්ද? හැම අවස්ථාවකම වාගේ සැලකිල්ල දක්වන දෙමාපියන් සිය දරුවා ගෙනාවේ ගුණයෙන් ඉහළ ප්‍රතිකාර ලබා ගැනීමටය. යේසුස්වහන්සේ දරුවන් කෙරෙහි සැලකිල්ල දැක්වූ ආකාරයටම, ක්‍රිස්තියානි දෙමව්පියෝ සිය දරුවන්ට සැලකිල්ල දක්වති. ‘කිරිමවක් ඇගේම දරුවන් ආදරයෙන් රැකබලා ගැනීම’ ගැන බයිබලය කථා කරයි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සිය දරුවන්ට එවන් ගැඹුරු ප්‍රේමයක් ඇතුව සිටිති.—1 තෙසලෝනික 2:7, NW; මතෙව් 7:11; 19:13-15.
සියලුම දෙමව්පියන් තම දරුවන්ගේ ආරක්ෂාවට හා ජීවිතයට බලපාන තීරණ ගැනීම ස්වාභාවිකය: නිවස උණුසුම් කිරීමට පවුලේ අය භාවිතා කරන්නේ තෙල්ද නැතහොත් ගෑස්ද? ඔවුන් දීර්ඝ රිය ගමනක් සඳහා දරුවෙකුව ගෙන යනු ඇද්ද? ඔහුට පිහිනීමට අවසර දෙනවාද? මෙවන් කාරණාවන්ට අවදානම්, ජීවිතය හා මරණය සම්බන්ධ ඒවා පවා සම්බන්ධ වී තිබෙන්නට පුළුවන. එහෙත් සමාජය දෙමව්පියන්ගේ විචාර බුද්ධිය පිළිගන්නා බැවින්, සිය දරුවන්ට බලපාන සියලු තීරණයන්හිම වාගේ දෙමාපියන්ගේ හඬට ප්‍රධාන තැනක් ලැබේ.
වර්ෂ 1979දී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව මෙසේ ප්‍රකාශ කළේය: “පවුල පිළිබඳ නීතියේ සංකල්පය රැදී පවතින්නේ, ජීවිතයේ බැරෑරුම් තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරවන විනිශ්චය කිරීමේ හැකියාව සඳහා මේරූභාවයෙන්, අද්දැකීමෙන් හා සමත්කමෙන් දරුවෙකුට නොමැති දෙය මව්පියන්ට හිමිව ඇති බවට වූ විශ්වාසය මතය. . . . [වෛද්‍ය කාරණා සම්බන්ධයෙන්] මව්පියෙකුගේ තීරණයට අවදානම් සම්බන්ධවී තිබීම නිසාම එම තීරණ ගැනීමට ඇති බලය දෙමාපියා වෙතින් යම් ආයතනයකට හෝ රජයේ නිලධාරියෙකුට නිරායාසයෙන් පැවරෙනවා නොවේ.”—පාර්හම්ට එදිරිව J.R.
එම වසරේදීම නිව් යෝක්හි අභියාචනාධිකරණය මෙවන් රීතිමය නියමයක් කළේය: “දරුවෙකුට ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු නොලැබේ දැයි නිශ්චය කිරීමෙහිලා වඩාත්ම වැදගත් සාධකය වනුයේ . . . ඒ අවස්ථාවේ පැවති සියලු තත්ත්වයන් හමුවේ එම දෙමාපියන් සිය දරුවාට පිළිගත හැකි වෛද්‍ය ප්‍රතිකාර මාලාවක් ලබාදී තිබේද යන්නය. මෙම විමසුම එම මව්පියා ‘හරි’ හෝ ‘වැරදි’ තීරණයක් ගෙන තිබේද යන්න මත හැඩගැස්විය නොහැකිය, මන්දයත් වත්මන් වෛද්‍ය කර්මය එතරම් පුළුල් දියුණුවක් ලබා ඇතත්, එවන් නිශ්චිත නිගමනයක් කිරීමට ඉතා කලාතුරකින් අවස්ථාව සලසන බැවිනි. එසේම අධිකරණයකට අන්වාදේශ මව්පියෙකුගේ කාර්යභාරය පවරා ගැනීමටද නොහැකිය.—හොෆ්බාවර් පිළිබඳව.
