ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 3 4-5 පි.
  • ශරීර සෞඛ්‍යය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශරීර සෞඛ්‍යය
  • 2019 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔයාගේ ශරීරය ගැන සැලකිලිමත් වෙන්න
  • හානිකර පුරුදුවලින් වළකින්න
  • තවත් බයිබල් ප්‍රතිපත්ති
  • 1 | සෞඛ්‍ය රැකගන්න
    2022 පිබිදෙව්!
  • ඔබේ සෞඛ්‍යයට බලපාන තේරීම්
    2003 පිබිදෙව්!
  • 5—මානසික පෝෂණය
    2011 පිබිදෙව්!
  • හොඳ නින්දක් ලබාගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 3 4-5 පි.
මිනිසෙක් සලාදයක් කමින්

ශරීර සෞඛ්‍යය

බයිබලය වෛද්‍ය අත්පොතක් නෙවෙයි. හැබැයි නිරෝගී ජීවිතයක් පවත්වගන්න උදව් වෙන මඟ පෙන්වීම් ඒකේ තියෙනවා. ඒ අතරින් කීපයක් බලමු.

ඔයාගේ ශරීරය ගැන සැලකිලිමත් වෙන්න

බයිබල් ප්‍රතිපත්තිය: “කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.”—එෆීස 5:29.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ බයිබල් පදයෙන් කියන්නේ නිරෝගී ජීවිතයක් පවත්වගන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්න කියලයි. අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා හුඟක් ලෙඩවලට මුල් වෙන්නේ මිනිසුන්ගේ ජීවන රටාවයි කියලා. ඒ නිසා අපේ ජීවන රටාව ගැන හොඳට හිතලා හරි තීරණ ගන්න ඕනේ.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  • පෝෂණය. පෝෂ්‍යදායි කෑම කන්න. ඇති තරම් වතුර බොන්න.

  • ව්‍යායාම් කරන්න. මොන වයසේ හිටියත් කාලයක් තිස්සේ තියෙන ලෙඩක් නිසා ආබාධිත වෙලා හිටියත් ව්‍යායාම් කරනවා නම් ප්‍රයෝජන ලැබෙනවා. පවුලේ අය, යාළුවන්, වෛද්‍යවරුන් ව්‍යායාම් කරන්න කියලා ඔයාට කියයි. යෝජනාත් දෙයි. ඒත් ප්‍රයෝජන ලබන්න නම් ඔයා ව්‍යායාම් කරන්න පටන්ගන්නම ඕනේ.

  • ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. කාලයක් තිස්සේ ප්‍රමාණවත් නින්දක් ලබාගන්නේ නැති එක බරපතළ රෝගවලට අත වැනීමක්. හුඟක් අය රෑ තිස්සෙත් එක එක වැඩ කරනවා. ඒත් හොඳ නින්දක් ලැබෙන විදිහට දේවල් සැලසුම් කළොත් නිරෝගීව ඉන්න පුළුවන්.

හානිකර පුරුදුවලින් වළකින්න

බයිබල් ප්‍රතිපත්තිය: “මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.”—2 කොරින්ති 7:1.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? දුම්පානය වගේ ශරීරයට හානිකර පුරුදු, ලෙඩ රෝගවලට විතරක් නෙවෙයි මරණයට වුණත් මඟ පාදන්න පුළුවන්. ඒ නිසා අපි ඒ වගේ හානිකර පුරුදුවලින් වළකින්න ඕනේ.

ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඔයා ඒ වගේ පුරුද්දකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒක නතර කරන්න දවසක් නියම කරගෙන ඒක කැලැන්ඩරයේ ලකුණු කරන්න. ඒ දවසට කලින් සිගරට්, ගිනිපෙට්ටි වගේ දේවල් වීසි කරන්න. ඒ වගේ පුරුදුවලට ඇබ්බැහි වෙලා ඉන්න අය වැඩිපුර ගැවසෙන තැන්වලට යන්න එපා. ඔයාගේ තීරණයට සහයෝගය දෙයි කියලා හිතන යාළුවන්ට ඔයා ගත්ත තීරණය ගැන කියන්න.

තවත් බයිබල් ප්‍රතිපත්ති

මිනිසෙක් බයිබලයක් කියවමින්

ඔයා කැමති නම් ඔයාගේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලබාගන්න ඔයාට පුළුවන්

ආරක්ෂාව ගැන හිතන්න.

“ඔබ අලුතෙන් නිවසක් ඉදි කරනවා නම් ඒ නිවසේ තිබෙන සඳලුතලය වටා කුඩා තාප්පයක් බැඳිය යුතුයි. එසේ නොකළොත් යම් කෙනෙක් එයින් වැටී මිය යා හැකියි. එවිට ඒ පුද්ගලයාගේ ජීවිතයට වග කිව යුත්තේ ඔබේ නිවසේ සිටින අයයි.”—ද්විතීය කතාව 22:8.

කේන්තිය පාලනය කරගන්න.

“ඉක්මනින් කෝප නොවන්නා හොඳ වටහාගැනීමේ හැකියාවක් ඇති කෙනෙකි. එහෙත් ඉවසීම නැති තැනැත්තා තම මෝඩකම ප්‍රදර්ශනය කරයි.”—හිතෝපදේශ 14:29.

සීමාව ඉක්මවා කන්න එපා.

“මස්වලට කෑදර වූ අය සමඟවත් එකතු නොවන්න.”—හිතෝපදේශ 23:20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න