19වෙනි පාඩම
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සැබෑ ක්‍රිස්තියානීන්ද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන අපි විශ්වාස කරනවා අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා. ඇයි අපි එහෙම හිතන්නේ? බලන්න, අපි විශ්වාස කරන ඉගැන්වීම් අරන් තියෙන්නේ කොහෙන්ද කියලා. අපිට තියෙන විශේෂ නම ගැනත් අපි අනිත් අයට ආදරේ පෙන්නන්නේ කොහොමද කියලත් දැනගන්න.
1. සාක්ෂිකරුවන් විශ්වාස කරන දේවල් අරන් තියෙන්නේ කොහෙන්ද?
“[දෙවියන්] කියන දේවල් සත්‍යයයි” කියලා යේසුස් කිව්වා. (යොහන් 17:17) යේසුස් වගේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් එයාලා විශ්වාස කරන හැම දෙයක්ම ගන්නේ දේවවචනය වන බයිබලයෙන්. 1800 ගණන්වල ඉඳලා අපි ඒක කළේ කොහොමද? ඒ කාලේ පොඩි කණ්ඩායමක් එකතු වෙලා බයිබලයේ තියෙන තොරතුරු හොයලා බලන්න පටන්ගත්තා. බයිබලයෙන් හොයාගත්ත දේවල් තමයි එයාලා විශ්වාස කළේ. පල්ලිවල උගන්නන දේවලට වඩා එයාලා හොයාගත්ත දේවල් වෙනස් වුණත් එයාලා ඒවා විශ්වාස කළා. එයාලා හොයාගත්ත ඒ සත්‍ය ඉගැන්වීම් එයාලා අනිත් අයටත් ඉගැන්නුවා.a
2. අපි අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන්නේ ඇයි?
යෙහෝවා දෙවියන් ඔහුට නමස්කාර කරන අයව හඳුන්වන්නේ ඔහුගේ සාක්ෂිකරුවන් විදිහට. මොකද එයාලා ඔහු ගැන ඇත්ත අනිත් අයට කියනවා. (හෙබ්‍රෙව් 11:4–12:1) ඉස්සර කාලේ හිටපු ඔහුගේ සෙනඟට දෙවියන් කිව්වා “මගේ සාක්ෂිකරුවන් ඔබයි” කියලා. (යෙසායා 43:10 කියවන්න.) යේසුස්වත් “විශ්වාසවන්ත සාක්ෂිකරු” හැටියට හඳුන්වලා තියෙනවා. (එළිදරව් 1:5) 1931 ඉඳලා අපිවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන්න පටන්ගත්තේ ඒ නිසයි. ඒ නම ගැන අපි ආඩම්බර වෙනවා.
3. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස් වගේ අනිත් අයට ආදරේ පෙන්නන්නේ කොහොමද?
යේසුස් ඔහුගේ ගෝලයන්ට ගොඩක් ආදරේ කළා. යේසුස්ට එයාලා පවුලේ අය වගේ. (මාක් 3:35 කියවන්න.) ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් හරියට එක පවුලක් වගේ. ඒ නිසයි අපි “සහෝදරයා,” “සහෝදරිය” කියලා අනිත් සාක්ෂිකරුවන්ට කතා කරන්නේ. (ෆිලෙමොන් 1, 2) ඒ වගේම “සහෝදර සහෝදරියන් හැමෝටම ආදරේ කරන්න” කියලා බයිබලයේ කියලා තියෙන දේට අපි කීකරු වෙනවා. (1 පේතෘස් 2:17) සාක්ෂිකරුවන් ඒ ආදරේ ගොඩක් විදිවලින් පෙන්නනවා. එක විදිහක් තමයි අපේ සහෝදරයන් ලෝකේ කොහේ හිටියත් එයාලට උදව් ඕනෙ වෙද්දී අපි එයාලට උදව් කරන එක.
තවත් හොයමු
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන තව දැනගන්න. අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා කියන්න තියෙන සාක්ෂි බලන්න.
සැබෑ ක්‍රිස්තියානීන් විශ්වාස කරන්නේ බයිබලයේ තියෙන දේවල්. ඒවා එයාලා අනිත් අයටත් කියලා දෙනවා
4. අපි විශ්වාස කරන්නේ බයිබලයේ තියෙන දේවල්
බයිබලයේ තියෙන ඉගැන්වීම් ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන කාලයක් එනවා කියලා යෙහෝවා කලින්ම කියලා තිබුණා. දානියෙල් 12:4 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
දෙවියන්ගේ සෙනඟ බයිබලයේ තියෙන දේවල් හොයන්න ගන්න උත්සාහය නිසා එයාලට “නොඅඩුව ලැබෙන්නේ” මොකක්ද?
චාල්ස් රසල් සහ තව පොඩි පිරිසක් බයිබලයේ තියෙන දේවල් හොයලා බැලුවේ කොහොමද කියලා දැනගන්න. වීඩියෝ එක බලලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
චාල්ස් රසලුයි, එයාත් එක්ක හිටපු කට්ටියයි බයිබලයේ තියෙන දේවල් හොයලා බැලුවේ කොහොමද?
ඔයා දැනගෙන හිටියාද?
