ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 107-109 පි.
  • වෙන ආගම් එක්ක සම්බන්ධ වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙන ආගම් එක්ක සම්බන්ධ වීම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 107-109 පි.

වෙන ආගම් එක්ක සම්බන්ධ වීම

ආගමට ළැදි හැමෝම නමස්කාර කරන්නේ එකම දෙවියන්ටද?

ද්වි 32:16, 17; 1රාජා 11:33; 1කොරි 8:5, 6; 10:20

විවිධ ආගම් එකිනෙකට වෙනස් දේවල් ඉගැන්නුවත් දෙවියන් ඒ හැම ආගමක්ම පිළිගන්නවාද?

මතෙ 7:13, 14; යොහ 17:3; එෆී 4:4-6

  • බයිබල් සිද්ධීන්:

    • යොෂු 24:15—අපි යෙහෝවාට නමස්කාර කරනවාද, වෙන දෙවිවරුන්ට නමස්කාර කරනවාද කියන එක ගැන තීරණයක් ගන්න ඕනෙ කියලා යොෂුවා කිව්වා

    • 1රාජා 18:19-40—සැබෑ දෙවියන්ට නමස්කාර කරන ගමන් බාල් වගේ බොරු දෙවිවරුන්ටත් නමස්කාර කරන එක වැරදියි කියලා යෙහෝවා එලියා මාර්ගයෙන් කිව්වා

වෙනත් දෙවිවරුන් ගැනත් එයාලට කරන නමස්කාරය ගැනත් යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

නික් 12:12; ගණන් 25:2-5; ද්වි 12:29-31; ශෙප 2:11

සමහරු දෙවියන්ට නමස්කාර කරනවා කියලා කිව්වත් ඔහු අකමැති ආගමික චාරිත්‍රවලටත් හවුල් වෙනවා. යෙහෝවාට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

යෙසා 1:13-15; 1කොරි 10:20-22; 2කොරි 6:14, 15, 17

  • බයිබල් සිද්ධීන්:

    • නික් 32:1-10—ආරොන් ඊශ්‍රායෙල්වරුන්ගේ බලපෑමට අහු වෙලා වස්සෙක්ගේ රූපයක් හැදුවා. සෙනඟ කිව්වේ ඒක “යෙහෝවා දෙවියන්ට උත්සවයක්” පවත්වන්න හදපු එකක් කියලා. ඒත් යෙහෝවාට එයාලා ගැන ලොකු කේන්තියක් ඇති වුණා

    • 1රාජා 12:26-30—සෙනඟ දේවමාලිගාවට යන එක නවත්තන්න යෙරොබොවම් වස්සන් දෙන්නෙක්ගේ රූප හදලා ඒවායින් යෙහෝවාව නියෝජනය වෙනවා කියලා කිව්වා. ඒකෙන් සෙනඟ බරපතළ වරදක් කළා

වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන අය එක්ක එකතු වෙලා දේවල් කරන එක ගැන යෙහෝවා මොනවාද කිව්වේ?

නික් 23:31-33; ද්වි 7:1-4

ඊශ්‍රායෙල්වරුන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරද්දී යෙහෝවාට දැනුණේ කොහොමද? ඔහු මොකද කළේ?

විනි 10:6, 7; ගීතා 106:35-40; යෙරෙ 44:2, 3

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 11:1-9—වෙනත් ජාතික භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න සලමොන්ව පෙලඹුවා. ඒ නිසා අනිත් අයත් ඒ වරදටම වැටුණා. ඒ ගැන යෙහෝවාට ඇති වුණේ ලොකු කේන්තියක්

    • ගීතා 78:40, 41, 55-62—ඊශ්‍රායෙල්වරු යෙහෝවාට විරුද්ධව කැරලිගහලා රූපවලට නමස්කාර කළා. ඒකෙන් යෙහෝවාට ලොකු වේදනාවක් දැනුණා. ඔහු තමන්ගේ සෙනඟව ප්‍රතික්ෂේප කළා

දේවවචනයට විරුද්ධ ඉගැන්වීම් ගැන යේසුස් කිව්වේ මොනවාද?

