ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 2 14-15 පි.
  • සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න
  • 2019 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන කෙනෙක් මොන වගේද?
  • සදාචාර ප්‍රමිති ඉගෙනගන්න ඕනෙ ඇයි?
  • සදාචාර ප්‍රමිති උගන්වන්න
  • 7 සාරධර්ම උගන්වන්න
    2018 පිබිදෙව්!
  • ඒ මේ අත ගසාගෙන යන සාරධර්ම
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යහපත් සමාජයක් බිහි කරන ගුණධර්ම
    2013 පිබිදෙව්!
  • කිසිදා වෙනස් නොවන සාරධර්ම
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 2 14-15 පි.
අම්මා කෙනෙක් වැටිලා තියෙන පර්ස් එකක් අයිතිකාරයාට දෙන විදිහ බලාගෙන ඉන්න දැරියක්

6වෙනි පාඩම

සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න

සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන කෙනෙක් මොන වගේද?

සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන අයට හරි වැරැද්ද ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. එක එක අවස්ථාවලදී තමන්ට හැඟෙන විදිහට අනුව හරි වැරැද්ද තීරණය කරනවා වෙනුවට තමන් ඉගෙනගෙන තියෙන ප්‍රතිපත්තිවලට අනුවයි එයාලා තීරණ ගන්නේ. තනියෙන් ඉන්න අවස්ථාවලදී වුණත් ඒ ප්‍රතිපත්ති කඩන්නේ නැහැ.

සදාචාර ප්‍රමිති ඉගෙනගන්න ඕනෙ ඇයි?

රූපවාහිනි වැඩසටහන්, චිත්‍රපටි සහ සංගීතය වගේ දේවලිනුත් ඉස්කෝලේ ළමයින්ගෙනුත් හරි වැරැද්ද ගැන නොයෙකුත් බොරු අදහස් දරුවන්ගේ මනසට ඇතුල් වෙනවා. ඒ නිසා හරි වැරැද්ද ගැන තමන් දන්න දේවල් සම්බන්ධයෙන් දරුවන්ට සැක මතු වෙන්න පුළුවන්.

යොවුන් දරුවන්ට ඒක ලොකු අභියෝගයක්. පොතක මෙහෙම කියනවා. “යොවුන් වියට එද්දී ජනප්‍රිය වෙන්නත් අනිත් අයගේ පිළිගැනීම ලබන්නත් හුඟක් අය එයාලව පොලඹවන්න හදයි කියලා දරුවන් තේරුම් අරන් ඉන්න ඕනේ. යාළුවන් අකමැති වුණත් දිගටම හරි දේ කරන්නත් එයාලා ඉගෙනගෙන තියෙන්න ඕනේ.” (Beyond the Big Talk) එහෙමනම් යොවුන් වියට එන්න කලින්ම දරුවන්ට ඒ දේවල් උගන්වන එක කොයි තරම් වැදගත්ද!

සදාචාර ප්‍රමිති උගන්වන්න

හරි වැරැද්ද පැහැදිලිව කියලා දෙන්න.

බයිබල් ප්‍රතිපත්තිය: ‘අවබෝධයෙන් ක්‍රියා කරන අය හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.’ —හෙබ්‍රෙව් 5:14.

  • හරි වැරැද්ද අඳුනගන්න උදව් වෙන උදාහරණ කියන්න. එදිනෙදා සිද්ධීන් උදව් කරගෙන වංක කෙනෙක් සහ අවංක කෙනෙක් අතරත් විශ්වාසවන්ත කෙනෙක් සහ අවිශ්වාසවන්ත කෙනෙක් අතරත් කාරුණික කෙනෙක් සහ අකාරුණික කෙනෙක් අතරත් තියෙන වෙනස දරුවාට පැහැදිලි කරන්න. ඒක එයාට උදව් වෙයි කරන්න ඕන දේවල් සහ වැළකිලා ඉන්න ඕන දේවල් මොනවාද කියලා තේරුම්ගන්න.

  • දෙයක් හරි නැත්නම් වැරදියි කියලා කියන්න හේතුව පැහැදිලි කරන්න. උදාහරණෙකට මේ වගේ ප්‍රශ්න අහන්න. අවංක වෙන එක වටින්නේ ඇයි? බොරු කියද්දී යාළුකම් නැති වෙන්න පුළුවන් කියලා කියන්නේ ඇයි? හොරකම් කරන එක වැරදි ඇයි? හරි වැරැද්ද ගැන නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට තර්කානුකූලව දේවල් පහදලා දෙන්න.

  • සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන එකේ වටිනාකම කාවද්දන්න. දරුවාට මෙහෙම කියන්න. “ඔයා අවංක නම් අනිත් අය ඔයාව විශ්වාස කරයි.” “ඔයා කරුණාවන්ත නම් හුඟක් අය ඔයාට ළං වෙයි.”

ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන පවුලක් විදිහට හොඳ නමක් හදාගන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.”—2 කොරින්ති 13:5.

  • පවුලේ හැමෝම සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඕනේ. එතකොට අවංකවම මෙහෙම කියන්න පුළුවන් වෙයි.

    • “අපේ පවුලේ අය බොරු කියන්නේ නැහැ.”

    • “අපි අනිත් අය එක්ක ගහගන්නේ නැහැ. රණ්ඩු වෙන්නේ නැහැ.”