ශල්‍යකර්මය හා ප්‍රතිජීවක අතර තෝරා ගැන්මක් කරන දෙමාපියන් පිළිබඳව උදාහරණය සිහිපත් කරන්න. එක් එක් චිකිත්සාවකට ඊට ආවේනික අවදානම් තිබෙන්නට පුළුවන. ප්‍රේමනීය දෙමාපියන්ට, අවදානම්, ප්‍රයෝජන හා වෙනත් සාධක කිරා මැන බලා ඉන් අනතුරුව තෝරා ගැනීමක් කිරීමේ වගකීම තිබේ. මේ සම්බන්ධයෙන්, වෛද්‍ය ජෝන් සැමුවල්ස් (ඇනස්තීසියෝලජි නියූස්, 1989 ඔක්තෝබර්) ගයිඩ්ස් ටු ද ජජ් ඉන් මෙඩිකල් ඕර්ඩර්ස් එෆෙක්ටිං චිල්ඩ්රන් (දරුවන්ට බලපාන වෛද්‍ය නියෝගයන්හිදී විනිශ්චයකරුට මඟ පෙන්වීම්) නැවත සලකා බැලීමක් යෝජනා කළේය. එය ගත් නිල ස්ථාවරය මෙයයි:
“තමාගේ රෝගියා ජීවත් වනු ඇද්ද හෝ මිය යනු ඇද්ද යන්න සාධාරණ සහතිකකමකින් වෛද්‍යවරයෙකුට පුරෝකථනය කිරීමට හැකියාව සැලසීමට වෛද්‍ය දැනුම ප්‍රමාණවත් නොවේ . . . ගත යුතු ක්‍රියා මාර්ගය පිළිබඳව තෝරාගැනීමක් කළ යුතුව තිබේ නම්—උදාහරණයක් හැටියට, වෛද්‍යවරයා සියයට 80ක් සාර්ථක වීමේ හැකියාවක් ඇති ක්‍රියා පිළිවෙළක් නිර්දේශ කරනමුත් එය එම දෙමාපියන් අනුමත නොකරන්නේ නම්, ඇරත් සියයට 40ක් පමණක් සාර්ථක වීමේ හැකියාවක් ඇති ක්‍රියා පිළිවෙළකට එම දෙමාපියන් විරුද්ධ නොවන්නේ නම්—එම වෛද්‍යවරයා වෛද්‍යමය වශයෙන් අවදානම් සහිත වනමුත් දෙමව්පියන්ගේ පැත්තෙන් විරුද්ධත්වයක් නොමැති ක්‍රියා මාර්ගය ගත යුතුමය.”
රුධිරය වෛද්‍යමය වශයෙන් පාවිච්චි කිරීමේදී බොහෝ මාරාන්තික උපද්‍රව මතු වී ඇති නිසාත්, තත්ත්වය පාලනය කිරීමට ඵලදායී විකල්ප ක්‍රම තිබෙන නිසාත්, රුධිරය පාවිච්චි නොකර සිටීම වඩාත් අඩු අවදානම් සහිත යමක් විය නොහැකිද?
