ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 3 4-7 පි.
  • ජය ගත් අභියෝගයක් - තිරය පිටුපස කතාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජය ගත් අභියෝගයක් - තිරය පිටුපස කතාව
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජීවිත කාලයටම බලපාන ප්‍රයෝජන
  • දේවවචනයට ප්‍රේමකරන්නන්ට සුවිශේෂි මොහොතක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ශුභාරංචිය දැනුම් දෙන්න උදව් වෙන දේවල් - හැමෝටම ශුභාරංචිය දැනුම් දෙන්න ප්‍රකාශන නිකුත් කරයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • A1 බයිබල් පරිවර්තනයට උදව් වුණ මඟ පෙන්වීම්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 3 4-7 පි.

මුල් පිටුවෙන්

ජය ගත් අභියෝගයක් - තිරය පිටුපස කතාව

එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා.“සමහරු කියන්නේ පරිවර්තනය කිරීම තරම් සංකීර්ණ කාර්යයක් තවත් නැහැ කියලයි.”—“The Cambridge Encyclopedia of Language.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශන පරිවර්තනය කරන්න කලින් මොනවද කරන්නේ? නිව් යෝර්ක්වල තියෙන ලෝක මූලස්ථානයේ ලේඛන අංශය හොඳින් සැලසුම් කරලා, ගවේෂණය කරලා ඉංග්‍රීසියෙන් ලිපි ලියනවා. ඒ ලිපිවල අදහස්, විවිධ යෙදුම් නිවැරදිද කියලත් යල් පැනපු වචන භාවිත කරලා තියෙනවාද කියලත් පරීක්ෂා කරනවා.

ඊටපස්සේ ලෝකෙ පුරා ඉන්න පරිවර්තන කණ්ඩායම් සියගණනකට ඒ ලිපි යවනවා. හුඟක් අය පරිවර්තනය කරන්නේ තමන්ගේ මව් භාෂාවට. එයාලා පදිංචි වෙලා ඉන්නෙත් ඒ භාෂාව කතා කරන ප්‍රදේශවලමයි. පරිවර්තකයන්ට ඉංග්‍රීසි භාෂාව ගැනත් පරිවර්තනය කරන භාෂාව ගැනත් හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්.

පරිවර්තන කණ්ඩායමක්

පරිවර්තනය කරන විදිහ

මේ රූප සටහනේ දැක්වෙන්නේ ‘පිබිදෙව්!’ සඟරාව ස්පාඤ්ඤ භාෂාවට පරිවර්තනය කරන විදිහ

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ලිපි ස්පාඤ්ඤ භාෂාවට පරිවර්තනය කරන කණ්ඩායමට එවනවා

  • කණ්ඩායමේ 3දෙනා තනි තනිවම ලිපිය අධ්‍යයනය කරනවා

  • පරිවර්තනය කරන්න කලින් තුන්දෙනා ලිපියේ තියෙන තොරතුරු සාකච්ඡා කරනවා

  • ඉංග්‍රීසි අදහස හරියට තියෙනවද, පරිවර්තනය සරලව පැහැදිලිව තියෙනවද වගේම අක්ෂර වින්‍යාසය හරිද කියලා බලනවා

  • අන්තිමේදී පරිවර්තනය කරපු ලිපි මුද්‍රණය කරන්න මුද්‍රණාලවලට යවනවා. ඊටපස්සේ ඒවා බෙදාහරිනවා

  • තමන්ගේම භාෂාවෙන් ලැබෙන බයිබලය මත පදනම් ප්‍රකාශනවලින් ලෝකෙ පුරාම ඉන්න සෙනඟ ප්‍රයෝජන ලබනවා

පරිවර්තකයන් වැඩේට මුලපුරන්නේ කොහොමද?

බ්‍රිතාන්‍යයේ පරිවර්තකයෙක් වන ගෙරන්ට් මෙහෙම කියනවා. “අපි වැඩ කරන්නේ කණ්ඩායමක් විදිහට. ඒ නිසා සහයෝගයෙන් වැඩ කරන එක හරිම වැදගත්. මුලින්ම අපි පරිවර්තනය කරද්දී මතු වෙන්න පුළුවන් ගැටලුවලට විසඳුම් හොයාගන්නවා. අපි අවධානය දෙන්නේ වචනවලට නෙවෙයි, ලිපියේ අරමුණට සහ අදහස්වලට. ඒ වගේම පරිවර්තනය කරන්නේ කා වෙනුවෙන්ද කියලත් නිතරම හිතේ තියාගන්නවා.”

