5වෙනි පාඩම
බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක්
බයිබලය කියන්නේ පොත් 66ක එකතුවක්. ඒක යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබුණ වටිනා තෑග්ගක්. හැබැයි ඔයා මෙහෙම කල්පනා කරනවා ඇති. ‘දෙවියන් කොහොමද බයිබලය මිනිස්සුන්ට දුන්නේ? ඒකේ තියෙන්නේ කාගේ අදහස්ද?’ දැන් අපි ඒ ගැන බලමු.
1. බයිබලය ලිව්වේ මිනිස්සු නම් ඇයි ඒකට දේවවචනය කියලා කියන්නේ?
බයිබලයේ මුල් පොත ලිව්වේ අවුරුදු 3,500කට විතර කලින්. අන්තිම පොත ලිව්වේ අවුරුදු 1,900කට විතර කලින්. අවුරුදු 1,600ක් පුරා එක එක පසුබිම්වල හිටපු මිනිස්සු 40දෙනෙක් ඒක ලිව්වා. හැබැයි බයිබලයේ තියෙන අදහස් අතර කිසිම ගැටීමක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? මොකද බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්. (1 තෙසලෝනික 2:13 කියවන්න.) බයිබලය ලියපු මිනිස්සු ලිව්වේ එයාලාගේ අදහස් නෙමෙයි. ඒ වෙනුවට “දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව දෙවියන්ගෙන් ලැබුණ වචන තමයි මිනිස්සු කිව්වේ.”a (2 පේතෘස් 1:21) දෙවියන් ඔහුගේ බලය පාවිච්චි කරලා ඔහුගේ අදහස් ලියන්න මිනිස්සුන්ට මඟ පෙන්නුවා.—2 තිමෝති 3:16.
2. බයිබලයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කාටද?
“හැම ජාතියකම, ගෝත්‍රයකම, ජනවර්ගයකම අයටත් හැම භාෂාවක්ම කතා කරන අයටත්” බයිබලයේ තියෙන ශුභාරංචියෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. (එළිදරව් 14:6 කියවන්න.) දෙවියන් මිනිස්සුන්ට එයාලාගෙම භාෂාවෙන් බයිබලය ලබා දෙන්න ගොඩක් දේවල් කරලා තියෙනවා. බයිබලය වෙන කිසිම පොතකට වඩා වැඩි භාෂා ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා මිනිස්සු කොහේ ජීවත් වුණත් මොන භාෂාව කතා කළත් එයාලාගේ භාෂාවෙන්ම බයිබලයක් කියවන්න හෝ ඒක අහන්න එයාලට පුළුවන්කම තියෙනවා.
3. යෙහෝවා දෙවියන් මෙච්චර කාලයක් බයිබලය ආරක්ෂා කළේ කොහොමද?
බයිබලය ලියන්න පාවිච්චි කළේ සත්තුන්ගේ හම්, පැපිරස් වගේ වැඩි කල් පවතින්නේ නැති දේවල්. ඒත් බයිබලයට ගොඩක් ගරු කරපු අය ඒවාවල පිටපත් ආයේ ආයේ හැදුවා. සමහර බලපුළුවන්කාර අය බයිබලය විනාශ කරන්න හැදුවත් තවත් අය එයාලාගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව ඒක ආරක්ෂා කළා. බයිබලය අපිට ලබා දෙන එක වළක්වන්න කිසිම කෙනෙක්ටවත් කිසිම දේකටවත් යෙහෝවා දෙවියන් ඉඩ දුන්නේ නැහැ. බයිබලයේ මෙහෙම කියනවා. “අපේ දෙවියන්ගේ වචනය සදහටම පවතියි.”—යෙසායා 40:8.
තවත් හොයමු
බයිබලය ලියන්න දෙවියන් මිනිස්සුන්ට මඟ පෙන්නුවේ කොහොමද? ඒක ආරක්ෂා කළේ කොහොමද? හැමෝටම ඒක ලබා දෙන්න කළේ මොනවාද? ඒ ගැන දැනගන්න.
4. බයිබලයේ තියෙන්නේ කාගේ අදහස්ද කියලා බයිබලයේම තියෙනවා
වීඩියෝ එක බලන්න. ඊටපස්සේ 2 තිමෝති 3:16 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
- බයිබලය ලිව්වේ මිනිස්සු නම් ඒකේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් කියලා කියන්නේ ඇයි? 
- දෙවියන්ට ඔහුගේ අදහස් මිනිස්සුන්ට දැනුම් දෙන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? 