තම දරුවාට ශල්‍යකර්මයක් අවශ්‍ය නම්, ක්‍රිස්තියානින් බොහෝ සාධක සලකා බැලීම ස්වාභාවිකය. රුධිරය පාවිච්චි කළත් නැතත්, සෑම ශල්යකර්මයකටම අවදානම් ඇත. සහතිකයන් ලබා දෙන්නේ කොයි ශල්‍ය වෛද්‍යවරයාද? දක්ෂ වෛද්‍යවරුන් සාක්ෂිකාර දරුවන් කෙරෙහි රුධිරය නොමැතිව කදිම සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව දෙමාපියන් දැන සිටින්නට පුළුවන. එනිසා වෛද්‍යවරයෙක් හෝ රෝහල් නිලධාරියෙක් වෙනත් යම් ප්‍රතිකර්මයක් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන විට වෙහෙසකර හා කාලය වැයවන නීතික අරගලයක් ඇති කරනවා වෙනුවට, ඔවුන් ප්‍රේමය දක්වන මව්පියන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම සාධාරණ නොවේද? එසේත් නැතහොත් මෙවන් අවස්ථා සමඟ ක්‍රියා කිරීමට වැඩි අද්දැකීම්ලත් සේවක පිරිසක් සිටින, එමෙන්ම එසේ කිරීමට කැමැත්තෙන් සිටින වෙනත් රෝහලකට දෙමව්පියන් සිය දරුවාව මාරු කරන්නට පුළුවන. ඇත්ත වශයෙන්ම, රුධිරය නොමැති ක්‍රම භාවිතා කිරීම, අප මුලින් සඳහන් කළ පරිදි “සුදුසු වූ වෛද්‍ය හා වෛද්‍ය නොවූ ඉලක්කයන් අත්කර ගැනීමට” පවුලට උපකාර කළ හැකි බැවින්, එය බොහෝ දුරට ගුණදායක ප්‍රතිකාරයක් වනු ඇත.
[පාදසටහන්වල]
a උපග්‍රන්ථයේ පිටු 30-1හි නැවත මුද්‍රණය කර ඇති “රුධිරය: කාගේ තේරීමක්ද, එමෙන්ම කාගේ හෘදය සාක්ෂියද?” යන වෛද්‍ය ලිපිය බලන්න.
[18වන පිටුවේ කොටුව]
නීත්‍යානුකූල වගකීම්වලින් නිදහස්වීම
‘ඇතැම් වෛද්‍යවරුන් හා රෝහල්, රුධිරය දීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට ඉක්මන් වන්නේ මන්ද?’ යයි ඔබ කල්පනා කරන්නට පුළුවන. ඇතැම් ස්ථානවල පොදු හේතුවක් වන්නේ තමන්ට පැවරෙන වගකීම පිළිබඳව දැනෙන බියයි.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් රුධිරය භාවිතා නොකරන චිකිත්සාවන් තෝරාගන්නා විට එවන් සැලකිල්ලක් සඳහා පදනමක් නැත. ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය පාසලේ (එක්සත් ජනපදයේ) වෛද්‍යවරයෙක් මෙසේ ලියයි: “[සාක්ෂිකරුවන්] වැඩි දෙනෙක් වෛද්‍යවරුන් හා රෝහල් වගකීමෙන් මුදා හරින අමෙරිකානු වෛද්‍ය සංගමයේ ආකෘති පත්‍රය මහත් කැමැත්තෙන් අත්සන් කරන අතර, බොහෝ දෙනෙක් වෛද්‍ය විපරමක් [පත්‍රයක්] නිතර තමන් සතුව තබාගනිති. නිසි ආකාරයට දිනය යොදා අත්සන් කරන ලද ‘රුධිර නිෂ්පාදිතයන් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන’ ආකෘති පත්‍රයක් ගිවිසුම් සහිත එකඟත්වයක් වන අතර නීතිමය වශයෙන් වලංගුය.—ඇනස්තීසියොලජි නියූස්, 1989 ඔක්තෝබර්.
