ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 25 පරි. 132-136 පි.
  • නරක වැඩ කරන අයට හොඳ අය වෙන්න පුළුවන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නරක වැඩ කරන අයට හොඳ අය වෙන්න පුළුවන්ද?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • යේසුස් සාවුල්ව තෝරගනියි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දමස්කයට යන ගමන්
    මගේ බයිබල් කතන්දර පොත
  • පීඩාකරන්නා මහත් ආලෝකයක් දකියි
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සභාවට “සාමකාමී කාලයක් උදා වුණා”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 25 පරි. 132-136 පි.

25වෙනි පරිච්ඡේදය

නරක වැඩ කරන අයට හොඳ අය වෙන්න පුළුවන්ද?

හැමෝම හොඳ අය වුණා නම් කොච්චර හොඳද! ඔයාත් ඒකට කැමතිද?— හරි දේ කරන්න අපි කැමති වුණත් අපේ අතින් වැරදි වෙන්නේ ඇයි කියලා ඔයා දන්නවාද?— ඒ අපිට පාපය උරුම වෙලා තියෙන නිසයි. හැබැයි සමහර අය නම් හුඟක් වැරදි දේවල් කරනවා. ඒ අය අනිත් අයට පොඩ්ඩක්වත් ආදරේ නැහැ. ඕන කරලා අනිත් අයව රිද්දනවා. ඔයා හිතනවාද ඒ අයටත් හොඳ අය වෙන්න පුළුවන් කියලා?—

ස්තේපන්ට ගල් ගහන අයගේ ඇඳුම් ළඟ ඉන්න කෙනා දිහා බලන්න. එයාගේ හෙබ්‍රෙව් නම සාවුල්. රෝම නම පාවුල්. යේසුස්ගේ ගෝලයෙක් වුණු ස්තේපන්ට ගල් ගහන එක ගැන එයා ඉන්නේ හුඟක් සතුටින්.

සාවුල් අයිති වුණේ පරිසිවරුන් විදිහට හඳුන්වපු යුදෙව් ආගමට අයිති කණ්ඩායමකට. ඒ අය ළඟ ශුද්ධ ලියවිල්ල තිබුණත් එයාලා කළේ එයාලාගේ ගුරුවරුන් කියලා දීපු දේවල්. සාවුල් කළෙත් ඒ දේමයි. ඒ නිසයි එයා වැරදි කළේ.

යෙරුසලමේදී ස්තේපන්ව අත්අඩංගුවට ගද්දී සාවුල් එතැන හිටියා. ඊටපස්සේ ස්තේපන්ව නඩු ශාලාවකට අරන් ගියා. එතැන හිටිය සමහර විනිශ්චයකරුවන් පරිසිවරුන්. එයාලා ස්තේපන් ගැන බොරු කිව්වා. ඒත් එයා බය වුණේ නැහැ. එතැන හිටිය විනිශ්චයකාරයන්ට එයා යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් කිව්වා.

යේසුස් ගැන දන්න ඒ විනිශ්චයකරුවන් ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ටික කාලෙකට කලින් තමයි ඒ අය යේසුස්ව මරලා දැම්මේ. යෙහෝවා දෙවි, යේසුස්ව නැවත නැඟිටුවලා තියෙනවා කියලා ආරංචි වුණාට පස්සෙවත් ඒ අය වෙනස් වුණේ නැහැ. ඒ වෙනුවට යේසුස්ගේ ගෝලයන්ට පීඩා කරන්න පටන්ගත්තා.

විනිශ්චයකරුවන් ස්තේපන්ව එළියට ඇදගෙන ගිහින් ගල්වලින් ගැහුවා. පින්තූරෙත් පේන විදිහට ඒ දිහා බලන් ඉන්න සාවුල් හිතන්නේ ඒක හරි කියලයි.

ස්තේපන්ට ගල් ගහනවා සාවුල් බලාගෙන ඉන්නවා

ස්තේපන්ව මරණ එක වැරදි නැහැ කියලා සාවුල් හිතන්නේ ඇයි?

ඔයා දන්නවාද සාවුල් එහෙම හිතුවේ ඇයි කියලා?— පුංචි කාලේ ඉඳන් එයා හැදුණේ පරිසිවරයෙක් විදිහට. එයා හිතුවේ පරිසිවරු උගන්වන දේවල් ඇත්ත කියලයි. එයා කළේ ඒ අය කරපු දේවල්මයි.—ක්‍රියා 7:54-60.

