ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lff 35 පාඩම
  • හරි තීරණ ගන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හරි තීරණ ගන්නේ කොහොමද?
  • හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තවත් හොයමු
  • ඉගෙනගත්ත දේ
  • තව දැනගන්න
  • දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිව විශ්වාස කරලා ඥානවන්ත තීරණ ගන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බුද්ධිමත් තීරණයක් ගැනීමේදී . . .
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැඳින්වීම
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
lff 35 පාඩම
35වෙනි පාඩම. සැමියෙක් කාර් විකුණන්න දාලා තියෙන දැන්වීම් ඉන්ටර්නෙට් එකෙන් බලද්දී එයාගේ බිරිඳයි, දරුවනුයි ඒ දිහා බලාගෙන ඉන්නවා.

35වෙනි පාඩම

හරි තීරණ ගන්නේ කොහොමද?

මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව

අපි හැමෝටම තීරණ ගන්න වෙනවා. අපි පදිංචි වෙන්නේ කොහෙද, කරන්නේ මොන රස්සාවද, විවාහ වෙනවාද නැද්ද වගේ තීරණ අපිට ගන්න වෙනවා. අපි ගන්න ඒ හුඟක් තීරණවලින් අපිට හොඳක් හෝ නරකක් වෙන්න පුළුවන්. යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන යාළුකම වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. අපි හොඳ තීරණ ගද්දී අපේ සතුට වැඩි වෙනවා වගේම යෙහෝවාව සතුටු කරන්නත් අපිට පුළුවන්.

1. හොඳ තීරණ ගන්න බයිබලයේ තියෙන දේවල් ඔයාට උදව් වෙන්නේ කොහොමද?

තීරණයක් ගන්න කලින් යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. ඔහු ඒ කාරණය දිහා බලන්නේ කොහොමද කියලා දැනගන්න බයිබලයේ තියෙන දේවල් හොයලා බලන්න. (හිතෝපදේශ 2:3-6 කියවන්න.) සමහර කාරණාවලදී කරන්න ඕනෙ මොනවාද කියලා යෙහෝවා කෙළින්ම කියලා තියෙනවා. ඒ දේවලට කීකරු වෙන එක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ.

ඒත් සමහර කාරණාවලදී කරන්න ඕනෙ මොනවාද කියලා බයිබලයේ කෙළින්ම කියලා නැත්නම් ඔයා මොනවාද කරන්නේ? “යන්න ඕනෙ පාර” මොකක්ද කියලා යෙහෝවා ඔයාට පෙන්නලා දෙයි. (යෙසායා 48:17) ඔහු ඒක කරන්නේ කොහොමද? ඔයාට උදව් වෙන ප්‍රතිපත්ති ඔහු බයිබලයට ඇතුළත් කරලා තියෙනවා. බයිබල් ප්‍රතිපත්ති කියන්නේ යෙහෝවා හිතන විදිහ, ඔහුට හැඟෙන විදිහ තේරුම්ගන්න උදව් වෙන සත්‍යයන්වලට. යම් කාරණයක් ගැන යෙහෝවාට හැඟෙන විදිහ තේරුම්ගන්න අපි කියවන බයිබල් කොටස් අපිට උදව් වෙනවා. යෙහෝවා හිතන විදිහ තේරුම්ගත්තාම ඔහු සතුටු වෙන විදිහේ තීරණ ගන්න අපිට පුළුවන්.

2. තීරණයක් ගන්න කලින් හිතන්න ඕනෙ පැති මොනවාද?

“සිහිබුද්ධිය තියෙන කෙනා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලයි” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 14:15) ඒ කියන්නේ අපි තීරණයක් ගන්න කලින් හැම පැත්තක් ගැනම හොඳට හිතන්න ඕනේ. ඒකට මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? සතුටින් ඉන්න පුළුවන් මං මොන තීරණය ගත්තොත්ද? ඒ තීරණය අනිත් අයට බලපාන්නේ කොහොමද? වැදගත්ම දේ මං ගන්න තීරණය ගැන යෙහෝවා සතුටු වෙයිද?’—ද්විතීය කතාව 32:29.

