ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 6 4-5 පි.
  • ඒ ගැන හොයලා බලමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒ ගැන හොයලා බලමු
  • 2017 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • න්‍යෂ්ටික යුධ තර්ජනය කාගෙන්ද?
    2004 පිබිදෙව්!
  • න්‍යෂ්ටික යුද්ධ ගැන බයිබලේ කියන්නේ මොනවාද?
    තවත් ලිපි
  • ‘තැනක් තැනක් පාසා වසංගත’
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විද්‍යාව ඔබට ප්‍රයෝජනවත්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 6 4-5 පි.

මුල් පිටුවෙන් | මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?

ඒ ගැන හොයලා බලමු

අද අහන්න දකින්න ලැබෙන දේවල් නිසා ඔයාගේ හිතට බයක් දැනෙනවා ඇති. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඇමරිකාවේ හිටපු ජනාධිපති බරාක් ඔබාමා 2014දී ඉදිරිපත් කළ අදහසකින් ඒක පැහැදිලි වෙනවා. ඔහු කිව්වේ ජනමාධ්‍ය හරහා අහන්න ලැබෙන නරක ආරංචි නිසා “හුඟක් අය හිතන්නේ මේ ලෝකය තව තවත් විනාශයට යනවා මිසක් ඒකෙන් ගොඩ ඒමක් නෑ” කියලයි.

ඊළඟට ඔහු කතා කළේ ලෝකේ ගැටළු විසඳන්න මේ වෙනකොට කර ඇති සැලසුම් ගැනයි. රජයෙන් අරන් තියෙන සමහර ක්‍රියාමාර්ග ඔහු හැඳින්නුවේ “දීප්තිමත් අනාගතයක් උදා කරන්න දායක වෙන ප්‍රයත්නයන්” හැටියට. මිනිසුන්ගේ අවංක වෑයම්වලින් මේ ලෝකය විනාශයට ඇදිලා යන එක වළක්වාගන්න පුළුවන් කියලා ඔහු ලොකු විශ්වාසයකින් කතා කළා.

හුඟක් අයට අනාගතය ගැන ඒ වගේ ශුභවාදී හැඟීම් තියෙනවා. විද්‍යාව, තාක්ෂණය දවසෙන් දවස දියුණු වෙන නිසා ඉස්සරහට ලෝකේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි කියලා එයාලට ලොකු විශ්වාසයක් තියෙනවා. එක විද්වතෙක් මෙහෙම කිව්වා. “2030 වෙද්දී තාක්ෂණය අදට වඩා දහස් ගුණයකින් දියුණු වෙනවා. 2045 වෙද්දී ඒ දියුණුව සියදහස් ගුණයකින් තවත් ඉදිරියට යයි.” ඔහු මෙහෙමත් කිව්වා. “අද තියෙනවා වගේ ප්‍රශ්න වෙන කවදාවත් තිබිලා නැහැ තමයි. ඒත් බය වෙන්න දෙයක් නැහැ. තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සරහට ප්‍රශ්නයක් ඇති වුණ ගමන් විසඳුම් දෙන්න අපිට පුළුවන්.”

ඇත්තටම ලෝකේ තත්වය දරුණු වෙලාද? මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද? විද්‍යාඥයන් සහ දේශපාලඥයන් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව කතා කළත් හුඟක් අයට අනාගතය ගැන තියෙන්නේ බයක්. ඒ ඇයි?

න්‍යෂ්ටික පිපිරීමක්

සමූල ඝාතක අවි. එක්සත් ජාතීන්සහ වෙනත් සංවිධාන කොච්චර උත්සාහ කළත් න්‍යෂ්ටික අවි මේ ලෝකෙන් තුරන් කරන්න එයාලට බැරි වෙලා තියෙනවා. අවි පාලනය කරන්න දාලා තියෙන නීතිරීති සමහර පාලකයෝ තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. දැනටමත් න්‍යෂ්ටික අවි නිපදවලා තියෙන රටවල් තවත් අත්හදා බැලීම් කරලා වඩා ප්‍රබල අවි නිපදවනවා. කලින් න්‍යෂ්ටික අවි නිපදවපු නැති රටවලුත් අවි නිපදවන්න පටන් අරන්.

ඒ විදිහට න්‍යෂ්ටික අවි සූදානම් කරලා තියාගෙන ඉන්න නිසා ලෝකය අනාරක්ෂිත තැනක් බවට පත් වෙලා. සාමය ගැන කතා කරාට මේ ලෝකේ තත්වය හරියට ගිනි කන්දක් වගේ. කොයි මොහොතේ පිපිරෙයිද කියන්න බැහැ. ඒ වගේම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට හදලා තියෙන අවිආයුධවලට පුළුවන් කිසිම මිනිසෙක්ගේ මැදිහත් වීමකින් තොරව ප්‍රහාර එල්ල කරන්න. ඒ අවිආයුධවලින් මහත් ව්‍යසනයක් වෙන්න පුළුවන් කියලා එක සඟරාවක සඳහන් වෙනවා.—Bulletin of the Atomic Scientists.