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 16:6, 12—යේසුස් පරිසිවරුන්ගෙයි, සද්දුසිවරුන්ගෙයි ඉගැන්වීම් මුහුන්වලට සමාන කළා. මොකද ඒ වගේ බොරු ඉගැන්වීම් ඉක්මනින්ම පැතිරෙනවා. බයිබලේ තියෙන සත්‍යයන් විකෘති කරනවා

    • මතෙ 23:5-7, 23-33—යේසුස් නීතිය පිටපත් කරන අයගෙයි, පරිසිවරුන්ගෙයි කුහකකම් වගේම එයාලා උගන්වපු බොරු දේවල් තදින්ම හෙළා දැක්කා

    • මාක් 7:5-9—නීතිය පිටපත් කරන අයයි, පරිසිවරුනුයි දෙවියන්ගේ වචනයේ තියෙන දේවලට වඩා චාරිත්‍රවලට මුල් තැන දුන්න නිසා යේසුස් එයාලව විවේචනය කළා

තමන්ගේ අනුගාමිකයන් විවිධ ආගමික කණ්ඩායම්වලට බෙදිලා යනවාට යේසුස් කැමති වුණාද?

  • බයිබල් සිද්ධීන්:

    • යොහ 15:4, 5—යේසුස් මිදිවැලක් උදාහරණෙකට අරන් පෙන්නුවා ඔහුගේ අනුගාමිකයන් ඔහු එක්කයි, එකිනෙකා එක්කයි එකමුතුව ඉන්න ඕනෙ කියලා

    • යොහ 17:1, 6, 11, 20-23—ඔහුගේ අනුගාමිකයන් හැමෝටම එක්සත්ව බැඳිලා ඉන්න උදව් කරන්න කියලා යේසුස් මැරෙන්න කලින් යාච්ඤා කළා

මුල් සියවසේදී තිබුණ හැම සභාවකම හිටපු අයට තිබුණේ එකම විශ්වාසයන්ද? එයාලා නමස්කාර කළේ එකම විදිහටද?

ක්‍රියා 16:4, 5; රෝම 12:4, 5

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 11:20-23, 25, 26—අන්තියෝකියේ සහ යෙරුසලමේ සභාවල අය අතරේ ලොකු එක්සත්කමක් තිබුණා වගේම එයාලා සහයෝගයෙන් වැඩ කළා

    • රෝම 15:25, 26; 2කොරි 8:1-7—මුල් සියවසේ අමාරු කාලවලදී විවිධ සභාවල අය සහනාධාර යවලා එකිනෙකාට ආදරේ පෙන්නුවා. ඒකෙන් පැහැදිලියි එයාලා අතරේ එක්සත්කමක් තිබුණා කියලා

යේසුස්ව විශ්වාස කරන හැම ආගමක්ම දෙවියන් පිළිගන්නවාද?

මතෙ 7:21-23; 2කොරි 11:13-15

යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් උගන්වපු දේවලට විරුද්ධව යන අයගේ නමස්කාරය දෙවියන් පිළිගන්නවාද?

ක්‍රියා 20:29, 30; 1තිමෝ 4:1-3

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 13:24-30, 36-43—කෙතක කිරිඳි හටගන්නවා වගේ ක්‍රිස්තියානීන් විදිහට බොරුවට මවාපාන අය සභාවට රිංගගන්නවා කියලා යේසුස් පෙන්නුවා

    • 1යොහ 2:18, 19—ඒ වෙද්දීත් ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක් ඉන්නවා කියලා මුල් සියවසේ අවසානයේදී යොහන් කිව්වා

සභාවේ බොරු ඉගැන්වීම් පතුරුවන්නත් යෙහෝවා අකමැති දේවල් කරන්නත් කෙනෙක්ට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ?

2කොරි 11:3; 2පේතෘ 2:1-3; යූද් 3, 4

එක්සත්කම රැකගන්න ක්‍රිස්තියානීන් කරන්න ඕනෙ මොනවාද?

රෝම 15:5, 6; 1කොරි 1:10

ක්‍රිස්තියානීන් මොනම විදිහකින්වත් බොරු නමස්කාරයට හවුල් නොවී ඉන්න ඕනෙ ඇයි?

2කොරි 6:14-17; එළි 18:4

කෙනෙක්ගේ ආගමකින් උගන්වන දේවල් වැරදියි නම් ඒක එයාට කියන එක හොඳ ඇයි?

යෙරෙ 14:14; 23:13, 14, 16; මතෙ 15:12-14; 23:13-26

ආගම දහමට ගොඩක් ළැදි අය අපිට පීඩා කරද්දී, හිරිහැර කරද්දී අපි පුදුම වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

යොහ 8:39, 40; 11:47, 48, 53; 16:2; ක්‍රියා 17:1-5

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න