පරිවර්තකයෙක් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

“කෙනෙක් ලිපියක් කියවද්දී ඒක පරිවර්තනයක් කියලා දැනෙන්නේ නැති විදිහට පරිවර්තනය කරන්නයි අපිට ඕනේ. ඒ නිසා අපි පරිවර්තනය කරන්නේ හරිම සරල ශෛලියකින්. එතකොට කියවන කෙනාගේ අවධානය ගිලිහිලා යන්නේ නැහැ. එයා රස කෑමක් කනවා වගේ නවත්තන්නේ නැතුව දිගටම ඒක කියවයි.”

භාෂාව කතා කරන අය ඉන්න පැත්තෙම පදිංචි වෙන එකේ වාසි මොනවද?

“එයාලට තේරුම්ගන්න ලේසි විදිහට පරිවර්තනය කරන්න ඒක උදව්වක්. එයාලා වේල්ස් භාෂාව කතා කරනවා අපිට නිතරම ඇහෙනවා. අපි පාවිච්චි කරන වචන, යෙදුම් එයාලට තේරෙනවද ඒවා හිතට කාවදිනවද කියලා එයාලගෙන්ම අහන්නත් පුළුවන්. තොරතුරු නිවැරදිව පරිවර්තනය කරන්න ඒක අපිට ලොකු උදව්වක්.”

වැඩ සැලසුම් කරන්නේ කොහොමද?

“පරිවර්තනය කරන හැම ප්‍රකාශනයක්ම කණ්ඩායම්වලට බෙදනවා. මුලින්ම කණ්ඩායමේ හැමෝම තනි තනියම ලිපිය කියවනවා. ඒකෙ තොරතුරු හොඳට තේරුම්ගන්නත් ඒ ලිපිය ලියලා තියෙන්නේ කාටද, ඒක ගොඩනඟලා තියෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්නත් ඒක උදව් වෙනවා. ඒ වගේම ලිපියේ කතා කරන්නේ මොකක් ගැනද, ඒ ලිපියේ අරමුණ, ඒකෙන් දෙන්න හදන පාඩම මොකක්ද කියලත් අපි කල්පනා කරනවා. පාඨකයාගේ හිතට කාවදින විදිහට පරිවර්තනය කරන්න ඒක උදව් වෙනවා.”

“ඊළඟට තුන්දෙනාම එකතු වෙලා ලිපියේ තියෙන අදහස් අපි හරියට තේරුම් අරන් තියෙනවද, ඒ වගේම ඉංග්‍රීසි ලිපියේ තියෙන ශෛලිය ඒ විදිහටම අනුගමනය කරන්න පුළුවන්ද කියලා කතා වෙනවා. ඉංග්‍රීසි ප්‍රකාශනය කියවන කෙනාට දැනෙන විදිහටම අපි පරිවර්තනය කරන ප්‍රකාශනය කියවන කෙනාටත් දැනෙන්න ඕනේ.”

කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ කොහොමද?

“අපි පරිවර්තනය කරන දෙයක් කෙනෙක් කියවපු ගමන්ම එයාට ඒකෙ තියෙන දේවල් තේරෙන්න ඕනේ. ඒ නිසා ඡේදයක් පරිවර්තනය කළාට පස්සේ අපි ඒක කිහිප වතාවක්ම ඇහෙන්න කියවනවා.”