ස්තේපන්ව මැරුවාට පස්සේ සාවුල් කළේ මොනවාද?— එයා අනිත් ගෝලයන්ව හොයාගෙන ගියා. එයා ගෙවල්වලට ගිහින් ගැහැනු, පිරිමි හැමෝවම අල්ලන් ඇවිත් හිරේ දැම්මා. ඒ නිසා යෙරුසලමේ හිටිය හුඟක් ගෝලයන් එහෙන් ගියා. හැබැයි යේසුස් ගැන දේශනා කරන එක නම් එයාලා නතර කළේ නැහැ.—ක්‍රියා 8:1-4.

ඉතිං සාවුල්ට ඒ අය ගැන තිබුණු කේන්තිය තවත් වැඩි වුණා. ඒ නිසා එයා උත්තම පූජකයා වුණු කායෆස් ළඟට ගිහින් දමස්කයේ හිටිය ක්‍රිස්තියානීන්ව අත්අඩංගුවට ගන්න අවසර ඉල්ලගත්තා. සාවුල්ට ඕන වුණේ ඒ අයව යෙරුසලමට ගෙනත් එයාලාට දඬුවම් කරන්නයි. හැබැයි එයා එහෙට යන අතරමඟදී පුදුම දෙයක් වුණා.

ස්වර්ගයෙන් ආව එළිය නිසා සාවුල් බිම දණගහගත්තා

සාවුල්ට කතා කරන්නේ කවුද? සාවුල්ට භාර දීපු වැඩේ මොකක්ද?

එකපාරටම අහසෙන් එළියක් ඇවිත් ‘සාවුල්, සාවුල්, ඔයා මට පීඩා කරන්නේ ඇයි’ කියන හඬක් ඇහුණා. යේසුස් තමයි ස්වර්ගයේ ඉඳන් ඒ විදිහට කතා කළේ. අහසින් ආපු එළිය නිසා සාවුල්ගේ ඇස් අන්ධ වුණා. අන්තිමේදී එයාත් එක්ක හිටපු අය තමයි එයාව දමස්කයට එක්කන් ගියේ.

දවස් තුනකට පස්සේ දමස්කයේ හිටිය ගෝලයෙක් වුණු අනනියස්ට යේසුස් දර්ශනය වුණා. යේසුස් එයාට කිව්වා ගිහින් සාවුල්ගේ ඇස් සනීප කරලා එයාත් එක්ක කතා කරන්න කියලා. අනනියස් ගිහින් සාවුල් එක්ක යේසුස් ගැන කතා කළාම සාවුල් යේසුස්ව පිළිගත්තා. සාවුල්ගේ ඇස් සනීප වුණා විතරක් නෙවෙයි එයාගේ මුළු ජීවිතයම වෙනස් වුණා. ඔව්, එයා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණා.—ක්‍රියා 9:1-22.

ඔයාට දැන් තේරුණාද සාවුල් නරක වැඩ කළේ ඇයි කියලා?— එයාට වැරදි දේවල් උගන්වලා තිබුණු නිසයි එහෙම වුණේ. දෙවිට විශ්වාසවන්තව හිටියේ නැති අය කරපු දේවල් එයාත් කරන්න ගත්තා. දෙවි කියපු දේවල් අමතක කරලා මිනිසුන් උගන්වපු දේවල් පිළිපදින අය එක්කයි එයා හිටියේ. පරිසිවරුන් දිගටම දෙවිට විරුද්ධව හිටියත් හොඳ කෙනෙක් වෙන්න සාවුල්ට පුළුවන් වුණේ කොහොමද?— එයා දෙවියන් කැමති දේ කරන්න අකමැති කෙනෙක් නෙවෙයි. ඒ නිසා හරි දේ පෙන්නලා දුන්නාම එයා ඒක පිළිගත්තා.

ඔයා දන්නවාද ඒකෙන් පස්සේ සාවුල් මොන වගේ කෙනෙක් වුණාද කියලා?— එයා යේසුස්ගේ නියෝජිතයෙක් වුණා. ඊටපස්සේ එයාට කිව්වේ නියෝජිත පාවුල් කියලයි. වෙන කාටත් වඩා එයා තමයි බයිබලයේ වැඩිම පොත් ගාණක් ලිව්වේ.