එසේය, තමන් ඉල්ලා සිටින රුධිර නොවන චිකිත්සාවන් සපයන වෛද්‍යවරයාට හෝ රෝහලට, වගකීම භාර ගැනීම අවශ්‍ය නොවන බව නීති ප්‍රකාර සහතිකයක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සහයෝගීව ඉදිරිපත් කරති. වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශිත ආකාරයට, සෑම සාක්ෂිකරුවෙක්ම වෛද්‍ය ලියවිලි පත්‍රයක් තමා සමඟ රැගෙන යන්නේය. මෙය වාර්ෂිකව අලුත් කරනු ලබන අතර එම තැනැත්තා විසින්ද බොහෝ විට ඔහුගේ ඉතා කිට්ටු ඥාතීන් වන සාක්කිකරුවන් විසින්ද අත්සන් කරනු ලැබේ.
වර්ෂ 1990 මාර්තු මාසයේදී, කැනඩාවේ, ඔන්ටේරියෝ ශ්‍රේෂ්ඨාධිකරණය මෙවන් ලියවිල්ලක් මත, අනුමත කරන ස්වභාවයෙන් අදහස් දැක්වූ තීන්දුවක් තහවුරු කළේය: “එම පත්‍රිකාව වනාහි එය සතුව සිටින තැනැත්තා වෛද්‍යවරයා සමඟ ඇති ගිවිසුම [කෙරෙහි] ලිඛිත තහනමක් පැනවීම පිණිස නීත්‍යානුකුලව ගත හැක්කකි, වලංගුවන ස්ථාවරයක ලිඛිත ප්‍රකාශයක් වේ.” මෙඩිසින්ස්ක් එටික් (1985) ග්‍රන්ථයේ මහාචාර්ය ඩැනියල් ඇන්ඩර්සන් මෙසේ ලිව්වේය: “තමා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් බවත්, තමාට ඕනෑම තත්ත්වයක් යටතේ රුධිරය අවශ්‍ය නැති බවත් පවසන පැහැදිලි ලිඛිත ප්‍රකාශයක් රෝගියාගෙන් ලැබෙන විට, රෝගියාගේ ස්වාධීනත්වයට ගරු කිරීමට නම් මෙම ඉල්ලීම, හරියටම මුඛයෙන් කරන ලද්දක් ලෙස සලකා ඊට ගෞරව කිරීම අවශ්‍යතාවකි.”
සාක්ෂිකරුවන් රෝහල් අනුමැතිය පළ කරන ආකෘති පත්‍රවලටද අත්සන් කරනු ඇත. ජර්මනියේ, ෆ්‍රයිබර්ග් නගරයේ ඇති රෝහලක පාවිච්චි කරන ලද ආකෘතියක, ප්‍රතිකාරය පිළිබඳව තමා රෝගියාට දුන් තොරතුරු වෛද්‍යවරයාට විස්තර කළ හැකි හිස්තැනක්ද ඇත. අනතුරුව, වෛද්‍යවරයාගේ හා රෝගියාගේ අත්සන්වලට ඉහළින් මෙම ආකෘතියේ මෙසේ සඳහන් වේ: “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ආගමික කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට, මම වෙනත් අයෙකුගේ රුධිරය හෝ රුධිරයේ සංඝටක මගේ ශල්‍යකර්මය තුළ භාවිතා කිරීම ඒකාන්තයෙන්ම ප්‍රතික්ෂේප කරමි. රුධිරය ගැලීමේ සංකීර්ණත්වයන් හේතුවෙන් සැලසුම් කළ හා අවශ්‍ය කරවන ක්‍රියා පිළිවෙළ හමුවේ වැඩි අවදානමක් පවතින බව මම පැහැදිලිව දනිමි. ඒ පිළිබඳව නිශ්චිතාකාරයෙන් පූර්ණ පැහැදිලි කිරීමක් ලැබීමෙන් පසු, වෙනත් අයගේ රුධිරය හෝ රුධිරයේ සංඝටක භාවිතා නොකර අවශ්‍ය කරන ශල්‍යකර්මය සිදු කරන ලෙස මම ඉල්ලා සිටිමි.”—හර්ට්ස් ක්රයිස්ලාවුෆ්, 1987 අගෝස්තු.