“පරිවර්තනය කරන කෙනා ඡේදයක් ටයිප් කරද්දී අනිත් දෙන්නාගේ කොම්පියුටර්වලිනුත් ඒක පේනවා. ඉංග්‍රීසි අදහස හරියට තියෙනවද කියලත් භාෂාවේ හුරුවට තියෙනවද කියලත් අකුරු සහ පද බෙදීම වගේ දේවල් හරියට තියෙනවද කියලත් අපි බලනවා. ඊටපස්සේ එක්කෙනෙක් ඒ ඡේදය ඇහෙන්න කියවනවා. කියවන්න අමාරු තැන් තිබුණොත් ඇයි එහෙම වෙන්නේ කියලා බලලා අඩුපාඩු හදනවා. ඒ විදිහට මුළු ලිපියම පරිවර්තනය කළාට පස්සේ එක්කෙනෙක් ඒක ඇහෙන්න කියවනවා. ඒ අතරතුරේදී ලිපියේ හදන්න ඕන කියලා හිතෙන තැන් තිබුණොත් අනිත් දෙන්නා ඒවා ලකුණු කරගන්නවා.”

අමාරු වැඩක් වගේ!

“ඔව්, දවස ඉවර වෙද්දී මහන්සියි. ඒ නිසා අපි ආයෙත් ලිපිය බලන්නේ පහුවෙනිදාට. ඉංග්‍රීසි ලිපියේ මොනවා හරි හදන්න තියෙනවා නම් සති කීපයක් ගියාට පස්සේ ලේඛන අංශය අපිට ඒ ගැන දන්වලා එවනවා. අපි ඒ වෙනස්කම් ලිපියට ඇතුළත් කරනවා.”

ඔයාලා පාවිච්චි කරන පරිගණක වැඩසටහන් මොනවද?

“පරිවර්තන කණ්ඩායමක් කරන වැඩ කවදාවත් කොම්පියුටරයකට කරන්න බැහැ. හැබැයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැඩේට උදව් වෙන පරිගණක වැඩසටහන් හදලා තියෙනවා. අපි නිතරම පාවිච්චි කරන වචන, යෙදුම් දාලා තියෙන ඩික්ෂනරිය ඒ අතරින් එකක්. අපි පරිවර්තනය කරපු හැම දෙයක්ම ආයෙත් බලන්න පුළුවන් වැඩසටහනකුත් තියෙනවා. පරිවර්තනය කරද්දී මතු වුණ ගැටලු විසඳගත්ත විදිහත් ඒකෙන් හොයන්න පුළුවන්.”

පරිවර්තන වැඩ ගැන ඔයාට මොනවද හිතෙන්නේ?

“අපි පරිවර්තනය කරන ප්‍රකාශන පාඨකයන්ට දෙන තෑග්ගක් වගේ. ඒ නිසා ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඒවා පරිවර්තනය කරන්න අපි මහන්සි වෙනවා. ඒ තොරතුරු කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරගන්න උදව් වෙයි කියලා හිතෙද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්.”

ජීවිත කාලයටම බලපාන ප්‍රයෝජන

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන තමන්ගේ භාෂාවෙන් කියවන්න පුළුවන් වෙලා තියෙන නිසා ලෝකෙ පුරාම මිලියන සියගාණක් ප්‍රයෝජන ලබනවා. සාක්ෂිකරුවන්ගේ පොත් පත්වල, වීඩියෝවල වගේම jw.org වෙබ් අඩවියේ තියෙන හැම තොරතුරක්ම පදනම් වෙලා තියෙන්නේ බයිබලය මත. “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” දෙවියන්ගේ පණිවිඩය දැනුම් දෙන්න කියලා දෙවියන්ම අපිට දැනුම් දීලා තියෙනවා.—එළිදරව් 14:6.a

a ලිපි සහ ඕඩියෝ වීඩියෝ ප්‍රකාශන ඔයාගේම භාෂාවෙන් සහ තවත් භාෂා සියගණනකින් ලබාගන්න www.pr418.com වෙත පිවිසෙන්න.

JW.ORG

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවිය

භාෂා 700කට වැඩියෙන්

‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සඟරාවක්

භාෂා 640කට වැඩියෙන්

‘මුරටැඹ’

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාසික සඟරාවක්

භාෂා 250කට වැඩියෙන්

‘පිබිදෙව්!’