හරි වැරැද්ද මොකක්ද කියලා අපිට කියන්න යෙහෝවාට අයිතියක් තියෙනවා. දෙවියන් දීලා තියෙන නීති, ප්‍රතිපත්ති ගැන හොඳට හොයලා බලලා ඒ විදිහට වැඩ කරන්න අදිටන් කරගද්දී අපි කරන්නේ අපේ හෘද සාක්ෂිය හොඳින් පුහුණු කරන එකයි. හෘද සාක්ෂිය නිසා තමයි අපි හරි දෙයක් කරද්දී අපිට සතුටක් දැනෙන්නේ. වැරදි දෙයක් කරද්දී අපේ හිත දොස් කියන්නේ. (රෝම 2:14, 15) අපේ හෘද සාක්ෂිය හොඳට පුහුණු කළොත් හරි තීරණ ගන්න අපිට පුළුවන්.

තවත් හොයමු

හරි තීරණ ගන්න අපේ හෘද සාක්ෂිය සහ බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

3. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලන්න

තීරණ ගද්දී බයිබල් ප්‍රතිපත්ති අපිට උදව් වෙන්නේ කොහොමද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

වීඩියෝ: ‘ඔයාට මඟ පෙන්වන්න බයිබල් ප්‍රතිපත්තිවලට ඉඩහරින්න’ (5:54)

  • තීරණ ගැනීමේ නිදහස කියන්නේ මොකක්ද?

  • තීරණ ගන්න නිදහස යෙහෝවා අපිට දුන්නේ ඇයි?

  • ඒ නිදහස හරි විදිහට පාවිච්චි කරන්න උදව්වක් විදිහට යෙහෝවා දීලා තියෙන්නේ මොනවාද?

බයිබල් ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න එෆීස 5:15, 16 කියවන්න. ඊටපස්සේ ‘ඔයාට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන්’ මේ දේවල් කරන්නේ කොහොමද කියලා කතා කරන්න.

  • හැමදාම බයිබලය කියවන එක.

  • හොඳ සැමියෙක්, බිරිඳක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් වෙන එක.

  • හැම සතියකම රැස්වීම්වලට සහභාගි වෙන එක.

4. හොඳ තීරණ ගන්න හෘද සාක්ෂිය පුහුණු කරගන්න

යම් කාරණයක් ගැන කරන්න ඕනෙ දේ බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙද්දී හරි තීරණයක් ගන්න ලේසියි. ඒත් කරන්න ඕනෙ දේ කෙළින්ම කියලා නැත්නම් මොකද කරන්නේ? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

වීඩියෝ: ‘නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගන්න’ (5:13)

  • යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණයක් ගන්න මේ වීඩියෝ එකේ ඉන්න සහෝදරිය කළේ මොනවාද?

අපි ගන්න ඕනෙ තීරණ අපි වෙනුවෙන් ගන්න කියලා අනිත් අයට කියන්න හොඳ නැත්තේ ඇයි? හෙබ්‍රෙව් 5:14 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ගන්න ඕනෙ තීරණය අනිත් අයගෙන් අහන එක ලේසි වෙන්න පුළුවන්. ඒත් අපි අපිවම පුහුණු කරගන්න ඕනෙ මොනවා කරන්නද?

  • ඔයාගේ හෘද සාක්ෂිය පුහුණු කරගෙන හොඳ තීරණ ගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

කෙනෙක් කාර් එකක් එළවනවා. හරි පාරේ යන්න GPS එකක් එයාට උදව් වෙනවා.

හරි පාර හොයාගන්න සිතියමක් අපිට උදව් වෙනවා වගේ හරි තීරණ ගන්න හෘද සාක්ෂිය අපිට උදව් වෙනවා

5. අනිත් අයගේ හෘද සාක්ෂිය ගැන සැලකිලිමත් වෙන්න

හැමෝම එකම විදිහේ තීරණ ගන්නේ නැහැ. අනිත් අයගේ හෘද සාක්ෂිය ගැන අපි සැලකිලිමත් වෙනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? උදාහරණ දෙකක් බලන්න.

1වෙනි උදාහරණය: මේකප් දාන්න කැමති සහෝදරියක් මේකප් දානවාට කැමති නැති සහෝදරියන් හුඟදෙනෙක් ඉන්න සභාවකට යනවා.