ඇත්ත වශයෙන්ම, රුධිරය භාවිතා නොකොට චිකිත්සාව සිදු කිරීමට අඩු අවදානමක් තිබිය හැක. එහෙත් මෙහිලා සඳහන් කළ යුතු දෙය නම්, ජනයාට සුව වීමට උපකාර කරමින්, වෛද්‍ය වෘත්තිකයන් කිරීමට බැඳී සිටින දෙය ක්‍රියාවට නැගීමට හැකි වන පරිද්දෙන් සාක්ෂිකාර රෝගීන් කැමැත්තෙන්ම කිසියම් නුවුවමනා වගකීමකින් වෛද්‍ය වෘත්තිකයන්ව මුදා හැරීමය. වෛද්‍ය ඇන්ජලොස් ඒ. කැම්බෝරිස්, “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්හට දරුණු උදර ශල්‍යකර්ම” යන්නෙහි පෙන්වූ ආකාරයට මෙම සහයෝගිතාව සියල්ලන්ටම ප්‍රයෝජනවත් වේ:
“ශල්‍යකර්මයට පෙර එළඹි එකඟත්වයන් ශල්‍ය වෛද්‍යවරයා විසින් වලංගු බැඳීමක් හැටියටද, ශල්‍යකර්මය තුළ හෝ ඉන්පසුව ඇති වන තත්ත්වය කුමක් වුවද, ඊට නොවෙනස්ව ක්‍රියා කළ යුතු යමක් ලෙසද සැලකිය යුතුය. මෙය තමන්ගේ ශල්‍ය ප්‍රතිකාරය කෙරෙහි රෝගීන්ගේ ආකල්පය ඒකාන්ත කරවන අතර ශල්‍ය වෛද්‍යවරයාගේ අවධානය නීතික හා දාර්ශනික කාරණාවලින් බැහැරව, ශල්‍යකර්මීය හා තාක්ෂණික ඒවා වෙත යොමු කරවයි. එසේ ඔහුට වඩාත් හොඳින් ශල්‍යකර්මය කිරීමටත් රෝගියාගේ වැඩි යහපතට සේවය කිරීමටත් හැකියාව ලැබේ.”—දි අමෙරිකන් සර්ජන්, 1987 ජූනි.
[19වන පිටුවේ කොටුව]
“වෛද්‍ය විද්‍යාවේ තාක්ෂණය පමණ ඉක්මවා භාවිතා කිරීම වර්තමානයේ සෞඛ්යාරක්ෂක වියදම් වැඩි වීමට මූලික සාධකයකි. . . . රුධිර ප්‍රවේශනය විශේෂාකාරයෙන් වැදගත් වන්නේ එහි වියදම හා විය හැකි මහත් අවදානම නිසාය. ඒ අනුව, රුධිර ප්‍රවේශනය ‘ඉහළ පරිමාවක්, ඉහළ අවදානමක් හා සදොස්බවට නම්ය වූ දෙයක්’ හැටියට රෝහල සඳහා අනුමැතිය දීමේ අමෙරිකානු සබැඳි කොමිසම මගින් වර්ගීකරණය කරනු ලැබීය.”—“ට්රාන්ස්ෆියූෂන්,” 1989 ජූලි-අගෝස්තු.
[20වන පිටුවේ කොටුව]
එක්සත් ජනපදය: “රෝගියාගේ අනුමැතිය ලැබීමේ අවශ්‍යතාව, පෞද්ගලික ස්වාධිකාරය නමැති සංකල්පයෙන් අවධාරණය කෙරේ, එනම් යමෙකුගේ ඉරණම පිළිබඳව තීරණ ඊට සම්බන්ධ පුද්ගලයා විසින් ගත යුතු බවය. අනුමැතිය ලබාගැනීම සඳහා තිබෙන නීතික අඩිතාලම නම්, රෝගියාගේ අනුමැතිය නොමැතිව සිදු කරනු ලබන වෛද්‍ය ක්‍රියාවලියක් අඩන්තේට්ටම් කිරීමක් ලෙස ගණන් ගනු ලබන බවය.”—“ඉන්ෆෝම්ඩ් කොන්සෙන්ට් ෆෝ බ්ලඩ් ට්රාන්ස්ෆියූෂන්,” 1989.