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාසික සඟරාවක්

භාෂා 100කට වැඩියෙන්

‘පිබිදෙව්!’ සඟරාව විවිධ භාෂාවලින්

“මං අසනීපෙන් ඉන්න කෙනෙක්. වෛද්‍යවරයාගෙන් ලැබෙන උපදෙස්වලින් වගේම මැලගසි භාෂාවෙන් ලැබෙන ‘පිබිදෙව්!’ සඟරාවෙනුත් මට හුඟක් ප්‍රයෝජන ලැබුණා. කේන්තිය පාලනය කරගන්න ඒ තොරතුරු මට උදව් වුණා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න එක ගැනත් ව්‍යායාම් කරන එක ගැනත් ඒකෙ තිබුණා.b සඟරාවේ තිබුණ දේවල් අදාළ කරගත්ත නිසා දැන් මගේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම හොඳ අතට හැරෙනවා.”—රානයිවොරිසෝ, මැඩගස්කරය.

“මගේ වෛද්‍යවරිය සෞඛ්‍යය ගැන අනිත් අයට කියලා දෙන්න ගුජරාටි භාෂාවෙන් තියෙන ‘පිබිදෙව්!’ සඟරාව පාවිච්චි කරනවා. එයා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ගැන ඉස්කෝලෙකදී දේශනයක් දුන්නා. ‘පිබිදෙව්!’ සඟරාවෙන් ගත්ත ඒ තොරතුරු නිසා තාත්තලා මත්පැන්වලට වියදම් කරන මුදල් දරුවන් වෙනුවෙන් වියදම් කරන්න පටන් අරන් කියලා සති කිහිපයකට පස්සේ දරුවන් කියලා තියෙනවා.”—ජැනට්, ඉන්දියාව.

b කෙනෙක් ගන්න ඕන ආහාර ගැනවත් කරන්න ඕන ව්‍යායාම් ගැනවත් ‘පිබිදෙව්!’ සඟරාව නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න කලින් හැම පැත්තක් ගැනම හොඳට හිතන්න.

පිරිමි ළමයෙක් jw.org වෙබ් අඩවියේ තියෙන ‘හොරකම් කරන්න එපා’ වීඩියෝ එක බලනවා

ඇංගෝලාවේ ඉන්න අම්මා කෙනෙක් මෙහෙම කිව්වා. “මගේ පුතාට වයස අවුරුදු 8යි. දවසක් ඉස්කෝලෙදී එයාගේ පැන්සල් ටික නැති වුණ නිසා එයා අනිත් ළමයින්ගේ පැන්සල් හොරකම් කරලා. ඒත් jw.org එකේ තියෙන ‘හොරකම් කරන්න එපා’ කියන වීඩියෝ එක පෘතුගීසි භාෂාවෙන් බැලුවට පස්සේ එයා කරපු වරද ගැන බය නැතුව අපිට කිව්වා. එයා මාත් එක්ක ඉස්කෝලෙට ගිහින් ළමයින්ගෙන් සමාව ඉල්ලලා ඒ පැන්සල් ආපහු දෙන්නේ ඇයි කියලා එයාලට කිව්වා. ඊටපස්සේ ‘හොරකම් කරන්න එපා’ කියන වීඩියෝ එක මුළු පන්තියටම පෙන්නන්න ගුරුවරයා අවසර දුන්නා. ඒක බැලුවට පස්සේ, ආයෙත් කවදාවත් හොරකම් කරන්නේ නැහැ කියලා ළමයි කිහිපදෙනෙක්ම කිව්වා.”

JW Language ඇප් එක පාවිච්චි කරන කෙනෙක්

භාෂාවක් ඉගෙනගන්න අත්වැලක්!

JW Language අයිකන් එක

2014දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් භාෂාවකින් බයිබලයේ තියෙන දේවල් උගන්වන්න උදව් වෙන ඇප් එකක් මුදා හැරියා. ඒක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉංග්‍රීසි, ඉතාලි, ඉන්දුනීසියානු, කොරියානු, චීන, ජපන්, ජර්මානු, ටගාලොග්, තායි, තුර්කි, පෘතුගීසි, ප්‍රංශ, බෙංගාලි, මියන්මාර්, රුසියානු, ස්පාඤ්ඤ, ස්වහීලී සහ හින්දි යන භාෂාවන්වල වචන සහ ඒවා කතා කරන විදිහ ඒ ඇප් එකෙන් ඉගෙනගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න අපේ ඉංග්‍රීසි වෙබ් අඩවියට ගිහින් (jw.org) JW Language කියලා සර්ච් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න