‘තැනක් තැනක් පාසා වසංගත’
අසමාන්තර අනුපාතයකින් පැතිරී යන වසංගත වනාහි, “[යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ] පැමිණ සිටීමේ හා දේවල පිළිවෙළේ සමාප්තිය පිළිබඳ ලකුණේ” පුරෝකථනය කරන ලද එක් අංගයකි. (මතෙව් 24:3, NW) ශුභාරංචි ලේඛක ලූක් විසින් මතෙව් සහ මාර්ක් වාර්තාවල සඳහන් නොකළ විස්තරවලට මෙය එකතු කරයි. (මතෙව් 24 සහ 25 පරිච්ඡේද; මාර්ක් 13 පරිච්ඡේදය) වසංගත සහ විනාශකාරී රෝග උද්ගත වීම, අන්තිම දවස්වල දී, “තැනක් තැනක් පාසා” සිදු වනු ඇත. (ලූක් 1:3; 21:11, NW) එවන් රෝග පැමිණීමට ඉඩ ඇත්තේ කොහෙන් ද?
“ඒඩ්ස් වසංගතයෙන්, පෙනෙනාකාරයට අහිමි වී යා හැකි ජීවිත ගණනට වඩා, ස්වභාව ධර්මයාගෙන් මඳ සහයක් ලබමින්, නිවර්තන කලාපවල සැඟ වී ඇති, අතිශය ජීවිත හානියක් සිදු කළ හැකි වෛරස වර්ග ගණනාවක් පිළිබඳ ව විද්‍යාඥයෝ දනිති” යනුවෙන් සයන්ස් න්යූස් ප්රකාශනය සඳහන් කරයි. “ලොවේ වෛරස් නාමාවලිය ස්ථාවර තත්ත්වයක පැවතියත්, පෘථිවි ජනගහණයෙන් විශාල කොටසක් ඉවත්කර දැමීමට සමත් ප්‍රමාණවත් වෛරස ‘ප්‍රහාර කිරීමේ බලයක්’ දැනටමත් නිවර්තන කලාපයන්හි තිබේ.”
අපගේ යුගය මෙයට පහසුවෙන් ගොදුරු කර විය හැකි එකක් වීමට හේතුව, අධික වේගයෙන් ව්‍යාප්ත වන පෘථිවි ජනගහණය සහ ජනාකීර්ණ ලෝකයක මහත් අවශ්‍යතාවයන් ය. “මිනිසුන් පරීක්ෂාවෙන් තොර ව, බිම් කරා ඇදී යාමෙන් පසු ව හෝ, අලුත් වෛරස අමුත්තන්ට ආරාධනා කරන අයුරින් නාගරික ජීවන තත්ත්වයන් පිරිහී යාමෙන් පසු ව බොහෝ විට ජීවිතයට තර්ජනය කරන වෛරස් වසංගත රෝග පැතිරී ගොස් ඇති බව ඉතිහාසය පෙන්වයි” යනුවෙන් සයන්ස් න්යූස් සඳහන් කරයි. කලින් ජනාවාස ව නොතිබූ, වෛරසවලින් ගහණ වූ ප්‍රදේශවල මිනිසුන් පදිංචි වන විට, අලුත් වෛරස් වසංගත රෝග කෙමෙන් හිස ඔසවයි. ලෝක දේශගුණික රටාවන් වෙනස් වන විට ද කෘමීන් තමන් සැරිසරන පරිසරය ව්‍යාප්ත කරන විට ද සිදු වන්නේ මෙය ම ය. මීට අමතර ව, සඟරාව මෙසේ ද පවසයි: “රුධිර ප්‍රවේශනය සහ බද්ධ සැත්කම් මගින් මිනිසුන් අතර වෛරස් ප්‍රවාහනය සඳහා නවතම මාර්ග ඇති කොට තිබේ. ලොවේ එහා මෙහා සැරිසරන ධනවත් සහ ප්‍රසිද්ධ අයගේ සිට මත් ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් අතර විදින කටු හවුලේ බෙදා ගැනීම දක්වා වූ නොයෙක් ආකාරයේ සමාජීය හා චාර්යා හැසිරීම් තුළ වෙනස් වීම් ද මෙයට තුඩු දී ඇත.”