කෙනෙක්ට තව කෙනෙක් ලවා ලියුමක් ලියවගන්න පුළුවන්. දෙවියන් කළෙත් ඒ වගේ දෙයක්. බයිබලය ලිව්වේ මිනිස්සු වුණාට ඒකේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්
5. බයිබලය විනාශ කරන්න බැරි වුණා
බයිබලය දෙවියන්ට අයිති පොතක් නම් ඔහු ඒක ආරක්ෂා කරන්නත් ඕනේ. ඉතිහාසය පුරාම බලවත් මිනිස්සු බයිබලය විනාශ කරන්න හදලා තියෙනවා. ඒක මිනිස්සු අතට යන එක වළක්වන්න ආගමික නායකයන් උත්සාහ කරලා තියෙනවා. ඒත් ගොඩක් තර්ජන මැද හුඟක් මිනිස්සු එයාලාගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව බයිබලය ආරක්ෂා කළා. ඒ වගේ කෙනෙක් ගැන දැනගන්න වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
- බයිබලය ආරක්ෂා කරන්න මිනිස්සු මේ තරම් දේවල් කළා කියලා ඔයා දැනගත්තාම ඒක කියවන්න ඔයාට ආස හිතුණාද? එහෙම කියන්නේ ඇයි? 
ගීතාවලිය 119:97 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව බයිබලය පරිවර්තනය කරන්න, ඒක බෙදාහරින්න ගොඩක් මිනිස්සු පෙලඹුණේ ඇයි? 
6. හැමෝම වෙනුවෙන් ලියපු පොතක්
මේ වෙන කල් වැඩියෙන්ම පරිවර්තනය කරලා බෙදාහැරපු පොත බයිබලය. ක්‍රියා 10:34, 35 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
- බයිබලය ගොඩක් භාෂාවලට පරිවර්තනය කරලා බෙදාහරින්න දෙවියන්ට ඕනෙ වුණේ ඇයි? 
- ඔයා බයිබලයට ආස ඇයි? 
ලෝක ජනගහනයෙන්
100%කට
වගේ පුළුවන්
තමන්ට තේරෙන භාෂාවකින් බයිබලය කියවන්න
සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් භාෂා
3,000කට
වැඩි ගාණකින්
ලබාගන්න පුළුවන්
බිලියන 5ක්
දැනට මුද්‍රණය කරලා තියෙන ප්‍රමාණය
වෙන කිසිම පොතක් ඒ තරම් මුද්‍රණය කරලා නැහැ
සමහරු මෙහෙම කියනවා: “බයිබලේ මිනිස්සු ලියපු පරණ පොතක්.”
- ඔයා මොනවාද හිතන්නේ? 
- බයිබලය දේවවචනය කියන්න තියෙන සාක්ෂි මොනවාද? 
ඉගෙනගත්ත දේ
බයිබලය දෙවියන්ගේ වචනය. දෙවියන් ඒක හැම කෙනෙක්ටම ලබා දෙන්න පියවර ගත්තා.
ඔයා හිතන්නේ මොකක්ද?
- බයිබලය ලියන්න දෙවියන් මිනිස්සුන්ට මඟ පෙන්නුවේ කොහොමද? 
- බයිබලය ආරක්ෂා කරපු විදිහ, ඒක පරිවර්තනය කරපු විදිහ සහ බෙදාහැරපු විදිහ ගැන ඔයාට දැනෙන්නේ කොහොමද? 
- ඔයාට තොරතුරු දැනුම් දෙන්න දෙවියන් මෙච්චර දේවල් කරලා තියෙනවා කියලා දැනගත්තාම ඔයාට කොහොමද දැනෙන්නේ? 
තව දැනගන්න
බයිබලය මේ වෙන කල් ආරක්ෂා වුණ විදිහ ගැන දැනගන්න.
“අද කාලය දක්වා ආරක්ෂා වූ බයිබලය” (2007 නොවැම්බර් ‘පිබිදෙව්!’)
බයිබලය තර්ජන තුනකින් ආරක්ෂා වුණේ කොහොමද කියලා දැනගන්න.
ජීවිතේ අවදානමේ වැටුණත් බයිබලය පරිවර්තනය කරන්න මිනිස්සු කළේ මොනවාද කියලා දැනගන්න.
බයිබලය ගොඩක් සැරයක් පරිවර්තනය කරලත් පිටපත් කරලත් තියෙනවා. එහෙම කරද්දී ඒකේ තියෙන තොරතුරු වෙනස් වුණේ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි?
a 7වෙනි පාඩමේ දෙවියන්ගේ බලය ගැන විස්තර කරනවා.