නරක දේවල් අත්හැරලා හොඳ අය වෙන්න පුළුවන් සාවුල් වගේ හුඟක් අය ඉන්නවා. ඒත් ඒක ලේසි නැහැ. මොකද මිනිසුන් ලවා වැරදි දේවල් කරන්න හදන කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා ඔයා දන්නවාද?— ඒ තමයි සාතන්. සාවුල් දමස්කයට යද්දී යේසුස් සාවුල්ට සාතන් ගැන කිව්වා. යේසුස් කිව්වේ මෙහෙමයි. ‘ඔයා ජාතීන්ගේ ඇස් පහදනවා. ඒකෙන් ඔවුන්ට පුළුවන් වෙනවා අන්ධකාරයෙන් ආලෝකයටත් සාතන්ගේ බලපෑමෙන් මිදිලා දෙවිගේ පැත්තටත් එන්න.’—ක්‍රියා 26:17, 18.

සාතන් ඒ කියන්නේ යක්ෂයා හදන්නේ හැම කෙනෙක් ලවාම වැරදි දේවල් කරවන්නයි. සමහර වෙලාවට ඔයාටත් හිතිලා තියෙනවාද හරි දේ කරන එක අමාරුයි කියලා?— අපි හැමෝටම එහෙම හිතෙනවා. හැබැයි අපිට වැරදි කරන්න හිතෙන්නේ සාතන් නිසා විතරක්ම නෙවෙයි. තව හේතුවක් තියෙනවා. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?— ඒ තමයි අපිට පාපය උරුම වෙලා තියෙන එක.

ඒ නිසා තමයි හරි දේ කරනවාට වඩා වැරදි දේවල් කරන එක අපිට ලේසි. ඉතිං ඒකට අපි මොකද කරන්නේ?— කොහොමහරි උත්සාහ කරලා හරි දේ කරන්න ඕනේ. අපි එහෙම කරද්දී අපිට හුඟක් ආදරේ කරන යේසුස් අනිවාර්යයෙන්ම අපිට උදව් කරනවා.

නරක දේවල් අත්හැරලා හොඳ දේවල් කරපු අයට යේසුස් හුඟක් ආදරේ කළා. මොකද නරක දේවල් කරන එක අත්හරින්න අමාරුයි කියලා යේසුස් දැනගෙන හිටියා. එදා හිටිය සමහර ගැහැනු අය පිරිමි හුඟදෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒක ලොකු වරදක්. ඒ වගේ අයව බයිබලයේ ගණිකාවන් විදිහට හඳුන්වනවා.

ස්ත්‍රියක් යේසුස්ගේ පාද මත තෙල් වත් කරලා එයාගේ කෙස්වලින් පාද පිහදනවා. යේසුස් ඇයට සමාව දෙනවා

නරක දේවල් කරපු මේ ගැහැනු කෙනාට යේසුස් සමාව දුන්නේ ඇයි?

දවසක් යේසුස් පරිසිවරයෙක්ගේ ගෙදරක ඉද්දී ඒ වගේ ගැහැනු කෙනෙක් ආවා. එයා යේසුස්ගේ කකුල් දෙක ළඟ ඉඳගෙන ඇඬුවා. යේසුස්ගේ කකුල් දෙකට වැටුණු කඳුළු එයා හිසකෙස්වලින් පිහ දැම්මා. ඊටපස්සේ යේසුස්ගේ කකුල්වලට තෙල් වත් කළා. තමන්ගේ වැරදි ගැන එයා හුඟක් දුක් වුණ නිසා යේසුස් එයාට සමාව දුන්නා. ඒත් පරිසිවරයා නම් හිතුවේ එයාට සමාව දෙන්න හොඳ නැහැ කියලයි.—ලූක් 7:36-50.

එතැන හිටපු පරිසිවරුන්ට යේසුස් කිව්වේ මොනවාද කියලා ඔයා දන්නවාද?— යේසුස් කිව්වා ‘ගණිකාවන් ඔයාලාට කලින් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවා’ කියලා. (මතෙව් 21:31) යේසුස් එහෙම කිව්වේ ගණිකාවන් යේසුස් ගැන විශ්වාසය තියලා වැරදි කරන එක නතර කරපු නිසයි. ඒත් පරිසිවරු නම් දිගටම ගෝලයන්ට පීඩා කළා.

අපි කරන දේවල් වැරදියි කියලා බයිබලයෙන් දැනගත්තාම ඒවා අත්හැරලා දෙවි කැමති දේ අපි කරන්න ඕනේ. එතකොට යෙහෝවා දෙවි හුඟක් සතුටු වෙනවා. දෙවි අපිට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාවත් දෙනවා.

නරක දේවල් කරන්නේ නැතුව ඉන්න උදව් වෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. ගීතාවලිය 119:9-11; හිතෝපදේශ 3:5-7; 12:15.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න