3වන පාඩම
බයිබලයේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය දෙවියන්ගෙන්මද?
1. බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?
දුකක් කරදරයක් නැතුව මිනිසුන් මේ පොළොවේ හැමදාටම ජීවත් වෙනවා කියන ප්‍රීතිමත් පණිවිඩය තියෙන්නේ ශුද්ධ බයිබලයේ. (ගීතාවලිය 37:29) බයිබලයේ පොත් 66ක් තියෙනවා. ඒ පොත් ලියන්න මිනිසුන් 40දෙනෙක් හවුල් වුණා. මුල්ම පොත් පහ ලිව්වේ මීට අවුරුදු 3,500කට විතර කලිනුයි. ඒවා ලිව්වේ මෝසෙස්. බයිබලයේ අන්තිම පොත ලිව්වේ යේසුස්ගේ ගෝලයෙක් වුණු යොහන්. ඔහු ඒක ලිව්වේ මීට අවුරුදු 1,900කට විතර කලිනුයි. බයිබලයේ තියෙන්නේ කාගේ අදහස්ද? දෙවියන් තමන්ගේ බලය මාර්ගයෙන් බයිබලයට ඇතුළත් කරන්න ඕන තොරතුරු ඒක ලියපු 40දෙනාට දැන්නුවා. (2 සාමුවෙල් 23:2) ඒ නිසා බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්, ඒ අයගේ අදහස් නෙමෙයි. බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියලා ඒකෙන් පැහැදිලියි.—2 තිමෝති 3:16; 2 පේතෘස් 1:20, 21 කියවන්න.
‘බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?’ කියන වීඩියෝ එක බලන්න.
2. බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?
අනාගතයේ සිද්ධ වෙන්න යන දේවල් ගැන හැම තොරතුරක්ම බයිබලයේ ඇතුළත් කරලා තියෙනවා. කිසිම මිනිසෙක්ට ඒ දේ කරන්න බැහැ. (යොෂුවා 23:14) අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් සියලු බලය ඇති දෙවියන්ට විතරයි.—යෙසායා 42:9; 46:10 කියවන්න.
බයිබලය දෙවියන්ගෙන් ලැබිලා තියෙන නිසා ඒක හැම පොතකටම වඩා විශේෂයි. ඒක භාෂා සිය ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම පිටපත් කෝටි ගාණක් බෙදාහැරලා තියෙනවා. බයිබලය පැරණි පොතක් වුණාට ඒකේ තියෙන තොරතුරු විද්‍යාවෙනුත් ඔප්පු වෙලා තියෙනවා. ඒක 40දෙනෙක් ලිව්වත් ඔවුන් ලියලා තියෙන දේවල් අතරේ ගැටීමක් නැහැ.a දෙවියන්ගේ ප්‍රේමය ගැන ඒකේ තියෙන තොරතුරු හිතට හුඟක් කාවදිනවා. මොකද ඔහු තරම් ප්‍රේමය පෙන්වන කෙනෙක් තවත් නැහැ. බයිබලය කොච්චර බලවත් පොතක්ද කියනවා නම් මිනිසුන්ව යහමඟට ගන්න අදටත් ඒකට පුළුවන්.—1 තෙසලෝනික 2:13 කියවන්න.
‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන වීඩියෝ එක බලන්න.
3. බයිබලයේ තියෙන්නේ මොන වගේ තොරතුරුද?
දෙවියන් පවසන ප්‍රීතිමත් පණිවිඩය ගැන බයිබලය පුරාම සඳහන් වෙලා තියෙනවා. මේ පොළොවේ ජීවත් වුණු මුල්ම මිනිස් යුවළ ලස්සන පොළොවක හැමදාටම ජීවත් වෙන්න තිබුණු අවස්ථාව නැති කරගත්ත විදිහ ගැනත් දෙවියන් ඒ අවස්ථාව මිනිසුන්ට ආපහු ලබා දෙන්නේ කොහොමද කියලත් බයිබලයේ තියෙනවා.—එළිදරව් 21:4, 5 කියවන්න.
දෙවියන් දීලා තියෙන ආඥා, උපදෙස් බයිබලයේ තියෙනවා. අතීතයේ හිටපු අය එක්ක ඔහු ක්‍රියා කරපු විදිහ ගැනත් බයිබලයේ වාර්තා වෙනවා. ඒවායින් දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා අපිට දැනගන්න පුළුවන්. දෙවියන්ව හොඳින් දැනගෙන ඔහුගේ මිතුරෙක් වෙන්න ඒ තොරතුරු ඔයාට ලොකු උදව්වක් වෙයි.—ගීතාවලිය 19:7, 11; යාකොබ් 2:23; 4:8 කියවන්න.
4. බයිබලය තේරුම්ගන්න ඔයා කරන්න ඕනේ මොනවාද?
යේසුස් “ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල නියම අර්ථය” තේරුම්ගන්න මිනිසුන්ට උදව් කළා. මේ සඟරාව කරන්නෙත් ඒකමයි. මේ සඟරාව කියවද්දී බයිබලය තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙයි.—ලූක් 24:27, 45 කියවන්න.
දෙවියන් පවසන ප්‍රීතිමත් පණිවිඩය තරම් වටිනා දෙයක් තවත් නැහැ. ඒත් සමහරුන් ඒකට කැමති නැහැ. ඒ වගේ අයගේ අදහස් නිසා බයිබලය ඉගෙනගන්න එක අත්හරින්න එපා. මොකද සදාකාල ජීවනය ලබාගන්න නම් ඔයා දෙවියන් ගැන දැනගන්න ඕනේ.—යොහන් 17:3 කියවන්න.
a සියලුම ජනයා සඳහා පොතක් නමැති සඟරාව බලන්න.