ජර්මනිය: “තනි තීරණ ගැනීමට, සහාය දීමේ හා ජීවිතය ආරක්ෂා කිරීමේ මූලධර්මයට වඩා වැඩි වැදගත්කමක් ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්: රෝගියාගේ කැමැත්තට එරෙහිව රුධිර ප්‍රවේශන දීමක් නැත.”—“හර්ට්ස් ක්රයිස්ලවුෆ්,” 1987 අගෝස්තු.
ජපානය: “වෛද්‍ය ලෝකයේ ‘නිරපේක්ෂ’ කිසිත් නොමැත. වෛද්‍යවරුන් නවීන වෛද්‍යක්‍රමයේ ක්‍රියාමාර්ගය හොඳම එක යයි විශ්වාස කරමින්, එහි ක්‍රියාමාර්ගය අනුගමනය කළද, ඔවුන් එහි සෑම සුළු කොටසක්ම ‘නිරපේක්ෂ’ එකක් සේ රෝගීන් කෙරෙහි බල නොකළ යුතුය. තෝරා ගැනීමේ නිදහස රෝගීන්ටත් තිබිය යුතුය.”—“මිනාමි නිහොන් ෂිම්බුන්,” 1985 ජූනි 28.
[21වන පිටුවේ කොටුව]
“මම [යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ] පවුල් සමීපව බැඳී පවතින හා ප්‍රේමයෙන් සිටින බව අද්දැක ඇත්තෙමි” යයි වෛද්‍ය ලෝරන්ස් එස්. ෆ්‍රැන්කල් වාර්තා කරයි. “එම දරුවෝ උගත්, සැලකිල්ල දක්වන හා ගෞරවනීය වෙති. . . . වෛද්‍ය නියෝගයන්ට වඩාත් ප්රබලව එකඟවීමක් ඇතැම් අවස්ථාවන්හි තිබෙන බව පවා පෙනෙන්නට තිබේ. මෙය තමන්ගේ විශ්වාසයන් ඉඩ දෙන පමණට වෛද්‍ය මැදිහත්වීම පිළිගැනීම පෙන්නුම් කිරීමට වෑයමක් නිරූපනය කරන්නට පුළුවන.”—කෞමාරහෘත්යය අංශය, එම්. ඩී. ඇන්ඩර්සන් රෝහල් හා ගුල්ම ගෙඩි ආයතනය, හූස්ටන්, අ.එ.ජ. 1985.
[22වන පිටුවේ කොටුව]
වෛද්‍ය ජේම්ස් එල්. ෆ්ලෙචර්, කනිෂ්ඨ, මෙසේ පවසයි: “වෘත්තීය අහංකාරකම නිසා, හොඳ සිහියෙන් වෛද්‍යමය නිශ්චයන් පසෙක දැමීම අසාමාන්‍ය දෙයක් නොවන බව චකිතයෙන් වුවද මා පැවසිය යුතුය. ‘අද දවසේ හොඳ’ යයි සලකනු ලබන ප්‍රතිකාර හෙට දවසේ නවීකරණය කෙරේ, නැතහොත් ඉවත දමනු ලැබේ. වඩාත් අන්තරාදායක වන්නේ, ‘ආගමික දෙමාපියෙක්ද’ නැතහොත් තම ප්‍රතිකාරය සම්පූර්ණයෙන්ම අත්‍යවශ්‍ය බව ඒත්තු ගෙන සිටින අහංකාර වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක්ද?”—“පීඩියැට්‍රික්ස්,” 1988 ඔක්තෝබර්.