රෝහලේ ඇඳක ඉන්න මිනිසෙක්

මාරාන්තික ලෙඩ රෝග. අධි රුධිර පීඩනය, තරබාරුකම, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, වායු දූෂණය වගේ දේවල් නිසා මිනිසුන් ඉස්සරට වඩා ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඒ වගේම පිළිකා, හෘද රෝග, දියවැඩියාව වගේ බෝ නොවන රෝගවලින් කීදෙනෙක් නම් මැරෙනවාද? ඉබෝලා සහ සිකා වගේ වෛරස් රෝගවලට කීදාහක් ගොදුරු වුණාද? තවත් හුඟදෙනෙක් මානසික රෝග නිසා පීඩා විඳිනවා. විද්‍යාව කොයි තරම් දියුණු වුණත් මේ දේවල්වලට ස්ථිර විසඳුමක් දෙන්න විද්‍යාවට බැරි වෙලා තියෙනවා. එහෙම බලනකොට නිරෝගිකම සිහිනයක්ම විතරයි.

වායු සහ ජල දූෂණය

පරිසරය වනසන මිනිසා. කර්මාන්ත ශාලාවලින් පිට වෙන විෂ දුම නිසා වායු ගෝලය දූෂණය වෙනවා. ඒ නිසා ඇති වෙන ස්වසන ආබාධවලින් හැම අවුරුද්දකම මිලියන ගාණක් මිය යනවා.

කර්මාන්ත ශාලාවලින්, රෝහල්වලින් සහ වගාබිම්වලින් ඉවතලන අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ වෙනත් විෂ ද්‍රව්‍ය සාගරයට මුදාහරිනවා. “මේ අපද්‍රව්‍ය නිසා මුහුදු ජීවින් සහ පැළෑටිවලට විෂ එකතු වෙනවා. ඒවා ආහාරයට ගන්න මිනිසුන්ගේ ශරීරවලටත් විෂ ඇතුල් වෙනවා” කියලා එක සඟරාවක සඳහන් වුණා.—Encyclopedia of Marine Science.

මේ වෙද්දී ගොඩක් රටවල් ජල හිඟයකට මුහුණ දෙනවා. විද්‍යා ලේඛකයෙක් වන රොබින් මැකී කියනවා “අද සමහර රටවල පවතින ජල හිඟය තව වැඩි කාලයක් යන්න කලින් මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් වෙයි” කියලා. මේ වගේ තත්වයක් ඇති වෙලා තියෙන්නේ මිනිසා ඉවක් බවක් නැතුව සොබාදහම වනසන නිසා කියලා දේශපාලඥයන් පවා පිළිගන්නවා.

සුළිකුණාටු

ස්වාභාවික විපත්වලින් පහර කන මිනිසා. ජලගැලීම්, නායයෑම් වැනි ස්වාභාවික විපත්වලින් මිය යන සංඛ්‍යාව වෙන කවරදාකටත් වඩා වැඩියි. තවත් දහස් ගණන් ජනයා විපත් නිසා පීඩා විඳිනවා. ඇමරිකාවේ නාසා ආයතනයෙන් නිකුත් කළ ප්‍රකාශයක මෙහෙම සඳහන් වුණා. “අද පවතින සුළිකුණාටු සහ අධික උණුසුම් තත්වය ඉදිරියේදී තවත් දරුණු වෙනවා. ඒ වගේම දේශගුණ රටාවන්වල සිදු වෙලා තියෙන අසාමාන්‍ය වෙනස්කම් ඉදිරියේදී තව වැඩි වෙනවා.” මෙහෙම ගියොත් ස්වාභාවික විපත් නිසා මිනිසා මහ පොළොවෙන් තුරන් වෙලා යයිද?

ඒ කතා කරපු දේවල්වලට අමතරව මිනිසාගේ පැවැත්මට තර්ජනයක් එල්ල කරලා තියෙන තවත් දේවල් ගැන ඔයාට මතක් වෙනවා ඇති. ඒවා විසඳන්න දේශපාලඥයන්, විද්‍යාඥයන් වගේ අය නොයෙක් විදිහේ අදහස් ඉදිරිපත් කරනවා. ඒත් ඒ වගේ අදහස්වලට ඇහුම්කන් දීමෙන් හෙට දවස ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? අද මිනිස්සු මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම ස්ථිර විසඳුමක් තියෙනවා කියලත් අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලත් විශ්වාස කරන පිරිසක් ඉන්නවා. ඒ වගේ විශ්වාසයක් ඇතුව ඉන්න එයාලට තියෙන හේතු මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න