ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 1 4 පි.
  • පීඩනයක් ඇති වෙන්න හේතු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩනයක් ඇති වෙන්න හේතු
  • 2020 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මානසික පීඩනය—එයට හේතු සහ එහි ප්‍රතිඵල
    2005 පිබිදෙව්!
  • මානසික පීඩනය පාලනය කිරීම
    2010 පිබිදෙව්!
  • ඉස්කෝලේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • මානසික පීඩනය ජීවිතයට තර්ජනයක්!
    2005 පිබිදෙව්!
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 1 4 පි.

මානසික පීඩනයෙන් මිදෙමු

පීඩනයක් ඇති වෙන්න හේතු

මානසික පීඩනය ගැන වෙබ් අඩවියක මෙහෙම සඳහන් වෙනවා. “වැඩිහිටියන්ගෙන් වැඩි පිරිසක් කියන්නේ එයාලට දැනෙන පීඩනය එන්න එන්නම වැඩි වෙනවා කියලයි. මේ කාලේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ හිතාගන්න බැරි වේගයකින්. ඉස්සරහාට මොනා වෙයිද කියන එක ගැන හුඟදෙනෙක් ඉන්නේ බයෙන්.” (Mayo Clinic) ඒ වගේ පීඩනයක් ඇති වෙන්න හේතු වෙන දේවල් කීපයක් තමයි,

  • දික්කසාදය

  • ආදරය කරන කෙනෙක්ගේ මරණය

  • දරුණු අසනීප

  • බරපතළ අනතුරු

  • අපරාධ

  • කාර්යබහුල ජීවන රටාව

  • ස්වාභාවික විපත් වගේම මිනිසුන්ම ඇති කරගන්න විපත්

  • පාසැලේදී සහ රැකියා ස්ථානයේදී අද්දකින ප්‍රශ්න ගැටලු

  • රැකියාව නැති වෙයිද, ආර්ථික ප්‍රශ්න ඇති වෙයිද කියන දේවල් ගැන ඇති වෙන කනස්සල්ල

රැකියාව අහිමි වීම

ඇමරිකාවේ මනෝ විද්‍යා සංගමයේ වාර්තාවක මෙහෙම සඳහන් වෙනවා. “රැකියාව අහිමි වුණාම කෙනෙක්ට දැනෙන්නේ ලොකු අසරණකමක්. ඒක ජීවිතේ හැම පැත්තකටම බලපානවා. ඒ වගේ කෙනෙක් විවාහ ජීවිතේ ප්‍රශ්න, කනස්සල්ල, මානසික අවපීඩනය ඇතුළු විවිධ අසනීප තත්වයන් අද්දකින්න ඉඩ තියෙනවා. සිය දිවි හානි කරගන්න වුණත් පෙලඹෙන්න පුළුවන්.”

දරුවන්ට දැනෙන පීඩනය

විවිධ හේතු නිසා දරුවන්ට වුණත් ලොකු පීඩනයක් දැනෙනවා. සමහර දරුවන්ගේ දෙමාපියන් දික්කසාද වෙලා. තවත් දරුවන් පාසැලේදී අනිත් දරුවන්ගේ හිරිහැරවලට ලක් වෙනවා. ගෙදර අයගේ ආදරය ලබන්නේ නැහැ. ශාරීරික, මානසික, ලිංගික අතවරවලට ගොදුරු වෙනවා. විභාග ලකුණු ගැන කනස්සලු වෙනවා. රෑට නින්දෙන් බය වෙනවා. ඉගෙනීමේ අපහසුතා, මානසික අවපීඩනය වගේ දේවල් අද්දකිනවා. අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න බලනවා. තවත් අයට හැඟීම් පාලනය කරගන්න බැහැ. පීඩනයෙන් ඉන්න දරුවන්ට ඒකෙන් ගොඩ එන්න ඉක්මනින්ම උදව් කරන්න ඕනේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න