අපි විශ්වාස කරන දේවල වෙනස්කම් කරලා තියෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් ඉර පායගෙන එද්දී වටපිටාවේ තියෙන දේවල් පැහැදිලිව පේන්න පටන්ගන්නවා. ඒ වගේ තමයි දෙවියන් බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න අපිට උදව් කරන්නේ ටිකෙන් ටික. (හිතෝපදේශ 4:18 කියවන්න.) බයිබලයේ තියෙන දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒත් ඒවා තව හොඳින් තේරුම්ගද්දී අපි විශ්වාස කරන දේවල වෙනස්කම් කරනවා.
5. අපේ නමේ කියන විදිහටම අපි කරනවා
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නම අපි පාවිච්චි කරන්න පටන්ගත්තේ ඇයි? වීඩියෝ එක බලලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වන එක ගැළපෙන්නේ ඇයි?
යෙහෝවා දෙවියන් ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට සෙනඟක්ව තෝරගෙන තියෙන්නේ ඇයි? ඔහු සැබෑ දෙවියන් කියලා එයාලා පැහැදිලිව කියනවා. මොකද දෙවියන් ගැන ගොඩක් බොරු තොරතුරු පැතිරිලා තියෙනවා. ඒවාවලින් දෙකක් තමයි මේ.
සමහර ආගම්වල උගන්නනවා නමස්කාර කරද්දී රූප පාවිච්චි කරනවාට දෙවියන් කැමතියි කියලා. ලෙවී කතාව 26:1 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
ඇත්ත මොකක්ද? රූපවලට වඳින එක ගැන යෙහෝවා හිතන්නේ මොකක්ද?
සමහර ආගම්වල උගන්නන්නේ යේසුස් තමයි දෙවියන් කියලා. යොහන් 20:17 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
ඇත්ත මොකක්ද? දෙවියන් සහ යේසුස් එක් කෙනෙක්ද?
යෙහෝවා ඔහු ගැනයි, ඔහුගේ පුතා ගැනයි සත්‍ය තොරතුරු මිනිස්සුන්ට කියන්න ඔහුගේ සාක්ෂිකරුවන්ව පාවිච්චි කරන එක ගැන ඔයාට මොනවාද හිතෙන්නේ?
6. අපි අතරේ ආදරේ තියෙනවා
බයිබලයේ, ක්‍රිස්තියානි සභාවේ ඉන්න එක් එක් කෙනාව ශරීරයේ තියෙන අවයවවලට සමාන කරලා තියෙනවා. 1 කොරින්ති 12:25, 26 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
තමන්ගේ සහෝදරයන් දුක් විඳිද්දී සැබෑ ක්‍රිස්තියානීන් මොනවාද කරන්න ඕනේ?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ ආදරේ තියෙනවා කියලා ඔයා දැකලා තියෙනවාද? ඒ ගැන ඔයා මොනවාද හිතන්නේ?
එක රටක ඉන්න සාක්ෂිකරුවන් දුක් විඳිද්දී අනිත් රටවල ඉන්න සාක්ෂිකරුවන් එයාලට උදව් කරන්න ඉක්මනින් ඉදිරිපත් වෙනවා. වීඩියෝ එක බලලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
විපතට පත් වුණ අයට උදව් කරන්න සාක්ෂිකරුවන් ගත්ත උත්සාහයෙන් එයාලා අතරේ ආදරේ තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?
සැබෑ ක්‍රිස්තියානීන් උදව් ඕනෙ අයට ආදරෙන් උදව් කරනවා
සමහරු මෙහෙම කියනවා: “සාක්ෂිකරුවන් කියන්නේ අලුත් ආගමක්නේ.”
යෙහෝවා ඔහුට නමස්කාර කරන අයව සාක්ෂිකරුවන් කියලා හඳුන්වලා තියෙන්නේ කොයි කාලේ ඉඳන්ද?
ඉගෙනගත්ත දේ
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ සැබෑ ක්‍රිස්තියානීන්. ලෝකේ පුරාම හිටියත් අපි එක පවුලක්. අපි විශ්වාස කරන හැම දෙයක්ම තියෙන්නේ බයිබලයේ. යෙහෝවා දෙවියන් ගැන සත්‍යය අපි අනිත් අයට කියනවා.
ඔයා හිතන්නේ මොකක්ද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නම අපි පාවිච්චි කරන්න පටන්ගත්තේ ඇයි?
අපි අතරේ ඉන්න අයට අපි සලකන්නේ කොහොමද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සැබෑ ක්‍රිස්තියානීන් කියලා ඔයා හිතනවාද?
තව දැනගන්න
අපේ ඉතිහාසය ගැන තව තොරතුරු දැනගන්න.
‘යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 1වන කොටස: අඳුරෙන් එළියට’ (1:00:53)
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොරු ඉගැන්වීම් හෙළි කරලා තියෙන එක විදිහක් බලන්න.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔයාට තියෙන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.
“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන නිතර අසන ප්‍රශ්න” (වෙබ් පිටුව)
ස්ටීවන් වෙනත් ජාතීන්වල අයට කොච්චර වෛර කළාද කියනවා නම් එයා එයාලට ගොඩක් නරක විදිහට සැලකුවා. එයා වෙනස් වුණේ ඇයි කියලා දැනගන්න.
a 1879 ඉඳලා අපි බයිබල් සත්‍යයන් ‘මුරටැඹ’ සඟරාව හරහා මිනිස්සුන්ට කියලා දෙනවා.