    • “අනිත් අයව පහත් කරලා කතා කරන්නේ නැහැ.”

හරි වැරැද්ද ගැන දීලා තියෙන මඟ පෙන්වීම් නිකම්ම නීති නෙවෙයි. හොඳ ජීවිතයක් ගත කරන්න උදව් වෙන ප්‍රතිපත්ති. පවුලේ හැමෝම ඒ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙනවා කියලා පැහැදිලිව පේන්න තියෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම තේරුම්ගන්න දරුවාට උදව් කරන්න.

  • සදාචාර ප්‍රමිති ගැන දරුවා එක්ක නිතරම කතා කරන්න. එදිනෙදා සිද්ධ වෙන දේවල් යොදාගෙන හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න දරුවාට උදව් කරන්න. ඔයාලා පවුලක් විදිහට අනුගමනය කරන ප්‍රතිපත්තිවලට වඩා ජනමාධ්‍යයෙන්, ඉස්කෝලෙන් දෙන අදහස් කොච්චර වෙනස්ද කියලා දරුවාට පෙන්නලා දෙන්න. එයාගෙන් මෙහෙම අහන්න. “එතන ඔයා හිටියා නම් මොනවා කරයිද?” “අපේ පවුලට එහෙම වුණා නම් අපි මොනවා කරයිද?”

හරි දේ කරන්න දිරිගන්වන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.”—1 පේතෘස් 3:16.

  • හරි දේ කරද්දී අගය කරන්න. දරුවා හරි දෙයක් කළාම එයාව අගය කරන්න. අගය කරන හේතුවත් කියන්න. උදාහරණෙකට මෙහෙම කියන්න. “ඔයා අවංකව වැඩ කළා පුතේ. මට ඒ ගැන ආඩම්බරයි.” දරුවා එයා අතින් වුණු වරදක් ගැන කිව්වොත් අවංකවම ඒක කියපු එක අගය කරන්න. වරද හදාගන්න උදව් කරන්න.

  • වරද පෙන්වලා දෙන්න. තමන් අතින් වෙන වැරදි පිළිගන්න දරුවාට උදව් කරන්න. එයා කරපු වරද මොකක්ද කියලත් පවුලේ අය ඒ විදිහට දේවල් නොකරන්නේ ඇයි කියලත් එයාට පැහැදිලි කරන්න. දරුවන් අධෛර්යය වෙයි කියලා හිතලා සමහර දෙමාපියන් දරුවන් අතින් වෙන වැරදි ගැන එයාලට කියන්නේ නැහැ. ඒත් දරුවන්ගේ වැරදි ගැන එයාලත් එක්ක කතා කරද්දී හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරගෙන වැරදි නොකර ඉන්න ඒක එයාලට උදව් වෙයි.

දරුවන්ව හදා වඩා ගන්න උදව් වෙන තවත් තොරතුරු ගැන දැනගන්න jw.org වෙබ් අඩවියට යන්න.

අම්මා කෙනෙක් වැටිලා තියෙන පර්ස් එකක් අයිතිකාරයාට දෙන විදිහ බලාගෙන ඉන්න දැරියක්

දැන් ඉඳන්ම පුහුණු කරන්න

දෙමාපියන් අවංකව වැඩ කරනවා දකිද්දී තනිවම ඉන්න අවස්ථාවකදී වුණත් අවංකව වැඩ කරන්න දරුවන් පෙලඹෙනවා

ආදර්ශයෙන් උගන්වන්න

  • පවුලක් විදිහට අපි අදාළ කරගන්න තීරණය කරපු ප්‍රතිපත්තිවලට එකඟව මං ජීවත් වෙනවා කියලා මගේ දරුවන් දකිනවාද?

  • දෙමාපියන් විදිහට හරි වැරැද්ද ගැන අපි දෙන්නාට තියෙන්නේ එකම අදහස්ද?

  • අදාළ කරගන්න තීරණය කරපු ප්‍රතිපත්ති මගේ අතින් කඩ වෙද්දී “වැඩිහිටියන් අතින් එහෙම වුණාට කමක් නෑ” කියලා මං කියනවාද?

දෙමාපියන් කියන දේ

“හරි දේ කරලා හොඳ ප්‍රතිඵල අද්දැකපු අය ගැනත් වැරදි දේ කරලා නරක ප්‍රතිඵල අද්දැකපු අය ගැනත් අපි අපේ දරුවන්ට කිව්වා. වැරදි දෙයක් කරපු ළමයෙක් ගැන අපේ දරුවන් අපිට කිව්වාම අපි ඒ ගැන එයාලා එක්ක කතා කළා. ඒ වරදෙන් වැළකිලා ඉන්න දරුවන්ට ඒක උදව් වුණා.”—නිකොල්.

“අපේ දුව පොඩි කාලේදීම අපි එයාට කියලා දුන්නා එයාට තේරීම් දෙකක් කරන්න තියෙනවා කියලා. හරි දේ කළොත් හොඳ ප්‍රතිඵලත් වැරදි දේ කළොත් නරක ප්‍රතිඵලත් ලැබෙනවා කියලා අපි එයාට පැහැදිලි කළා. තීරණ ගන්න ඒක එයාට උදව් වුණා. වයස් භේදයක් නැතිව අපි හැමෝටම විවිධ තීරණ ගන්න වෙන නිසා ජීවිත කාලය පුරාවටම ඒක එයාට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.”—යොලැන්ඩා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න