රෝම 15:1 සහ 1 කොරින්ති 10:23, 24 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඒ පද කියෙව්වාට පස්සේ ඒ සහෝදරිය මොන වගේ තීරණයක් ගනියිද? ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට කරන්න ඉඩ දෙන දෙයක් තව කෙනෙක් වැරදියි කියලා හිතනවා නම් ඔයා මොනවාද කරන්නේ?

2වෙනි උදාහරණය: සීමාව දැනගෙන මත්පැන් බිව්වාට කමක් නැහැ කියලා බයිබලයේ කියනවා. සහෝදරයෙක් ඒක දන්නවා වුණත් එයා තීරණය කරනවා මත්පැන් නොබී ඉන්න. ඒත් සුහද ඇසුරකට ගියාම එයා දකිනවා සහෝදරයන් මත්පැන් බොනවා.

දේශනාකාරයා 7:16 සහ රෝම 14:1, 10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඒ පද කියෙව්වාට පස්සේ ඒ සහෝදරයා මොන වගේ තීරණයක් ගනියිද? ඔයාගේ හෘද සාක්ෂියට එකඟ නැති දෙයක් තව කෙනෙක් කරනවා දැක්කොත් ඔයා මොනවාද කරන්නේ?

හරි තීරණ ගන්න උදව් වෙන දේවල්

කාන්තාවක් යාච්ඤා කරනවා.

1. හරි දේ කරන්න උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න.—යාකොබ් 1:5.

ඒ කාන්තාවම බයිබලයෙන් සහ බයිබලය මත පදනම් ප්‍රකාශනවලින් තොරතුරු පරිගණකයෙන් ගවේෂණය කරනවා.

2. බයිබලය සහ බයිබලය මත පදනම් ප්‍රකාශන අධ්‍යයනය කරලා ඔයාට උදව් වෙන ප්‍රතිපත්ති හොයලා බලන්න. අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන් එක්කත් කතා කරන්න.

ඒ කාන්තාවම කල්පනා කරනවා.

3. ඔයා ගන්න හිතාගෙන ඉන්න තීරණය ඔයාගේ හෘද සාක්ෂියටත් අනිත් අයගේ හෘද සාක්ෂියටත් බලපාන්නේ කොහොමද කියලා හිතන්න.

සමහරු මෙහෙම කියනවා: “මං කරන්නේ මට ඕනෙ දේ. අනිත් අය මොනා හිතුවත් මට වැඩක් නැහැ.”

  • දෙවියන්ට හැඟෙන විදිහ ගැනත් අනිත් අයට හැඟෙන විදිහ ගැනත් අපි හිතන්න ඕනෙ ඇයි?

ඉගෙනගත්ත දේ

තීරණයක් ගන්න කලින් ඒ ගැන යෙහෝවාට හැඟෙන විදිහ ගැනත් ඒක අනිත් අයගේ හෘද සාක්ෂියට බලපාන විදිහ ගැනත් හිතනවා නම් හොඳ තීරණ ගන්න අපිට පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න අපිට පුළුවන් කොහොමද?

  • ඔයාගේ හෘද සාක්ෂිය පුහුණු කරගන්න පුළුවන් කොහොමද?

  • අනිත් අයගේ හෘද සාක්ෂිය ගැන ඔයා සැලකිලිමත් වෙනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

දෙවියන් එක්ක තියෙන යාළුකම තව වැඩි කරගන්න විදිහේ තීරණ ගන්න ඔයාට පුළුවන් කොහොමද?

“දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු” (2011 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’)

යෙහෝවා අපිට මඟ පෙන්වීම් දෙන විදිහ තවත් හොඳින් තේරුම්ගන්න.

‘යෙහෝවා දෙවියන් තම සෙනඟට මඟ පෙන්නනවා’ (9:50)

අමාරු තීරණයක් ගන්න කෙනෙක්ට උදව් වුණේ මොනවාද කියලා දැනගන්න.

‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන්නේ යහපත් දේමයි’ (5:46)

යම් කාරණයක් ගැන කරන්න ඕනෙ දේ කෙළින්ම කියලා නැත්නම් යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණයක් ගන්නේ කොහොමද?

“බයිබල් නීතියක් ඔබට සැමවිටම අවශ්‍යද?” (2003 දෙසැම්බර් 1 ‘මුරටැඹ’)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න