“අනාගතයේ දී වඩාත් විශාල පරිමාණයක වෛරස ප්රහාරයක පෙර නිමිත්තක් විය හැකි, හුදෙකලා ප්‍රදේශවල වෛරස ප්රහාරයන් පිළිබඳ උනන්දුමත් නිදසුන් මෑත ඉතිහාසයේ දක්නට තිබේ” යනුවෙන් ලිපිය තවදුරටත් කියා සිටී. නිදසුන් නම්: මීට පෙර නොදැන සිටි මාර්බර්ග් වෛරසය, වර්ෂ 1960 ගණන්වල අග භාගයේ දී බටහිර ජර්මනියේ විද්‍යාඥයන් ගණනාවකට පීඩා කළ මාරාන්තික නිවර්තන කලාපවල වෛරසය; 1977 දී ඊජීප්තුවේ මිලියන ගණනකට වැලඳී දහස් ගණනක් මරුමුවට පත්කළා වූ රිෆ්ට් වැලි උණ ඇති කළා වූ වෛරසය; 1976 දී සාහිර් සහ සුඩාන් හි දහස් ගණනකට අධික ජනයා හට වැලඳී, ඊට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කළා වූ වෛද්‍යවරුන් සහ හෙදියන් බොහෝ දෙනෙකු ඇතුළු 500ක් පමණ මරා දැමූ, නිවර්තන කලාපීය එබෝලා වෛරසය.
මාරාන්තික වෛරස් ප්‍රහාර කලින් පුරෝකථනය කරනු ලබන්නේ කලාතුරකිනි. “උදාහරණයක් වශයෙන්, 1918 දී විශේෂ දරුණු විකෘති මිනිස් සෙම්ප්‍රතිශ්‍යා වෛරසයක් ලොව වටා පැතිර ගියේ, ගණනය කරන ලද මිනිසුන් මිලියන 20ක් මරා දමමින් ය” යනුවෙන් සයන්ස් න්යූස් පවසයි. “වඩාත් මෑතක දී, කලෙක සමහර විට අප්‍රිකානු වඳුරන් තුළ පමණක් වාසය කළ වෛරසයක් මිනිසුන් තුළින් මතු වී, ලෝකය බියෙන් සලිත කළේ ය. ලෝක සෞඛ්‍යය සංවිධානය ගණනය කරන අන්දමට, දැන් ඒඩ්ස් වෛරසය රටවල් 149ක මිලියන 5 සිට මිලියන 10 දක්වා ජනයාට වැලඳී තිබේ. එහෙත් වඩාත් මෑතක දී පැමිණි මෙම වසංගතයට මුළු අවධානය දෙනු ලැබුව ද, තවත් බොහෝ භයංකර දේවල් අප ඉදිරියේ තිබීම, බොහෝ වෛරස් විශේෂඥයන්ගේ බියයි.”
වසංගත භය ගන්වන සුලු වන්නාක් මෙන් ම, ඒවා වනාහි යුද්ධ, සාගත, සහ මහත් භූමිකම්පා වැනි අංගයන් සමඟ යේසුස් වහන්සේ රාජ්‍යය බලයෙන් යුතු ව පැමිණෙන සංයුක්ත ලකුණේ කොටසකි. (මාර්ක් 13:8; ලූක් 21:10, 11) මෙම අංගයන්, ප්‍රීති වීම සඳහා ද හේතුවක් ලබා දෙයි, මන්දයත් යේසුස් වහන්සේගේ මෙම වචන ලූක් මෙසේ උපුටා දක්වයි: “මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවාපල්ලා.”—ලූක් 21:28. w91 11/15