ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • dg 2 කොටස 3-4 පි.
  • දුක් වේදනාවලින් තොර ලොවක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුක් වේදනාවලින් තොර ලොවක්
  • අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
  • සමාන තොරතුරු
  • අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
  • දුක් වේදනාවල නිමාව අත ළඟයි!
    දුක් වේදනාවල නිමාව අත ළඟයි!
  • විඳදරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
dg 2 කොටස 3-4 පි.

2වන කොටස

දුක් වේදනාවලින් තොර ලොවක්

1, 2. ඇතැම් අය අනාගතය ගැන දරන්නේ මොන වගේ වෙනස් ආකල්පයක්ද?

අද කොතරම් දුක් වේදනා පැවතුණත් මිනිස් වර්ගයා සඳහා දීප්තිමත් අනාගතයක් තිබෙන බව යම් පිරිසක් විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් සියලුම දුෂ්ටකම් සහ දුක් පීඩා ළඟදීම නිමා වෙනවා කියා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා. එමෙන්ම නුදුරු අනාගතයේදී සියලුම දුෂ්ටකම් පොළොවෙන් ඉවත් වී ඒ වෙනුවට ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් ඇති වීමට නියමිත බවත් ඔවුන් දන්නවා. ඒ දීප්තිමත් අනාගතය මිනිස් වර්ගයා සඳහා ලබා දීමට දැනටමත් අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ඔවුන් පවසන්නේ ඒ නිසයි.

2 ඒ කාලයේදී යුද්ධ, කුරිරුකම, අසාධාරණය සහ දුගීකම මිනිසුන් අද්දකින්නේ නැති බවත් ඔවුන් පවසනවා. එදාට ලෙඩ, දුක සහ මරණය පවතින්නේ නැහැ. එමෙන්ම මේ මුළු පොළොවම පාරාදීසයක් වීමට නියමිත අතර මිනිසුන්ට එහි සදාකාලයටම ජීවත් වීමට අවස්ථාවද ලැබෙනවා. එපමණක්ද නොව ඒ කාලයේදී මිය ගිය අයට පවා නැවත ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා.

3, 4. ඔවුන්ගේ බලාපොරොත්තුවට ස්ථිර පදනමක් තිබෙන්නේ ඇයි?

3 දීප්තිමත් අනාගතයක් ගැන ඔවුන් තුළ තිබෙන බලාපොරොත්තුව සිහිනයක් පමණද? කොහෙත්ම නැහැ! නුදුරු අනාගතයේදී මේ පොළොව පාරාදීසයක් වන බවට වූ ඔවුන්ගේ බලාපොරොත්තුවට ස්ථිර පදනමක් තිබෙනවා. (හෙබ්‍රෙව් 11:1) ඊට හේතුව එය පොරොන්දු වී ඇත්තේ මේ මුළු විශ්වයම නිර්මාණය කළ සියලු බලැති දෙවි නිසයි.

4 දෙවි යම් දෙයක් පොරොන්දු වුණොත් ඔහු එය අනිවාර්යයෙන්ම ඉටු කරනවා. ඒ ගැන ශුද්ධ බයිබලයේ සඳහන් තොරතුරු කිහිපයක් සලකා බලන්න. “යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.” ‘මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත. දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය. ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.’ “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ පොරොන්දුව මෙයයි. ‘මා තීරණය කළ දේ අනිවාර්යයෙන්ම ඉටු වනු ඇත. මා අරමුණු කළ දේ එලෙසම සිදු වනු ඇත.’”—යොෂුවා 23:14; ගණන් කතාව 23:19; යෙසායා 14:24.

5. පිළිතුරු අවශ්‍ය ප්‍රශ්න මොනවාද?

5 කොහොමවුණත් දුක් වේදනා නැති පාරාදීස පොළොවක් බිහි කිරීමට දෙවි අරමුණු කළා නම් අද මෙතරම් නපුරු දේවල් සිදු වෙන්න ඔහු ඉඩ හරින්නේ ඇයි? දුෂ්ටකම නැති කර දැමීමට ඔහු වර්ෂ දහස් ගණනක් පුරා බලා සිටින්නේ ඇයි? ඉන් අදහස් වෙන්නේ දෙවි අප ගැන සැලකිලිමත් නැහැ කියාද? එසේත් නැත්නම් දෙවි කෙනෙක් නැහැ කියා ඉන් අදහස් වෙනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න